HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

48.8K 5.5K 1.8K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 19 🍻

1.4K 175 40
By KimSuuah

" අභී ඇයි මේ..සොරි මම ඔයාට ගොඩක් රිද්දුවද "

" ගෞර්ය මල්ලී..මට සමාවෙන්න.. මම...මම ඔයාට ගොඩක් ආදරෙයි.. "

" අභී අයියේ ඇයි මේ...අනේ ඇයි මේ අඩන්නේ"

" මට බයයි ගෞර්ය.. මට බයයි මම කරන්නේ මේ වැරද්දක් කියලා හිතෙනවා.. "

" ඇයි එහෙම කියන්නේ "

" ගෞර්ය මගේ වයස හිතන්න.. ඔයාගේ ගෙදර අය දැනගත්තොත් මොකක් වෙයිද.. ඔයාගේ අයියා මම ඔයාට කැමති කිව්වොත් මාව මරයි.. ඒ අස්සේ මම කොහොමද ගුරුවරයෙක් විදිහට ලමයින්ට මුන දෙන්නේ.. ලමයෙක් එක්ක සමලිංගික සම්බන්දතාවයක් කියන දේ ඔයා හිතනවට වඩා බරපතලයි මැනික.. මම පසුතැවෙන්න හේතුව ඔයාට හිතාගන්නවත් බෑ.. "

" මැනික.. ඔයා මට මැනික කිව්වද "

" ඔයා මැනිකක් තමා.. "

" අනේ ඉතින් ඔහොම කලිනුත් හිටියනම් ඉවරයිනේ.. ඇයි ඔයා මට අකමැති වුනේ ඇත්තටම "

" මම ඔයාට අකමැති නෙවෙයි මෝඩයෝ මම ඔයාව බලෙන්ම ඈතින් තිබ්බා...මම ඔයාව දැකපු දවසේ ඉදන්ම ඔයාට කැමැත්තෙන් හිටියේ.. "

" ඒකද පර්සනල් නම්බර් එක දුන්නේ "

" ඔව්.. ඔයාගේ හැඩරුව එයා වගේ නිසා දැකපු ගමන් හිත ගියා.. ඒ නිසා ඔයා එක්ක කතා කරල බලන්න ඕනි කියලා හිතද්දි අපි අතර දේවල් ටිකක් වේගෙන් උනාම මම කලබල වුනා.. ඒ අස්සේ අපේ වටේ තියෙන සමාජේ එක්ක ඔයයි මායි කොහොම එකට ඉන්නද කියලාත් හිතුනා ඉතින්.. අවංකව කිව්වොත් මම ඔයාට අදරේ වුනත් තාම හිතනවා එෆෙයාර් එකකට යන එක හොදද කියලා.. "

" මම ඔයාට බල කරන්නේ නෑ අයියේ.. ඔයා මට ආදරෙයි කියලා දැන් දන්න නිසා ඒක හන්ගන්නේ නැතුව හිටියොත් ඇති මට.. එෆෙයාර් එකක් නැතත් කමක් නෑ මාත් එක්ක ඉන්න ඒ ඇති "

" හ්ම්ම්ම් අපි බලමුකො මැනික.. ඉස්සෙල්ලා වැඩ ටික කරගන්නකෝ... "

අපි දෙන්නා ගොඩක් වෙලා ඇදේ තුරුල් වෙලා කතා කර කර ඉදලා ඇදුම් ඇදගෙන එලියට ගියා.. ගීත් අයියා ලොකු අයියා එක්ක ගිහින් ඇවිත් හිටියේ නැති නිසා අපි දෙන්නා සෝෆා එකේ වාඩි වෙලා හිටියා.. අම්මා එහෙම අභී අයියට හරි ආදරෙයි ඒත් මගේ සර් නිසාම අම්මත් ටිකක් පරිස්සමෙන් කතා කරන්නේ අභී අයියා එක්ක.. අභී අයියටත් එහෙමයි එයත් හරිම අපහසුතාවයට කතා කරේ..

.
.
.
.
.

ක්ලාස් ට්‍රිප් , ගීත් අයියාලාගේ එක්සෑම් ඔක්කොම ඉවර වෙලා ආපහු පරන විදිහට වැඩ කරන් ගියා.. අභී අයියා එයාගේ ඩිග්‍රී එකත් එක්කයි ක්ලාස් එකයි එක්ක මාර බිසී වෙලා හිටියේ.. මාත් එක්සෑම් ලන් වෙන නිසා ශෙරූන් එක්ක පාඩම් වැඩ කර කර හිටියේ පහුගිය කාලෙම.. ශෙරූන් අභී අයියයි මන් ගැනයි දන්නවා.. එයා ක්ලාස් එකේදි කොයිම වෙලාවකවත් මාවවත් අයියාවත් අපහසුතාවයට පත් වෙන්න ඉඩ දුන්නේ නෑ.. එයා එයාගේ සර් විදිහට අභී අයියාට කලින් වගේම ගෞරව කරා.. ඇත්තටම ඒක ලොකු උදව්වක් වුනා මොකද නැතනම් ලමයින්ට නිකාටහරි සැක හිතුනොත් ප්‍රශ්නයක් වෙන නිසා..

