HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

54.5K 6K 2.1K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 20 🍻

1.5K 177 27
By KimSuuah

" පැටියෝ මේ වැඩේ වැරදි.. ඔයා දන්නවා අභිරු අයියත් නොකිව්වට ඔයාට ආදරෙයි.. එයා මොනව හිතයිද මම ඔයාව කිස් කරනවා දැක්කොත් "

" ගීත් අයියේ එයා මන් ගැන මොනවා හිතුවත් මේ වෙලාවෙ එයා වෙනුවෙන් කරන්න පුලුවන් මේ දේ විතරයි.. අපි දෙන්නා කිස් කරා කියලා දැක්කම අභී අයියගෙයි මගෙයි ෆොටෝසුත් එඩිට් කියලා හරි ශේප් කරගන්න පුලුවන්. ඒ නිසයි මම ඔයාටත් ඒ ෆොටෝ එකේ විදිහට අදින්න කිව්වේ.. අනිත් එක සර්ලා ඔක්කොම මාව දකිද්දි අභී අයියට මාව ක්ලාස් එකෙන් අයින් කරන එකට විරුද්ධ වෙන්න බෑ.. "

" ඒත් මල්ලී මේකෙන් ඔයාලා දෙන්නා අතරට ප්‍රශ්නයක් එනවා තේරෙන්නේ නැද්ද.. අනිත් එක එයා ලොකු අයියා ගැන අමතක කරලා ඔයා වෙනුවෙන් හිත වෙන් කරන්න ගත්තා විතරයි..පව් නැද්ද එයා.. "

" එත්කොට ඔයා කියන්නේ සමලිංගික අසහනකාරයා කියලා එයාව ලමයි ඉස්සරහ පන්තියෙන් එලියට ඇදලා දානකන් බලන් ඉන්න කියලද.. මේ ලංකාව අයියේ.. ගුරුවරයෙක් ඊට පස්සේ ලමයෙක්ට අතවර කරා කියලා නිව්ස් වලත් යයි.. "

" අනේ මන්දා..දැන් අභී අයියා ඇහුවොත් මොකද කරන්නේ "

" ඔයා යන නිසා අන්‍තිම පාරට කිස් කරා කියලා ශේප් වෙන්න බලන්නම්.. "

" හ්ම්ම්ම් "

මම ගීත් අයියාගෙන් උදව්වක් විදිහට මාව කිස් කරන්න කිව්වා සර්ලා එද්දි.. මම gay කියන එක කොහොමත් හැමෝම දන්න එකනේ ඒත් අභී අයියව මේවට පටල ගන්න එකට මම කැමති නෑ..

ගීත් අයියත් අකමැත්තෙන් කැමති දුනා.. සර්ලා එන ටයිම් එක නිසා මම සිගරට් එකකුත් පත්තු කරන් ගීත් අයියා ලගම හිටියා..සර්ලා වංගුවෙන් එද්දි පේනවනේ.. ගීත් අයියා තාමත් කැමති නෑ මේක කරන්න.. ඒත් මගේ බල කිරීම නිසාමයි එයා මේක කරන්නේ..

" ගීත් අයියේ සර්ලා එනවා වගේ.. ලගට ඇවිල්ල දැකලා බනිනකන්ම කිස් කරන්න හරිද..බලන්න යන්න එපා දන්නෙ නැති විදිහට කෑගහනකන්ම ඉන්න "

මගේ අතේ සිගරට් එක පත්තු වෙද්දි ගීත් අයියා මාව ලගට අරන් කිස් කරන්න ගත්තා.. එයා නිකන් තොල් දෙක තියන් ඉන්නවා විතරයි.. ඒ නිසා මම මේක ඇත්ත විදිහට පේන්න එයාගේ තොල් දෙක උරන්න ගත්තා..

" තමුසෙලා මොකද ඔය කරන්නේ ආහ් "

හරි සර්ලා ආවා.. මම ගීත් අයියගෙන් ඈත් වෙලා සර්ලා දිහා බැලුවා..

මම කීයටවත් බලාපොරොත්තු නොවුන ඇස් දෙකක් එතන තිබ්බා..

' අභී.. '

මගේ හිත මිමුනුවා..ඒ ඇස් වල කදුලු.. එයා කදුලු හිර කරන් මන් දිහා බලන් ඉන්නවා..

" තමුසෙලා දෙන්නා මොන නාඩගමක්ද නටන්නේ මෙතන ආහ්? අසහනකාරයෝ දෙන්නෙක් වගේ පාරවල් බෝක්කුවල හැමිනෙන්න හදන්නේ.. "

" සොරි සර් "

" සොරි සර්?? ආකාශ් තමුන් හොද ඉස්කෝලෙක හොද වැදගත් පවුලක ලමයෙක් නේද ආහ්.. සිගරට් බීගෙන මොනවද තමුසෙ මේ කරන්නෙ.. ඉගෙන ගන්න ලමයෙක් විදිහට ඔයා අපි හැමෝමව ඩිසපොයින්ට් කරා අකාශ්.."

