HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

54.4K 6K 2K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 22 🍻

1.5K 199 52
By KimSuuah

එදා ඒ සිද්ධිය වෙලා මේ වෙද්දි මාස දෙකක් විතර වෙනවා.. අභී අයියාට මම එක මැසේජ් එකක්වත් දැම්මේ නෑ.. එයා දැම්මෙත් නෑ.. ගීත් අයියාත් මාව දාලා යන්න බෑ ගගා ඉදලා ඔන්න අමාරුවෙන් ඔස්ට්‍රේලියා ගියා.. ශෙරූන් ක්ලාස් නවත්තන්නේ නැතුවම මාත් එක්කත් මගේ ක්ලාස් වලටත් ආවා.. එයා තමා ඇවිත් මට අභී ගැන විස්තර කියන්නේ.. එහෙම දැනගත්තොත් ඇරෙන්න මට එයා ගැන දැනගන්න විදිහක් නැහැනේ..

ශෙරූන් කියන විදිහට අභී අපේ බැජ් එකෙන් පස්සේ ක්ලාස් කරන එක නවත්තනවා.. ෆුල් ටයිම් ලෙක්චර් කෙනෙක් විදිහට එයාව තේරිලා.. ක්ලාස් එක භාර සර් ශෙරූන් අතේ ටියුට්ස් පේපර්ස් ඔක්කොම මට එවනවා... මම  වෙන ක්ලාස් යනවා කිව්වත් දිගටම ඒක පුරුද්දක් විදිහට සර් කරනවා..

මේ වෙද්දි මම ගොඩක් පැතිවලින් වෙනස් වෙලා.. හරියටම කිව්වොත් මම හිටියේ ගොඩක් පරිණත විදිහට.. සිගරට් නොබී රස්තියාදු ගති අතෑරලා පාඩම් වැඩ කරන් ගෙදරටම වෙලා හිටියේ.. සමහර වෙලාවට මට කන්න බොන්න තරම් වත් මූඩ් එකක් නෑ.. ෆෝන් එක අයින්ම කරලා හිටපු නිසා ගීත් අයියා කතා කරන ඒවත් ගොඩක් මිස් වෙලා පස්සේ නිකන් මැසේජ් එකක් දාලා ඉන්නවා.. මේ මාස ගාන ඇතුලත මම පරන ගෞර්ය නොවෙද්දි මම අභී ගැන වුනත් තිබ්බ හැගීම ගොඩක් යටපත් කරන් හිටියේ..

එයා වෙනුවෙන් ඒ මොහොතේ මට කරන්න පුලුවන් දේ මම කරා.. එතනින් එහාට එයා මට සලකපු විදිහ ගැන මම දොස් කියන්නේ නෑ..

" මල්ලී.. මම එන්නද ඇතුලට "

කල්පනා ලෝකෙක තනිවෙලා හිටපු මන් මේ ලෝකෙට ආවේ ලොකු අයියා දොරෙන් එහාපැත්තේ ඉදන් කතා කරද්දි..

" ආහ් ලොකු අයියෙ. එන්න දොර ලොක් කරලා නෑ.. "

" මොකෝ බට්ටා කරන්නේ.. "

" මොකුත් නෑ අනේ ඉන්නවා.."

" මොකෝ දැන් එලි බහින්නෙවත් නැත්තෙ.. "

" මොකුත් නෑ අයියේ.. එක්සෑම් ලගයිනේ වැඩ තියෙනේ කරන්න.. "

" මල්ලී.. ඇයි දැන් ලොකු අයියාට බොරු කියන්නේ.. "

" බොරු නෙවෙයි අනේ.. "

" ලොකු අයියා එක්ක තරහින්ද ඉන්නේ.. ඉස්සර මගේ තුරුලෙම හිටපු කොල්ලා දැන් එන්නෙවත් නැත්තෙ මන් ලගට.. මම ඔය දෙන්නට කැමැත්ත නොදුන් නිසාද මේ තරහ.. "

" අනේ එහෙම නෑ අයියේ.. අයියාගේ තුරුලේ ඉන්න චූටි දෝනියෙක් ඉන්නවා දැන්..ඉස්සර වගෙ මට තුරුල් වෙන්න බෑනේ අයියේ.. ඊටත් මන් අයියා එක්ක මොකට තරහ වෙන්නද.. අපේ සම්බන්ද කමුත් දැන් නෑ අයියේ.. "

" මොකක්!? ඇයි ඒ? කෛලාශ උඹව රිද්දුවද.. "

" නෑ අයියේ මම එයාව රිද්දුවා.. "

