ඔබ මගේ වෙලා 💞

By sakunwirajEddirimann

22.3K 2.6K 164

"හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ" මට මගේ කියලා අ‍යිතියක් නැතුවත් ආදරය කරපු කොල්ලෙක් ගෙ ආදරණීය ඉරණම... More

#පලමු_පිටුව 💞
#දෙවන_පිටුව 💞
#තෙවන_පිටුව 💞
#සිව්වන_පිටුව 💞
#පස්වන_පිටුව 💞
#සයවන_පිටුව 💞
#සත්වන_පිටුව 💞
#අටවන_පිටුව💞
#නවවන_පිටුව 💞
#දසවන_පිටුව 💞
#එකලොස්වන_පිටුව 💞
#දෙලොස්වන_පිටුව 💞
#දහතුවන_පිටුව 💞
#දාහතරවන_පිටුව 💞
#පහලොස්වන_පිටුව 💞
#දහසයවන_පිටුව 💞
#දාහත්වන_පිටුව 💞
#දහඅටවන_පිටුව 💞
#දහනවවන_පිටුව 💞
#විසිවන_පිටුව 💞
#විසිඑක්වන_පිටුව 💞
#විසිදෙවන_පිටුව 💞
#විසිතුන්වන_පිටුව 💞
#විසිහතරවන_පිටුව 💞
#විසිපස්වන_පිටුව 💞
#විසිහයවන_පිටුව 💞
#විසිහත්වන_පිටුව 💞
#විසිඅටවන_පිටුව 💞
#විසිනවවන_පිටුව 💞
#තිස්වන_පිටුව 💞

#පසුවදන 💞

1.4K 99 51
By sakunwirajEddirimann

ඉස්සෙල්ලම ස්තූතී වනත වෙනව ඔයාලා හැමෝටම මං එක්ක රැඳිලා හිටියට.. මොකද මේක වෙනස්ම කතාවක් උනා.. මොකද කිව්වොත් මේක මගේ ඔලුවට ආව කතාවක් නෙවෙයි කෙනෙක් කියපු කතාවක්. කොහොම නමුත් කතාවෙ මැදක් හරියට යද්දි මට විස්තර ලැබුනෙ නෑ. එයා ෆේක් එකෙන් ගිහින් තිබුනා.. මට විස්තර නැතුව අතරමං උනා. මොකද කතාව ගලපගන්න අමාරු උන නිසා. දවස් 4ක් විතර කතව නොදා ඉද්දි මාව විශ්වස කරපු අය මං එක්ක ඉදියා.. කතාව ගැන ඇහුව. මම එදා හිතුවා එයාලා වෙනුවෙන් මම මෙ කතාව මගේ විදිහට end කරනවා කියලා..

මොකද මම කතාව නවත්තලා ඉද්දි එයා තමා මුලින්ම ඇවිත් ලියමු මල්ලි ලියමු මේක හිට් එකක් වෙනව කිව්වෙ.. ඇත්තටම කෙනෙක් මාව පුදුම විදිහට මොර්ටිවේට් කලා.. අනිත් අයත් ඒ විදිහයි.. හැමෝටම ස්තූතී වන්ත වෙන්න ඔනේ මට වචනෙකින් හරි ලියන්න හිතෙන විදිහට අදහසක් දුන්නට.. ඇත්තටම මට ලයික් වැඩක් නෑ. මට ඕනේ කමෙන්ට්ස්.. මොකද මම ඒව කියවලායි සතුටක් ලබනව නම් ලබන්නෙ.. මට මුලදි ඒ සතුට ලැබුනේ නෑ. ඒත් මම හිතා ගත්තා. බැරි දෙයක් නෑ කියලා. මට වැරදුන තැන ඉදන් මම අපහු හදාගන්න උත්සහ කලා..
ගොඩක් අය මාව දලා ගියා මුලදි. ඇත්ත මම පිළිගන්නව, මුලදි කතව රහ නෑ.. ඒත් ඒ ටික නොලියා මේ වගේ එන්ඩින් එකකට එන්න ලෙසියෙන් බැහැ. එකයි.. ඒක නොතෙරුන ගොඩක් අය..මාව මුලින් දැක්ක විදිහට නොපෙනුන නිසා මැසෙන්ජර් වල මැසේජ් පවා දැන්මා.. කතාව ගතියක් නෑ කියලා. මම එයාලට ගොඩාක් ස්තූති කරනව එයාලා නිසයි මම මාව තෙරුම් ගත්තේ. මගෙන් මොනාද බලාපොරොත්තු වෙන්නේ කියලා මට තෙරුනේ...
මම ******** අක්කට එදා කිව්ව, අක්ක මම මේ වෑකන්ද වලව්ව තරම් රැල්ලක් කරන්න බැරි වෙයි. ඒත් මේක කියවන්නේ 100ක්ද ඒ 100ම අඬවනව කියලා..
මම හිතනව මම ඒක කලා කියලා

