HEY, HANDSOME ( NONFIC | SINH...

By KimSuuah

49.1K 5.5K 1.8K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... More

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 4 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 5 🍻

1.7K 229 77
By KimSuuah

" යසයි පොඩි එකා ඊයේ බීලා නටපු නාඩගම "

ගීත් අයියා ඊයේ මම බීලා අඩන ඒවයි මම අයියලාව බදාගෙන ඉන්න ඒවයි ගීත් අයියාව කිස් කරන ෆොටෝයි ඔක්කොම එවලා..මගේ කරුමෙටම මම ඒ වෙලාවේ ඒ චැට් එක ඕපන් කරද්දි සර් එතන..

" ගෞර්ය.. "

" ඔව් සර්... "

සර් මට කතා කරනවත් එක්කම මම ෆෝන් එක ටග්ගලා ලොක් කරලා සක්කුවට දාගත්තා..

" අද ක්ලාස් ඉවර වෙලා මාව ටිකක් හම්බවෙන්න.. "

" හරි සර්.. "

ශෙරූන් ඉන්න නිසා අපි දෙන්නම වෙනසක් නොකර කතා කරා.. තුන් දෙනාම කාලා ක්ලාසස් වලට ගියා..ඒ පැය ගානෙම මම හිටියේ මනෝලෝකේ කිව්වොත් හරි..

' සර් මොකටද එයාව හම්බෙන්න කිව්වෙ.. අනික එයා ඊයේ මම බිව්ව විස්තරේ දන්නේ කොහොමද, මම කෝල්ස් ආන්ස්වර් කරෙත් නෑනේ.. ආහ්හ්හ්ග් ඔලුවත් රිදෙනවා තාම '

මනෝලෝකේ පැය ගානෙම හිටපු මම හොද සිහියට ආවේ ක්ලාස් කලින් ඉවර වෙද්දි..ශෙරූන්ට ගෙදර යන්න කියලා මම සර්ට මැසේජ් එකක් දැම්මා..

" Sir kalin cls iwara una..mama palleha pare innawa iwara unama msg ekak danna mn ennm udata "

මම සර්ට මැසේජ් එකක් දාලා පල්ලේහා පාරට ඇවිදන් ගියා..ඒ පාර පාලු වුනත් නිදහස්..පන්ති ලමයි නිතරම එන නිසා බංකු තියලත් තියේ ඒ පාර්..මම අස්සකට ගිහින් සිගරට් එකකුත් පත්තු කරන් තොල් දෙකේ තියන් දුමක් ඇද ඇද හිටියා..ඔව් ඔලුවට නිදහස නැති වෙනවත් එක්කම මම ඒ දේ නැවත නැවත කරා..ඒත් අද සර් එන්නේ නෑ කියලා දන්න නිසාම මම ඇස් දෙකත් පියන් ඔලුව නිදහස් කරගන්න දුමක් උඩට ඇරියා..සිගරට් එකෙ දුම උඩට ගිහින් නැති වෙලා යනවා බලන් ඉන්න මම ආස කරා..ඒක තමා මගේ පැටලිලා තියෙන ඔලුව නිදහස් කරපු දේ..

චටාස් !!!

අදත් සැර කම්මුල් පාරක් වදිද්දි මම දැනගත්තා ඒ එයා කියලා..ඔව් කම්මුල පුපුරු ගහන්න තරම් ඒ පාර සැරයි..ඒත් මම නෙවෙයි සිගරට් එක තොල් වලින් අයින් කරේ..මම දුම උඩට ඇදලා එයාගේ මූනටම පිට කරද්දි එයා මන් දිහා ගිනිගත් බැල්මකින් බැලුවා..