" මොකද වුනේ.. මට කියන්න බැරිද "

" අයියේ.. මට දෙයක් දැනගන්න ඕනි.. "

" මොකක්ද අහන්න ඕනි දෙයක් "

" මම දන්නවා අභී ඔයාට කැමැත්තෙන් ඉදියා කියලා ඉස්සර.. ඒක ගැන ඔයත් දන්නවා කියලා මම දන්නවා.. ඒත් මට නොතේරෙන්නේ ඇයි ඔයා එයාට පේන්නම එයාව රිද්දුවේ කියලා.. ඔයා අකමැති නොකියා ඒකට උත්තර විදිහට රිද්දුවේ ඇයි අයියේ "

" මන් දැනන් හිටියා දවසක ඔයා අහයි කියලා"

" ඉතින් මට කියන්න  බැරිද අයියේ "

" කියන්නම්..ඒත් මල්ලී ඔයා මාව විශ්වාස කරයිද නැද්ද කියන්න මම දන්නේ නෑ.."

" කමක් නෑ විස්තරේ කියන්නකෝ.."

" කෛලාශ කියන්නේ ක්ලාස් එකේ අපි එක්කම හිටපු කෙනෙක්.. එයා සෑහෙන්න බ්‍රයිට් පොරක් නිසා අපිත් කැමති වුනා එයා අපේ සෙට් එකට එනවට.. ඔහොම කාලයක් ක්ලාස් ගිහින් ඉද්දි එයා මන් දිහා බලන් ඉන්නවා මට ක්ලාස් එන්න බැරි වුනොත් නෝට්ස් එවනව ඒවා කියලා දෙනවා ඔය වගේ හිටියේ.. ඒ වෙනස බැලූ බැල්මට ඕනි කෙනෙක්ට පෙනුනා මල්ලි.. යාලුවෝ වුනත් එයා නැති තැන එයා ගැන කිය කිය මට විහිලු කරන්න ගත්තා..ඔයා දන්නවා මල්ලී gay , lesbian , bisexual ඔය වගේ දේවල් මට අදාල නෑ.. ඒත් මට එහෙම හැගීම් එක කොනකවත් ගෑවිලා නැති තැන කට්ටිය බයිට් කරද්දි කෛලාශ ලග හිටියත් අපිව ජෝඩු කරන්න හදන ඔය දේවල් මට වදයක් වුනා.. මොකද ඒ වෙද්දිත් මම අක්ක එක්ක යාලුවෙලා හිටියේ..

කෛලාශ මට ආදරේ බව දැනන් හිටියත් මම ආදරේ කරේ අක්කට.. මට කෛලාශට මූනට ගිහින් බයින්න බෑ මල්ලි ඒ දවස් වල ඔය කොල්ලා හෙන අහිංසකයි.. චුට්ට බැරිවුන ගමන් ටැප් එක ඇරගන්න බලන් හිටියේ.. අනික ඉතින් ඌ මට ආදරේ කරපු එක උගෙවත් මගෙවත් වැරද්දක් නොවෙයිනේ.. ඉතින් මම එයාට අකමැති නොකියා මට කෙල්ලෙක් ඉන්නවා කියලා අක්කාව එක්කන් පාටි වලටත් ගියා.. ඉතින් එයා අත නොහැර අල්ලන් හිටියා කියලා මන් මක් කරන්නද බන්.. මගේ හිතේ අක්කාට මන් කරපු ආදරේ බොරුවක් වංචාවක් නොවෙද්දි ඒකිව අතෑරලා ඌ මට ආදරේ පලියට ඌ ලගට යන්නද.. ඉතින් ඌ තේරුම් ගන්නෙත් නැති නිසා මටත් තවත් ඒ දේ ඉවසන්න බැරි නිසා යලුවෝ එක්ක එකතු වෙලා එයාටම අතාරින්න හිතෙන්න මම එක එක දේවල් කරා.. මම ගේ අයට හේට් කරනවා වගේ බොරුත් කිව්වා..ඌට ඒක රිදෙන්න ඇති ඒත් බන් මට හැගීම් අංශුවක්වත් නැත්නම් මම මොකක් කරන්නද "

" හ්ම්ම්... එහෙනම් අයියා ඇයි මායි එයාගෙයි සම්බන්දෙට අකමැති වුනේ.. "

" කෛලාශ මෙච්චර කාලයක් මන් වෙනුවෙන් බලන් ඉන්නැද්දි උඹට කරන ආදරේ අවංකයි කියලා මට පිලිගන්නද කියන්නේ කොල්ලෝ "