මට කියන්න දෙයක් හිතාගන්න බැරි වුනේ මේක මගේ ප්ලෑන් එකට වඩා වෙනස් නිසා.. අභී මගේ අතේ තිබ්බ සිගරට් එක දිහා බලද්දි මම ඒක බිමට අතෑරියා.. එයා අත් දෙක මිටි මොලවන්.. ඔව් එයා හොදටම කේන්තියෙන්..

" තමුසෙ මීට පස්සේ පන්තියට එන්න තරනම්.. අනිත් සර්ලා මොනව කිව්වත් තමුසෙට පන්ති එන්න තහනම් මීට පස්සේ.. විලි ලැජ්ජාවක් ගෑවිලා නැති අසහනකාරයෝ.. "

" සර් මේ මල්ලිට මොකුත් කියන් එන්න එපා.. "

" ඇයි තමුසේ ලොකු මිනිහද.. පිරිමි පිරිම් මොන හුත්තක්ද අයිසේ මේ.. තොපිලට ඒ තරම් මෝල් අමාරුවද "

ආයතන ප්‍රධාන සර් සද්ද නැතුව ඉද්දි මේ බනින්නේ මේ ක්ලාස් එකේ ප්‍රසිද්දම ලංකාවෙ නමක් තියෙන ගුරුවරයෙක්.. ඉතින් මේ වගේ කෙනෙක් අභී අයියායි මායි හිටපු ෆොටෝ එක දැක්කනම් මේ වචන ටිකම අභී අයියට කියලා හැම පන්තියකම ලමයි ඉස්සරහ අභී අයියව ලැජ්ජා කරයි..

මේ මන් නිසා කමක් නෑ.. මට සතුටුයි අභීව බේරලා මාව මේකට ඇල්ලුන එකට..

සර්ලා ටික ක්ලාස් එකට ගිහින් මට ඔෆිස් එකට එන්න කියලා බැනලා ගියා.. අභී අයියා නැවතිලා මන් දිහා බලන් ඉද්දි මම බිම බලාගත්තා.. මට ඇඩෙන්න ආවත් මේ දේ කරේ අපි දෙන්නගෙම හොදට නිසා මම කදුලු හන්ගන් බිම බලාගත්තා..

" පැටියෝ ඔයා කිව්වනේ අභිරු අයියා එන්නෙ නෑ එයාට එක්සෑම් කියලා "

" ඔව් එයා කිව්වනේ මට එක්සෑම් කියලා අද..උදේ හිටියේ නෑ මම ක්ලාස් එද්දි.. "

" එහෙනම් අයියා එක්සෑම් ඉවර කරලා ආවද දන්නේ නෑ "

" වෙන්නැති..."

" දැන් අපි මොකද කරන්නේ.. මම අයියට කියන්නද මේක බොරුවක් කියලා "

" අයියේ එපා..එයාට ක්ලාස් කරන් යන්න ඉඩ දෙන්න.. මම මේක බලාගන්නම්.. ඔයා මම දැන් ගිහින් එනකන් ඉන්න "

මම ගීත් අයියව තියලා ආපහු ක්ලාස් එකට ගියා.. ඒ යද්දිත් සර්ලා වටවෙලා කතාව.. මම ඔෆිස් එකට යනවත් එක්කම අභී ටග්ගලා කර්ටන්ස් වැහුවා ලමයින්ට පේන්නේ නැති වෙන්න..

" ආකාශ් පුතේ..ඔයා ඔහොම ලමයෙක් නෙවෙයිනේ.. ඔයා උදේත් පන්තියේ හොදට වැඩ කරන් හිටියානේ.. "

" මට සමාවෙන්න සර්.. "

" සර් අපි මෙයාට තව චාන්ස් එකක් දෙමු සර්.. මම දන්නවා අර හිටපු එකා වෙන්නැති මෙයාව අල්ලගන්න ඇත්තේ ඕවට "

" අනේ මේ කසුන් සර් අපි දැක්කනේ සිගරටුත් බිබි කරපු දේවල්.. තව මොනවා චාන්ස් දෙන්නද.. නේද අභිරු සර්.. "

" අහ්!? මේ.. මන්.. "

" නෑ නෑ ප්‍රසාද් සර් කියපු කතාව ඇත්ත.. මගෙනේ ක්ලාස් එක මම කැමතිත් නෑ.. කොයි තරම් හොද වුනත් නුසුදුසු දේවල් ඕනි නෑ.. ඔය ලමයා ආපහු මෙහෙ පන්ති එන්න එපා.. දැන් යන්න "

" මට සමාවෙන්න සර්.. "

" ගෞර්ය ඉන්න.. ඔයා ඇත්තටම ඇයි එහෙම කරේ "

" මට ඕනි නිසා.. "

මම හැරිලා ආවා.. අභී අන්තිමට මාව නවත්තලා අහපු දේ හැම බැනුමකටම වඩා වේදනා දෙද්දි ඒ ප්‍රශ්නෙට උත්තරේ කියාගන්න බැරි නිසා බොරුවක් කියලා මම ආවා.. මට හිතාගන්නවත් බෑ මේ දේට අභීට මූන දෙන්න වුනානම් මොනවයින් මොනවා වෙයිද කියලා..

