HEY, HANDSOME ( NONFIC | SINH...

由 KimSuuah

48.7K 5.5K 1.8K

" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ ම... 更多

INTRO 🍻
CHAPTER 1 🍻
CHAPTER 2 🍻
CHAPTER 3 🍻
CHAPTER 5 🍻
CHAPTER 6 🍻
CHAPTER 7 🍻
CHAPTER 8 🍻
CHAPTER 9 🍻
CHAPTER 10 🍻
CHAPTER 11 🍻
CHAPTER 12 🍻
CHAPTER 13 🍻
CHAPTER 14 🍻
CHAPTER 15 🍻
CHAPTER 16 🍻
CHAPTER 17 🍻
CHAPTER 18 🍻
CHAPTER 19 🍻
CHAPTER 20 🍻
CHAPTER 21 🍻
CHAPTER 22 🍻
CHAPTER 23 🍻
CHAPTER 24 🍻
CHAPTER 25 🍻
CHAPTER 26 🍻
THANK YOU NOTE 🍻❤

CHAPTER 4 🍻

1.7K 235 44
由 KimSuuah

හිතේ දුකට ලොකු අයියට කෝල් කරාට එයා ආන්ස්වර් කරේ නෑ..ආපහු ගෙදර යන්නත් බැරි නිසා ඒ ලග තිබ්බ පාක් එකට වෙලා හිටියේ ශෙරූන් ක්ලාස් ඉවර වෙලා එනකන් ඉන්න ඕනි නිසා..මොකද ගෙදර ගියොත් අම්මා විස්තර අහන්න ගන්න නිසා..

ඒ ඉන්න ගමන් මම වට්සැප් ගිහින් බැලුවේ චැට් කරන්න හරි කවුරුහරි ඉන්නවද බලන්න..ඒ අස්සේ අභිරු සර්ගේ චැට් එකත් දැක්කට මම ගනන් නොගෙනෙම උඩට පහලට ගිහින් සීන් කරේ නැති චැට් එකක් ඕපන් කරා..අපේ ඉස්කෝලේ ගීත් අයියාගේ..හවුස් එකේ වැඩ වලට වෙන්නැති ශුවර් එකට..

" Akash malli oya me para athletic events tika cover karala denawa neda "

" Aiya sure nane..classes cut karanna denneth na bn aiye amma "

" Hari malliyo ahala balannako gedrin..puluwannam ennako malli loku udawwak.. "

" Hari kawadda aiye practice "

" Saturday malli ude 8 idn "

" Hari aiye mn ennam "

" Ane thanks malliyah 😘 "

" 😌❤ "

ඒකත් හොදයි..සෙනසුරාදා ක්ලාස් යන්නත් බැරි එකේ ප්‍රැක්ටිස් ගියානම් හරි..අම්මට අවුලකුත් නෑනේ එතකොට..
.
.
.
.
.
.
සතියක් ගත වෙලා සෙනසුරාදා එද්දී මට දැනුන හැගීම විස්තර කරන්න බැරි වුනා.. ක්ලාස් එකට එන්න එපා කිව්වම කොච්චර කැමති වුනත් යන්නද.. එදා ශෙරූන්නම් කිව්වේ ඉරිදා හවස ක්ලාස් එකට ආපහු එයා තනියම යද්දි සර් හොදට බැලුවා කියලා.. කොහොම වුනත් මම මගේ හැගීම් අමතක කරන්න ඕනි..දනටමත් බාගයක් අමතක කරලා තියෙන්නේ..

ශෙරූන් සුපිරුදු විදිහටම 7.30ට ගෙදර එද්දි මම බෑග් එකට මගේ ට්‍රැක් කිට් එක දාගෙන අම්මාට ක්ලාස් ඉවර වෙලා ප්‍රැක්ටිස් යනවා කියලා බොරුවකුත් කියාගෙන ආවා..මගට ආවට පස්සේ මම ශෙරූන්ට කිව්වා මම ක්ලාස් එන්නේ නෑ කියලා..

