❄ ශීත 🍻 සම්පූර්ණයි ✅

By breath_21

84.4K 13.8K 12.4K

අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
❄132🥂

105

461 90 113
By breath_21

'පුංචි දවස් වලම අම්මා, අප්පච්චි එක්ක එච්චර ආදරෙන් හිටියා කියලා මට මතකයක් නෑ... හැමදාම වගෙ රණ්ඩු. මුල් ටිකේ මට අවුරුදු 6ක් විතර යනකල්ම අම්මා, නුවරඑළියෙ ආච්චි ගාව හිටියෙ. ඒ අතරේ තිබ්බ කෝන්තර වල ඉවරයක් තිබ්බේ නෑ. මම අසරණයි කියලා දැනුන හැමවේලෙකම මම හොයන් ගියෙ සිතිජ අයියව. එයා ඇත්තටම මගෙ පාලුවට, දුකට මට හයියක් වුනා. සිතිජ අයියා මගෙ හොදම යාලුවා වුනා.... මට හිනාවෙන්න පාර පෙන්නුවා. විනාඩියක් වගෙ කාලයක රුවන් අයියගෙ මූණේ තිබ්බේ සතුට විතරයි. හිනාවෙලා එයා ලස්සනට.

"අපි දෙන්නා හැමදාම සෙල්ලම් පිට්ටනි ගියා. ගිහින් ගෝන් පිට්ටු හදලා ගමේ කෙල්ලෝ එක්ක ඇලෙන් නාලා තමයි 6ට කලින් ගෙදර ආවේ. ඒ ආවාට පස්සෙ ලොකු අම්මාගෙයි, අපේ අම්මාගෙයි මැසිවිලි අහගෙන කන් දෙක මම ලෑස්ති කර ගන්නෙ අම්මාගෙයි අප්පච්චිගෙයි රණ්ඩු වලට කන් වහ ගන්න. එත් සමහර වේලාවට ලොකු අම්මාට බොරු කියලා සිතිජ මවත් එක්ක ගිහින් මල් පාත්ති හදන්න ගත්තා. එතකොට ගෙදර වෙන රණ්ඩු වලින් භාගෙකට අඩු ප්‍රමාණයක් මගෙ කනට වැටුන නිසා මට පුලුවන් වුනේ හිනාවෙන්න පොඩ්ඩක් හරි." ලොකු හුස්මක නිමාවත් එක්ක රුවන් අයියගෙ නලල රැලි වෙන්න ගත්තා.

"ඔයාට ඉස්කෝලේ යාලුවෝ හිටියෙ නැද්ද?"

"මම නුවරඑළියෙන් ඉස්කෝලේ 3 වසරේදි තමයි කොළඹට ගියෙ. අම්මට ආච්චි එක්ක ඉන්න බෑ කිව්ව නිසාම ඒක හොද විසදුමක් විදියට අපේ අප්පච්චි දැක්කෙ. හවසට වාඩියට ගිහින් කසිප්පු ගහගෙන එන අප්පච්චි අද වෙනකල් මගෙ අම්මට අතක් ඉස්සුවේ නෑ... එත් අම්මගෙ වචන වලට රිදෙනවා... මම ඒක නිසා හැමදාම පැත්තකට වෙලා හිටියා."

"කොළඹදී ඔයාට යාලුවෝ හිටියෙ නැද්ද?"

"හිටියා... කොළඹ හිරිපිටියෙ මාව නොදන්න කෙනෙක් නැති තරමටම මට යාලුවෝ හිටියා. අපි කට්ටිය රස්තියාදු ගැහුවා, ක්ලාස් ගියා, ඉස්කෝලේ ආතල් ගත්තා ඒ මගෙ ජිවිතේ ලස්සනම කාලේ වෙන්න ඇති. අප්‍රේල් වලට අවුරුදු උත්සව, මැයි වලට අපි කරා ලොකු කූඩුවක්, පොසොන් එකට දුන්න දන්සල් තව අපි ද ලයන් ක්‍රීඩා සමාගමේ සාමාජිකයෝ වුනා. අපේ කණ්ඩායමේ 5 දෙනෙක් ඒ කාලේ හිටියා."

"එතකොට ඔයාට ඉගෙන ගන්න එක කොහොමද?"