තව දෙයක් කියන්න ඕනේ කතාව කියවලා ඔයාලා අඬන්න කලින් අඬපු කෙනෙක් ඉදියා.. ඒ වෙන කවුරුවත් නෙවෙයි.. සකුන්ම තමා. මම ලිව්වෙත් අඬන ගමන්... මම මේ කතවට ෆට්ටෙටම ආදරෙ කලා. මොකද මේක තමා සකුන් කියන්නෙ කවුද කියලා අදුරගන්න ලැබුන එකම කතාව...
ඒ වගේම මේ කතාව නිසා මට ලැබුණ ආදරණීයම මතක සම්මාන ගොඩක් ලැබුනා.. ඒව මම කියන්න යන්නේ නැහැ මෙතනදි..

ඉතින් කියන්නම් පෙරවදනට වඩා වෙනස් විදිහට මේක එන්ඩ් කරන්න උනාට මට සමාවෙන්න..
හැමදාම වගෙ මාව විශ්වස කරලා මං එක්ක ඉඳපු හැම කෙනාටම සතුටු වෙන්න පුලුවන්.. මම මේ තැන අද ඉන්නෙ ඔයාලා නිසා.. ගොඩාක් පිං මාව ගොඩක් අය දලා යද්දි මං එක්ක ඉදියට..❤️🙏

වැඩි කතා ඔනේ නෑ. මම විතරක් නෙවෙයි ගොඩක් අය ඔයලට කතා කරන්න බලන් ඉන්නව... එහෙනම් මම එයාලට ඉඩ ලබා දෙනවා ඔයලගෙ හිත් අමතන්න අන්තිම වතාවට..

මම - සකුන් විරාජ් එදිරිමාන්න ❤️✌

___________________________________________

* නුවන් ඉන්ද්‍රජිත් වර්ණකුලසූරිය *

- ඔයාට මොනාද කියන්න තියෙන්නෙ මේ
කතාව සම්බන්ධයෙන්..

මෙහෙමයි..
කතාව ඇතුලේ මාව ඔයාල දැන ගත්තේ ගොඩක් පහු වෙලා.. ඇත්තටම මම දෙයක් කියන්න ආවේ මගෙ දෙවනි තාත්තා වෙනුවෙන්..
සමාවෙන්න අඬන්නේ නැහැ..
ඒත්.. මට මේ කිසිම දෙයක් දරාගන්න හයියක් නෑ. අයියා නැතුව මට පිටකොන්දක් නෑ වගේ දැනෙනවා.. මගේ අයියා තමයි මේ ලොකේ හොදම අයියා..
මං දන්නව අයියා අපිව දාලා ගියේ නෑ ඔයලා අපි ගාවම ඉන්නව..
අයියා මට කිව්ව එක දෙයක් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ..

"මල්ලි හොඳ අය නරක අය කියලා කවුරුවත් නෑ.. හැමෝම මිනිස්සු.. අපි කරන දෙවල් එක්කයි අපි හොඳ හෝ නරක වෙන්නෙ. ඉතින් හැමවෙලාවෙම මනුස්සයෙක්ට වචනෙකින් හරි හයියක් වෙන්න.. හිනාවක් ගේන්න අපිට පුළුවන් නම් අන්න ඒකයි වැදගත්.. වැරදි අඩුවෙන් කරන්න.. කරපු වැරදි ආයෙ නොකර ඉන්න..
හැගීම් වලට ඔයාගෙ ජිවිතෙ තිරණේ කරන්න දෙන්න එපා.. හැගීම වලට ඕනේ නම් අපි එක්ක ජිවත් වෙන්න කියන්න.. මොලෙන් ජිවත් වෙන්න.."