" අනේ බන් ආකාශ් වරෙන්.. "

" බෑ බන් ප්‍රැක්ටිස් යන්න ඕනි..සර් නිකමටහරි මන් කියන්නේ නිකමටහරි ඇහුවොත් ඇයි මන් ආවෙ නැත්තේ කියලා දන්නේ නෑ කියපන් "

" අනේ මන්දා බන්.. "

ශෙරූන්ගෙත් කුනු කුනුව මැද්දේ මම ප්‍රැක්ටිස් ආවා..

" අනේ ආකාශ් මල්ලි..තැන්ක්‍යූ බන් ආවට "

" ගීත් අයියේ සලකපන් හොදේ මොනාහරි අරන් දීලා.. "

" ඕනි දෙයක් මල්ලී..ප්ලේස් කරලා දියන් එච්චරයි ඕනි.. "

" හරි හරි අනේ..ඉවර වෙලා බියර් එකක් අරන් ඕනි..ඔයාට දැන් 18 පැනලා නිසා පුලුවන්නේ.. "

" අනේ මන්දා උඹත් හරි හරි අරන් දෙන්නම්.. "

ට්‍රැක් කිට් එකත් දාගෙන ප්‍රැක්ටිස් වලට ගිහින් ටික වෙලාවකින් ඇවිත් බ්‍රේක් එකක් ගද්දි ෆෝන් එකට කෝල්ස් එනවා..මම ස්ක්‍රීන් එක බලද්දි " අභිරු සර් ".. මම ටග්ගාලා දැක්කේ නෑ වගේ ෆෝන් එක ඇතුලට දාලා ආපහු ගියා ප්‍රැක්ටිස් කරන්න..1 වෙනකන් ප්‍රැක්ටිස් කරලා ගීත් අයියලා එක්ක ලග තියෙන උන්ගේ බෝඩිමකට ගියා..උන් මේ තැන තියන් ඉන්නෙම සෙට් වෙන්නයි කොටු කොටු සීන් වලටයි..

ගීත් අයියා පොරොන්දු වුන විදිහට බියර් කෑන් දෙකක්ම අරන් තිබ්බා මන් ඉස්සරහින්..මාත් එකක් කඩාගෙන උගුරු දෙක තුනක් එක හුස්මට ගිලලා දැම්මා..

" මල්ලී මොකෝ මේ අවුලකින්ද උඹ "

" නෑ බන් ඒම එකක් නෑ.. "

" අනේ පලයන්..බූට් එකක්වත් කෑවද "

" බූට කාලනම් අවුරුද්දකටත් වැඩීනේ අයියේ..ඕවා හිතලා බොන්න තරම් පිස්සු නෑ මට.. "

" ඕවා හිතන්න එපා කොල්ලෝ.. "

ගීත් අයියා එහෙම කියලා මාව සයිඩ් එකට හග් කරලා නලලේ පැත්තකින් චූටි කිස් එකක් තිබ්බා..එයා සැර කෙනෙක් වුනත් කවදාවත් මට සැර කරලා නෑ...එයා එයාගේ සොෆ්ට් ගතිය එයාගේ යාලුවොන්ට පෙන්නන විදිහටම මටත් පෙන්නුවා..තැනකදි සැක හිතුනත් ගීත් අයියට මන් ගැන කැමත්තැක් ඇති කියලා එයාගේ පර්සනැලිටි එක නිසා ඒක එහෙම නෑ කියලත් හිතුනා..

ෆෝන් එකට එක දිගට කෝල්ස් එද්දි මම මගාරින හැම කෝල් එකකටම බියර් එක බොන්න ගත්තේ හිතේ තිබ්බ වරදකාරී හැගීමට..තරමක මත් ගතියක් ඒ වෙද්දි තිබ්බත් මම පුලුවන් විදිහට නැගිටලා එතනින් එන්න හැදුවා..

" මල්ලී ඉන්න මම ඔයාව ගෙනිහින් දාන්නම් "

ගීත් අයියා කිව්ව නිසා මාත් හිටියා..මටත් නොදැනි තව කෑන් එකක් මම රස විදිනකොට මගේ ෆෝන් එකටත් නිවනක් නැති වුනා..බැරිම තැන මම ආන්ස්වර් කරා..