"මට ටීචර්ලා කිව්වේ ඉගෙන ගන්න බෑ මූට සිහියක් නෑ කියලා. නිතරම අමතක වෙනවා වගෙම මට තිබ්බා හැමදේම ඔලුවට වද දෙන මානසික පීඩනයක්. යාලුවෝ එක්ක ආතල් ගද්දි හිටිය මම නෙවේ පංතියේ පොතේ අකුරු ඇහුලුවේ. නිතරම හැමදේම මට අමතක වෙද්දි අම්මා ඒකටත් අප්පච්චිට බනින නිසා කල් යද්දි මම මගෙ දේවල් ගෙදරින් හංගන්න පුරුදු වුනා."

"කොයි කාලේ වගෙද ඔය අමතක වෙන ගතිය ඉස්සරහට ආවේ."

"මම දන්න කාලේක ඉදලා ඒක මගෙ වටේම මිනිස්සු මට කිව්ව දෙයක් ඒ"

"එතකොට ඉස්කෝලේ කාලේදී තව රස දේවල් නැද්ද?" අශෝක සර් එහෙම ප්‍රශ්නයක් අහද්දි රුවන් අයියගෙ මූණේ ආයෙත් හිනාවක් පිපුනා. ඒ හිනාව ඒ තරම්ම ලස්සනයි.

"මගෙ සුදූව මම මුලින්ම දැක්ක දවස.... එදා මට තාම මතකයි. මගෙ හොදම යාලුවා ලහිරු කැමැත්තෙන් හිටිය කෞශල්‍යා නංගි.. එයාව දැක්ක දවසෙ ඉදන් මට සමහර දේවල් හිතෙන්න ගත්තේ සැහැල්ලුවකින් නෙවේ. ලහිරු පස්සෙන් ගියත් මම එයා ලගට යන්න ඕනේ කියලා මට හිතුනා. මගෙ යාලුවෙක් වුන සදලි මට සප් එක නිතරම දුන්නා සුදූව සෙට් කර ගන්න. එත් මට කලින් ලහිරු ඉක්මන් වුන නිසා මට සුදූව ඉස්කෝලේ කාලෙදී මග ඇරිලා ගියා."

"කවුද සදලි කියන්නෙ."

"එයා අපේ ගෙවල් උඩහා කුඹුරෙන් එහා හිටපු නංගි කෙනෙක්. එයා නිතරම මාත් එක්ක කතා කරනවා කෞශල්‍යා ගැන..."

"එයා වෙන මුකුත් ගැන ඔයා එක්ක කතා කරන්නෙ නැද්ද?"

"නෑ... එයයි මමයි නිතරම සුදූ ගැන තමයි කතා කරන්නෙ. එත් මොකක් කරන්නද සුදූව ලහිරු සෙට් කර ගත්තට පස්සෙ අවුරුදු 3ක්ම මම එයා දිහා දුර ඉදන් බලන් හිටියා  ඒ හැම වේලාවකම මත් එක්ක දුක බේදාගත්තෙ සදලි නංගි."

"දුක අහන නංගිව සෙට් කර ගත්තා නම් ඉවරනෙ." සතූගෙ කටින් එක පිටවුනාම ඒක ඩොක්ට අශෝකට එයාගෙ earbuds වලට ඇහෙන්න ඇති. එයා අපි දිහා බැලුවේ එකයි. 

"ඉතින් එයාව සෙට් කර ගන්න බැරි වුනේ ඇයි?" සතු අහපු දේම තමයි අශෝක ඇහුවෙත්.

"නෑ... එයා ගැන මම මුකුත්ම දන්නෙ නෑ. අඩුම ගෙයක්වත්. අනික එයාට මගෙ හිතේ හැගීමක් ඇති වුනේ නෑ..."

"ඩොක්ට එතකොට අහන්න ෆීලිස්න් ආවේ නැද්ද කියලා එයා එක්ක සෙක්ස්ශුඅල් වෙන්නවත්" මම ඩොක්ටට කියද්දි අශෝක මගෙ දිහා බැලුවා.

"ඉතින් ඔය දෙන්නා තනියම නියරක ඉද්දි එයා කෙල්ලෙක්, ඔයා කොල්ලෙක් නිකන් නෙවේ හිත බිදුන කොල්ලෙක් ඉතින් ඔයාට හිතුනේ නැද්ද එයා එක්ක සෙක්ස් කරන්න. අඩුම කිස් එකක්වත්..." අශෝක සර් එහෙම ඇහුවාම සරදියල්ගෙ ඇහි බැමි රැලි වුනා.

"සදලි ගැන කවදාවත් එහෙම දැනිලා නෑ."

"එතකොට වෙන කිසිම කෙල්ලෙක් ගැන එහෙම දැනිලා නැද්ද?"

