Chapter 15
Hurt soo good
Written by Anna
ඊයේ රාත්‍රියේ දී හේරී බීමත්ව හිටපු නිසා තමන්ගේ හදවතේ ජන්කුක් ගැන ඇති වෙලා තිබුණු ඇත්තම හැගීම් පාපොච්චාරණය කලා... සතුට වැඩිකමට ජන්කුක් මුලු රැය ම නිදි වර්ජිතව හේරී අසල ඉන්න හිටියා... උදේ පාන්දරම යුංගි අහපු ප්‍රශ්නවලට බොහොම අමාරුවෙන් උත්තර බැදපු ජන්කුක්ගේ කේන්තිය ඇවිලීමට සමත් වුණේ ජන්කුක්ගේ පියාගේ දුරකථන ඇමතුමයි...
තම පියා සමග සීතල යුද්දෙක ඉන්න ජන්කුක් කේන්තිය මැඩලගෙන හේරී ලගට ගියේ හේරීට තමන්ගේ හිතේ තියෙන හැගීම් පාපොච්චාරණය කිරීමට වුණත් උදේ වෙද්දී හේරීගේ වචන වල වෙනසක් වෙලා තිබුණා...
හේරීගේ දිගින් දිගටම කියන්නෙම ජන්කුක් කියන්නේ තමන්ගේ මිතුරා පමණක් බවයි... ඊයේ කියපු හැමදේම අත්වැරැද්දක් කියලා කියනවා...
පොඩ්ඩ නැත්තම් කේන්ති යන ජන්කුක් මාරාවේශ වුණ නිසා හේරීට පැනික් ඇටෑක් එකක් ආවේ හිතන්නෙවත් නැති මොහොතකදීය... එතැන් සිට අද කොටස
පුටුව උඩ වාඩිවෙලා ඔරලෝසුවේ කටු කැරකෙන දිහා එකදිගටම බලාගෙන හිටපු හේරී ජන්කුක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ... හේරී කියන්නේ තමන් කොච්චර වැටිලා හිටියත් තමාගේ වටිනාකම දැනගෙන වැඩ කරන කෙල්ලෙක්... ජන්කුක් ඉස්සරහ වුණත් එහෙමයි... හේරී කියන්නෙ යටත් වෙන්න කැමති නැති නිදහස් චරිතයක්... කාගෙවත් වචනවලට නැවෙන්න කැමති නැති කෙල්ලෙක්... ඒත් ජන්කුක් ඉස්සරහ ඇය අසරණවෙන්නේ ඇයටත් නොදැනීමයි... හේරීගේ හිතේ ජන්කුක්ට ඇති අසීමිත ආදරය නිසා එහෙම වෙනවා ඇති... මොනවා වුණත් දැන් හේරී ඉන්නේ ජන්කුක් එක්ක කේන්තියෙන්...
"දැන් අවුලක් නැද්ද හේරී....මට සමාවෙන්න මැණික....I am really sorry"
................
"මාත් එක්ක තරහ ද මැණික..."
................
"මං මහ කැත විදිහට නේද කතා කලේ... මට සමාවෙන්න හේරීයෝ..."
...............
ජන්කුක් කොච්චර කතා කලත් හේරී නෙවෙයි ජන්කුක් එක්ක වචනයක් කතා කලේ... ඇය එකදිගට ම කලේ ඔරලෝසුවේ කටු කැරකෙන දිහා බලාගෙන හිටපු එක විතරයි...
"මගේ මැණිකගේ හිත රිද්දුව ද මං...."
..............
හේරීගෙන් මේ වගේ වෙලාවකදී වචනයක් එලියට ගන්නවා කියන්නේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක් කියලා ජන්කුක් හොදටම දන්නවා... ඒ දැන දැනත් ජන්කුක් හේරීගෙන් සමාව ගත්තේ තමන්ගේ කේන්තිය නිසා ආයෙමත් හේරී අසනීප වෙන්න ඉඩකඩ වැඩිවෙන්න තිබුණු නිසා... මුකුත් ම නොකියන හේරී දිහා බලාගෙන හිටපු ජන්කුක් හොද හුස්මක් අරගෙන පහලට දැම්මා....