" ගෞර්ය කොහෙද ඔයා ඉන්නේ "

" ආහ් අයියේහ්..ආහ් නෑ නෑ සෑර්.. "

" ගෞර්ය ඔයා බීලද ඉන්නේ.. "

" මමද..සූට්ටක් විතර... අයියේහ්..ආහ් නෑ නැ සෑර්... මට අයියලා නෑනේහ්..මම මහ ජරා කොල්ලෙක්නේහ්.. "

" ගෞර්ය ඇයි මෙහෙම හැසිරෙන්නෙ.. "

" සෑර්..ම්හ්ක්..ඇයි ඔයා මට ඒම කිව්වේ.. ඔයා දන්නවද ඒ කම්මුල් පාරට වඩා... ඒ වචන මාව රිද්දුවා..ම්හ්ක්.. "

" ගෞර්ය...මට සමා- "

" මල්ලීයාහ් කෝ එන්න මන් ගාවට

සෑර්..මන් යනවාහ්.. ඔයා නපුරුයි සෑර් මම තරහයි ඔයා එක්ක "

" ගෞර්... "

.
.
.
.
.
.
.
.

ආහ්හ්හ්හ්හ්ග් ඔලුව මගේ.. තද ඔලුවේ කැක්කුමක් එක්ක මම නැගිට්ටේ කන ලග වැදුන මගේ එලාම් එකට..ඔව් පන්ති යන්න හැමදාම තියලා තියෙන එලාම් එක අදත් මාව නැගිට්ටවද්දි කියාගන්න බැරි ඔලුව කැක්කුමක් මට තිබ්බා..

ඊයේ ගෙදර ආවෙව් කොහොමද කියලාවත් මතකයක් නැති වෙද්දි ඒවා හිතන්න වෙලාවක් නැති වෙද්දි මම ක්ලාස් යන්න ලෑස්ති වුනා..ඇගම රිදෙනවා ඊයේ ප්‍රැක්ටිස් කරලා ආපු නිසා..ඔලුවේ කැක්කුමයි ඇගේ කැක්කුමයි එක්කම මම ටග්ගලා නාගෙන පහලට ආවෙ කාලා ක්ලාස් යන්න..

" අම්මා..මොනවද කන්න තියෙන්නේ.."

" ඔය ඇවිත් ඉන්නේ බේබද්දා.. "

" අනේ අම්මා..හැමදාම බොන්නේ නෑනෙ ඕවා.."

" පුතා ඔයා ප්‍රශ්නෙකනම් ඉන්නේ අපිට කියන්න..ප්‍රශ්න වලට බීලා හරියන්නේ නෑනේ.. "

" ප්‍රශ්නයක් නෑ අම්මා..ඇයි එහෙම ඇහුවෙ.."

" ඔයා බීලා ඇවිත් ගොඩක් ඇඩුවා.. ඇයි ඔයා මට එහෙම කරේ ඇහුවා මම ඔයා එක්ක තරහයි අයියේ ගගා ඇඩුවා.. "

හරිනේ ලැජ්ජාව බාල්දියෙන් එකයි..ගෞර්ය තමුසෙට බිලා ලැජ්ජා වෙන්න තියෙන්නේ පුදුම හැකියාවක්..

" නෑ නෑ අනේ මට ප්‍රශ්නයක් නෑ..අම්ම කන්න දෙයක් දෙන්නකෝ ක්ලාස් යන්න ඕනිනේ "

අම්මා උයලා තිබ්බ බතුත් කාලා ශෙරූන් ගෙදරට ආපු නිසා මම ටග්ගලා බෑග් එක දාගෙන ආවා.. කාඩ් එක මාක් කරන තැන එයා ඉන්නවා කියලා දන්න නිසාම මම හිතලම නොදැක්ක ගානට පන්තියට ආවා..

" ගෞර්ය.. ඔහොම පොඩ්ඩක් ඉන්න "

එයා මම එනවත් එක්කම මට කතා කරා..මම හැරුනා ඒත් එයා දිහා නොබලා මම බිම බලන් හිටියා..