ගෙදර පැත්තෙන් බැලුවොත් මම ගෙදර අයට කිව්වා අයියා එක්ක සම්බන්දයක් තියෙනවා කියලා..ලොකු අයියා වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.. අභී අයියා කිව්වා වගේම එයා කැමතී නෑ එයාගේ වටේ ලගම අය එහෙම වෙනවට...එයා කියන්නේ එයා හේට් කරන්නේ නෑ බට් එයාට ඒ අය එක්ක ඉන්න හරිම අපහසුයි කියලා.. ඉතින් අභී අයියා අපේ ගෙදර එන එක අඩු කරා.. මුලදි එයා ආවා දෝනිව බලන්න ඒත් අයියා නිසයි මන් නිසයි එයා ගෙදර එන එක නැවැත්තුවා..

ගෙදර අයට සම්බන්දයක් තියෙනවා කිව්වට අපි දෙන්නා තාමත් ඔෆීශියලි බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා නෙවෙයි.. මම ඒකට දුක් වුනේවත් තරහ වුනේවත් නෑ මොකද ඇත්තටම අපි වටේ එහෙම නොවෙන්න සාධාරන හේතු ගොඩක් තිබ්බා..මට අයියට බල කරලා ඒ දේවල් කරන්න තරම් බොලද ආසාවක් තිබ්බේ නෑ..

පීක්!! පීක්!!

" ආකාශ් වරෙන්කෝ පරක්කු වෙනවා "

" ඉදපන් මේ එනෝ "

ශෙරූන් එක්ක පුරුදු විදිහටම ක්ලාස් ආවා.. අද අභී අයියා ස්ටාෆ් රූම් එකේ පේන්න හිටියේ නෑ.. මම ෆෝන් එක බැලුවා මැසේජ් එකකුත් නෑ.. මම කාඩ් එකත් මාක් කරන් ෆෝන් එකෙ ගත්තේ මැසේජ් එකක් දාන්න..

" ආකශ් පුතේ.. චුට්ටක් එන්නෙ "

අපේ ක්ලාස් එකේ සර් ඒ කියන්නේ ආයතන ප්‍රධානියා මට කතා කරා ස්ටාෆ් රූම් එකට..

" කියන්න සර්.. "

" පුතා... මම කෙලින්ම කාරණාවට එන්නම්... මට දැනගන්න පුලුවන්ද ඔයායි අභිරු සර් අතරෙ කොයි වගේ සම්බන්දයක්ද තියෙන්නේ කියලා "

" ස..සර්.. "

" නෑ පුතා බය වෙන්න එපා..ප්‍රශ්නයක් තියෙන නිසයි මම මේ අහන්නේ "

" සර්.. අභිරු සර් මගේ අයියාගේ හොදම යාලුවා.. ඉතින් අභිරු සර් මගෙත් අයියා වගේ "

" පුතා මේ ටික බලන්නකෝ "

සර් මගේ අතට එයාගේ ෆොන් එක දුන්නා..ෆෝන් එකේ තිබ්බේ ෆොටෝස් ටිකක්..මීට මාස ගානකට කලින් පහල කඩේ ලග අස්සේ මායි අභිරු අයියයි කිස් කරන ෆොටෝ එකක්..

" සර්.. "

" පුතා මට ඔයාලගේ තියෙන සම්බන්දෙ ගැන කිසි දෙයක් දැනගන්න අවශ්‍ය නෑ.. ඒවා මට අදාලත් නෑ..හැබයි මට ඔයාට කියන්න ඕනි මේක මේ වෙද්දි මේ අහල පහල මිනිස්සු දන්නවා වගේම මේක වැඩිය පැතිරුනොත් අභිරු සර්ට සහ ඔයාට වෙන දේ ගැන.. "

" සර්...අභිරු සර් දන්නවාද "

" නෑ..සර් මේ ටිකේ එයාගේ ඩිග්‍රී එකත් එක්ක බිසි නිසා මේ ගැන කතා කරන්න හම්බ්නේ නෑ.. "

" සර් ප්ලීස් මම වදින්නම් මේ ගැන එයාට කියන්න එපා ප්ලීස්.. මම ක්ලාස් එකෙන් අයින් වෙන්නම්.. "

" ඒත් පුතා අභිරු දැනගත්තොත් "

" නෑ සර් මාව ප්‍රසිද්දියේ ඔයා අස් කරොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ "

" ඒ කිව්වෙ "

" මම හේතුවක් නැතුව නැවතුනත් මේ කට කතාව නවතින්නේ නෑනේ... සර් මාව ගෙදර නවත්තලා ක්ලාස් කරන්න ආවා කියයි.. හැබැයි සර් මාව ක්ලාස් එන්න එපා කියලා අයින් කරොත් කවුරුත් ඕක අහන්න එන්නේ නෑනේ.. "