"අප්පා අද උදේ කෝල් කලා... එයා මට ආයේ ලන්ඩන් එන්නලු... මං බැහැ කිව්වා... මට තරහ ගියා එයත් එක්ක... මං ඔයාගේ පිටින් එයාගේ තරහත් පිට කලා... මට සමාවෙන්න... මං මීට පස්සේ එහෙම කරන්නේ නැහැ..."
...........
"තරහ ද....."
..........
ජන්කුක් හේරී දිහා බලාගෙන හිටියට හේරී නෙවෙයි ජන්කුක් දිහා බැලුවේ... බැරි ම තැන ජන්කුක් හේරීගේ කම්මුලටත් චූටි කිස් එකක් දීලා පුටුවෙන් නැගි...ජන්කුක් හොද හුස්මක් පහලට දාලා හේරී දිහා දුකින් වගේ බලාගෙන මද හිනාවක් දැම්මා... හේරී, ජන්කුක් දිහා හැරිලවත් බලපු නැති නිසා ජන්කුක් ආයේ හේරී ලග බිමට නැවිලා ඇයගේ අත අල්ලගත්තා..
"කමක් නෑ... ඔයාට කැමති වෙලාවක මාත් එක්ක කතා කරන්නකෝ... මට කියන්න ඕනේ ඔයා අනාථ නෑ කියන එක විතරයි.. පවුලේ කවුරුත් ම නැති කෙනෙක්ටයි අනාථයි කියන්නේ... ලෝකේ මිනිස්සු ඔයා අනාථයි කිව්වට ඒ මිනිස්සුන්ට අමතක වෙලා ඔයා අනාථ නෑ කියලා..ඔයයි මමයි හොදට ම දන්නවා ඔයා අනාථ නැහැ කියලා... ඒ කවුරු නැතත් මං ඔයාට ඉන්නවනේ මගේ මැණික...
මාත් එක්ක තරහ වුණාට කමක් නැහැ..මං ඔයාට ආදරෙයි මැණික... මන්දා ඔයාට ඕනේ නම් අපි යාලුවෝ වගේ ඉමු.."
ජන්කුක් අන්තිම ටික කිව්වේ හරි ම දුකින් වගේ... ඒ වුණාට ජන්කුක්ට හේරීගේ සතුට තරම් වටින දෙයක් ඕනේ වුණේ නැහැ... හේරී ඒත් කිසිම දෙයක් කිව්වේ නැහැ...
ජන්කුක් දුකින් වගේ ඇවිදෙන යන දිහා හේරී හෙමීට බලාගෙන හිටියා... තමන්ගෙන් අඩියෙන් අඩිය ඈතට යන ජන්කුක්ව ගිහින් තුරුලු කරගෙන ඉන්න ඕනේ කියලා හේරී මොහොතකට හීන මැව්වා... ඒත් ඇය හරි සිහියට ආවේ ආයෙමත් ජන්කුක් තමන්ගේ දිහාවට එනවා දැකලා...
දුකින් හිටපු ජන්කුක් හේරීට කින්ඩියට හිනාවුණා...හේරීත් කිසිම දෙයක් නොකියා ඒ දිහා බලාගෙන හිටියට ඔලුවේ ඇතුලෙන් නම් පුදුම වෙන්න ඇති...හිටගෙන හිටපු ජන්කුක් හේරී ලගට පහත්වෙලා හේරීගේ තොල්වලට සොෆ්ට් කිස් එකක් දුන්නා... පුදුමෙන් වගේ හේරී ජන්කුක් දිහා බලාගෙන හිටපු නිසා ආයෙ පාරක් ජන්කුක් කටකොණින් හිනාවෙන්න පටන්ගත්තේ හේරීව ඉබේට ම ලැජ්ජාවට රතු පාට වෙද්දී...