මම හැමදාම කලේ අයියව ගනන් නොගත්ත එක. අයියා හැමදාම කලේ මට බැන්න එක. මට සීමාවන් දාපු එක.. ඒත් මගේ සෙට් එකේ හැම එකාම ඕලෙවල් ෆේල් වෙද්දි මම පාස් උනා. මට මතකයි අයියා එදා ඇඬුව.. මම එතකොටත් ඉදියේ අයියා එක්ක තරහ වෙලා.. රිසාල්ට් කිව්වෙත් අයියට මම නෙවෙයි අක්කා.. වෙනදා මට ගහන එකා එදා මාව බදාගෙන වඩා ගත්තා..

"මගෙ මල්ලි මට ඕනේ උනේ මෙච්චරයි උබෙන්.. උබට මොලේ තියාන්වනේ දැන්. උබ කැමති විදිහට ජිවත් වෙයන් මම හොයන්නෑ..."

ඒත් ඒ වෙද්දි අයියා දිනාල ඉවරයි. මොකද මම ජිවත් වෙන්න කැමති විදිහ වෙලා තිබ්බේ අයියගේ විදිහමයි.
අයියා තාත්තා මට කෙනෙක් වගේ කිව්වෙ ඒකයි... තාත්තා, අම්මා නැති අපිට ඒ හැමදේම අඩුවක් නැතුව දුන්නේ මගෙ අයියා.. ඒත් මට අයියා නැති අදයි වටින්නේ. අපි පරක්කු වැඩී... මට තිබ්බා අයියට මීට වඩා සතුටක් දෙන්න..
මට සමාවෙයං මගෙ අයියේ...

මම - නුවන් ඉන්ඳ්‍රජිත් (චරිත් අයියගෙ මල්ලි)
-------------------------------------------------

* අකේන් ප්‍රතාප් ලියනගොල්ල *

-ආදරණීය චූටි.. ඉතින්, කොහොමද
මොනාද කියන්න තියෙන්නෙ ඔයාට මේ
ඔයාගේ කතාව ගැන...?

ඇත්තටම කිව්වොත් මට මේ උන කිසි දෙයක් හිතා ගන්න බෑ.. චරිත් අයියට මෙහෙම ලෙඩක් හැදුන බවක් අපි දැනන් ඉදියේ නෑ..
මටයි අයියටයි ගොඩාක් උදව් උනේ චරිත් අයියා...
මම කැමතිම උනේ අයියලා දෙන්නම එකට ඉන්නව දකින්න.. මම අයියගෙ ජිවිතේට එන්න කලින් අයියගෙ හොදම යාලුවා චරිත් අයුයා.. මට ඔනේ උනේ ඒ බැදීම හැමදාම තියා ගන්න.. එත් චරිත් අයියා එයට තියන ප්‍රශ්න අපි එක්ක බෙදාගත්තේ නෑ.. ඒ ගැන ගොඩක් දුකයි.. අපිට උදව් කරන්න බැරි උන එක ගැන.. එත් චරිත් අයියා හැම වෙලාවෙම කිව්වෙ...

"අකේන්, මල්ලි මේ අහපං..
අපි මොනාම හරි කාත් ක්ක හරි ප්‍රශ්නයක් තියනම් ඒක කතා කරලා විසද ගන්න ඔනේ.. හිතේ තියාගෙන පැහැව පැහැව ඉදලා ලැබෙන දෙයක් නෑ. අපි ජීවත් වෙන්නෙ හරි පොඩි කාලයයි.. ඒ කාලෙන් අපි පැයක් දුක් වෙනව නම් අපි ගොඩක් පරාදයි. ඒ දෙවල් කතා කරලා විසද ගනිල්ලා.. අනිත් එක තෙරුම් ගන්න බලපන් අනිත් කෙනාව. එකට ගමනක් යන්න පුළුවන් එතකොට විතරයි..."

