කඩතොළු

By NirMad238

12.3K 2.4K 10.1K

ලස්සනම මූර්ති මැවෙනවද, ගල්කුළු කඩතොළු නොවුනොතින්? More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70

14

228 51 168
By NirMad238

මගේ කම්මුල් පාරට රාස්සයව විසි වෙලා ගියා.
වටපිටාවෙ උන් ටික තුශ්නිම්භූත වෙලා ගියා.
එතකොට මං...
මගේ අත පිච්චිලා ගියා!

ඒත් ඒකට කමක් නෑ.
ඔය ගොන්තයට ඔහොම කරලා මදි!
උපන් ගෙයි මෝඩයා!
තේරුමක් නැති මගුල් අල්ලගෙන තමන්වම විනාස කරගන්න හදන බූරුවා!
මට තෝව පේන්න බෑ මිනිහෝ!!

"අඩෝ!!!
තෝ මොකද්ද යකෝ ඒ කලේ??"

එහෙම්මම සින්න ප#ක් මට ගහන්න අත දික්කරගෙන ආවා.
අරූගෙ මොකෙක් හරි හෙන්චයියෙක් වෙන්නැති.
අනේ මටත් මොකෝ!
කොහොමටත් ගුටි කන එකේ කිසිම ප්‍රශ්නයක් මට නෑ.
මං අද මෙතෙන්ට ආවෙම සිද්ද වෙන ඕන දේකට ලෑස්තියෙන්.

"ඒ.. මචං.
ඒක ශේප්!
මේක මුගෙයි මගෙයි වෙන ප්‍රශ්නයක්!
අපි දෙන්නා ඒක බේර ගන්නම්!"

අනිත් එකා මාව කොලරෙකෙන් ඇදලා ගද්දිම අර ගොන්තයා කෑගැහුවා.
මෙච්චර වෙලා මාළු කඩේ වගේ තිබ්බ කච කචේ සේරම උගේ ඒ කතාවත් එක්කම නතර වුනා.

"එහෙමයි කියලා මූට මෙහෙම හැසිරෙන්න දෙන්න බෑනෙ බං.
බලපං නිකං සතෙක් වගේ!
මනුස්සයෙකුට කතා කරන්නවත් දන්නෑ.
මුන් වගේ එවුන් තමයි මේවට ඇවිත් සේරම විනාස කරලා දාන්නෙ!"

ඒත් එක්කම තවත් එකෙක් පටන් ගත්තා.
ඌ මහා බ්‍රහ්මයා වගේ පොරක් වෙන්නැති මං හිතන්නෙ.
ඒකනෙ ඍශිවරයෙක් වගේ අනාවැකි කියන්නෙ.

"හරි හරි මචං!
අපි හැමෝටම යකා වැහිලා ඔය වගේ අවුට් ඔෆ් ට්‍රැක් යන වෙලාවල් තියෙනවනෙ ඉතින්.
මේකත් ඒ වගේ පොඩි මිස්ටේක් එකක්.
මං දැන් මූත් එක්ක එලියට ගිහින් අපේ ප්‍රශ්නෙ විසඳගන්නම්.
උඹලා උඹලගෙ වැඩ කරගනිල්ලකො!"

හැමදාම ගිනි පිඹ පිඹ ඉන්න රාස්සයා මෙන්න බොලේ පිරිත් පැන් ඉහිනවා.
මං හිතන්නෙ අද උදේ උගේ ටූත් බ්‍රශ් එකට දාපු මගේ ශුද්ධ වූ ජලය ටික ගානට වැඩ කරලා.
ගිනි කන්ද ටිකක් විතර නිවිලා.

කොහොම වුනත් මං නම් කතා කරන්න ගියේ නෑ.
උන් උන් කතාව ඉවර වෙනකල් ඔහේ උඩ බලාගෙන හිටියා.
මොකද මං මෙතන කතා කරන්න ගත්තොත් ඒක ඉවර වෙන්නෙ එකෙක් මැරිලා!

ඒ අස්සෙ ඔළුවත් නිකම් පැලෙන්න වගේ රිදෙනවා.
පපුවත් මොකද්දෝ වෙලා.
හුස්ම අල්ලන්නත් අමාරුයි.
සීය.. අනූනවය.. අනූඅට... අනූහත..
මං ගණන් කරන්න පටන් ගත්තා.