"මට සමාවෙන්න මැණික, මම කේන්තියෙන් කෑගැහුවා ඔයාට... ඒත් මං කලින් කිව්වත් වගේ යාලුවෝ වෙලා ඉන්න මට තවත් ඕනේ නෑ... ඔයා මගේ එච්චරයි.. "
එහෙම කියලා ආයෙත් ජන්කුක් හේරීගේ තොල්
මත තමන්ගේ තොල් තැබුවා...හේරී එන්නම රතු වෙනවා ලැජ්ජාව වැඩිකමට....ඒක දැකපු ජන්කුක් ආයෙමත් කිණ්ඩියට හිනාවුණා...
"පුදුමවෙන්න ලැජ්ජවෙන්න ඕනේ නෑ ප්‍රින්සස් ,
මං ඔයාට කිව්වා අදින් පස්සේ වෙන හැමදේටම ඔයාට ටිකින් ටික හුරුවෙන්න වේවී කියලා... මගේ අදහස වෙනසක් වෙන්නේ නැහැ... මම ඔයාව ටිකින් ටික මගේ කරගන්නවා...එතකොට කාටවත් ඔයාට කරදර කරන්නෙත් නැහැ... මගේ මැණිකට අනාථයි කියලා කතා හදන්නෙත් නැහැ..."
ජන්කුක් අන්තිම වචන ටික හේරීගේ ඇස් දිහා බලාගෙන හරි ආදරයෙන් කිව්වේ...එහෙම කියලා ආයෙමත් හේරිගේ නලලට චූටි කිස් එකක් දීලා ඇය දිහා බලාගෙන හිටියා... හේරීට කියන්න ඕනේ වුණා ඒ වෙලාවේ මම දැනටමත් ඔයාගේ වෙලා ඉවරයි කූ කියලා....ඒත් හේරීගේ තිබුණු
මුරණ්ඩුකමටයි වැඩිපුර හිතන එකටයි පින්සිද්ද වෙන්න ඇය කටපියාගෙන හිටියා..
"තාමත් තරහයි නේද... කමක් නෑ... ඔයාගේ කේන්තිය නිවුණා ම ඇවිත් කතා කරන්නකෝ... එතකල් මං ඔයාව යාලු කරගන්න බලන්නම්කෝ... "
................
හේරී ඒත් නිහඩව හිටපු නිසා ජන්කුක් දොරත් ඇරගෙන එලියට යද්දීම යුංගිව දොර ලගදී මුණගැහුණා....
"මේ ගේ අස්සට තනියම එන්න එපා උබ... "
"අනේ මන්දා මේකා ගිය ආත්මේ මගේ හතුරෙක් ද කියලා"
"මොකක් ද උබ කිව්වේ...."
ජන්කුක් යුංගිට ඇහෙන්නම කියලා දුවන්න යද්දී යුංගිත් ඔහු පස්සෙන් දුවාගෙන ආවා...උදේ කෑම අරගෙන හැමෝ ම තමන්ගේ රාජකාරී සදහා පිටවෙන්න සූදානම් වුණා..මේ අතරේ ජන්කුක් තමන්ගේ කාර් එකේ වාඩිවෙලා හේරී එනකල් මග බලාගෙන එකට කම්පැනි එකට යන්න ඕනේ නිසා... හේරී පහල වාහන නතර කරන තැනට එනවා දැකපු ජන්කුක් ඇයට අතවැනුවත් හේරී ජන්කුක්ව සතයට මායිම් කලේ නැහැ...ඒ වෙනුවට හේරී ජන්කුක්ට කිණ්ඩි හිනාවකින් සංග්‍රහ කරලා එහා පැත්තේ නවත්තලා තිබුණු ජිමින්ගේ කාර් එක ලගට ජන්කුක්ට පේන්න ම ගියපු එක විතරයි...
"ජිමින්ෂී, මාත් ඔයාලා දෙන්නා එක්ක යන්න එන්න ද..."