"තියෙනවා... කද මරු නම් පෙරලන් ගහන්නම හිතෙන අවස්ථා එනවා... ටෂි මල්ලි වගෙ කද බලලා සයිස් බලන්න. එකිව දැලේ දා ගන්න සුදූ ඇරුනාම ආතල් ගන්න වෙන ගෑණු ගැන මට හිතිලා තියෙනවා."

"ඉතින් මිස්ට ටකේෂ්ට එහෙම දක්ෂතාවෙකුත් තියෙනවා... එයා කිව්වද ඔයාට දුක නැති වෙන විදි."

"නැතුව.... ලොකුවටම ඒ දක්ෂතාවේ උපරිමයි. හෂිනිටත් 34 තියෙන්නෙ." කොහෙන්දෝ ඉදන් සතූවා හොට දාන්නෙ වැඩකටම නැති දෙයක් කියලා. අශෝකයි අප්පච්චි අපේ මූනු දිහා බලද්දි වෙනදා වගෙම රුවන් අයියා මගෙ ගැලවුම් කාරයා වෙලා ආයෙත් කතාව පටන් ගත්තෙ.

"මගෙ අතේ තියෙන කැලල් තමයි විසදුම වුනේ... මම අත කපා ගත්තා. සදලි ඉස්සරහම."

"එතකොට එයා මොකද කරේ නැවැත්තුවේ නැද්ද?"

"නෑ.... එයා හිනා වුනා... මට කෞශල්‍යා හම්බෙයි කිව්වා... ඉතින් මම තවත් අත කපා ගත්තා."

"පස්සෙ මොකද වුනේ. කෞශල්‍යා හම්බුනාද?"

"ඉස්කෝලෙන් අස් වුනාට පස්සෙ ලහිරු එක්ක එෆේයා එක නැවතිලා කියලා මම දැනගත්තේ කෞශ්ල්‍යා එක්ක fb එකෙන් කනේක්ට් වුනාම. ඉතින් මම සතුටු වුනා. මම සදලිට ඒ ගැන කියලා සතුටු වුනත් සදලි සතුටු වුනේ නෑ. එයා ලිදට පැන්නා. මාත් එක්ක ගොඩ කාලයක් හිටිය කෙනා එහෙම කරද්දි දුක හිතිලා මම ලිදට පැන්නෙ සදලිව බේරගන්න. ඒත් එයා පොඩ්ඩ පොඩ්ඩ ලිද පතුලටම යද්දි එයාව ගොඩට ගන්න මට බැරි වුනා. මගෙ හුස්ම හිර වෙන වේගයක් තියෙද්දි ගමේ අයියලා ටිකක් මාව ගොඩට ගත්තා. එදායෙන් පස්සෙ මම සදලිව දැක්කෙ නෑ." මම හිතන්නෙ සදලි මවා ගත්ත රූපයක්. එයාට ඕනේ වුනේ සරදියල්ට රිද්දන්න. දෝණිගෙ කැමැත්ත ලැබෙනවාත් එක්කම ඒක අඩාල වෙද්දි එයාට බලපෑමක් කරන්න බැරි වුනා සදලිට තවත්. ඒකයි මරන්න හැදුවේ.

"එතනින් එහාට්ට..."

"එතනින් පස්සෙ මොකද ඉතින් ආදරේ කරාද?"

"ඔව්... සුදූ මට නැති වුන ආදරේ දුන්නා. පවුලකින් හම්බුන් නැති ආදරේ සුදූ මට දෙනකොට අපි දෙන්නට වුනේ ආයෙත් නුවරඑළියට යන්න. මොකද සුදූගෙ අප්පච්චි මට කැමති වුනේම නෑ. අපිට ඉතුරු වුනේ පැනලා යන එක. මට වඩා සුදූ අපේ පවුලේ හිත ඉක්මනින්ම දිනා ගත්තා. එයා මට මගෙ ජිවිතේ හොදම කෙනා අදටත්."

"ආදරේ හිතම පුරවලා..."