ඇත්තටම මොන මගුලකට මාත් මේ කැම්පස් එක අස්සටම රිංගන්න ආවද මං දන්නෑ.
කීයක් නම් කැම්පස් පෝළිමට පහු කරගෙනද ආවෙ.
කොටිම්ම ගෙයි අල්ලපු වැටේ වගේ තිබ්බ මගුලත් අමතක කරලම දැම්මා.
මමත් මහම මහා කාලකණ්ණියෙක් දෙයියනේ!!!

"වරෙන් යන්න!"

කල්පනාව මැද්දෙම මාව ගැස්සිලා ගියා.
රාස්ස ප# මගේ අතින් අල්ලගත්තා.

"මාව අතෑරපං හු#තෝ!"

මං කෑගැහුවා.

"උඹට මොකද්ද පො#නයො නටන්න ඕනෙ නාඩගම??
මෙතනම උඹේ මිනීවල කපා ගන්නද ඕනෙ??"

"ඔව් යකෝ ඔව්!!
මගේම මිනීවල කපාගන්න විදියක් නැතුව තමයි මාත් මේ ඉන්නෙ!
හැබැයි ඒක කරන්න කලින් උඹේ ඔය මෝඩ වැඩ නවත්තපං!
මට මැරෙන මොහොතක සැනසිල්ලෙ මැරෙන්නවත් ඉඩ දීපං!!"

ඇත්තටම මට පිස්සුද?
ඇයි මං මෙහෙම කෑගහන්නෙ?

රාස්සයා මගේ දිහා බලාගෙනම හිටියා.
ටිකකින් ඇස් දෙකත් පියාගෙන ලොකුම ලොකු හුස්මක් ගත්තා.

"හරි!
දැන් උඹට මොකද්ද වෙන්න ඕනෙ?
කියපං!
මං අහගෙන ඉන්නෙ!"

ඊලඟට කතා කලේ නිවී සැනසිච්ච සාන්තුවරයෙක්.
කොයි වෙලෙත් නැට්ට ගිනි අරන් දඟලන රාස්ස ප# නෙමෙයි.
ඒත් උඹට වගේ වෙස් මාරු කරන්න මට බෑ හු#තෝ..!!!
මාව මේ කොහේදෝ මන්දා වංකගිරියක් අස්සෙ පැටලිලා ගිහින්.

ඇත්තටම මොන මගුලකට මට උඹව මුණ ගැහුනද කියන්න මං දන්නෑ!!!
සමහරවිට පූරුවෙ කරපු මහ විසාල පවක් වෙන්න ඇති.
මේ ආත්මෙන් හරි ඒ මගුල ගෙවලා ඉවරයක් කරලා දාගන්නයි මට දැන් ඕන!

"උඹට එලියට යන්න ඕනෙ කියලනෙ කිව්වෙ.
එහෙනම් යමන්!"

පුළුවන් උපරිමේටම සන්සුන් වෙන ගමන් මං කිව්වා.
මොකද රාස්ස ප#ගෙ කරුණු පැහැදිලි කිරිල්ලෙන් පස්සෙ හුඟක් සින්නො මෙතනින් යන්න ගිහින් තිබුනට, තාමත් තැන් තැන් වල ඉඳන් එබෙන එවුන්ගෙන් අඩුවක් නෑ.
ඒ නිසා මෙතන ඉඳන් තේරුමක් නැති මගුල් කියවලා මේ මෝඩයව අමාරුවෙ දාන්න මට ඕනෙත් නෑ.

කිසිම හැල හොල්මනක් නැතුව තත්පර ගානක් ගෙවිලා ගියා.
එකපාරටම රාස්ස ප# ආයෙමත් මගේ අතින් අල්ලගත්තා.

"අතෑරපං යකෝ!!!
මාව අල්ලන්න එපා!!!
යන්න ඕන තැනට උඹ පලයං.
මං උඹේ පස්සෙන් එන්නම්!"

මං අත අඹරවලා ඇදලා ගත්තා.

"ඕනෙම තැනකට එනවද?"

මාව කොහේදෝ මණ්දාකිනියක් අස්සෙ අතරමං වුනා.
ඇයි මිනිස්සුන්ගෙ ඇස් දිලිසෙන්නෙ?
ඇයි ඇඟේ අනිත් කොටස් වගේ ඒවටත් තියෙන්නෙ බැරි වුනේ?
සේරටමත් වඩා ඇයි සමහර ඇස් අනිත් හැම ඇහැකටම විතරක් නෙමෙයි, අහසෙ හැම තරුවකටත්ම වඩා වැඩියෙන් දිලිසෙන්නෙ?