මගේම අයියා වගේ හැමදේකටම මට ඉදියේ චරිත් අයියා.. ඒ පිනම ඇති චරිත් අයියේ උඹට..

මම - අකේන් (චූටී)
---------------------------------------------------

* නෙහාන් සඳමංතලාව...*

- ඉතින් නෙහාන්.. කළු චරිතයක්. ඉතින්
මොනාද කියන්න තියෙන්නේ අන්තිම
වචාවට..

මෙහෙමයි සකුන්.. මාව හැමෝටම කලු චරිතයක් වෙන්න ඇති.. අනේක බැනුම් ඇහුවා ඒත්.. ඔයා මගෙ කතාව කලින් ලියලා තිබ්බ නම් කිසි කෙනෙක් මට බනින එකක් නෑ.. මොකද මමත් මනුස්සයෙක්. මටත් හැගීම් දැනීම් තියනව.. ඉතින් අර කියමනක් තියනවනේ

"පිරිමිද ගෑණුද නෑ.. උබ නැවතියන් උබේ හිත නවතින තැන කියලා.."

ඒත් ඒක හැමෝටම හරි යන්නේ නෑ සකුන්. සමහර විට එ හිතේ අපිට ඉඩක් නැතුව ඇති. ඉතින් ඉස්සෙල්ලම නවතින්න කලින් ඒ හිතේ අපිට ඉඩක් හදා ගන්න ඔනෙ. අන්න ඒකට මහන්සි වෙන්න ඕනේ අපි කලින්. නැතුව හිත නැවතුන පලියට නවතින්න ගියිත් ඔහ හැමෝටම වෙන්නෙත් මට උනා වගේ තමා..
මම දන්නෑ. පෙර පිනක් කරල තිබ්බ නිසා වෙන්න ඇති චරිත් අයියා ආවේ මාව හොයාගෙන.. ඒ හැමදේම ඇහුවම එයා පෙන්නපු හැමදෙම බැලුවම.. මගේ ආදරෙයි එයාගෙ ආදරෙයි අහසට පොලව වගේ.. ආදරේ කියන්නේ මොකද්ද කියලා මම තෙරුම් ගත්තේ චරිත්ගෙන්.. ඇත්තටම ඌ නිසා මම හෙට මේ ලංකාවෙන් යන්න ඉන්නෙ අම්මා ගාවට..
මේ ලංකාව මට කළු රටක්. මට සතුටක් නැති.. රෑට විතරක්මාව හොයන මගේ බාප්ප නිසා දුකින් පිරුණ ජිවිතයක් එක්ක ජිවත් වෙන රටක්.. මම මේ හැමදෙම ඇතෑරලා යන්න තිරණේ කලේ ඒකයි.. මම ජාති ජාතිත් පිං දෙනව චරිත්ට.. ඌ නිසා අද මම කිසිම දෙයක් නැතුව උනත් හිත නිදහසින් යනව...

මම - නෙහාන් ( ඔයාලා මට කතා කරපු නම ඇත්තටම මට මෙතන කියන්න බැහැ..)
-----------------------------------------------

* ශාලිය ඉඳුනිල් දහනයක *

- ඉතින් ශාලිය.. ඔයාට නම් ගොඩක් දේවල් කියන්න ඇති. එහෙම නේද..

නෑ සකුන්.. මට කියන්න කිසි දෙයක් නෑ වගේ මට හිතෙන්නෙ. මම හිස් මිනිහෙක් වගේ මට දැනෙන්නෙ..
මේක හීනයක් වගේ.. කිසි දෙයක් හිතා ගන්න බෑ.. මින් ඉස්සරහට මම කොහොමද ජිවත් වෙන්නෙ කියලා මට හිතා ගන්න බෑ..

චරිත් උබ හිතනව නම් උබ දින්න කියලා උබ වැරදී බං.. මම උබෙන් ඉල්ලුවෙ මගෙම කියලා ජිවිතයක් විතරයි. ඒත් උබ දුන්නේ ඒ වෙනුවට උබේ ජීවිතේ..මට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා..
මම දැනන් ඉදියේ නෑ උබේ ජිවිතේම කියන්නේ මම කියලා...