මම එනගමන් ක්ලාස් එක භාර සර්ට මැසේජ් එකක් දැම්මා...

" සර් ගොඩක් ස්තූතියි කරපු උදව්වට.. අභිරු සර්ට මේ මොකුත් කියන්න එපා සර්.. පුලුවන්නම් කට කතාව මෙතනින් එහාට පැතිරෙන්නෙ නැති වෙන්න මොනාහරි කරන්න සර්.. හදිස්සියෙ හරි අභිරු සර්ට ප්‍රශ්නයක් ආවොත් ඒ දේවල් එඩිට් කියලා හරි සර්ව බේරන්න..වදින්නම් සර්.. "

" හරි පුතේ.. මම ඒ දේවල් බලාගන්නම්.. පුතාට මම ටියුට්ස් පේපර්ස් ඔක්කොම එවන්නම්.. ඔන්ලයින් රෙක්කොඩින්ග්ස් හරි බලන්න හදලා දෙන්නම්.. හොදට ඉගෙන ගන්න පුතේ.. මට සමාවෙන්න.. "

" සර්ට ගොඩක් පින්.. තැන්ක්‍යූ සර් හැමදේටම "

මම ආපහු ගීත් අයියගේ කාර් එකට ආවා.. මෙච්චර වෙලා හිරකරන් හිටපු කදුලු එක දිගට ගලාගෙන යද්දි ගීත් අයියා මාව බදාගෙන පිට අතගෑවා..

" දැන් ඇති ඇඩුවා මල්ලී..මම අභිරු අයියව යාලු කරලා දෙන්නම් යන්න කලින් "

" එපා අනේ මේ විස්තර කියන්න එපා "

" නෑ නෑ වෙන ක්‍රමයක් හොයමු "

" අයියේ.. මට බය හිතුනා.. ඒ මට කියපු වචන ටික අභීට කිව්වනම් එයාට මොනව හිතෙයිද.. එයාට පන වගේ ආදරේ ලමයි ගොඩ මැද්දේ නිකමටහරි දෙමව්පියෝයි ගුරුවරුයි ඇවිත් කෑගහලා බැන්නනම් අභී අයියා පිස්සෙක් වෙයි අයියේ.. "

" ඇයි මැනික ඔයාට ඔයා ගැන හිතන්න බැරි.. ඔයා ඒ වචන අහන්න ඕනි නෑ අභිරු අයියා නිසාවත් "

" මට සමාවෙන්න මම නිසා ඔයාත් ජරා කතා අහගත්තා "

" මාව අතාරින්න.. ඒත් ඔයා.. මගේ ඉස්සරහ ඔයාට එහෙම බනිද්දි අම්මපා ඔය නාකි ටිකට ඇනගෙන ඇනගෙන යන්න හිතුනා..අර නාකියාට හැමිනෙන්නෙ මෙහෙමයි කියලා ඇදලා අරන් පෙන්නන හිතුනා මට "

" අපෝ මෙයාට මල පැනලා මෙන්න "

" ඉතින් ඇත්තනේ අප්පා.. ඒ මදිවට ඉස්කෝලේ ගැනත් කියවන්න ගත්තා.. "

" කොහොමද දැනගත්තනම් ඔයා තමා හිටපු එච් පී මම තම දැන් ඉන්න ඩී එච් පී කියලා "

" අම්බො ආතල්..මෝඩ බූරු පැටියා මගේ එයාම අඩලා එයාම හිනා වෙනවා.. දැන් යන් කොයිහරි..මොනාහරි කාලා ඉලගට මොකද කරන්නේ කියලා හිතමු.."

.
.
.
.
.
.
.
.

හායියූ ~

ආවා..🥺

යනෝ🙃

බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

2.5K 287 14
හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ න...
2.3K 189 17
ඔබ පිකාසෝ නම් මන් ඔබේ මොනාලිසා වෙමි ❤️
1M 82.1K 39
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
46.3K 7.8K 28
විහිලුවක් ගිය දුරක්...... දගකාර හදවතක් ලඟ නැවතුන අහිංසකයෙක්...