"උඹත් එක්ක කතා කරන එකත් කාලෙ කෑමක් විතරයි #කෝ!!!
මාත් ඇත්තටම මොන මගුලක් කරනවද කියලා මටම තේරෙන්නෑ.
යමං ඉතින් ගොනෙක් වගේ බලා නොයිඳ!"

මං කෑගැහුවෙ අහක බලාගෙන.
ඇත්තටම මං කියන්නෙ මොනවද, කරන්නෙ මොනවද කියලා තවදුරටත් මං දන්නවද කියන එක ලොකු ප්‍රශ්නයක්!

රාස්සයා ඇවිදගෙන යන්න පටන් ගත්තා.
ඒ මං ආපු පැත්තට නෙමෙයි අනිත් පැත්තට. එලියට නෙමෙයි එහෙනම් කොමන් රූම් එකකටවත් වෙන්නැති.

"පලයං!"

ඌ එකපාරටම රූම් එකක දොරක් ඇරලා කිව්වම මං පුදුම වුනා.

"මේක උඹේ එකද?
ඇතුලෙ කවුරුත් නැද්ද?"

මං ඇහුවෙ තවත් එවුන් ඉස්සරහා මූත් එක්ක කතා කරන්න තරම් ශක්තියක් තවත් මට ඉතුරු වෙලා තිබුනෙ නැති නිසා.

"මේ වෙලාවෙ ඉන්නෙ මං විතරයි.
එකෙක් ගෙදර ගිහින්.
අනිත් එකා එන්න ටිකක් රෑ වෙනවා."

ඌ කියද්දි මං ඇතුලට ගියා.
කාමරේ ඇතුලෙ ඇඳන් තුනක් එක්ක මේස තුනකුයි පුටු තුනකුයි තිබුනා.
මැදින් එල්ලෙන රෙදි වැලක එක එක ජාතිවල ඇඳුම්, තුවා අනං මනං මහ ගොඩක් තියෙද්දි මං ආසම සින්දුවක් බැක්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙවී තිබුනා.

"නෙතු සැලුනා කඳුලින් දෑස පිරී..
ඔබ සිටියා කවුලුව ලඟටම වී..
මගතොට දී නොදුටුව විලස ඇදී..
තරහා වෙලා මට පෙම් බැඳි කුමරී..

හුම්මානේ අප හමුවී..
සන්තානේ තව රිදුනී..
පෙර මග මා අද නැවතී..
යළි එය සිහි කරමී...

මටත් නොදැනිම මගේ හිත ඇතුලෙන් සින්දුව මිමිණෙන්න ගනිද්දි හිතේ තිබ්බ තරහා කොහේටදෝ ගහගෙන යන්න ගිහින් පපුව හූරගෙන යන අමුතුම රිදිල්ලක් දැනෙන්න පටන් ගත්තා.

"ඔය සින්දුවට මං ආස නෑ.
ඒක ඕෆ් කරපං!"

මං කිව්වෙ සින්දුවෙ ඊලඟ පද පේළිය පටන් ගන්න කලින්.
රාස්සයා මගේ දිහා බැලුවා.
හැබැයි වචනයක්වත් නොකිය ගිහින් ඇඳක් උඩ තිබ්බ උගේ ෆෝන් එක අරන් සින්දුව නැවැත්තුවා.

"කියපං ඉතින්!"

ඊලඟට ඌ ඇඳේ වාඩි වෙලා මගෙ දිහා බලාගෙන ඉන්න පටන්ගත්තා.
මං ගනන් ගත්තෙ නෑ.
ඌට ඕනෙ ඕනෙ වෙලාවට නෙමෙයි, මට ඕනෙ වෙලාවටයි මං කතාව පටන් ගන්නෙ!
ඉතින් කතා කරනවා වෙනුවට මං කාමරේ දිහා තවත් ටිකක් හොඳට බැලුවා.