" ඒත් පුතා ඔයාගේ නම කැත වෙයි... අනික අභිරු දැනගත්තොත් ප්‍රශ්නෙට ඉන්වෝල්ව් වෙයි "

" නැ සර් එයාට හෙට එක්සෑම් එකක්.. "

" මොකක්ද ඔයාගේ ප්ලෑන් එක "

" සර් මන් වදින්නම් අභිරු සර්ට ක්ලාස් කරන් ඉන්න දෙන්න..අනික එයා උගන්නනවාත් හොදයි ලමයිනුත් සර්ට ආදරෙයි..මට ක්ලාස් එකක් හොයාගන්න පුලුවන් ඒත් සර් අයින් වුනොත් මේ හේතුවට එයාට ක්ලාස් හොයාගන්න බැරි වෙයි... "

" හ්ම්ම්...එහෙනම් හෙට මන් මොකක්ද කරන්න ඕනි "

" සර් 12.30ට පහල කඩේ ලගට එන්න එතකොට සර්ට තේරෙයි.. "

" හ්ම්ම් දැන් යන්න ක්ලාස් එකට..අභිරු සර් එයි දැන්.. "

" හරි සර්..ඔයාට ගොඩක් පින් "

මම හිතුවා වගේම අපිට සම්බන්දයක් පටන් ගන්න හිතන්නත් කලින්ම ප්‍රශ්න.. මම වද වුනේ අභී ගැන.. මේ ගැන ලමයින්ගේ දෙමව්පියෝ දැනගත්තොත් පන්තිය පුරා කැලෑ පත්තරත් ගහයි.. එත්කොට අභී අයියට ආපහු ක්ලාස් කරන්නවත් බෑ කොහෙවත්.. එයා ආසම ගුරුවරයෙක් වෙන්න..එයා දැන් ඔය තවත් ඩිග්‍රී කරන්නෙත් කැම්පස් ලෙක්චර් කෙනෙක් වෙන්න.. එයා එයාගේ ගමන ලස්සනට යද්දි මන් නිසා ඔහොම දේවල් වෙනවට මන් බයයි..

මොකද එයා කලින්ම කිව්වා අපි දෙන්නට එහෙම ලේසියෙන් මේ දේවල් පටන් ගන්න බෑ...ගුරුවරයෙකුයි ලමයෙකුයි අතරේ සමලිංගික සම්බන්දයක් මිනිස්සු දකින්නේ ලිංගික අතවරයක් විදිහට..එහෙම නැත්නම් ලිංගික අසහනකාරයො විදිහට.. එයා පස්ස ගහපු හේතු මම ගනන් නොගෙන එයාටත් කරදර කරලා පටන් ගත්තේ මේ දේට නෙවෙයි..

අද ක්ලාස් එක ඇතුලේ ගුරුවරයා විදිහට අභී අයියව දකින අන්තිම දවස වෙද්දි මට දැනුනේ දුකක්.. එයා ඒ කිසි දෙයක් නොදැන වෙනදා වගෙම හිනා වෙවි පාඩම් කරද්දී මාත් කිසි දෙයක් නොදන්න විදිහට හිටියා..පන්ති ඉවර වෙලා අපි කොහෙවත් නොගිහින්ම ගෙදර ගියේ හෙට එයාට එක්සෑම් නිසා...

" ශෙරූන් හෙට මම ක්ලාස් එන්නේ නෑ.. උඹ එනවද "

" උඹ නැතනම් බෑ බන් "

" එල එල එහෙනම් හෙට කට් එකක් දාමු "

ශෙරූන්ව හෙට ඕනිත් නෑ..නැත්නම් එයාට ක්ලාස් එන්නත් නැති වෙනවා.. කවුරුත් නැති තරමට මට ලේසි..

.
.
.
.
.
.
.
.
.

හායියූ ~

ක්ලාස් එක පටන් ගන්නකන් ලිව්වේ..🤭

රෑට එන්නම් සීතල ගිනිදැල් අරන්..

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

1K 133 18
♦ 𝐀𝐫𝐞 𝐲𝐨𝐮 𝐥𝐨𝐨𝐤𝐢𝐧𝐠 𝐟𝐨𝐫 𝐬𝐨𝐦𝐞𝐨𝐧𝐞 𝐭𝐨 𝐜𝐫𝐞𝐚𝐭𝐞 𝐭𝐡𝐞 𝐛𝐞𝐬𝐭 𝐭𝐲𝐩𝐞 𝐨𝐟 𝐜𝐨𝐯𝐞𝐫 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐛𝐨𝐨𝐤? 𝐘𝐨𝐮 𝐡�...
770 99 43
" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
3.1K 284 10
එයා හරි ලස්සන පිරිමි ලමයෙක්😌❤
14.5K 3.1K 23
Dark fantasy කතාවක් වන මේ කතාව bl කතාවක් . Romantic සීන් අඩු වුනත් ත්‍රාසය , කුතුහලය වගෙම ආදරයත් මුසු වුන මේ කතාව ඔයාලා හැමොම ආදරයෙන් වැලද ගනී කියලා...