" ගෞර්ය පුතේ උඹ මොනාද මේ කරන්නේ..සිගරට් බොන්නේ ඇයි මෙච්චර "

" සර් බොන්නේ නැද්ද "

" මම බොනවා..ඒත් ඔයා තාම පොඩි ලමයෙක් පුතේ "

" ආහ් මේක බොන්න "

මම මගේ තොල් වල තිබ්බ සිගරට් එක එයාගේ තොල් වලින් තිබ්බා...මම ඇයි ඒක කරේ කියන්න මම දන්නෙ නෑ...ඒත් එයාගේ තොල් දෙක දැක්කම මට ඒක කරන්න හිතුනා..මම එයාගේ තොල් දිහා බලන් හිටියා..එයා මගේ සිගරට් කොටේ අන්තිම පාරට උඩට ඇදලා බිම දාලා පාගලා ඒ දුම පහලට දානවත් එක්කම මම එයාගේ තොල් වලට බර වුනා..

මට තේරුනේ නෑ මම ඇයි එහෙම කරේ කියලවත්..ඒත් එයාගේ පිරුන තොල් ඕනිවටත් වඩා සරාගීව මට පෙනුනේ..මට ඒ තොල් උරන්න ඕනිමයි කියලා හිතුන මොහොතෙම අවසරයකින් තොරව මම ඒ තොල් වලට බර වුන නිසාමද කොහෙද එයා මාව තල්ලු කරලා මගේ කම්මුලට ගැහුවා..

මගේ ඇස් වලින් කදුලු ආවේ එයා ගහපු නිසාද මගේ හාදුව ප්‍රතික්ෂේප කරපු නිසාද කියන්න මම දන්නෙ නෑ.. ඒත් මම මටත් නොදැනිම කඩා වැටිච්ච කදුලු පිහිදාද්දි මම දැක්කා ඒ ඇස් ගැස්සෙනවා..

" ගෞර්ය මට- "

" සමාවෙන්න සර්..මට සමාවෙන්න "

" ලමයෝ.. "

" මම ගේ සර්..මට ඒක පාලනය කරගන්න බැරි වුනා..මට සමාවෙන්න.. මම යනවා.. "

" ගෞර්ය ඉන්න කිව්වම "

මම දැන් මොකක්ද කරන්න ඕනි කියලවත් මට තේරුනේ නෑ..මට ඒ මූන බලන්න බෑ..මම පිස්සෙක් වෙලාද මන්දා..එයා මගේ හදවතෙ හැම කොනක්ම අවුලනවා ඒ ඇස් දෙකෙන්..එච්චරයි මම දන්නේ..

" ගෞර්ය නගින්න කාර් එකට.. අපි ටිකක් කතා කරමු "

මම සර්ගෙ පස්සෙන් ඇවිත් එයාගේ කාර් එකට නැග්ගා..එයා කාර් එක ඩ්‍රයිව් කරන් ආවෙ බීච් එකට..කාර් එක පාරෙ අයිනෙන් පාක් කරලා එයා කාර් එකෙන් බැහලා වෙරලේ තිබ්බ ගලක් උඩ වාඩි වුනා..මමත් ඒ විදිහටම එයා පිටිපස්සෙන් ගිහින් වාඩි වුනා..

" ගෞර්ය..ඔයා ඉන්නේ ප්‍රශ්නෙකද "

" නෑ සර් මන් හොදින් "

" ඇයි ඊයේ බිව්වෙ ඔයා "

" සර් කොහොමද ඒක දන්නේ "

" කෝල් ලොග් එක බලන්නකෝ තේරෙයි එතකොට "

මම ටග්ගලා සාක්කුවෙන් ෆෝන් එක ඇදලා අරන් බැලුවා..ඒ කියන්නේ මම ඊයේ වෙරි වෙලා එයාගේ කෝල්ස් අන්තිමට ආන්ස්වර් කරලා..