මේ කාමරේ හරිම පොඩියි.
යාන්තම් පැත්තට හැරිලා වගේ එක මනුස්සයෙකුට ඇවිදගෙන යන්න විතරයි පුළුවන්.
එහෙම බලද්දි මේකට වඩා අපේ බෝඩිමත් හොඳයි වගේ.
ඉතින් ඇයි ඇත්තටම මූ මෙහෙට වෙලා ඉන්නෙ??

මං රාස්සයා දිහා බැලුවා.
ඌ තාමත් මගෙ දිහා බලාගෙන.
හැබැයි උගෙ කම්මුලක් නම් තදම තද රෝස පාටක් වෙලා.

"කම්මුල රිදෙනවද?"

ඒ දිහා බලාගෙනම මගේ පලවෙනි ප්‍රශ්නෙ මං ඉදිරිපත් කලා.
රාස්ස ප# උගේ කැ#ම කැ# හිනාව දාගත්තා.

"මොකද්ද උඹ ඒක අහලා බලාපොරොත්තු වෙන්නෙ?
රිදෙන්නෙ නැත්තම් ආයෙම ශොට් එකක් දෙන්නද?"

මුගේ මේ #ඩ ලයින් තමයි මට අල්ලන්නෙම නැත්තෙ.
එසේ මෙසේ අලි ඔළුවක් නෙමෙයි ඒක.
හැබැයි දැන් ඕවා කියව කියව ඉඳලා කතා කරගන්න ආපු දේ අමතක කරලා බෑනෙ.

"හරි!
උඹට උත්තර දෙන්න බැරි නම් නිකම් හිටපං.
හැබැයි මට මේක කියපං!
ඉන්ක්වයරියට මොකද වුනේ?"

"වෙච්ච දේ දැනගෙන නෙමෙයිද උඹ දැන් මෙතෙන්ට ආවෙ?"

මං ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් ගත්තා.

"ඇයි මට නොකිව්වෙ?
උඹ යන්න කලින් මං කිව්වා නේද?
අනික උඹ මට පොරොන්දු වුනා නේද?
දැන් උඹේ පොරොන්දුවක් ගැනවත් මට විශ්වාසයක් තියන්න බැරිද අද්විත??"

"ඒකට උත්තරෙත් උඹ දන්නවා.
මං හොස්පිට්ල් යන්න ලෑස්ති වෙන ගමන් හිටියෙ.
ඇවිල්ලම විස්තරේ කියන්න!"

"ඒත් උඹ පොරොන්දු වුනා ඊයෙ සිද්දිය නිසා ප්‍රශ්නයක් වුනොත් මට එවෙලෙම කෝල් කරනවා කියලා.
ඉතින් ඇයි එහෙම නොකලෙ?
හරි!
මං උඹට උදව් කරනවට අකමැතියි නම් අපේ අනිත් එකෙකුටවත් කියන්න තිබුනා නේද?"
කිව්වා නම් අපි ඇවිත් හැම වැරදි වැටහීමක්ම හරි ගස්සනවනෙ."

"එහෙම කියන්නවත් චාන්ස් එකක් දුන්නෙ නෑ.
ඇත්තටම අපි යන්නත් කලින් එයාලා හැමදේම තීරණේ කරලා ඉවරයි.
හැමදාම ඇදි ඇදී යන පිකට්, ස්ට්‍රයික් සේරටම යූනියන් එක සම්බන්ධයි කියලා හැමෝම දන්නවා.
ඒ වගේම ඊලඟට බොහෝවිට අපේ යූනියන් ප්‍රසිඩන්ට් වෙන්න ඉඩ තියෙන්නෙ මං කියලත් දන්නවා.
ඉතින් මේ වගේ දෙයක් වුනාම උන් හරිම ලේසියෙන් තමන්ගෙම නිගමනවලට එනවා.
මොකද අපි වැරද්දක් කලත් නොකලත් මිනිස්සු අපි දිහා බලන්නෙ උන්ට ඕනෙ විදියට විතරයි!"

"එහෙනම් ඇයි?
ඇයි උඹ මේ මගුල් බාරගත්තෙ?
ඕවා සේරම අතෑරලා දාපං!
අතෑරලා දාලා උඹේ වැඩේ කරගෙන මෙතනින් පලයං!"

"මං මෙතෙන්ට ආවෙ උඹ නිසා.
උඹ මට කිව්ව නිසා.
හැබැයි.. මගේ හීනෙ බල්ලට දාලා මං එහෙම ආවෙ.
ඉතින් දැන් මගේ වෙලාව!
උඹ මං කියන දේවල් කරනවා මිසක්, මං තවත් උඹ කියන කියන මගුල් සේරම කරයි කියලා හිතාගෙන ඉන්න එපා!"