"එයා මගෙ ජිවිතේම එළිය කරා. ආච්චිගෙ ආදරේ එයාට හම්බෙනකොට පවුලෙම අය සුදූ නෝනා කියලා එයාව ආදරේන් පිලිගත්තා. මම සුදූට ආදරේ කරා ඒ තරමටම. පවුලක සතුටක් නැති වුන මට එයා සතුටක් ගෙනාවා. ටික කාලෙකින් අම්මා, අප්පච්චි, මගෙ චූටි මල්ලි නිසා මගෙ ජිවිතේ ලස්සන වුනා. ටෂි කවදාවත් මට පිටයි වගෙ දැනෙන්න දුන්නෙ නෑ. දෝණි එක්ක තරහා වුනත් ටෂි සරදියල් කියලා කට පුරා මාත් එක්ක හිටියා. ගමටම ආඩම්බර කොලුවෙක් වුන ඒ කොල්ලා මගෙ ලගට දුවන් එන්නෙ හැමදේම කියන්න. එත් මම දන්නවා මුල් ටිකෙම ටෂි එහෙම කරේ අප්පච්චි මට හොද මූණක් නොපෙන්නුව එක හංගන්න කියලා. එත් ටික ටික අම්මගෙ ආදරේ අප්පච්චිගෙ නුරිස්සුම් ආරක්ෂාව, ටෂිගෙ සෙනෙහස එක්ක මගෙ ජිවිතේ ලස්සන වුනා. කොළඹ පුංචි බෝඩිමක් ඇතුලේ මම සතුටින් හිනා වුනා. මගෙ සුදූ නිසා මට පුංචි කාලේ නොලැබුන හැමදේම මට ලැබුනා..." රුවන් අයියාගෙ හිනාවත් එක්කම ඔක්කොම සතුටින් සැහැල්ලු පෙනුමකින් තිබ්බා.

"එතකොට ඔයාට තිබ්බේ නැද්ද රණ්ඩු හරි, හොදම ළඟ ඔයාගෙ විතරක් වෙන යාලුවෙක්."

"රණ්ඩු තිබ්බා. මගෙ සිහිය මදි කියලා නිතරම සුදූ කෑ ගැහුවා. එත් ඒවා සැනින් අමතක වෙනවා ටෂි ඇවිත් එක්කො කෙල්ලෙක් ගැන උදව්වක් ඉල්ලනකොට හරි, තේරෙන්නෙ නැති සාමාන්‍ය දෙයක් මට කියද්දි හරි. සුදූ නිසා දැවෙන හැම වේලාවකට ටෂි මගෙ ළඟ හිටියා අහම්බෙන් හරි. ඉතින් වෙන යාලුවෝ මට ඕනේ වුනේ නෑ." මම සරදියල් දිහා බලන් හිටියා. මට හිතෙන්නෙ එයාට ඕනේ වුනේ සතුට... එත් අපෙන් එයාට පහු වෙද්දි නොලැබුනේ එක...

"ඉතින්... මොකද වුනේ"

"ඔක්කොම වෙනස් වුනේ මම ආයෙත් කාළකන්නියෙක් වගෙ නුවරඑළියෙ මගෙ උරුමේ හොයන් ගියාම... මම ටෂිවයි, සුදූවයි එක්ක නුවරඑළියෙ පදිංචියට ගියෙ සිතිජ අයියා දේපල ගැන මට කිව්ව නිසා."

"එයා මොනවද ඔයාට කිව්වේ."

"ආච්චි සුදූට මහ ගේ ලියලා තිබ්බා. ඒක සිතිජ මට කිව්වේ කොළඹ හිටියොත් ඔය දේපල වෙනදා වගෙම වුන දෙයක් නැති වෙයි කියලා අනික් දේවල් වගෙ. අපි එහෙ ගිය පලවෙනි කාරණාව ඒක."

"ඔයාලා එහෙ ගිහින් රණ්ඩු වුනාද?"

"ගියපු මූල් කාලේ මම ඕනේවටත් වඩා සතුටු වුනා. මගෙ මල්ලි එක්ක ටෂි එයාගෙ හැසිරීම නිතරම සුදූවයි, මාවයි හිනැස්සුවා. ඒ දෙන්නගෙ යාලුකමෙන් ටෂිගෙ අනාගතේ ලස්සන වෙන බව දැකලා මම හදවතින්ම සතුටු වුනා. බේබා වුනත් නිතරම මට කිව්වේ සනා ටෂිව ට්‍රැක් එකට ගන්න හදන්නෙ කියලා. මට ඕනේ වුනේ එච්චරයි"

"ඔයා ටෂිට ගොඩාක් ආදරේයි වගෙ."

"මම වැටුන හැම තැනම ඒ පොඩි කොල්ලා මට හයියක් වුනා. මම කොහොමද අමතක කරන්නෙ. එයා මම වගෙම මගෙ සුදූට ආදරේ කරනවා. මට ඕනේ වුනා. මට ටෂි දුන්න ආදරේ ආයෙ පෙරලලා එයාට දෙන්න. එත් මගෙන් ටෂි දුරට වුනාම ආයෙත් ආයෙත් පාළුව ආවා. සුදූට ළමයි නැති නිසා මගෙ අඩු පාඩු නිසා සුදූ හිටියෙත් නිතරම දුකෙන්, කේන්තියෙන්. ඒ වේලාවල් වල මම තනි වුනා. සිතිජ අයියගෙ වෙඩින් එක නිසා එයා බිසි වෙද්දි සාදී දුන්න අයිස් මම ගහන්න ගත්තා."

