HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

54.3K 6K 2K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 26 🍻

2.3K 186 89
By KimSuuah

" Will you be my boyfriend my love ?  "

" අභී අයියේහ්... "

" මට සමාවෙන්න මැනික මෙච්චර දුරක් අයිතියක් නොදී එක්කන් ආවට.. මගේ චූටි කොල්ලව මේ නාකි මට ලන් කරන් ඉන්න බය වුනා.. ඒත් මට බෑනේ බන් උබ නැතුව.. පිස්සු වගේ බන් උබ ලග නැති වුනාම.. මම ඔබට මේ තරම් ආදරේ කරලද කියලත් හිතෙන තරම් මන් ඔයාට ආදරෙයි.. "

" අනේ අයියේහ්... "

" මැනික අනේ ඇයි මේ අඩන්නේ... බබා.. "

" මට සතුටුයි අභී.. මට ගොඩක් සතුටුයි.. මම බලන් හිටියා අයියේ ඔයා මාව ඔයාගේ කරන්න කෑති වෙනකන්.. "

" මම ඔයාගේ විභාගේ ඉවර වෙනකන් ඉන්න හැදුවේ... ඒත් මට බෑ මැනික තවත් ඉවසන්න.. ඔයාව මගේ ඇග යටට ගන්න පුලුවන්නම් ඇයි මගේ හිත අස්සට ගන්න බැරි.. "

" අනේ අයියේහ්.. "

" ඉතින් කියන්නකෝ..කැමතිද මාත් එක්ක ඉස්සරහට ඉන්න.. මගේ අයිතිය අරන් ඔයාගේ අයිතිය මට දෙන්න.. "

" කැමතී මෝඩයෝ අහන්නත් දෙයක්ද.. "

" මම ආදරෙයි වස්තුව "

" මාත් ආදරෙයි අභී.. "

.
.
.
.
.
.
.
.

අහලා තියේද කතාවක් ,

මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ හදවතට දැනුන කෙනාට විතරයිලු..

අන්න ඒ වගේ මාත් දැක්ක දවසේ ඉදන්ම පිස්සුවෙන් ආදරේ කරේ එයාට විතරයි.. මම එයාව දකිද්දි එයා මගේ ගුරුවරයා.. එයා ඒ වෙද්දි හිත ඇතුලේ කෙනෙක් වෙනුවෙන් අවුරුදු 10ක් බලන් හිටපු කෙනෙක්.. එහෙම තියාගෙනම තව කෙනෙක්ගේ වෙන්න ගියපු කෙනෙක්.. ඒත් මම පිස්සුවෙන් වගේ හෙව්වේ එයාව.. ඒ මගේ හදවතට දැනුන එකම කෙනා එයා නිසා..

මම ඔයාගේ සර් ගෞර්ය.., මම වෙන කෙනෙක්ට කැමති ගෞර්ය.., මම ඔයාට වඩා ගොඩක් වයසින් වැඩි ගෞර්ය.., මම ඔයාට කැමති වුනත් මට බයයි ඔයාව ලන් කරගන්න ගෞර්ය..

මේ විදිහට එයා මාව මගේ ආදරේ තැන් බර ගානකදී ප්‍රතික්ෂේප කරා.. ඒ එයා ආදරේ නැති නිසා නෙවෙයි අපි ජීවත් වෙන සමාජේ ආදරේ කියන දේ කොටු කරපු විදිහට එයා බය වුන නිසා.. අවුරුදු 10ක් වැඩිමල් ගුරුවරයෙක් තමන්ගෙන් ඉගෙන ගන්න එන ලමයා එක්ක සමලිංගික සම්බන්දයක් පවත්වනවා.. ඒක හිතාගන්න බැරි තරම් මානසික පීඩාවක් වුනා අපි දෙන්නටම..

හැබැයි අන්තිමේදී මම එයාව දිගින් දිගටම ඉල්ලපු නිසයි එයා මන් වෙනුවෙන් එයාගේ බය මොහොතකට අමතක කරලා මුහුණ දීපු නිසයි අපිට ඒ සීමා මායිම් බිද දාලා අපේ වෙන්න පුලුවන් වුනා..

අපේ වෙන්න පුලුවන් වුනා ???

ඔව්.. අපි දෙන්නා දැන් මැරීඩ්.. මගේ එක්සෑම් ඉවර වෙනවත් එක්ක අභී ටියුශන් ගුරුවරයෙක් විදිහට එයාගේ ප්‍රියතම ගුරු භූමිකාවට සමු දුන්නා.. ඒත් එක්කම එයාගේ ගෙදරට මාව අදුන්නලා දුන්නම ගෙවල් දෙකේම කැමත්ත එක්ක අපි දෙන්නා මැරි කරා..