" ආහ් සොරි සර්.. මට මතක තිබ්බේ නෑ.. "

" ඔයා දැන් සොරි කියන්නේ මොකටද "

" හැමදේටම සර්.. සිගරට් බිව්ව නිසා, සර්ට එදා බැන්නට, සර්ව කිස් කරපු නිසා එහෙම නැත්නම් මන් නිසා සර්ට දැනිච්ච හැම එපා කරපු හැගීමකටම "

" ගෞර්ය මසමාවෙන්න "

" සර් මොකටද සමාව ඉල්ලන්නේ "

" මම එදා කියපු ඒවට...මම ලිමිට් එකට වඩා ගියා.. "

" නෑ සර්...සර් කියපු හැමදේම ඇත්ත සර්.. මගේ අයියා දැන් මාත් එක්ක කතා කරන්නේ නෑ..මම දන්නේ නෑ මම කරපු වැරැද්දවත්.. මට මගේ ලෝකෙම එයා සර්..ඒත් දැන් අයියා මගේ කෝල් එකක්වත් ආන්ස්වර් කරන්නේ නෑ.. "

" මටත් හිටියනම් ඔයා වගේ මල්ලි කෙනෙක් මටත් ඒ වගේ ආදරේ කරන "

" එපා සර්..මන් වගේ මල්ලි කෙනෙක් හිටියොත් ඔයාත් අපේ අයියා වගේම මල්ලිව අතාරියි..මොකද මම වගේ කිසිම හැදියාවක් නැති මල්ලි කෙනෙක්ට කිසිම අයියා කෙනෙක් කැමති නෑ "

" එහෙම හිතන්න එපා ඔයා ගැන.. "

" නෑ සර් ඒක තමා ඇත්ත.. මම කැමති කොල්ලොන්ට ඒ නිසා ද දන්නේ නෑ අයියා මගෙන් ඈත් වුනේ..අයියාට මාව අප්පිරියා ඇති නේද සර් "

" මල්ලී එහෙම කියන්න එපා.. "

" සර් දුක් වෙන්න එපා මම හොදින් "

" මට අයියා කියන්න "

" බෑ සර්.. ඔයාට අයියා කියලා කතා කරන්න එපා කිව්ව දවසේ මම තේරුම් ගත්තා මගේ අයියා හිටියත් ලග එයත් ඒකම කියයි කියලා..මට තවත් අයියා කෙනෙක්ව නැති කරගන්න බෑ සර් "

" මම ඔයාට රහසක් කියන්නද..ඔයා දන්නවද මාත් කොල්ලෙක්ට කැමැත්තෙන් හිටියා.. "

" ඒත් ඔයා ස්ට්‍රේට් නෙවෙයිද "

" නෑ මම බයි.. මගේ ෆස්ට් ක්‍රශ් එක කොල්ලෙක්..එයත් මගේ වයසෙ..අපි ඒලෙවල් ක්ලාස් ගියේ එකම ක්ලාස්.. එයා දිහා බලන් ඉන්න විතරයි මට පුලුවන් වුනේ.. "

" ඇයි ඔයා එයාට කිව්වේ නැත්තේ.. "

" එයා ගේ අයට කැමති නෑ.. එයාට ඒ වෙද්දිත් කෙල්ලෙක් හිටියා..දැන්නම් එයා බැදලා බබෙකුත් ඉන්නවා මම හිතන්නේ.. "

" ඔයාට දුකයිද "

" නෑ මම තාම එයාට ආදරෙයි.. ආදරේ කරද්දි එහෙම දේවල් වලට දුක් වෙලා අඩලා වැඩක් නෑ මල්ලී..දරාගන්න ඕනි හැමදේම "

" එතකොට ඔයා බදින්න ඉන්න කෙනා "

" එයා ප්‍රොපෝසල් එකක් මල්ලි..මට දැන් 27ක් ගෙදර අයට ඕනි මන් බදින්න.. "

" ඉතින් ඔයා එයාව බදිනවද "

" ඔව්.. ඒ ගර්ල් මට කැමති මල්ලී.. මාත් ඒ නිසා එයාව මැරි කරනවා.. අම්මලාත් වයසයිනේ..එයාලටත් ඕනි මම බදිනවා බලන්න.. "

" අම්මලා දන්නවද ඔයා බයි කියලා "

" ම්ම්ම් අම්මා දන්නවා.. අප්පච්චිත් දන්නවා ඇති.. එයාලා කලින් අකමැති වුනා..ඒත් දැන් එයාලට බයයි මම නොබැද ඉදී කියලා..ඉතින් මම බයි කියන එකට වඩා එයාලා වද වෙන්නේ මම එයාලා මැරුනම තනි වෙයි කියලා "

මට හිතාගන්න බෑ මම සතුටු වෙන්න ඕනිද දුක් වෙන්න ඕනිද කියලා..එයා බදිනවා ලගදිම ඒ වගේම එයා තාමත් එයාගේ ඒකපාර්ශ්වික ආදරේට ආදරේ කරනවා..එතකොට මම ?