සාන්තුවරයා යන්න ගිහින් නැට්ට ගිනි ගත්ත හනුමා ටිකෙන් ටික එලියට එනවා.
හැබැයි උඹේ ඔය ගින්දරෙන් මාව පුච්චන්න විතරයි පුළුවන් හු#තෝ!!!
වට්ටන්න නෙමෙයි.

"එහෙනම් තෝ මකබෑවියං!
මකබෑවිලා ගිහින් උඹවම විනාස කර ගනින්!
හැබැයි මං නම් හීනෙකින්වත් උඹට ඕනෙ ඕනෙ මගුල් කරන්නෙ නෑ!
එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක තමයි උඹේ ජීවිතේ ලොකුම වැරදීම!
එතකොට දන්නවද මගේ ජීවිතේ ලොකුම වැරදීම මොකද්ද කියලා.
ඒ තමයි උඹ!
උඹව මට මුලින්ම හම්බුන දවසට ආයෙම යන්න පුළුවන් නම් මං අපි දෙන්නවම මරාගෙන මැරෙනවා යකෝ!!!
එච්චරටම මගේ ජීවිතේ මට කරුමයක් වෙලා තියෙන්නෙ!
ඒ සේරම උඹ නිසා!"

කෑගහලා කෑගහලම උගුර වේලිලා යද්දි මං මේසයක් උඩ තිබිච්ච වතුර ජෝගුවක් අරන් ඒක සම්පූර්ණයෙන්ම බීගෙන බීගෙන ගියා.
මගේ පපුව රිදෙනවා දෙයියනේ!!!
ඇත්තටම මං මේ මොකද්ද කරන්නෙ??
මැරෙන්නත් බැරි ජීවත් වෙන්නත් බැරි ජීවිතේක හිර වෙලා මං මේ මොකද්ද කරන්නෙ?

"ඒක උඹ සැරින් සැරේ මතක් කරන්න ඕනෙ නෑ.
මං දන්නවා!"

ඒ කතා කරන්නෙ අයිස් කන්දක්!
සීතලම සීතල, තදම තද, සුදුමැලි වෙලා ගිය අයිස් කන්දක්!
හැඟීම් දැනීම් කිසිම දෙයක් නැති ගලක්!

"මං යනවා.
හැම තැනකටම යනවා.
ස්ටුඩන්ට් කවුන්සලර් ලඟට, ඩීන් ලඟට, වීසී ලඟට, හැම එකාගෙම ලඟට යනවා.
ඕනෙ වුනොත් රටේ ජනාධිපති ලඟටත් යනවා.
කොහොම හරි කරලා මං උඹේ නම ඔය මගුලෙන් නිදහස් කරගන්නවා!"

"ඇයි?
මොකටද?
මට මොනවා වුනත් ඒකෙන් උඹට තියෙන ප්‍රශ්නෙ මොකද්ද??
දැන් උඹට මාව මරන්න ඕනෙ කියලා නේද කිව්වෙ?
ඉතින් මෙහෙම වෙන එකෙන් සතුටු වෙයංකො."

"මට බෑ යකෝ!
මට බෑ!
මට මෙහෙම ජීවත් වෙන්න බෑ.
රෑට හරියකට නිදා ගන්න නැතුව,
සැනසිල්ලෙ කෑමක් බීමක් ගන්න නැතුව,
කොටිම්ම හිත නිවෙන්න සිංදුවක්වත් අහන්න බැරුව,
මෙහෙම ජීවත් වෙන්න මට බෑ!
උඹ මාව තනිකරම විනාස කරලා දානවා ප#යෝ!!!"

"ඇයි?"

හහ්!
අහන ලස්සන!
ඒකට උත්තරයක් දෙන්න එච්චරටම ලේසියි නම් මං මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙයිද ගොන් වස්සො???