මට ජිවිතේ ආපස්සරට යන්න පුළුවන් නම් මම යනව චරිත්.. මට වැරදුන තැන ඉදන් මම හදා ගන්නව.. උබව දැක්ක දවසෙම මම උබ ගාවට ඇවිත් කියනව..

"චරිත් මම උබට ආදරෙයි කියලා.."

එහෙම කියලා උබට කිසි දුකක් නොදී මම උබේම වෙනවා.. මට උබ තරම් ආදරෙ කරපු කෙනෙක් කවදාවත් ලැබිලා නෑ චරියා.. උබ ලෙඩක් ඉස්සරහට දාගෙන ඔය දෙවල් හිතේ හංගගෙන ඉදලා උබ මොනාද බලාපොරොත්තු උනෙ. මගෙ සතුටද..
නුවන්ට පිං සිද්ද වෙන්න මම උබේ පොත බැලුවේ... නැත්තම් මම අදටත් දන්නෙ නැහැ උබ ගැන.. උබ විදවන්න ඇති. ඊට වඩා දාස් ගුණයක් මම විදවනව බං උබ නැති මේ ජිවිතේ.. මට මම දන්නැ චූටි ගාවට ලං වෙන්න පුළුවන්ද කියලා වෙනදා වගෙ.. ඒත් උබේ ජිවිතෙ කැප කරලා මට දීපු උබේ ජිවිතේට මම වරදක් කරන්නෙ නෑ. මම කොහොම හරි සතුටින් ඉන්න බලන්නම්..
මට දුක එකම එක දෙයයි.. උබ.මට මෙච්චර ආදරෙ කරලත්.. මට බැරි උනා උබේ කණට ඇහෙන්න ඒ වචන ටික නිකමට හරි කියන්න.. මට කියා ගන්න බැරි දුකක් විතරයි තියෙන්නෙ චරියා..

මම පොරොන්දු වෙනවා... මෙ අත්මේ නැත්තත් උපදින හැම ආත්මෙකදිම මම උබේ වෙන්න බලාගෙන ඉන්නව.. මට ඉඩක් තියපං ඔය හිතේ ඇති තරම් ආදරේ කරන්න උබ මගෙ තුරුල්ලටම අරන්.. මම ඉල්ලන්නෙ එච්චරයි උබෙන්..

මම ආසම සිංදු කීපයක් තියනවා සකුන්... මම දන්නෑ මම ඒවට ආස උනේ ඇයි කියලා. ඒත් දැන් මම මේ සිංදු ආගමක් වගේ අදහනව.. හැමදාම අහනව.. මම පොඩි කෑලි ටිකක් කියන්නම් ඒවගෙන් අමතක නොවෙන.. මටම ගැලපෙන.. බලපන් බොරුද කියලා..

"යලි කවදාවත් හමු නොවෙනා බව..
මම පවනක් හිස අත ගා කීවද...
අදහා ගන්නට නොහැකිය කිසි දින..
ඔබ යලි නොඑතැයි ගිම්මානෙට පෙර.."

------------------------

" වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ.
සීනා පහන් වැට නිවී ගියා.. සැඩ සුලගේ
ඔබට මා... ආදරය කල බව මෙතරම්..
මා දමා ඔබ දුරු රටයන තුරු නොදනිම්.

------------------------
" සිතුවිලි සිතුම් සැඳැල්ලේ..
ලතැවී රැදී නිඳැල්ලේ...
මිහිරක් කොහේද ඇත්තේ...
කිව මැන මටත් වසන්තේ...
මිහිරැති වසන්ත කාලේ....
කිව ඔඹ මෙතෙක් නොආවේ..
ගිම්හානයේ ගිලන් වී...
තනි වේමි මේ වෙදනාවෙන්..
මිහිරැති වසන්ත කාලේ....

------------------------

මම - උබේ ශාලිය. ( පොඩීයා )

-------------------------------------------------------

* චරිත් මධුන් වර්ණකුලසූරිය...*

- ආදරණීය චරිත්, ඔයාට නම් පරක් තෙරෙක් නැතුව කියන්න දේවල් ඇති.. එහෙම නේද...?

.....................................................................
.........................................................................................................................................