" ඉතින් ගෞර්ය දැන් ඔයාගේ කතාව කියන්න "

" ම්ම්ම් මම ඉතින් ගේ..මම දන්න දවසේ ඉදන්..මගේ පලවෙනි ආදරේ මාවා දාලා සුද්දෙක් එක්ක යාලු වෙලා ගියා..මම එයාට අවංකවම ආදරේ කරා.. ඒත් මට එයා නිසා දුකක් තරහක් ඒ වගේ හැගීමක් නෑ..ඇත්තම කිව්වොත් මට එයා ගැන කිසිම හැගීමක් දැනෙන්නේ නෑ සර්.. "

" එතකොට දැන් කවුරුත් නෑ "

" ම්ම්ම් දැන් ඉන්නවා ක්‍රශ් එකක්.. එයා අයියා කෙනෙක්..ඒත් එයා මාව දකින්නේ මල්ලි කෙනෙක් විදිහට විතරයි..ඊටත් වඩා එයා ආදරේ කරන කෙනෙක් ඉන්නවා..ඒත් මම මේ හැගීම ඉක්මනින්ම අයින් කරගන්නවා සර්..මට ආදරේ කරන කෙනෙක්ට මාත් ආදරේ කරනවා "

" ඒක හොදයි මල්ලි..මම වගේ ඒ කෙනා වෙනුවෙන් බලන් ඉන්න තරම් මෝඩයෙක් වෙන්න එපා.. "

" හ්ම්ම්... "

මම සිගරට් එකක් අරන් ආපහු තොල් දෙකේ තියාගත්තා..

" ගෞර්ය මම කැමති නෑ ඔය පුරුද්දට ඔයාගේ... "

" මාත් කැමති නෑ සර්...ඒත් මට රිලැක්ස් වෙන්න පුලුවන් එකම ක්‍රමේ මේක විතරයි.. මේ මත් වෙන ෆීලින්ග් එකට මම කැමති..මට මගේ හැගීම් විදින්න පුලුවන් එතකොට "

" ඒත්.. "

" මම මේ පුරුද්දත් ඉක්මනට නැති කරගන්නම් සර්.. ඒ කෙනා ගැන හිතද්දි විතරයි මේක ඕනි.. "

ඔව් ඒ කෙනාව මට ඕනි විදිහට විදින්න මට බෑ.. ඒත් මත් වුනාම මට මගේ හැගීම් උපරිමෙන් විදින්න පුලුවන්..දැනුත් මට එයාගේ තොල් උරන්න ඕනි..ස්ට්‍රෝබෙරි වගේ ඒ තොල් දැක්කම මාව ගිනිගන්නවා වගේ..ඒත් බලලා සැනසෙන්න විතරයි මට පුලුවන්..

" ගෞර්ය ඔයාට ඕනිද මාව කිස් කරන්න "

.
.
.
.
.
.
.
හායියූ ~

Strawberries and cigarettes 🍓 🚬

අදහස් කියන් යන්න මැනිකෙලා 😩

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸


Continue Reading

You'll Also Like

770 99 43
" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
3.1K 284 10
එයා හරි ලස්සන පිරිමි ලමයෙක්😌❤
1.1K 129 21
හැබැහින් පෙම් බැන්දෝ... සසරේ එක්වූවෝ.. 🥺❤️
3.1K 335 13
සාතන්ට ආදරය කළ සුරදූතයා ඔහු පමණි 🥺