"සිතිජ මුකුත් කිව්වේ නැද්ද ඕවාට."

"සිතිජ අයියා මට ගැහුවා, මට මතකයි එදා මම කේන්තියෙන් ගිහින් එයාට බනින ගමන් කිව්වා ටෂි දැන් මං ගාව නෑ කියලා. එයාලා හිටියෙ මහනුවර යන්න" ඔය කියන්නෙ සමණළිගෙ මරණේ දවසෙ.

"පස්සෙ මොකද වුනේ."

"මම හිටියෙ කේන්තියෙන්, මගෙ කවුරුත් මගෙ පැත්තෙ නැති දුකෙන්. මම එදා ටෂි ගැන මම දැක්ක ඔක්කොම දේවල් කිව්වා."

"ඔයා මොනවද දැක්කෙ..."

"ටෂි මියුරු කියලා කොල්ලෙක් එක්ක හිටියා කියලා. මම හිතුවේ සිතිජ අයියට ටෂි ගැන අදහසක් තියෙනවා කියලා."

"කවුරුහරි ඕක ඔයාට කිව්ව එකක්ද? නැත්තම් ඔයාට තේරුන එකක් විතරද?"

"මැණිකෙ අක්කා කිව්වා. ඒවා බොරු වෙන්න බෑ... මැණිකෙ අක්කා අපි ඔක්කොටම ආදරේයි. එයා දැක්කා කිව්වා ටෂි සිතිජ එක්ක ඉන්නවා. ඒ නිසාම මම කෑ ගහලා කිව්වා මියුරු ගැන. එත් මට එහෙම කරන්න ඕනේ වුනේ නෑ... ලොකු අම්මා මට ගහලා මාව පැත්තකට කරලා එදා බැන්නා..."

"මොනවද ලොකු අම්මා කිව්වේ... සිතිජ බැදපු කොල්ලෙක් කියලද?" අශෝක මොකටද බං මේවා අවුස්සන්නෙ.

"ඩොක්ට ඔය දේවල් වැදගත් නෑ නේද?" මම අශෝකගෙන් ඇහුවේ දැන නොගන්න ඕනේ ඒවා අප්පච්චි ඉස්සරහට එයි කියන බයට. ඒවා එළි වුනාට කමක් නෑ මම මේ ප්‍රශ්න විසදලා.

"මම හිතන්නෙ ඔයා හංගපු මතකයක් තියෙන්නෙ මේ කාලේ වගෙ. මොකද ඔයාගෙ හාර්ට් බීට් එක එන්න එන්නම වැඩි වෙනවා ඉතින් මට දැනගන්න පුලුවන්ද එතන වුන දේ හරියටම"

"ලොකු අම්මා මාව මෙන්ටල් හොස්පිටල් ගෙනිහින් වද දුන්නා. බෙහෙත් බොන්න දුන්නා, එයා මාව හිර කරා. මාව එදා තනි කරලා මගෙ සුදූත්, ටෂිව අරන් කොළඹ ගිය නිසා මම නීති නැති ජිවිතේ විදින්න සාදීට කියලා රාජු ලව්වා අයිස් ගෙන්නන් දවස පුරාම ඒවා පාවිච්චි කරා. එවෙලෙ සිතිජ ඇවිත් මට ගැහුවේ මගෙ සේරම සින්ක් එකට හලලා. මට කේන්ති ගිහින් මම සිතිජට ගැහුවා. ලේ එන්නම මගෙ අත් වල මගෙ හොදම යාලුවගෙ ලේ වැක්කෙරෙනකොට 'උඹේ අහිංසක ගෑණි ගැන හිතපන් තිරිසනෝ... උඹට හම්බුනේ මැණික් පතලක්. එහෙව් උඹ මේ නාස්ති වෙන්නෙ ඇයි?'

"උඹට මගෙ ගෑණි ගැන රුදාව මොකක්ද? නැත්තම් උඹ එකිගෙ මල්ලිට කැමතිද? කමක් නැ ඌ කොහොමත් පිරිමි එක්ක බුදිය ගන්නවා... මියුරු එක්ක ඌ දැනුත් චිල් ගන්නවා ඇති. මම සිතිජ අයියට කිව්වේ එහෙමයි. ඒහෙම කිව්ව සැනින් ඌ මට අත ඉස්සුවා... මගෙ කනට ගහලා මාව දණ ගස්සවන්න දණහිස් වලට ගැහුවා. 'ඉතින් මම කැමති නම් උඹ ඌවත් මට විකුණනවද?' ලේ පෙරාගෙන සිතිජ අයියා කියද්දි මගෙ අත් වලත් ඒ ලේ. ටික වේලාවක් රුවන් අයියා කට වහ ගත්තා. එයාගෙ හුස්ම අඩු වැඩි වෙන වේගෙ එන්න එන්නම වැඩි වෙනවා...