හැමෝගෙන්ම නම අහලා අහද්දි මොනාම හරි කිව්වා.. ඒත් චරිත් කියන නම කිව්වට කවුරුවත් කතා කලේ නෑ..
චරිත්ට කතා කරන්න පුලුවන් නම්..මට විශ්වසයි මේ වෙලාවේ චරිත් කියාවි මෙන්න මේ වචන ටික..

"තනිය හුරු මට මගේ ලෝකේ...
තනිය තනි නොකරන්න තිබුනා...
එදා ඔය ඇස් දිහා නොබලම...
බිම බලාගෙන යන්න තිබුනා..."

(අහලා බලන්න... අභිශේකා විමලවීර කියන මතක සින්දුව. එකාහන්න අභීගේ වොයිස් එක ඇස් පියාගෙන චරිත්ව හිතින් මවාගෙන.. ඇහෙනවනම් දෙයක් ඒ ඔයාලට ඇහෙන්න චරිත්ව..

Link එක...👇

)

ඉතින්.. පසුවදනින් ඔයාල ලගට හැමෝම එක්ක ආව.. චරිත්ව එක්ක එන්න නම් බැරි උනා. සමාවෙන්න..
එහෙනම් මම නවතින්නම්.

මට ආදරේ කරපු.. මාව විශ්වාස කරපු මගේ කතාවට ආදරේ කරපු.. කතව දිගටම කියවපු හැමෝටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියී...
නිවඩු කාලේ ඉඩක් ලැබුන නිසා ලිව්ව...ඒකට මට ලැබුන හොදම සම්මානේ ඔයලා.. මම ඒ සම්ම්මානේ සතුටින් බාර ගන්නව.
යන්නම් ඉතින්...
අවසාන වතාවට කතාව දැනුන විදිහ.. ඔයලට මොනාද ඒකෙන් ගන්න තිබුනා නම් මොනාද ඒ.. වගේම අඩු පාආඩු.. හොද නරක සියල්ලම මම බාර ගන්න ලෑස්තියි..
පුලුවන් නම් ඔයාට දැන්න දේ කියාගෙන යන්න.. එක තමා මම ලබන තෘප්තිය ❤✌

************************************************

ඉතින් ඔන්න කියවපු නැති අය වෙනුවෙන් කලින් ලියපු කතාවක් ආයෙ ඔයාලට අරන් ආවා.

දෙයක් කියන්න තියනවා..
ඇත්තටම මම ෆේක් එන්නේ ආදරයක් හොයාගන්න , යාලුවො හොයාගන්න නෙවෙයි.

ඒත් මුලින්ම ආවේ ඒකට තමයි..
මම ෆේක් එන්න හේතුව ගොඩක් අය නොදන්නාවා ඇති. "උත්තරීතර" මගේ කතාව කිව්වොත් හරි.. කියවපු ඇති අය හොයන් කියවන්න.. ආදරයක් ලැබිලා ඒක නැති උනාම දැනෙන වෙදනාව දරාගන්න අමාරුයි. ඒ දුක නිවාගන්න ෆේක් ඇවිත් යාලුවො හෙව්ව, පස්සෙ ආදරෙත් කලා. නැත්තේ නෑ. තාමත් උන්ට ආදරෙයි. උන් මාව දලා ගියාට.

ඒත් පොදුවේ ගත්තොත් ලංකාවේ gay කියන්නේ sex. (බහුතරය ගැන මම මේ කියන්නේ.)

ඉතින් කාලයක් ඉදපු නිසා කියන්නේ.. අලුතින් එන අය මේක රියල් කර ගන්න හදන්න එපා. මේක ෆේක් විදිහටම තියාගන්න.. මේකේ යාලුවෝ තරහා කරගන්න එපා. ජිවිතේ බෙදාගන්න හදන්නෙපා අනන්‍යතාවයක් නැත්තම්.
අපි වැරදි නොවුනත් අපි වැරදි කලා වෙන්න පුළුවන්. ඒ නිසා කියන්නේ.
ඉගන්න ගන්න පොඩි උන් මම කීපදවසක් දැක්කා මේකේ ඉන්නවා. මේ කතාත් කියවනවා.. පිං සිද්ද වෙයි මල්ලිලා. ඉගෙනගනිල්ලා.. මේකෙන් ලැබෙන ගොඩක් දෙවල් ජිවිතේ ඇත්තටම ඉතුරු වෙන්නෙ නෑ. තමන්ට තමන් විතරයි..
මම මේකට ආවේ කැම්පස් එකේ ඉද්දි..
ඒ ජිවිතේ මෙහෙමයි කියලා ලියන්න බැ..