" ගෞර්ය ඇයි ඔයා ඊයේ ක්ලාස් ආවෙ නැත්තේ.. "

" සර් මම ආපහු ක්ලාස් එන්නේ නෑ සර්.. "

" ගෞර්ය මම ඇහුවේ මොකක්ද "

" සර් ඊයේ ක්ලාස් ආවෙ නැත්තෙත් ඒ හින්දා තමා..මම ක්ලාස් එන්නේ නෑ සර්..ඒ නිසා ඊයේ මම ප්‍රැක්ටිස් ගියා... "

" ඊට පස්සේ "

" ආහ් "

මම එවෙලෙයි ඔලුව උස්සලා එයා දිහා බැලුවේ..ඒ ඇස්වල තිබ්බ කේන්තිය ඕනිවට වඩා..ඒත් ඇයි ඒ..

" මම ඇහුවේ ඊයේ ප්‍රැක්ටිස් ඉවර වෙලා මොකද කරේ.. "

" මොකුත් නෑ..නිකන් අයියලා එක්ක හිටියා.. "

" ගෞර්ය!! "

" සර් ඇයි ඔයා මෙහෙම අහන්නේ.. ඔයා කිව්වා මට පන්ති එන්න එපා කියලා.. ඉතින් ඔයාට මොකද මම මොකක් කරත්..ඔයාට ඒවා වැඩක් නෑනේ.. "

" මට වැඩක් තියෙනවා ගෞර්ය..මම ඔයාගේ අයියා.. "

" සර්..මට සමාවෙන්න..මට අයියලා නෑ..ඔයා කිව්වා හරි මම වගේ ජරා ලමයෙක්ට අයියලා නෑ.. මම යනවා සර්.. "

" ගෞර්ය ක්ලාස් එනවා දිගටම බේබද්දෙක් නොවි.. "

මොකක්!! එයා කොහොමද දන්නේ මම බිව්වා කියලා..මම එයා දන්නේ කොහොමද කියලා අහන්න අනිත් පැත්ත හැරුනත් එයා ඒ වෙද්දිත් පියවර කිහිපයක් මගේන් ඈතට ගිහින් හිටියා..

උදේ වරුවෙම ක්ලාස් එකෙ හිටියේ සිහියෙන් නොවෙද්දි දවල් කෑම වෙලාවත් ඇවිත් තිබ්බා..පුරුදු විදිහටම අපේ පොඩි කඩේට කෑම කන්න ගියාම සරුත් එතනට ආවා..ශෙරූන් සර්ට හිනා වෙනවත් එක්කම සර් අපේ මේසෙට ආවා..

" ආහ් ලමයි මාත් එනවා කන්න..මට තනියෙන් කන්න කම්මැලී.. "

" කමු කමු සර්.. "

ශෙරූන් සර්ට මගේ එහාපැත්තේ ඉඩකුත් හදලා කන්න ලෑස්ති කරා..මම කිසිම ගානක් නැතුව මගේ ෆෝන් එක ඔබ ඔබ හිටියා කෑම එක එනකන්..ඒ වෙලාවේ චැට් කරන්න හිටපු එකම කෙනා ගීත් අයියා වෙද්දි මම ගීත් අයියගේ චැට් එක ඕපන් කරා..

මොන හුත්තක්ද යකෝ මේ !!!

.
.
.
.
.
.
.
.
.
.

හායියූ ~

මොනාද අප්පා චැට් එකේ තිබ්බේ 👀

මගේ මල් ටික ඔන්න වැඩ අස්සෙත් දුවන් ආවා..😌🌸❤ අද තව එකක් පුලුවන් වුනොත් දෙන්නම් හොදේ 😌

අනේ අදහස් කියන් යන්න මැනිකෙලා 🥺 මේ කතාව ලියන්නේ කන්ෆිඩන්ට් නැතුව නිසා අදහස් ඕනිමයි..

ආහ් මගේ කලින් කතාවට 10K + views ඇවිත් මගේ මල් ටික 🥺😭❤ තැන්කූ ඔයාලා හැමෝටම..ආදරෙයි ගොඩාක් 😭❤

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

继续阅读

You'll Also Like

101K 11.6K 47
මන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇත...
14.5K 3.1K 23
Dark fantasy කතාවක් වන මේ කතාව bl කතාවක් . Romantic සීන් අඩු වුනත් ත්‍රාසය , කුතුහලය වගෙම ආදරයත් මුසු වුන මේ කතාව ඔයාලා හැමොම ආදරයෙන් වැලද ගනී කියලා...
41.2K 5.5K 51
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
2.6K 276 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...