මුලු නගරය ම පේන විදිහට තිබුණු විශාල ගොඩනැගිල්ලක උඩ ම තට්ටුවට වෙලා වයින් වීදුරුවක සුවද විදිමින් හිටි ජන්කුක් එකපාරට ම තනියෙන් හිනාවුණේ තමන්ගේ දුරකථනය දිහා බලමින්...
"යා...... ජියොන් ජන්කුක්..... තමුන් මහලොකුවට ලොරි ටෝක් දුන්නට මෙලෝ වැඩක් නැහැ... යා...... මෝඩයා..... මාව මග ඇරලා ඔයාට ඉන්න පුලුවන් වෙයි කියලා හිතනව ද..... යා..... ජියොන ජන්කුක්...... මට කෝල් එකක් දෙනවා... මගේ කෝල්ස්වලට උත්තර දෙනවා.... යා.... කූ... මට ඔයා නැතුව පාලුයි....ඔයාගේ ප්‍රින්සස්ට එයාගේ කූ නැතුව පාලුයිලු...."
අන්තිම පේලි කිහිපය කියවද්දී ඔහුගේ හිනාව ටිකෙන් ටික මුහුණෙන් අතුරුදහන් වෙලා ගියා...
මටත් පාලුයි මගේ ප්‍රින්සස් නැතුව.... මං එදත් එයාර්පෝට් එකට ආවා... දුරින් ඉදලා ඔයා දිහා බලාගෙන හිටියා....මං ලගට ආවනම් ඔයා කීයටවත් මාව දාලා යන්නෙ නෑ.... මමත් ඔයාට යන්නේ දෙන්නෙ නැති වෙයි... තව ටික දවසක් ඉවසන්න මැණික...අපිට කලින් හිටියා වගේ ම ආයෙත් ඉක්මණට ඉන්න පුලුවන් වෙයි...
දුරකථනය ආපු ඇමතුම නිසා ජන්කුක් හරි සිහියට ආවා...දුරකථනයට ජින් හියුන්ග්ගෙන් මැසේජ් එකක් ආවා..
"මේ බං ඔන්න උබේ වැඩේ හරි...."
මින් කම්පැනිය කියන්නේ මගේ අප්පා මහන්සියෙන් හදපු කම්පැනියක්... මේ කම්පැනිය නිසා තමයි අපේ පවුල සුනුවිසුනු වෙලා ගියේ... එදා අප්පා මේ ගැන දැනන් හිටිය නම් අප්පා මොනවා කරාවී ද කියලා මම අදටත් හිතනවා...
මොනවා කරන්න ද මට ලැබුණු උරුමය මට පරිස්සම් කරන්න වෙනවා... කටකතා හැටියට නම් අදටත් මගේ හුස්ම ටික බේරිලා තියෙන්නෙ මේ කම්පැනිය නිසාලු...අප්පාගේ අන්තිම කැමැත්තට අනුව එයාගේ ලමයින්ට කරදයක් වුණොත් කම්පැනියේ ශෙයාර්ස් ඔක්කොම හැමෝටම සමාන විදිහට බෙදිලා යනවාලු... ඒ කියන්නේ තවදුරටත් මින් කම්පැනියේ අයිතිකාරයාට හැමදේම වෙනස් කරන්න පුලුවන් බලය නැතිවෙනවා... දුෂ්ටයා කවුරු වුණත් බලය බෙදාගන්න ආසාවක් නැහැ කියලා පැහැදිලි වෙන ජීවමාන සාක්ශිය තමයි මේ මම.. ඒ කියන්නේ මින් හේරී...