කොහොම හරි ෆේක් එන්නෙ දුක බෙදාගන්න. මම දුක බෙදාගන්න ආසම විදිහ මේක. ලැබෙන වෙලාවකට ලියනවා.. ලියන දෙවල් වලින් නරක දෙවල් ඈත් කරලා හොද දේවල් ගන්නලා කියවන හැමෝම..
ෆේක් ෆේක් විදිහටම තියාගන්න..
වැරදි නොකර ඉන්න.
ජිවිතේ දිනන්න..
ඒකට ටාගට් එකක් හදාගන්න..
අම්මට තාත්තට සලකන ගමන් ජිවිතේ දිනන එකෙක් වෙන්න.
වගකීමක් නම් ඒක අනිවා කරන්න..
වැරැද්දක් නම් කතා කරන්න..
ඔයාට හැමෝම නැතිවෙයි..
ඒත් වැරැද්ද වැරැද්ද විදිහටම දකින්න..
අනිත් අයගෙ වචනත් අහන්න පුරුදු වෙන්න..
ඉවසන්න..
හිනාවෙන්න..
ඔක්කොමලා සතුටින් තියන්න..

ඔයාට බැරිනෑ...
හැබැයි ඒකට 💰 ඕනේ නේ.?
එකයි කිව්වෙ ටගට් එකක් හදාගන්න,
ඒකට වැඩ කරාම ඔයාගෙ හීනේ ඔයාම දැක්කම...
ඔයා හොයන ගොඩක් දේවල් ඔයාට ලැබෙයි ඉබේම..
වටින දේවල් නැතිකර ගන්නැතුව ඉන්න..
දවසක දිනලා ආපහු හැරිලා බලද්දි වටින දේවල් අපිට ඇත්තටම ආදරේ කරන කෙනා එක්ක බෙදාගත්තා කියලා මතක් වෙද්දි..
කාටද මතක මහීමව..?
මාහීම ට ගිවන්ත යොෂේන් ආදරේ කරන්න පටන් ගන්න හේතුව කාටද මතක.?
එහෙම හීනයක් දකින්න..
ඒ දවස ගොඩක් ඇත්තටම ලස්සනයි..

ඒ හීනත් ලස්සනයි..

කොන්ද කෙලින් තියන් තිරණයක් ගන්න ලංකාවේ නම් අමාරුයි. ඒත් හැමෝම ගැන හිතුවොත් ඒ හීන දකින්නත් බෑ..
ඒකට අවශ්‍ය පසුභිමක් නැත්තම්.. තමන්ට හදාගන්නත් බෑ නම්.
පිට රටකට හරි යමන්..
ඒත් ඇත්තටම ආදරේනම් විතරක්.. පිට රටක ඒ ජිවිතේ හොරෙන්ම විදපන්..
කවදාවත් මැරිකරන්න බලන් කොල්ලෙක් ගැන හිතන්නවත් එපා..

ජිවිතේ දින්නම.. උබ පවුලේ අයගෙන් යැපෙන එක නතර උන දවසක.. උඹ උබේ මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් අම්මා තාත්තා , පවුලේ හැමෝටම උබ ගානේ වෙලක් හරි කන්න දුන්න දවසක් ගැන හීන දකින්න.

උඹ ගැන ආඩම්බර වෙයි. උබ මොන වගේ තැනක හිටියත්..
උබ ගැන ආඩම්බරෙන් කතා කරන දවසක් ගැන හීන දැකපන්..
ටාගට් වලට යමන්..

එහෙම හිනත් ලස්සනයි.