'රුවන් ඔයාට විවේකයක් ගන්න පුලුවන්."

"සිතිජ අයියට මම හොදටම ගැහුවා... මම හොදටම ගැහුවා. ඒ ගහලා මම කාර් එකෙ පැනලා ගියෙ ඒ මිනිහා හුස්ම ගත්තෙ නැති බය නිසා. මගෙ කාර් එක ගියෙ සාදීව හොයාගෙන මම හිතුවා සාදී මාව බේර ගනි කියලා බේබා.... එයා නිතරම මාත් එක්ක ඉදලා මගෙ තනියට ඉදලා ටෂිගෙ පැත්ත ගත්තට තිබ්බ කේන්තියෙන් මම කාර් එක ඩ්‍රයිව් කරද්දි මගෙ ලගට ආවේ අපේ මේන් චෙෆ් විදියට ආව සුමින්ද... මගෙ වාහනෙ එහාට මෙහාට හරවලා ඒ මිනිහා මාව හප්පන්න ගියෙ. ඌට කොහොමත් මම හුස්ම ගන්නවා බලන්න ඕනේ වුනේ නෑ. අන්තිමේදී මට සාදිව හමබවෙලා ඌ මාව උඩුපුස්සැල්ලාවේ එක්ක ගියා." රුවන් අයියා ස්ටෝප් කරා. එත් මට හිතෙන්නෙ දරුණුම දේවල් තියෙන්නෙ ඉස්සරහට කියලා. මම සතූගෙ අත අල්ල ගත්තා.

"රුවන් ඔයාට විවේකයක් ගන්න පුලුවන්."

අශෝක කියලා එයාගෙ හෙඩ් සෙට් ගලවලා අපි ගාවට ආවේ රුවන් අයියට යවලා තිබ්බ සේලයින් එක දාලා.

"මම හිතන්නෙ මේක දරුණු කේස් එකක්..." අශෝක කියද්දි මම එයා දිහා බැලුවා.

"ඇයි ඩොක්ට එහෙම කියන්නෙ."

"මිස්ට සුමිත් එයා එයාගෙ මතකේ තැන් කොටස් තුනක් හංගනවා. පලවෙනි එක සදලි කියන ලමයගෙ මරනෙ, දෙවෙනි එක සිතිජ කියන කෙනාට ගහපු එක. දැන් යන උඩුපුස්සැල්ලාවේ කතාව එකත් හැංගුන එකක් කියලා එයාගෙ හාර්ට් බීට් එකෙන් පෙන්නේ... මතකේ එහෙම කඩන්න හුරු වෙන්නෙ ඒකෙන් එයාට හානියක් වෙන වේලාවට. සදලි කියන කෙනා මායාවක් කියලා එයා නොදැන ඉන්න පුලුවන්. එයා ඔය චෙෆ් වත් මනෝමයෙන් දකින දෙයක්. සදලි කියන්නේ ආදර ප්‍රශ්න වලට එයා මවපු කෙනා. එයාගෙ බලේ රහිත වෙනවා ආදරේ දිනුවට පස්සෙ. එතනින් එහා දැන් මේ චෙෆ් ගැන අපිට කියන්න බෑ."

"ඩොක්ට ඉතුරු ටික වෙන දවසක කරන්න බැරිද?" සතූගෙ කැඩුන කට හඩ මට ඇහෙද්දි මම අශෝක දිහා බැලුවා. එයාගෙ තීරණේ මොකක්ද කියලා.

"දැන් වැලලුවොත් ඊලගටත් අපි මුල ඉදන් යන්න ඕනේ. මම හිතන්නෙ නෑ හොදම තැන එහෙම කල් දාන එක හොදයි කියලා."

මම බැලුවේ පොලිසියෙන් ආව සාජන් දිහා. ඌ පොතක් ගෙනත් ඒකෙ සමහර කාරණා ලියනවා. අනේ ඒ සරදියල් නොවෙන්න. සමනලිව මැරුවේ එයා නෙවේ නේද?