"මං එදත් උඹට කිව්වා.
උඹ අදත් ඒකම අහනවා.
ඉතින් මං ආයෙමත් කියන්නම්.
ඔය බූරු මොළේ මේක සෙල් ලිපියක් වගේ කොටලා තියාගනිං!
උඹ හොඳින් ඉන්න තරමට මට උඹෙන් පලිගන්න ලේසියි.
උඹට උඩට යන තරමට මට උඹව වට්ටන්නත් ලේසියි.
ඉතින් ඒක නිසා උඹ ප්‍රශ්නවල පැටලෙන එක මට මහ මානසික වදයක්!"

එතනින් එහාට අපි දෙන්නම කතා කලේ නෑ.
ගොළුවො දෙන්නෙක් වගේ උඩ බලාගෙන හිටියා.

"මං යනවා.
හෙට ඉඳන් මං කැම්පස් එන එකේ එකම පරමාර්ථය උඹව ඔය මගුලෙන් නිදහස් කරගන්න එක විතරයි.
ආයෙම මෝඩ වැඩ කරන්න පටන් ගන්න කලින් ඒකත් දැනගෙන හිටපං!"

විනාඩි ගානකට පස්සෙ මමම ආයෙමත් වචන ටිකක් පටලව ගත්තා.
රාස්සයා හැරිලා මගෙ දිහා බැලුවා.

"හොස්පිට්ල් එකේ මොකද වුනේ?
චුක්කා මල්ලි කිව්වා උඹේ ටිකට් කැපුවෙ නෑ කියලා.
ඉතින් කොහොමද ආවෙ?"

උගේ මොංගල් වචන සෙට් එක ඇහෙද්දි මට යක්කු එකෙක් දෙන්නෙක් නෙමෙයි සේනාවක්ම ආවේශ වුනා.
මූට මෙච්චර කියලත් නොතේරෙන්නෙ ඇයි දෙයියනේ???

"උඹට ඒකෙන් වැඩක් නෑනෙ හු#තො!!
උඹ උඹේ වැඩේ ගැන බලපං!
මෙච්චර මේ කෙල වෙලා තියෙනවා.
උඹේ ඔළුවෙ තියෙන්නෙ ඔය වගේ තේරුමක් නැති මනස්ගාත විතරයිද???"

"මට මගේ වැඩ බලාගන්න කිය කිය තෝ මොකද්ද කියපං එහෙනම් මේ කරන්නෙ??
මොකටද හැම මගුලටම ඇණයක් වෙවී පස්සෙන් එන්නෙ!
මගේ ජීවිතේ මට ගෙනියගන්න දීලා පලයංකො යන්න!"

ඒ පාර ගල් මූසලයත් පිස්සෙක් වගේ කෑගහනවා.
මූ මහ උපන් ගෙයි මෝඩයෙක්!
ඉතින් මෝඩයොත් එක්ක කතා කරලා තේරුමක් නෑනෙ.
හොඳට ඉන්න මිනිස්සුත් උන් වගේම මෝඩ‍යො වෙනවා විතරයි.
මං කතා නැතුවම එන්න හැරුනා.

ඒත් ඉස්සරහට තිබ්බ අඩිය එහෙම්මම ආයෙ පිටිපස්සට ඇදිලා යද්දි මං හිතුවෙ මාව වැටුනා කියලා.
හැබැයි එහෙම වුනේ නෑ.
මගේ ඉණ වටේට අත් දෙකක් තද වුනා.
බෙල්ල මුලට තෙතම තෙත ගුලියක් වගේ දෙයක් හිර වෙන වුනා.
මුළු ඇඟම හිරි වැටීගෙන ගියා.

"හසූ..
යන්න එපා!"

........................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

345K 27.3K 34
punishment type ပါ။ အဆင်ပြေမှဖတ်ပါ။
421K 12K 54
Own Ceration, Both uni&zawgi Cover photo credit. Romance love fiction🖤 (အဒေါ့ဟစ်တလာကတော့. . "ချစ်လှစွာသောအီဗာရေ ငါ့ဗိုလ်ချုပ်ကြီးတွေနဲ့ငါပိုင်သမျှက...
129K 12.3K 36
အိပ်မက်ရှည်ကြီးတစ်ခုမက်တယ် ။ ကျောခိုင်းထားတဲ့နောက်ကျောပြင်တစ်ခုကို ငါက တစ်ဖက်သတ် ဖက်တွယ်ဖို့ကြိုးစားနေခဲ့တာတဲ့ ။ ဟင့်အင်း.. မင်းငါ့ကိုမချစ်ဘူး ။ ...
36.7K 5.3K 40
මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව...