ඔබ මගේ වෙලා 💞

By sakunwirajEddirimann

29K 3.1K 180

"හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ" මට මගේ කියලා අ‍යිතියක් නැතුවත් ආදරය කරපු කොල්ලෙක් ගෙ ආදරණීය ඉරණම... More

#පලමු_පිටුව 💞
#දෙවන_පිටුව 💞
#තෙවන_පිටුව 💞
#සිව්වන_පිටුව 💞
#පස්වන_පිටුව 💞
#සයවන_පිටුව 💞
#සත්වන_පිටුව 💞
#අටවන_පිටුව💞
#නවවන_පිටුව 💞
#දසවන_පිටුව 💞
#එකලොස්වන_පිටුව 💞
#දෙලොස්වන_පිටුව 💞
#දහතුවන_පිටුව 💞
#දාහතරවන_පිටුව 💞
#පහලොස්වන_පිටුව 💞
#දහසයවන_පිටුව 💞
#දාහත්වන_පිටුව 💞
#දහඅටවන_පිටුව 💞
#දහනවවන_පිටුව 💞
#විසිවන_පිටුව 💞
#විසිඑක්වන_පිටුව 💞
#විසිදෙවන_පිටුව 💞
#විසිතුන්වන_පිටුව 💞
#විසිහතරවන_පිටුව 💞
#විසිපස්වන_පිටුව 💞
#විසිහයවන_පිටුව 💞
#විසිහත්වන_පිටුව 💞
#විසිනවවන_පිටුව 💞
#තිස්වන_පිටුව 💞
#පසුවදන 💞

#විසිඅටවන_පිටුව 💞

615 80 2
By sakunwirajEddirimann

මිනිස් ආත්මයක් ලැබෙන එක පිනක්ලු.. ඒ ලැබුන ආත්මේ විදින්න පුළුවන් එකම සතා මිනිහලු.. මට විශ්වස කරන්න අමාරුයි. මම විශ්වාස කරන්නේ නෑ, මට උන දේවල් එක්ක බලද්දි ඒක ඇත්තමද කියලා..
මොකද අදවෙන කොට වෙලා තියෙන්නෙ මට මැරි මැරි ජීවත් වෙන්න..
ඇයි මට කිසිදෙයක් නොකිව්වෙ.. උබ කිව්ව නම් කටක් ඇරල මම වෙනුවෙන් හැමදේම කරපු උඹව මම අහක දායි කියලා හිතුවද...
මට මේක ඉවසන්න බෑ චරිත්..
උබ මට කලේ වැරැද්දක් බං...
ලොකුම ලොකු වැරැද්දක්...

#සිව්_මසක_ආවර්ජනයක්..

චරිත් එන්න එන්නම වෙනස් වෙන්න ගත්තා.. ඌ මාව උවමානාවෙන්ම මග ඇරියා. හැමදවසකම පූර්ණ කිව්වෙ එකම දේ...

"ඌ තනියම කියවනව බං සමහර වෙලාවට උගේ රූම් එක ඇතුලේ.."

" ඒ කිව්වෙ.."

"මම ඊයේ ගියා ෆයිල් එකකට සයින් එකක් දා ගන්න.."

"ඉතින්.."

"මම යනකොට ඌ මොන මොනවදෝ කිය කිය ඉදියා.."

"සිංදුවක් කියන්න ඇති බං..."

"ඔව් ඔව් සිංදුවක්.. මටත් පිස්සු බං උබ එක්ක කතා කරලා.."

"දැන් කෝ ඌ.."

"අද නම් ආවෙ නෑ මං හිතන්නේ.."

"මට ආව කිව්වෙ.."

"ලබ්බ.. ඌ අවෙ එකක් නෑ.."

"අඩේ සිරාවට.."

"මේ මම යනව බං මට ලේට් වෙනව.. කෝල් එකක් දලා බලහන්.."

"හරි බං.."

චරිත් ගැන හොයන්න තියන උනන්දුව මට දවසින් දවස වැඩි උනා මිසක් අඩු උනේ නෑ... මම චරියගෙ ගෙදර යන්න හිතුනෙ ඒ වෙලාවෙමයි. කෝල් එකක් නොදාම ගියේ උදෙත් මම අහද්දි මට ඔෆිස් එනව කියලා බොරුවක් කිව්ව නිසයි.

"චූටි ඔයා බස් එකේ කෙලින්ම ගෙදර යන්න මම ඔෆිස් එකේ වැඩ අද හොදේ.."

"අනේ එහෙමද.. "

"ඔව්.. ඔය ගෙදර යන්න.."

"මමත් තවම කැම්පස් එකේ.. මම ටිකක් පරක්කු වෙලා එන්නද එහෙනම්.. කීය විතර වෙයිද?"

"ඇයි තාම මොකද කරන්නේ..?."