ජිමින් මේ දවස් ටිකේම හේරීගෙයි ටේගෙයි අඩත්තිට්ටම්වලට මැදිවෙලා හිටපු නිසා ම කොහෙදෝ ඉබේට ම කාර් එක ඇතුලේ වාඩිවෙලා හිටපු ටේ දිහායි, තමන්ගේ එහා පැත්තේ හිටගෙන හිටපු හේරී දිහායි මාරුවෙන් මාරුවට බලාගෙන හිටියේ ඒ පාර උබලා දෙන්නා අබරන්න යන රණ්ඩුව මොකක්ද වගේ බැල්ලමක් දාන ගමන්...
"උබලා දෙන්නා අලුතින් රණ්ඩුවක් එහෙම අල්ලන්න ද යන්නේ.. අනේ වදින්නම් මට බෑ බබලා දෙන්නගේ රණ්ඩු නවත්තන්න..."
"අනේ මේ මට රණ්ඩු අල්ලන්න ඕනේ නැහැ..යන්න ඕනේ කෙනෙක් ඉන්නව නම් වාහනේට නගින්න කියන්න..."
ටේ එහෙම කියද්දී හේරීත් හිනා වෙන ගමන් කාර් එකට නැග්ගා... ජන්කුක් නම් ඒ දිහා බලාගෙන හිටියේ ගොඩක් දුකින්.... මොකද එච්චර මහන්සිවෙලත් හේරී තමන්ව ගණන් ගත්තේ නැති නිසා.. අනික තමන් ලග ඉද්දී හේරී වෙන පිරිමි කෙනෙක් ලගට මොනම හේතුවකට ලං වෙනවට ජන්කුක් කැමති නැහැ... ඔහුට ඉරිසියයි.
"හරි බබා ඔයා ඔහොම නටන්නකෝ... මං පස්සේ මගේ හොර පූසිව අල්ලගන්නම්කෝ..."
ජන්කුක් තමන්ට ම කියා ගත්තා...වාහනේ පාකින් එකින් එලියට දානවත් එක්කම තමන්ගේ කාර් එක පිටුපසින් මෝටර්සයිකල් එකක් එනවා තමන්ගේ සයිඩ් කණ්ණාඩියෙන් දැක්කා... ඔහු ඒ ගැන කිසිම ගාණක් නොගෙන ගියේ එය තමන්ගේ පියාගේ වැඩක් කියලා හිතන ගමන්...
මේ අතර මිස්ටර් මින්ගේ ගෙදර නම් ඩල්මී කෑගහලා ම උඩුයටිකුරු කරනවා....මිස්ටර් මින් උදේ පාන්දර වෙන මේ කෑගැහිල්ල එන පැත්තට ගියා...
"මොකද ඩල්මී වෙලා තියෙන්නේ...."
"අප්පා, ඇයි ඔයා කම්පැනි එක ඒ අනාථ කෙල්ලට දුන්නේ..."
"වැදගත් විදිහට කතා කරනවා ඩල්මී...ඒක හේරීගේ කම්පැනි එක මිසක මගේ නෙවෙයි..."
"ඔයයි අවුරුදු විස්සක් බලාගත්තේ.. ඔයාගෙන් පස්සේ මටයි ඒක අයිති වෙන්න තිබ්බේ....ඒ හිගන කෙල්ලට නෙවෙයි..."
"මම බලාගත්තා කියලා ඒක මට අයිති නැහැ... ඒක හේරීගේ... ඔයාගෙවත් මගෙවත් නෙවෙයි..."