ගැලපෙන හීන තියනවා. පාට පාට හීන තියනවා එකක් තොරගෙන පාට කරන්න ගන්න.
දැන්ම්ම ම..
බැරි නෑ අපිට..❤😌🤟

****************************

ඉතින් කලින් එකවුන්ට් එක දැන් නෑ.. ඒකාලේ මම ෆේක් එකේ ගොඩක් අයව විශ්වස කරලා ජිවිතේ අනාගත්ත.
ඇත්තටම මම ඒ කලේ හෙන මෝඩයි...😡
කොහොම උනත් වරදින තැනින් පාඩමක් ඉගෙන ගන්න.. ඒ ඇති..
ඒකත් පාඩමක් ඉගෙන ගෙන වැරදි තෙරුන් අරන් ඉන්නවා දැන්.. ඒකයි මේක කියන්න වගෙම මේ කතාවට මම මේ තරම් කැමති ඒකයි....
ජිවිතේ කියලා දුන්නා කතාවක් මේක...
කොහොම උනත් මම ඒක දැන් නම
අමතක කරපු කතාවක්.

එකවුන්ට් එක නැති උනා.. ඔයාලා වෙනුවෙන් නෙවෙයි, මං වෙනුවෙන් ආයේ ආවා.. තනියම ලියනවා..
මම ෆේක් ආවේ තනිකම දරාගන්න බැරි නිසා.. මම අද ෆේක් ඉන්නෙත්.. ලියන්නෙත් තනිකම, කාන්සිය යන්න ඔනේ නිසා...

පරන කතා වලට ගොඩක් ආදරෙයි ඔයාලා වගේම මාත්.. වෑකන්ද තමයි මාව ගොඩම් පාඨකයෝ අතරට ගෙනිච්චේ.. හිරුතිමිරෙන් තමා ලියන්න ආස උනේ ගොඩක්...
ඒවට ආදරෙයි තාමත්
ඒත් මටත් ටාගට් එකක් තියනවා..
ඉස්සර වගේ ටයිම් නැහැ ලියන්න...
පුළුවන් පැයේ හරි ලියනවා ඉතින් මොනා මොනා හරි...

වෑකන්ද වලව්ව 💙
හිරුතිමිර ❤
දෙහදක පැතුම් 🤟

ඒ කතා තමයි මං ගාව නැත්තේ.. ඕනත් ඒ කතා බව දන්නවා. සමාවෙන්න ඇත්තටම ආපහු ඒවා ලියන්න වෙලා නැහැ..
ඒත් දලා යන්නෑ ඔහේලව.. ටිකක් වයසට ගිහින් හරි එනවා මේ පැත්තේ, uncle 's love story වගේ සීන් එකක් අරන්...හාද? 😁

ඔව් දැන් ඉතින් ටිකක් වයසයි..👻
ඉතින් කතාවෙන් ගන්න දෙයක් හොඳ දෙයක් තිබ්බ නම් ගන්න..
පරිස්සමින් ඉන්න ඉතින් හැමෝම..
ආදරෙයි හැමෝටම..

#අරගලයට ජය වේවා...✌💙

මම - සකූ ✌❤️

Continue Reading

You'll Also Like

343K 10.7K 110
Tên truyện: Sói Tới Rồi! Tác giả: Loan Thể loại: Hiện đại, gương vỡ lại lành Editor: maymay Nhân vật chính: Nặc Đinh Sơn- Trình Điệp Qua P/S: nội dun...
27.4K 3.9K 28
අතින් අත අල්ලාගත් පසු පිටුපසින් ආවලු වැහි හුලග අතහරින්නට හිතුවත් නුඹේ නමට ලියවුනු මගේ හිත කෙතරම් අමතක කරත් හිත ඉල්ලුවෙම ඔය දෑස
1.5K 123 6
"අශී, මෙහෙ බලනවා මං තමුසෙට කතා කරන්නෙ, තමුසෙලගෙ උන් කොහොම දැඟලුවත් තමුසෙ මගෙ එච්චරයි. තමුසෙ ගෙ අප්පච්චි නෙවෙයි අප්පච්චි ගෙ අප්පච්චි ඇවිත් කිව්වත් මං...
9.6K 1.1K 20
ආකාසයේ දුර ගිම්හාන සැඳෑවක...... යලිලු හමුවෙමු පෙම්වතුන් ලෙස.... ගිම්හාන් × ආකාශ්