Unexpected wish

By _dead_soul_13

2.1K 529 707

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
43
44
45
46
47
48
49
50
51
52

42

47 8 22
By _dead_soul_13

Jimin pov
කොන්සර්ට් එකේ වැඩ එක්ක අපි හැමෝම බිසි උනේ හරියට රෙස්ට් එකක් ගන්නවත් වෙලාවක් නැතුව.ඒ තරමට දැන් අවුරුදු ගානකින් අපි හත්දෙනාම එකට තියන්න ඉන්න කොන්සර්ට් එකට ගොඩක් මහන්සි වෙලා ලෑස්ති වෙන්නේ හරිම ආසාවෙන්.මොකද ගොඩ කාලෙකින් මේ අත්දැකීම අපි ලබන නිසා වගේම ආමිලා හම්බවෙන්න මට වගේම අපි හත්දෙනාටම තිබ්බේ එක වගේ ආසාවක්.පහුගිය දවසක මගේ නූනා හම්බුන දවසේ ඉදන් මම මූඩ් ගහලා හිටපු බව දන්නේ ටේ විතරයි.මොකද මම අනිත් අයට මේ දේ ගැන කියන්න ගියේ නෑ.ප්‍රැක්ටිස් ඉවර කරලා අපිට අද නිවාඩුවක් හම්බුන නිසා මම මගේ ගෙදර ගිහින් ටිකක් නිදහසේ හිටියේ මේ දවස් වල අපේ ඩෝම් එක පිස්සු නටලා නිසා.

නූනා ඉන්න බව දැනගත්ත එක.එයා මං එක්ක වචනයක්වත් කතා කරපු නැති එක.මට ඒ දේවල් ගැන හිතා ගන්න බැරිනුනා.ඒ නිසාම මම කල්පනා කරන්න ගත්තේ ඇත්තටම මේ දේවල් වෙන්න පුලුවන් ද.ඔව් මම නිකන් හිටියා කියලා හිතුවද.නෑනූනා එකපාරටම අතුරුදන් උනාම මම හෙව්වා එයාව ගොඩක්.එයා මගේ ලැප් එකේ අන්තිමට සර්ච් කරලා තියෙන්නේ නාසා එකේ වෙබ් සයිට් එකක්. ඒකේ තිබුනේ

Wishing star

කියලා තරුවක් ගැන.ඒක ගැන ඇයි එයා හෙව්වේ කියලා බලන්න මමත් ගොඩක් ඒක ගැන හොයද්දි තමයි දැක්කේ ඒකේ පරන මිත්‍යා මතයක් තියෙන බව.ඇත්තටම ඒකෙන් එහෙම ප්‍රාර්ථනා ඉශ්ට වෙනවද කියලා මම මුලින් ඇත්තටම විශ්වාස කරේ නෑ.මොකද නූනා ඒ වෙබ් එකට ගිහින් ඒක ගැන ගොඩ පාරක් හොයලා තියනවා.ඒත් මට එහෙම සැක කරන්නත් බෑ.මොකද නූනා කිව්වා එයා ඒ ෆීල්ඩ් එකට ගොඩක් ආසයි කියලා.මම හිතන දේ වෙන්න බැරි වෙන්නත් පුලුවන්.

එහෙම දේවල් මේ ලෝකේ වෙන්නේ නෑ.ඔයාටත් පිස්සු ජිමින්.ඒත් ඒක එහෙම වෙලා නම්..ආයිශ් නෑ.....අනී....

එහෙම හිතලා මම මගේ පරන ලැප් එක ආයෙත් ඇරියා.ඒක එදා වගේම අදත් හොදට තිබුනා.මොකද නූනා ගියාට පස්සෙ ඉදන් මම ඒක පාවිච්චි කරේම නැති නිසා.පොඩ්ඩක් දූවිලි වැදිලා පරන වෙලා තිබ්බත් ඒක වැඩ කරා.නිකමට මම ඉස්සර මගේ ෆොටෝ බලන්න හිතුන නිසා සමහර ෆෝල්ඩර් දිග ඇර ඇර මම එක එක ෆොටෝ දිහා බලද්දි මම දැක්කේ එක වීඩියෝ එකක්.ඔව් ඒ එයා.

මගේ නූනා.

මම හිතුවේ එයා මට නොකියම ගියා කියලා ඒත් එයා මට කියලා ගිහින් තියෙන්නේ.මගේ ඇස් වලින් එක දිගට කදුලු කඩන් වැටෙද්දි මට ඕනෙ උනේ නෑ ඒවා හංගගෙන ඉන්න.මම ඇඩුවා.එයාගේ මූන දැක්ක ගමන් මට ඇඩුනා.කොහොමහරි ඇස් වල පිරිලා තියෙන කදුලු පිහිදගෙන මම ඒ වීඩියෝ එක ඔන් කරේ ඒක බලන්න.ඒත් ආයෙමත් මගේ කදුලු අලුත් උනේ එයා මම අහන්න ආසම වචනේ කිව්ව නිසා.