"අප්පා...අප්පා...... අප්පා...... නවත්තගන්න..... "
ඩල්මී ටිකෙන් ටික මිස්ටර් මින් ලගට ඇවිත් මොනවදෝ රහසින් කියලා කටකොණින් හිනාවුණා..මිස්ටර් මින් ඩල්මී දිහා බලාගෙන හිටියා.... ඒත් එක්කම යුංගී දවස් තුනකින් විතර තමන්ගේ ගෙදරට ආවා...මිස්ටර් මින් ඩල්මීට අතින් සන් කලේ කටපියාගෙන ඉන්න කියලායි... ඒත් ඩල්මී කටොකොණින් හිනාවෙන ගමන් කෑම මේසෙන් වාඩි වුණා...යුංගීත් කෑම මේසෙන් වාඩිවුණේ මිස්ටර් මින් කෑම මේසේ මුල් පුටුවේ වාඩිවුණාට පස්සෙයි...
Mister min
"අහ්... පුතණ්ඩියාට දැන් නේද ගෙදර මතක් වුණේ...."
" මම හොබී එක්කයි ජූන් එක්කයි හිටියේ... "
"ගෙදර මතක් වෙන එක ම ලොකු දෙයක්...."
මිස්ටර් මින් හිනාවෙන ගමන් යුංගීට කියද්දී යුංගීත් දත් තිස්දෙක ම දාගෙන හිනාවෙලා මිස්ටර් මින් දිහා බැලුවා... ඒත් ඩල්මී නම් මහ කිණ්ඩි හිනාවකින් මිස්ටර් මින්ට සංග්‍රහ කලේ....
"යුංගියා..."
"මොකෝ ඩල්මී..."
ඩල්මී කටකොණින් හිනාවෙමින් මිස්ටර් මින් දිහා වගේ ම යුංගී දිහාත් බැලුවා... මිස්ටර් මින් නම් ඩල්මීට හොදවැයින් එරෙව්වා....
"ඔප්පා ඔයා ගෙදර එන්න ඕනේ හැමදාම..."
"මං පොඩි ලමයෙක් නෙවෙයි ඩල්මී...මට කරන්න ඕනේ එකයි නැති එකයි කියන්න එපා..."
"හේරී එක්ක ඉද්දී ඔයා ඔහොම හැමතිස්සෙම කේන්ති ගන්නේ නැහැ... මාත් එක්ක තමයි... ඒ අනාථ කෙල්ලෙක් මොන ඉනාවක් ද ඔයාට කැව්වේ.... "
"ඩල්මී, කතා කරන්න පුරුදු වෙනවා මුලින් ම... තමුසේ මගේ නංගී කියන්නත් ලැජ්ජයි..."
"ඔප්පා...හේරී එක්ක තියෙන සහෝදරකම හෝ වේවා යාලුකම හෝ වේවා වෙන මොනාහරි හෝ වේවා දැන්ම නවත්තලා දානවා... ඔයා මගේ සහෝදරයා මිසක ඒ අනාථ කෙල්ලගේ සහෝදරයා නෙවෙයි... "
ලග තිබුණ පිගානත් පොලවේ ගහලා ඩල්මී පඩිපෙල නැගලා තමන්ගේ කාමරේට ගියේ දොරත් හයියෙන් වහගන්න ගමන්... ඇයට මතක් වුණේ ඊයේ හවස් වරුවේ තමන් කැෆේ එකට යද්දී හේරී එක්ක හිනාවෙවී කෝපි එකක් බොන ගමන් හිටපු යුංගීවයි... යුංගී කවදාවත් ඩල්මී එක්ක එහෙම ඉදලා නැහැ.. එච්චර සුහද ව එච්චර හිනාවෙන ගමන් ඒ වගේම සැහැල්ලුවෙන් කාලේ ගත කරලා නැහැ... ඒවා මතක් වෙද්දී ඩල්මීට ගොඩක් කේන්ති ගියා...
"මම තමුසේ ගැන බලාගන්නම් අනාථ කෙල්ල... තමුසේගේ හැමදේම මගේ කරගන්නවා... තමුසේගේ හැමදේම.....අර කොල්ලව පවා....."
Dalmi
මේ අතරේ මින් කම්පැනියේ තමන්ට අදාල ව්‍යාපෘතියේ ලියකිවිලි හදන ගමන් හිටපු ටේ හියුන්ග් ඔහුගේ ඉදිරියේ හිටපු ජිමින් දිහා බලාගෙන ජිමින්ට කතා කලා....