කොහෙද ? ලංකාවෙ !?

අපෝ නෑ... ලංකාව කියන්නේ අපි වගේ අයට හමුවෙන්න හොද හැබැයි එක් වෙන්න බැරි තැනක්.. ඉතින් අභී ලෙක්චර් කෙනෙක් විදිහට ඕස්ට්‍රේලියා වල ජොබ් එකට එද්දි මාත් ආවා බිස්නස් මැනේජ්මන්ට් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට..

මගේ දෙවනි අප්පච්චි දෙවනි පාරට අප්පච්චියෙක් වෙලා මගෙ දගමල්ලයි ලොකු දෝනියි එක්ක ලොකු අයියගේ පවුලේ අයයි ගීත් අයියයි අභී මායි අපි ඔක්කොම ඉන්නේ ඕස්ට්‍රේලියා වල.. අපි මෙහෙට ඇවිත් පුංචිවට සිම්පල් විදිහට අපේ වෙඩින්ග් එක ගත්තා..

අභී අයියා අපේ කැම්පස් එකේම ලෙක්චර් කෙනෙක් විදිහට ඉද්දි මායි ගීත් අයියයි ඒ කැම්පස් එකේම ඉගෙන ගන්න අය.. ගීත් අයියා සීනියර් නිසා මාව බලාගන්නේ ගොඩක් වෙලාවට එයා.. ආහ් ගිත් අයියාගේ මල්ලි බබාව එයාට සෙට් වෙලා... එයා මගේ වයසේ නිල් පාට ඇස් දෙකක් තියෙන ලස්සන කොල්ලෙක්..

ගීත් අයියා ඒ කොල්ලව මලක් වගේ පරිස්සමෙන් බලාගන්නවා දකිද්දි මට තේරුනා එදා එයා වෙනුවට අභීව තෝරගත්තු එක ලොකු දෙයක් කියලා.. මොකද මැනිකක් වුනත් ලැබෙන්න ඕනි අගය තේරෙන කෙනෙක්ට.. ගීත් අයියාගේ වටිනාකම හරියටම දෙන කෙනෙක් එයාට හම්බෙලා ඉන්නවා.. මාත් බොරළු කැටයක් කිය කිය බැන බැන හිටියට අභීත් හරි ලස්සනට මැණිකක් විදිහට මගේ අත්වලින්ම මම ඔපදාලා ගත්තා..

ඇත්තටම ආදරේනම් ඒක නෙවෙයිද වෙන්න ඕනි ? අපේ ජීවතවල අපිට හම්බෙන මිනිස්සු puzzle එකක් කොටස් වගේ.. එක කෑල්ලෙන් කෑල්ල ලස්සනට ෆිට් කරන් අපි අපේ ලස්සන රූපේ හදාගන්න ඕනි.. සමහර වෙලාවට අපේ රූපෙට අදාලම නැති කෑලිත් හම්බෙනවා ඒවා අයින් කරලා අපේ කොටස් ටික අපි එක් කරන් ලස්සනට රූපේ හදාගන්න අපි දැනගන්න ඕනි..

අභී වුනත් කරේ මගේ අයියා කියන පසල් එකේ එක කැල්ලක් අතේ තියන් නොගැලපෙන තැනකට ගලපගන්න අවුරුදු 10ක්ම මහන්සි වුන එක.. ඒත් මෞර්ය කියන ඒ කොටස ෆිට් වෙන්න තිබ්බේ මස්සිනා කියන එකට විතරයි කියන එක එයා තේරුම් ගන්න ගොඩක් කල් ගත්තා.. මෞර්ය කෑල්ල මොහොතක් පැත්තකින් තියලා ගෞර්ය කියන කෑල්ල අතට දුන්නම නොහිතූ විදිහට ෆිට් වෙද්දි මුලදි එයා බය වුනා දුක් වුනා පසු තැවුනා හැබැයි පස්සේ එයා තේරුම් ගත්තා ලස්සනට ෆිට් වෙන මේ කෑල්ල තමා එයාගේ රූපේ සම්පූර්ණ කරන්න පුලුවන් කොටස කියලා..

ඉතින් දැන් අපි අපේ රූප හරිම ලස්සනට පරිස්සමෙන් ගොඩ නගන් යන ගමන් ඉන්නේ.. අපි දෙන්නා විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න හැමෝම..