ටික වේලාවක් ගියා. මට ඩොක්ටගෙන් අහන්න දේවල් තිබ්බෙ නෑ. මට ඕනේ වුනේ මොනවා හරි කරලා ඒ දේ කරේ සරදියල් නම් එයාව බේරගන්න විතරයි

"හරි රුවන්... ඔයා කූල් නේද දැන්."

"ම්ම්ම්ම්..."

"ඉතින් ඔයා උඩුපුස්සැල්ලාවේ ගිහින් මොකක්ද වුනේ."

"මම යනකොට ගොඩක් බයෙන් හිටියෙ. සිතිජ අයියා මගෙ අතින් නැති වුනා නම් කියලා. මම ගොඩක් විදෙව්වා. මොකද මගෙ ජිවිතේ මම ගොඩක්ම ගරු කරපු කෙනෙක්ට මම එහෙම අත ඉස්සුවා. සාදී මගෙ හිත හදලා විසික් කරපු අයිස් වෙනුවට තව ඒවා දුන්නා. ඉතින් මම ඒවායෙන් මත් වුනේ මට මම කරපු දේ වහලා දාන්න."

"එහෙ ගිහින් ඔයා මොකද කරේ."

"මට ලැබෙන්න ඕනේ ඔක්කොම දේවල් මට ඕනේ කියන හැගීම නිසා චූටි නැන්දා දුන්න ඔප්පු ඔක්කොගෙම මම අත්සන් කරා."

"ඉතින් ඔයා ඒවා කියෙව්වද?"

"නෑ මට චූටි නැන්දා විශ්වාසයි. මට එවෙලේ ඔක්කොම බොද වෙලා පෙනුනා..."

"ඔයා විතරද ඔය ඩ්‍රග්ස් ගත්තේ..."

"නෑ... සාදී, වගෙම රාජුත් ගත්තා..."

"එයාලා ඒවා අරගත්තෙ ඔයා ඉස්සරහද?"

"ඔව්... එයාලා ඒවා හංගන්නෙ චූටි නැන්දලාගෙ පහල ගබඩාවේ සීතලේ වෙව්ල වෙව්ල ඉද්දි තමයි අපිට ඒවා හොදම."

"ඉතින්..."

"හැමදාම වගෙ සාදි ආතල් එක ගත්තා."

"කාගෙන්ද? මොකක්ද?"

"අර බැල්ලී සමනලි කියන එකිගෙන්... එකි දැක්කා ඔප්පු ටික මගෙ නමට හරවනවා එකි ඇවිත් කෑ ගැහුවා එතන. මම හොදටම ගැහුවා... පොඩි වුනත් ඒකිගෙ කට අම්මන්ඩියෙක්ගෙ. මම හොදටම ගැහුවා... එත්.."

"ඇයි ඒත්..."

"මට අමතක වුනා ගහන වේලාවේ ඒ ටෂිගෙ චූටි දෝණි කියලා... ඉතින් මට තවත් අත උස්සන්න බැරුව අත් ගල් ගැහුනේ සීතලක් ඇගට එද්දිමයි."

"ඔයා ගැහුවාම ඒ දරුවා මැරුන් නැත්තම් මොකක්ද වුනේ."

"සාදි ගබඩාවට අරන් ගිහින් රාජු එක්ක වැඩේ දෙන්න එක්ක ගියා... ඒ ගබඩාවේ සීතල දරන්න බෑ... වැස්ස දවසකවත්. මම එතනින් පැනලා ආවා... මම ටෂිට ද්‍රෝහි වුනා වගෙ දැනුනා." මගෙ අත මිටමෙලවුනා... එතන තිබ්බ බිත්තියට මම මගෙ අත ගහගද්දි මගෙ ඇස් වලින් කදුලු එනවා. මට සමනලි කෑ ගහනවා ඇහෙනවා.. රාජු එක්ක, සාදී එහෙම කරද්දි චූටි නැන්දා බලන් ඉන්නවා මට මැවිලා පෙනුනා. මට හුස්ම ගන්න අමතක වෙලා

"ටූන... ඔයාට රිදෙනවා..."

"අත ඇරපන්...."

"ඔයා දුවලා එද්දි... එතනින් ඉවර වුනාද?"

"එදා මම මගෙ කාර් එක ස්ටාර්ට් කරන්න බැරුව ඉද්දි කොහෙන්ද ආව ටැමිල් ගර්ල් කෙනෙක් මට එයාගෙ කාර් එකෙ නගින්න කිව්වා. මම ඒක කරා. එයා මගෙ නහයට ලේන්සුවක් තිබ්බා. මගෙ මුළු ලෝකෙම කලුවර වෙලා ගියා.