කම්පැනි එකේ පරණ ඉතිහාසය ගැන හිතන ගමන් මම අල්මාරියෙන් සුදුසු ඇදුමකින් සැරසිලා කම්පැනි එකට යන්න ලෑස්ති වුණේ අද පාර්ක් කම්පැනි එකත් එක්ක ලොකු මීටින් එකක් තියෙනවා කිව්ව නිසා... මට වාහනයක් එවනවා කිව්වා මගේ මැනේජර් අතේ.. මට ආරංචි වුණ විදහට නම්ජුන් ඔප්පා තමයි මගේ මැනේජර් වුණේ... යුංගිගේ යාලුවෙක්...ආරංචිය හැටියට නම්ජුන් තමයි මැනේජ්මන්ට් ටීම් එකේ ඉන්න බාලම කෙනා... ඉතින් මං තකහනියක් අපාර්ට්මන්ට් එකෙන් එලියට ආවේ අද පලවෙනි දවස නිසා ඉක්මනට කම්පැනියට යන්න ඕනේ නිසා... මං පහලට යද්දිත් නම්ජුන් හිටියෙත් කාර් එක ඇතුලට වෙලා...
හේරී පහලට එනවත් එක්කම නම්ජුන් මෝටර්රථයෙන් බැහලා හේරීට කාර් එකේ දොර විවෘත කරලා දුන්නා...
"මං තනියම දොර ඇරගන්නම් ඔප්පා... "
"අහ්... ඒත් ඉතින්... අනේ මන්දා.. හේරීගේ කැමැත්තක්.. ඔහ්.. සොරි මිස් හේරීගේ කැමැත්තක්... "
"අයියෝ මිස් කෑලි ඕනේ නැහැ.. යුංගිගේ ඔප්පාගේ යාලුවෙක්නේ... ඔප්පා මෙච්චර ඉක්මනට ඇවිත්.. මං ටිකක් පරක්කු වුණා.. සොරි හොදේ..."
"අයියෝ ඔයා දන්නේ නෑනේ හේරීයෝ.. මං ඔයාගේ අල්ලපු අපාර්ට්මන්ට් එකේ ඉන්නේ.."
"අහ්.. ඒකත් එහෙමද.."
අද කම්පැනි එකට ගියපු පලවෙනි දවස නිසා මම හිටියේ ගොඩක් කලබලෙන් වගේ... මෙච්චර ලොකු කම්පැනි එක මගේ වුණාට මං අද පලවෙනි වතාවට මේක ඇතුලට යන්නේ... කාර් එක ගිහින් නතර වුණේ කම්පැනි එකේ ප්‍රධාන ඇතුලු දොර ගාව... ආරක්ෂක නිලධාරියා ඇවිත් කාර් එකේ දොරත් ඇරියේ මට ආචාර කරන ගමන්.. නම්ජුන් ඔප්පාත් කාර් එකෙන් බැහැලා ඇවිත් කාර් එකේ යතුර ආරක්ෂකයා අතට දුන්නේ කාර් එක නිසි තැන ගාල් කරන්න යැයි ඔලුවෙන් සන් කරමින්...හැමෝම මං දිහා බලන් හිටියා.. එයාලා මට ආචාර කලා.. මමත් එයාලට ආචාර කලා...
පලවෙනි රාජකාරිය විදිහට තිබුණේ පාර්ක් කම්පැනිය සමග අලුතින් කරන ව්‍යාපෘතිය ගැන කතා කරන්න... ඉතින් හේරී නම්ජුන් සමග ගියේ මීටින් එක තියෙන කැබින් එකට... මිස්ටර් පාර්ක් වගේම මිස්ටර් මින් ද කැබින් එකේ හිටියා...
මම කැබින් එකට යද්දි මම අහලා තියෙන බිස්නස් පැත්තෙන් ප්‍රසිද්ධ මිනිස්සු ගොඩක් මට දැක ගන්න ලැබුණා.. ඒත්... මම අදුරන මුහුණක් ඒ අතර තිබුණා...මම හිටපු තැන ම නතර වුණේ ඒ මූණ දැකලා...
ඒ අර මනුස්සයා... ඊයේ මං ගඩොල් බාගෙකින් දමලා ගහපු කාර් එකේ අයිතිකාරයා... මල කෙලියයි... ගිනි විජ්ජුම්බරයි.. ඒකා මං දිහා බලලා අමුතු පහේ හිනාවක් දැම්මා... මම නොදැක්ක ගාණට ගිහින් මට අයිති පුටුවේ වාඩිවුණා.. ඒත් ඒ මනුස්සයා මං දිහා කන්න වගේ බලාගෙන හිටියේ මට කිණ්ඩි හිනාවක් දාන ගමන්...