" බබා ඔයා අපේ චූටි පැටියා ගැන කියන්නේ නැද්ද ? "

ආහ්නේ මට අමතක වුනානේ...,

අපි දෙන්නගේ පවුලට චූටි කෙලි පැටික්කියෙක් ඇවිත් ඉන්නේ..

කෛලාශිනි ගෞරවී පෙරේරා..

කෛලාශ අප්පච්චි වගේම මුරණ්ඩු ගෞර්ය තාත්ති වගේම හිත හොඳ ලස්සන පැංචි නිසා අපිට අපේ puzzle එකේ අන්තීම කොටසත් සම්පූර්ණ කරන්න පුලුවන් වුනා..

THE END!!!













හායියූ ~

මගේ මල් ටික ඒනම් ඒ ආදර කතාවත් ඒ විදිහට ඉවර වුනා.. 🥺❤

ආදරේට ආදරේ කරන්න බය වෙන්න එපා.. නොගැලපෙන කොටස් ගලපගන්න එක තැන ලතවෙන්න එපා.. මන් හිතෙනවා මම කියපු දේ ඔයා තේරුම් ගනි කියලා 😉

මේකේ එන්ඩ් එක සැටිස් නැතුව ඇති.. හැබැයි මේක තමා මගේ හිතේ තිබ්බ එන්ඩ් එක.. 🙃

මෙහෙම කියන්නම්කෝ.. ගෞර්ය අභිරු ආදර කතාව පර්ෆෙක්ට් නෑ.. ඒ කිව්වේ අභිරුට ගෞර්ය හම්බෙද්දි දෙන්නම හිටියේ ජීවිතේ අමාරු කාලවල.. වෙනසකට තිබ්බේ වයස.. අභිරු ගෞර්යගේ අයියා ගැන හිතද්දි ගෞර්ය එයාගේ දාලා ගියපු ආදරෙ නිසා අවුල් ගිහින් හිටපු කෙනෙක්...

ඒ අස්සේ දෙන්නට දෙන්නා දැක්ක ගමන් ඇති වෙච්ච ආකර්ෂණය, ලිංගික ආශාවන් එක්ක ඉස්සරහට ගෙනිච්චත් ගෞර්ය තනි හිතින් අභීට ආදරේ කරන්න ගන්නවා.. අභීගේ පැත්තෙන් අභී කොයි තරම් කැමති වුනත් එයා එයාගේ පැත්තෙන් ලොකු රාමුවක් අස්සේ හිර වෙනවා... එයාගේ වයස, ගුරු ගෝල සම්බන්දේ, ඒ ඒක්කම ඒ කෙනා මෞර්යගේ මල්ලි වුන එක, ගෙදරින් විවාහයට කියන දේට තියන හදිස්සිය, ගෞර්යගේ වයස මේ වගේ දේවල් නිසා අභී පස්ස ගහනවා.. හැබැයි නමක් නොදුන්න බැදීම අස්සේ හරි එයාට ගෞර්යව ඕනි වෙනවා..

ඔන්න ඔහොම ගියපු දෙන්නා තමා කාලෙ එක්ක ප්‍රශ්න විසදන් ඉස්සරහට යන්නේ 🤭

ගීත් කියන චරිතේ මට ඕනි වුනෙ අවංක ඒක පාර්ශවික ආදරවන්තයෙක් විදිහට අන්තිම වෙනකන් තියන්න.. ඒත් එයා ගැන ලියද්දි මට මාව මතක් වෙච්ච තැන් වැඩි නිසා එයාටත් කෙනෙක්ව දුන්න 😌♥️

ඉතින් එහෙනම් මේ කතාව කියවපු මගේ මල් ටිකට මම ගොඩාක් ආදරෙයි.. මගේ කතා මේ වට්ටියේ තියෙන අධිමාත්‍රා තරම් ලස්සන නෑ හැබැයි මොහොතකටහරි ඔයාලව සතුටින් තියන්න ලැබුනනම් ඒ ඇති 🥺❤

එහෙනම් මම යනවා මගේ මල් ටික.. ගොඩාක් ස්තූතියි ඔයාලා හැමෝටම.. ආදරෙයි මල් ටික 🌸❤

බායියූ ~

සූආහ් 🌸


Continue Reading

You'll Also Like

782K 65.5K 34
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...
2.3M 138K 46
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
46.2K 7.8K 28
විහිලුවක් ගිය දුරක්...... දගකාර හදවතක් ලඟ නැවතුන අහිංසකයෙක්...
1.2M 108K 41
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...