"කුප්පියක් අද, මේක ඉවරවෙන පාටක් නෑ, එකෙක්ට රේකෝඩ් කරන්න කියලා මම තව ටිකකින් එන්න ඉදියේ. ඉන්නද එහෙනම් මම ටිකක්..."

"ම්.. හරි ඉදලා එන්න.. රෑ වෙනකම් ඉන්නෙපා හොදේ. මට ගන්න එන්න බැරි උනොත්..."

"හා.. 6.00 වෙනකම්.."

"හ්ම්... හා."

"ආදරෙයි මැට්ටො..."

"හරි හරි.. ආවම කරමු ආදරෙ.. මං තියනව.."

"හෙන ලයින්.. එනවකො රෑට.."

"හා හා.. ඒ ගැන වද වෙන්නෙපා.. මම තියනවා. එද්දි කියන්න එහෙනම්..."

"හ්ම්ම් හා.."

මම චරිත්ලගෙ ගෙදර යන බවක් නොකිව්වෙ ඊයේ හවසත් එහේ යං යං ගගා ඉදිය නිසා. චූටි එක්ක එන්න ගිහින්  අයෙ චරිත්ලගෙ ගෙදර යනකොට හරි ඉතින්. එකයි බොරුවක් කිව්වෙ..
කොහොම හරි මම චරිත්ලගෙ ගෙදරට යද්දි ඌ ගෙදර නෑ දොරත් වහලා තිබ්බා.

"චරියා කොහෙද ඉන්නෙ බං.."

"අහ් මම එලියට ආව බං උදේ.. එන්න ඉදියෙ එන්න බැරි උනා.."

"මම ඉන්නෙ උබලගෙ ගේ ගාව.."

"අඩේ.. කිව්වෙ නැත්තෙ.. අපි දැන් ආවෙ.."

"හරි කමනෑ.. උබ ඉන්න තැනක් කියපන්.."

"මම ඉන්නේ මචන් ගංගාරාමේ.."

"එහෙ මොකෝ.."

"නිකං ආව නංගියි මල්ලියි එක්ක.."

"හ්ම්.. හරි කමක්නෑ හෙට ඔෆිස් එනවද.."

"එනව එනවා.. සුවර්  "

"අද වගේ සුවර් එකට එනවද.."

"නෑ නෑ බං.. එන්නව.. "

"හ්ම්ම්.. මට උබ එක්ක කතා කරන්න ඔනේ පොඩ්ඩක්.."

"මං එක්ක..?"

"ඔව්.."

"මොනා ගැනද.."

"මෙහෙම කියන්න පුළුවන් නම් මම කියනවනෙ කෝල් එක ගත්ත වෙලාවෙම.."

"එහෙනම් හෙට ඔෆිස් එකේදි කතා කරමු.."

"හ්ම්.. මම එනකම් ඉදපන්...හල්ෆ් ඩේ දාලා පනින්නැතුව.."

"එල එල.."

කරන්න දෙයක් නැති කමට නාවින්නට ගිහින් සිගරට් එකක් බිව්ව කාලෙකින්.. ඊට පස්සෙ ඉතුරු 15ම චුංගම් දෙකකුට්ග් හැක්ස් ටොෆියි අරන් කටේ දාගෙන තව පැය බාගයජ් විතර ඉදලා මම චුටිගෙ කැම්පස් එක ගාවට ගියා..

"මම කැම්පස් එක ගාව.."

"ඉන්න එන්නම්.."

මම මේන් ගේට් එක ගාවට වෙලා ඉද්දි චූටි එලියට ආවා ..

"ඔයා වැඩ කිව්වෙ බොරුදවටද  "

"නෑ වැඩ කරලා ආවේ  "

"තාම 5 පහු උනා විතරනේ ."

"දැන් වේලසන ආව එකත් වැරදිද.."

"නෑ අනේ.. යං ඇතුලට කැන්ටිමට යං.."

"දැන් බෑ.. ඔයා ඉදලා එන්න. මම ඉන්නම්.."

"නෑ දැන් ඉවරයි කුප්පිය.. මම එන්න හැදුවෙ කොහොමත් දැන්.."

"ම්.. එන්න යං නගින්න..."

"පොත් ටික දලා අවේ, ඔයාව එක්ක යන්න ඇතුලට.. ඉන්න එහෙනම්.."

චූටි කැම්පස් එකේ යාලුවන්ට කියලා තිබ්බේ මම අයියා කියලා. ඒ නිසා ප්‍රශ්නයක් උනේ නෑ මට..
චූටිවත් දාගෙන මම අනෙක්ස් එකට පැද්ද..

"අද දැන් ගිහින් තේ නෑ.. එන්න යන්න ආවට.. එන්න කිව්වට තේ බොන්න ආවෙ නෑනේ.."

"ඔයාගෙ තේ එක තියා ගන්න.."