"යා... ටේ හියුන්ග්... ගොනෝ... මොකෝ උබ තනියම හිනාවෙන්නේ අර කෙල්ල දිහා බලාගෙන.... "
"උබ දන්නව ද එයාගේ නම මින් හේරී.. "
"උබ කොහොමද දන්නේ... යා... එයා ද එතකොට... "
"මින් කම්පැනියේ අයිතිකාරී.... "
"අඩෝ එයා ලස්සනයි.... "
"අහ්.. ඒ කියන්නේ උබේ ඇස්වලිනුත් මට එයාව පරිස්සම් කරන්න වෙනවා... "
ටේ හියුන්ග් තමන්ටම මුමුණ ගත්තේ තනියම හිනාවෙන ගමන්...
කම්පැනි දෙක ම එකතුවෙලා ව්‍යාපෘතිය කරගෙන යන්න කැමති වුණා.. මූලිකත්වයෙන් දරන්නේ හේරී ටේහියුන්ග් සහ ජිමින්... ඔවුන් එකිනෙකා අතට අත දුන්නේ ඉන්පසුවයි.
"මං ජිමින්... "
"අදුනගන්න ලැබුණ එක සතුටක් මිස්ටර් ජිමින්... "
"එතකොට මං ටේ හියුන්ග්... "
"අහ්... මේ...අදුනගන්න ලැබුණ එක සතුටක් මිස්ටර් ටේ හියුන්ග්.... "
ටේ හියුන්ග් අමුතු හිනාවක් දමමින් හේරීට අතට අත දුන්නා...
"මීට කලින් අපි හම්බවුණානේ ද... මිස් හේරී..."
"අහ්.. මේ... මට මතක නැහැනේ ටේ හියුන්ග්ෂි..."
"කෙල්ලේ, මගේ වාහනේ අලාභය ඔයා ගෙවන්න ඕනේ කොහොමද කියලා මං කල්පනා කලේ.."
ටේ හේරී ලගට ටිකක් ලං වෙමින් කිව්වා...
"ලේ... "
"කලු ඇදගත්ත මිනිස්සු:
"දුවන ලමයෙක්...."
මේසේ උඩින් වාඩිවෙලා පොතකුයි පෑනකුයි අතේ තියාගෙන යුංගී කියවන දේවල් එකින් එක ලියන හොබී හිටියේ තමන්ගේ මිතුරා ලග දී ඉදලා දකින හීන ගැන කුතුහලයෙන්... හොබී කියන්නේ යුංගීගේ හොදම යාලුවා ඒ වගේ ම ඔහු කවුන්සිලර් කෙනෙක්...
"තව මොනවද මතක"
"අහ්... මට මතක් වෙන්නේ නෑ අනේ..."
"දැන් උබ කියන්නේ ඒ බෙහෙත් එක බොන එක නැවත්තුවට පස්සේ තමයි උබට හීන පේන්න පටන්ගත්තේ කියල ද"
"ඔව් ඔව්..."
යුංගී තම මිතුරාගේ අපාර්ට්මන්ට් එකට වෙලා පුටුසැටිය උඩින් කකුල් දෙකත් තියාගෙන ලග තිබුණ ඇපල් ගෙඩියක් ලගට අරගෙන කන ගමන් කිව්වා...
"ඒ බෙහෙත් එක ගෙනෙං බලන්න..."
"හා..."
"මේ... උබට මං නැතුව පාලුවට ද මේ ගේ අස්සට වෙලා ඉන්නේ.. උබේ අපාර්ට්මන්ට් එකට පලයන්කෝ... "
"මං උබට කිව්වේ නැද්ද... ඒක හේරීට දුන්නා... "
"එයා ආවා ද... මගේ යාලුවෙකුත් ලන්ඩන් ඉදලා ආවා..."
ඊලග කොටසින් හමුවෙමු....