" ඔයා ඒක දැනන්ද හිටියේ "

" ඔව් බන් යාලුවෝ කිව්වා.. ඉතින් දැන් මට කියපන් ඇයි උබලා දෙන්නා නැවැත්තුවෙ.. බැරි වෙලාවත් මන් නිසාද.. "

" නෑ නෑ.. එහෙම එකක් නෙවෙයි.. අපි දෙන්නාගේ ගුරු ගෝල සම්බන්දේ ඉස්සරහ අපි ටිකක් අසරන වුනා අයියේ.. එයා ලොකු විස්තර දන්නේ නෑ ඒත් දෙන්නවම බේරන්න ඕනි නිසා මම වෙන කෙනෙක්ට ආදරෙයි වගේ රගපෑමක් කරලා අන්තිමේදි එයා ඒ රගපෑම ඇත්තක් විදිහට දැක්කා.. කෝම වුනත් මන් වැරදි... "

" ඉතින් අත්තම කියපන්කෝ බන් "

" බෑ දැන්ම.. දවසක කියනවා.. "

" අනේ මන්දා බන් උඹලා දෙන්නා.. මමනම් කියන්නේ අවංක වෙන්න පුලුවන් තරම් දෙන්නට දෙන්නා.. එහෙම නොවෙන තාක්කල් කිසිම ආදරයක් රැදෙන්නේ නෑ මල්ලි.. කොල්ලෙක්ද කෙල්ලෙක්ද තමන්ගේ හැගීම් ගැන තමන්ගේ සම්බන්දෙ ගැන තමන්ගේ හිත ගැන අවංක වෙන්න ඕනි.. "

" හ්ම්ම්.. මන් එයාට අවංක වුනත් මාව විශ්වාස කරන එකක් නෑ ලොකූ.. "

" ඒකට කමක් නෑ.. ඔයා අවංක වුනාට පස්සේ සිද්ද වෙන දේවල් ඔයාට අයිති නෑනේ.. ඒක ඒ කෙනාගේ තීරනයක්නේ.. "

" හ්ම්ම්.. දැන් මගේ කොල්ලා හොද එකා වගේ ඕක අස්සෙම රින්ගලා ඔහොම ඉන්නේ නැතුව යමන් මාත් එක්ක කොයිහරි රවුමක් දාන්න.. මටත් කම්මැලි.. "

" හ්ම්ම්ම්.. යන් මන් එන්නම් අයියේ ලෑස්ති වෙලා "

ලොකු අයියා කවදත් මගේ දෙවනි අප්පච්චි වගේ ප්‍රශ්නෙකදි මාත් එක්කම ඉන්නැද්දි අදත් මේ මාස ගානෙම හිරවෙලා තිබ්බ පීඩනේ මොහොතින් නිදහස් කරා..

අයියා එක්ක කොහෙහරි යමු කිව්ව නිසා මාත් වොශ් එකක් දාලා ලස්සනට ලෑස්ති වුනා.. මාස ගානකින් පස්සේ ක්ලාස් නොවන වෙන ගමනක් මේ යනවමයි මන්..

අයියා එක්ක ශොපින් ගිහින් ෆිල්ම් එකකුත් බලලා කාලා බීලා ගෙදර එන්න ආවා.. කාර් එකේ එද්දි අයියට කෝල් එකක් ආවා..

" බෑ බන් මල්ලි එක්ක එලියට ආවා... "

" නෑ උඹලා සෙට් වෙයල්ලා "

" ඈහ්... හා හා එල ඒනම් "

අයියා කෝල් එක කට් කරලා මගේ පැත්තට හැරුනා..

" මල්ලී යාලුවෝ සෙට් එක ඩ්‍රින්ක් එකකට සෙට් වෙලා.. ඔලුව දාලා එන්න යන්ද "

" අයිය එහෙනම් යන්න.. මම කැබ් එකක් දාගෙන යන්නම් "

" නෑ නෑ බොන්නේ නෑ නිකන් ඔලුව දාලා එමු.. ඔයාව බලන්නත් ආසයිලු කට්ටියට "

" හා එහෙනම් යමුකො "

අයියා එක්ක එයාගේ යාලුවෝ සෙට් වෙච්ච තැනට යන්න ආව.. කාර් එක ගිහින් නැවැත්තුවේ බාර් එකක..ඔව් ඉතින් අයියාලගේ වයසෙ අය සෙට් වෙනවා කියන්නේ මේවා වල තමා..