"ජිමිනා, මං හෙට එහෙට යන්න ඕනේ බං..."
"අහ්... මට මතකයි බං... අපි යමු....අප්පාත් එනවා කිව්වා ඔම්මා එක්ක ම...."
"ඕනේ නෑ බං... අප්පාටයි ඔම්මටයි කරදර කරන්න ඕනේ නෑනේ...."
"එහෙනම් බං මාත් කරදර වෙන්න ඕනේ නෑනේ... මාත් එන්නේ නැතුව ඉන්නම්... උබ පලයන් හොදේ...."
"ඈ.... සතෝ... තෝ මාර සුනඛයෙක්නේ... තෝ දැන් එහෙමයි නේ.... හාකෝ... හාකෝ...."
ජිමින්ගෙන් එහෙම දෙයක් ටේ ඒ වෙලාවේ බලාපොරොත්තු වුණේ නැති නිසා ම ද කොහෙද
ටේ ඉදගෙන හිටපු පුටුවෙනුත් නැගිටලා ජිමින් දිහා ඇස් ලොකු කයගෙන භලාගෙන හිටියා...
"ඔව් ඒයි... මටත් හෙණ කම්මැලි උබ පලයන් හොදේ..."
ජිමින් එහෙම කිව්වේ කැරකෙන පුටුවේ වාඩිවෙලා කකුල් දෙකත් මේසේ උඩ තියාගෙන කිණ්ඩියට හිනාවෙන ගමන්....
"කලබල වෙන්න එපා මගේ සහෝදරයා... ඇයි උබ හිතුවද උබ එන්න බෑ කිව්වාම මං තනියම යයි කියලා.. මං කොහෙද යන්නේ උබත් එන්න ඕනේ මාත් එක්ක නැට්ට වගේ... මොකා වගේ ද... නැට්ට නැට්ට වගේ... මං අපායට ගියත් උබත් එක්ක තමයි යන්නේ...."
ටේ එහෙම කිව්වේ ජිමින්ට පිටිපස්ස හරවමින් උපහාසාත්මක හිනාවෙමින්...
"යමු යමු..පතාගෙන ඔතාගෙන ආවා කරුම තමයි මේ.."
අද කොටස නම් කම්මැලි ඇති... මං දැන් දවස් පහක් තිස්සේ මේ කොටස ටයිප් කරන්නේ... කාලෙකට එනවා මහ අමුතු බෝරින් ගතියක් කතාව ලියාගන්න බැරි... ඒ වගේ වෙලාවට කතාව ලියාගන්න අමාරුයි... කතා ලියන කෙනෙක් නම් ඔයාටත් මේ වගේ දැනිලා ඇති අනිවා...ඒ නිසා මට ඕනේ ඔයාලගෙන් උදව්වක්... කියවන හැමෝම කතාව ගැන අදහස් මට කියන්න... මේ කතාව හොදද... නරක ද.... චරිත ගැන මොනවද හිතන්නේ... ඉස්සරහට මොනවා වේවී ද වගේ දේවල්....
එතකොට මටත් කතාව ලියන්න මෝටිවිෂන් එකක් එනවා...
කතාව එක දිගට දෙන්න බලන්නම්...
කතාවත් එක්ක ඉන්න හැමෝම....
අද ප්‍රශ්නය
ඔයාලට හේරී ගැන මොනවද හිතන්නේ.. මං කිව්වේ ඒ චරිතේ ගැන...
එතකොට මොනවා හරි ගෙසින් වගේ දේවල් තියෙනවද...
අර මෝඩ ඩබල කොහේ යාවී ද.....
ඊලඟ කොටසින් හමුවෙමු....
V is coming
March 15 හොදේ......💕
Updates ඉක්මනට ඕනේ අය
Comment කරන්න
Vote කරන්න.....