චිම්...අහ්හ් මේක ඔන් වෙලාද...ආහ් හරි...චිම්...මගේ චිම්....ඔයා මං එක්ක තරහද.....මම දන්නවා ඔයා මං එක්ක තරහෙන් ඇත්තේ.මම ඔයාට නොකියම ගියා කියලා.ඒත් චිම්...මට යන්නම වෙනවා චිම්...මම දන්නවා ඔයා අනිවාර්යයෙන්  ඔඩිශන් එක පාස් වෙනවමයි.මම ඒක දන්නවා.සමාවෙන්න චිම් මට එන්න වෙන්නේ නෑ.මම යනවා.හැබැයි ආයේ එනවා අනිවාරෙන් මම ආයෙ එනවා චිම්.මට ගොඩක් දේවල් කියන බෑ.මට කියන්න තියෙනවා ගොඩක් දේවල්.මම ආයෙ ආවම ඔයාට සේරම කියනවා.ඒත් මම යන්න කලින් එකම එක දෙයක් ඔයාට කියන්න දෙන්න.මම ඔයාට ආදරෙයි චිම්....ගොඩක් ආදරෙයි...මටත් වඩා මම ආදරෙයි..මට සමාවෙන්න චිම්..මට යන්නම වෙනවා....පරිස්සමින් ඉන්න....

ඒක ඉවර වෙනවත් එක්කම මට හයියෙන් කෑ ගහලා අඩන්න ඕනෙ උන නිසාම මම මගේ අත හයියෙන් හපාගෙන අඩන්න ගත්තා.අඩලා අඩලා ඉවර වෙලා මට එහෙමම ලැප් එක තියෙද්දිම ඇදේ නින්ද ගියේ මහන්සියටමයි.
.
.
.
.
.
.
.
ටික වෙලාවකින් ගෙදර ඩෝ බෙල් එක වැදෙනවා ඇහෙද්දි මට ඇහැරුනේ ලොකු ඔලුවෙ කැක්කුමකුත් එක්කමයි.අත රිදෙද්දි අත අරගෙන බලනකොට දැක්කේ මගේ අත ඉස්සෙල්ලා මම හපපු එකේ පාර වැදිලා රිදෙන බව.ඇස් දෙකත් පොඩි කර කර මම ලැප් එකත් වහලා පහලට ගියේ දිගටම ඩෝ බෙල් එක වැදුන නිසා.

ජිමින්....

අහ්....සොන්ග් ශී......එන්න.....

ජිමින් මොකද මේ ඔයා හොදින් නේද? මූනත් මැලවිලා වගේ....

අහ්...නෑ නෑ...මම හොදින් සොන්ග් ශී.....

අහ් ජිමින්...මම ආවේ ඔයාට මේක දෙන්න...අනිද්දට ඔයාගේ ශෙඩියුල් වල පොඩි වෙනසක් වෙනවා.ඔයාට ඩයෝර් ෆැශන් ඉවෙන්ට් එකට යන්න වෙනවා.ඒකට ඔයාට හෙට අලුත් ස්ටාෆ් එකක් එනවා හෙට ඔයා එක්ක යන්න....

අලුත් කිව්වේ....

අහ් අපේ මේකප් ආර්ටිස්ට් ලා දෙන්නෙක් නුයි ට්‍රන්ස්ලේටර් නුයි අලුතෙන් එන්නේ...

අහ් එහෙමද....අහ්...සේයොන් නූනා නෑනේ නේද මට ඒක අමතක උනා...

ඔව්..ඔයාගෙ ඩ්‍රෙස් එක ඇවිත් තියෙන්නේ මම ආවේ ඔයාව එක්කන් යන්න ඒක බලන්න...

මේ දැන්.....?

ඔව්...දැන් බැරි නම් අපි ඒක හෙට දාගමු ජිමින්..හදිස්සියක් නෑ අනිද්දට නේ ශෝ එක....

නෑ නෑ මම දැන් එන්නම්....ඉන්න මං ලේස්ති වෙලා එන්නම් සොන්ග් ශී....

අරස්සො ජිමින් ශී.....

_______________________________
A/N
සමාවෙන්න පරක්කු උනා වැඩියි.මනස එක තැනක නෑ ඒකයි.ආයෙත් සමාවෙන්න.

Continue Reading

You'll Also Like

63.4K 4.9K 64
αž•αŸ‚αž“αžŠαžΈαž€αŸ’αžšαž‘αžΆαž”αŸ‹αž…αžΆαž€αŸ‹ αž˜αž“αž»αžŸαŸ’αžŸαžŸαŸ’αž’αžΈαžαžΆαŸ†αž„αž–αžΈαž€αŸ†αž›αŸ„αŸ‡αž˜αž€αžŠαž›αŸ‹αž–αŸ„αŸ‡αž˜αŸ‰αžΆαž™αž€αžΌαž“αž”αŸ’αžšαžΆαŸ†αž αžΎαž™ αžšαž€αž”αŸ’αžšαž–αž“αŸ’αž’αž‡αžΆαž”αŸ‹αž›αžΆαž”αŸ‹αž“αž·αž„αž‚αŸαŸ‘αž€αŸαž‚αŸ’αž˜αžΆαž“ αž˜αž·αž“αž˜αŸ‚αž“αž›αŸ‚αž„αž›αŸ‡αž‘αŸ…αž―αžŽαžΆαž‘αŸ αž‚αžΊαž–αž½αž€αž‚αŸαž“αž·αž„αžŸαŸ’αž›αžΆαž”αŸ‹αžŠαŸ„αž™αž‚αŸ’αž˜αžΆαž“αž˜αžΌαž›αž αŸαžαž»αž“αŸ…αžŠαŸ‚αž›...
178K 26.6K 21
"α€”α€½α€±α€‘α€›α€±α€¬α€„α€Ία€α€½α€±α€Ÿα€¬ α€α€­α€―α€„α€Ία€œα€­α€―α€•α€²..."
31.1M 1.1M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...
49.4M 1.9M 65
Blayze Norman; A cold and ruthless CEO of Norman Enterprises has decided to take Caden Carter as his bride, not even the heavens was going to stop hi...