අයියාගේ පිටිපස්සෙන් ලොකු උනන්දුවක් නැතුවම මම ඔහේ ගියා.. කන පැලෙන්න සිංදු දාපු කල්බ් එකක් වගේ බාර් එකක් ඇතුලට යද්දි ඔක්කොම අයියගේ නම කියලා අඩ ගැහුවා.. අයියාත් අතක් වනලා ඉස්සරහට යද්දි මාත් බිම බලන් ඔහේ පස්සෙන් ගියා..

" ඔන්න මල්ලිවත් එක්කන් ආවා.. "

" අනේ ගෞර්ය මල්ලී.. "

අයියා මගේ ඉස්සරහින් එහාට යනවත් එක්කම අයියලා ටික මට කතා කරා.. මාත් හිනා වෙලා නිකන් හිටියා..

" අඩෝ අපේ චූටි ටීචත් ඇවිල්ලනේ..මූ ඉදී කියලා හිතුවේ නැනේ.. "

මමත් අයියා ඉදගත්තු තැනින්ම ඉදගෙන ඉස්සරහ බලද්දි මගේ ඇස් ඉස්සරහ හිටියේ මන් කීයටවත් බලාපොරොත්තු නොවුන කෙනෙක්.. ඔව් ඒ එයා!!! මාස ගානකට පස්සේ ඒ ඇස් එක එල්ලේ මන් දිහා බලාගෙන...

.
.
.
.
.
.

හායියූ ~

මගේ මල් ටික මට කියන්න දෙයක් තියෙනවා..🥺

ඇත්තටම මට මේ කතාව චුට්ටක්වත් සැටිස් නෑ.. මම ඊයේ අප්ඩේට්ස් නොදුන්නෙත් අද දෙන්නත් මෙච්චර පරක්කු වුනේ ඒ නිසාමයි.. ඔයාලා දන්නවා මම I love you, stupid ! දීපු හැටි... ඔලුවෙ කැක්කුම් ක්ලාස් මේ ඔක්කොම අස්සේ දවසට චැප්ටර්ස් 3ක් 4ක් දුන්නා අනිවාරෙන්.. එහෙම මම මේ කතාව දෙන්නේ හරිම අවුලෙන් 🙂💔

ගොඩක් වාරයක් හිතුනා කතාව අයින් කරලා දාන්න.. ඒත් ඔන්න ඔහේ දානවා කියලා හිතේ කොනක් කියන නිසා මෙහෙම දානවා.. මේ කතාවට වෝට්ස් කමෙන්ට්ස් නැතුවට කමක් නෑ මගෙ මල් ටික 🥺

මට සමාවෙන්න ඔයාලට ලස්සන කතාවක් දෙන්න බැරිවුන එක ගැන.. මම මේ ඔන්ගොයින්ග් යන දෙකට පස්සේ ආයෙ කතා ලියන එකක් නෑ මැනිකෙලා.. I love you, stupid වගේ කතා ගේන්න කිව්වට මගේ මල් ටික ඒ මගේ හදවතේ කතාව 🌸❤ මම කොහොමද තව ඒ වගේ කතා ලියන්නේ.. මම ඕතර් කෙනෙක් නෙවෙයි මගෙ මල් ටික ෆැන්ටසි වචන කරන්න දන්න..හිතේ කතාවට අකුරු ගැලපුවාට මට ඕතර් කෙනෙක් වෙන්න බෑ.. 🥺

ඉතින් මේ ඔන්ගොයින්ග් යන කතා දෙක මම කොහොමහරි දෙන්නම්.. මට සමාවෙන්න 🥺
මේ කැත කතාව කියවලා වෝට්ස් කමෙන්ට්ස් දාන හැමෝටම ගොඩාක් ස්තූතියි 🥺❤

ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරෙයි මගේ මල් ටික 🥺🌸❤

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

5.1K 973 10
එකම ශරීරයක් ! මිනිසුන් දෙදෙනෙක් ! නොවිසදුණු සංකීර්ණ සිද්ධි දාමයක් හමුවේ අහිංසක තරුණයෙකු වූ ෂියාඕ ශාන් කෙසේ ඒවාට මුහුණ දේවිද...? ඔහු ජය ගනීවිද !!! ...
14.6K 3.1K 23
Dark fantasy කතාවක් වන මේ කතාව bl කතාවක් . Romantic සීන් අඩු වුනත් ත්‍රාසය , කුතුහලය වගෙම ආදරයත් මුසු වුන මේ කතාව ඔයාලා හැමොම ආදරයෙන් වැලද ගනී කියලා...
2.4M 139K 46
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
1M 79.2K 39
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...