"එතකොට එතනින් එහා..."

"මම නැගිට්ටේ ගේ ළඟ මිදුලේ වැටිලා ඉන්නකොට. ඉතින් මම තිරිසනෙක් වුනා... මම.... මම තිරිසනෙක් වුනා.... මාව බේරගන්න මම ගිහින් ලොකු අම්මට ටෂි ගැන බොරු කිව්වා, සනා එදා ඇවිත් මගෙ මූණට ගහන්න යද්දි ලොකු අම්මා මට ගැහුවේ සිතිජ ඒ වෙද්දිත් හොස්පිටල් නවත්තලා හිටිය නිසා. චූටි නැන්දාගෙ මූණේ අනුකම්පාවක් මම වෙනුවෙන් තිබ්බේ නෑ. අන්තිමේට සමනලිගෙ මරණේට මගෙ විඩීයො පෙන්නලා මාව බය කෙරෙව්වා... මම තිරිසනෙක්." රුවන් අයියගෙ ඔලුව කඩන් වැටුනා...

"රුවන්... රුවන්.... නර්ස්...  ඉක්මනින් එන්න." කරන්ට් එක අල්ලන ගමන් රුවන් අයියව ඩොක්ට බලනකොට මම එතනින් වෙඩිල්ල වගෙ එහාට වුනේ මම කොච්චර වැරදි මතේක හිටියද කියලා සිහි කරවන ගමන්.

"ටූන... ඔයා..."

"ෂූ.... කට පියාගනින්...." ඉස්පිරිතාලෙ තිබ්බ බංකුවක වාඩි වෙල මම මගෙ අත එක පිටට ඒ පුටුවට ගහගත්තා. තිරිසන්නු... මගෙ කෙල්ලව විනාශ කරා... මගෙ හැගීම් රිදෙනවා... සමනලි මැරුවේ කවුද කියන්නත් මම දන්නවා. සතූ මාව බදාගන්නවා එත් මට දැන් ඒක ඕනේ නෑ මූ මට ආයෙත් බොරු කරා. ඌ දැනන් හිටියා එදා බේබා හිටියෙ හොස්පිටල් කියලා... මම සතූව විසික් කරේ එකයි.

"ටූන... මොකද මේ."

"උඹට මම කිව්වා ඔක්කොම ඇත්ත කියපන් කියලා... උඹ දැනගෙන හිටියා බේබා හොස්පිටල් ගියෙ මහනුවර නෙවේ කියලා.."

"ටූන..."

"උඹ මාත් එක්ක කතා නොකර ඉදපම්... එදා ඉදන් උඹ ඔක්කොම හංගලා මගෙ විශ්වාසේ නැති කරලා දැන්මා... උඹ ආයෙ මගෙ ලගට එන්න එපා..."

"උඹට පුලුවන්ද?"

"ඔව්... මගෙ විශ්වාසේ මේ කී වෙනි පාරද?" මම සතූගෙ අත ගසලා එතනින් එහාට දිව්වා. මට හැංගෙන්න ඕනේ... ඉක්මනින් කවුරුත් හොයාගන්නෙ නැති වෙන්න.

🍻🖤✨️🍻🖤✨️🍻🖤✨️🍻🖤✨️🍻🖤✨️

අඩේහ් 00.00 වේලාව ආදරේයි ඉතින්. කෝ කස්ටිය මොකො කියන්නෙ.

Continue Reading

You'll Also Like

16K 168 13
her name is may. she is a porcelain figurine, she is a family member of the gnomes, gromeo and Juliet. they moved to London until all the gnomes are...
6.5K 201 21
[ COMPLETED ] 𝘸𝘦 𝘢𝘭𝘭 𝘩𝘢𝘷𝘦 𝘵𝘰 𝘤𝘰𝘯𝘵𝘪𝘯𝘶𝘦 𝘰𝘶𝘳 𝘴𝘵𝘰𝘳𝘺 , 𝘯𝘰 𝘮𝘢𝘵𝘵𝘦𝘳 𝘸𝘩𝘢𝘵 𝘸𝘦'𝘷𝘦 𝘣𝘦𝘦𝘯 𝘵𝘳𝘰𝘶𝘨𝘩! 𝘳𝘦𝘢𝘥 𝘢...
College Boy By eli

Teen Fiction

195K 4K 19
''I don't care about the others. You are my girl and I only want you." He leaned in and whispered. ''How come that I'm Alec Lewis' girl?'' I gasped b...
2.1K 149 18
Hello Everyone so many of you have be asking me to continue my Fate/OUAT crossover story as I had stop writing after my old Instagram Account was hac...