"මොකද මේ නැට්ට ගිණි අරගෙන වගේ.."

"මහන්සියි චූටි.."

"මහන්සි නම් ගෙදර යන්න තිබ්බනේ.."

"යන්න තිබ්බා... අද විතරක් තමුසෙ එක්ක ඇනෙක් එකේ ඉන්නව නම්.."

"ඇයි...?"

"එහෙම උනා නම් මගෙ ඔලුවත් කයි. ඒකයි ආවෙ.."

"මහන්සි දවසට නාවට කමක්නෑ.. මම එනවනේ කොහොම හරි එහෙනම්.."

"ගියා නම් තේ හදන් බොන්න වෙන්නෙ ඒකයි ටී බෝයිව එක්ක යන්න ආවෙ.."

"ම්.. හදල දෙන්නම් රස තේ එකක්. හ්ම්..."

"පාරෙ මිනිස්සු යනව.."

"ඉතින්.. ඒක් හරි වැඩක්නේ.. මගේනේ.."

චූටි මාව බදාගෙනම ආවේ ටිකක් මිනිස්සු අඩු හරියෙදි උනත් ඒකට ඒ ගැන ගානක් තිබ්බෙ නෑ. චූටි ලං වෙන හැමවෙලාවකම මගේ හිත ඌ ගාවම තියා ගන්න කොච්චර දක්ශද කියනව නම් මට චූටි එක්ක ඉද්දි. උගේ පිස්සු වැඩ වලට මං ඔහේ ආදරේ විතරක් කලා.. අපි ඇරෙන්න වටපිටාව ගැන උනත් ලොකූවට මාත් නොහිතා ඉදියා..

***********************************************

චරිත් හැමවෙලාවෙම අහන ප්‍රශ්න වලට සැහැල්ලුවෙන් උත්තර දුන්නා.. ඌට ඔෆිස් එකෙ එපා වෙලා බව නම් මටත් කිව්වා ඒත් ඌ හාල්ෆ් ඩේ දාදා හරි වැඩට ආවා..
කොහොමත් චරිත්ට අලුතින් හම්බුන පොස්ට් එකේ ඉන්න උනේ පොඩි කාලයයි. සෙක්ශන් එක අවුල් යනව කියලා ඒකට වෙන බ්‍රාන්ච් එකකින් කෙනෙක් පත් කලා..
ඒක පොඩියට මීටින් එකක් අරන් දනවලයි කලේ. එදා මට පට්ටම අවුල් ගියා.. මුගේ මේ පිස්සු වැඩ නිසා ඔෆිස් එකේ තියන තැනත් නැති වෙලා ගිහින් තිබුනා.

" චෙකින් සෙක්ෂන් එකට අලුත් කෙනෙක් පත් කරනව.. ලබන සතියේ.. චරිත්ගේ පත්වීම් මාරුවක් වෙයි ගොඩක් වෙලාවට.."

මට අන්තිම වචන ටික පොල්ලෙන් ගහන්න වගෙ උනා.. චරිත්ගේ පත්වීම මාරු කරලා තිබ්බේ තලවතුගොඩට. එහෙ තිබ්බෙ පොඩි ඔෆිස් එකක්..
මම එදා හවස චරිත්ව මීට් උනා..

"ඇයි බං උබ ඉස්සර වගෙ නැත්තේ.."

"මොනාද බං උබ හැමදාම එකම අහන්නේ.."

"මොකුත් ප්‍රශ්නයක්ද උබට.. ඇදිලා ගිහින් තවත්.."

"එහෙම එකක් නෑ පොඩියා.. මේ මගුලේ වැඩ වැඩී බං එපා වෙනවා මට නම් ට්‍රාන්සර් කරපු එක හොදයි කියලා හිතෙනව..."

"උබව හම්බෙන්න වෙන්නෙත් නෑ බං.."

"අඩේ එහෙම නෑ.. ඕනේ වෙලාවක කෝල් එකක් ගහන වරෙන් අපෙ ගෙදර.."

"ම්.. උබ ඇයි පාස්පොර්ට් හැදුවෙ කියලා කිව්වෙ නෑනේ.."

"දැන් බලපන් ට්‍රාන්සර් එකක්..කවුද හිතුවෙ.. වෙලාවට මම හදා ගත්තේ.. ලග ඉද්දි උවමනාවක් නෑකියලා පස්සෙ දුක් වෙන්න ඔනේ නෑනේ.. වැඩි වෙනවද පාස්පොර්ට් එකක් තිබ්බ කියලා.."

"උබ රට යන්නද ඉන්නේ.. ඇත්ත කියපන්.. හැම එකාම කියනවා ඕක.."

"පිස්සුද බං.. යන්නෑ ඒත් ආසවක් තිබ්බා මේ ලංකාවෙන් ගිහින් වෙන රටක ජිවත් වෙන්න බලමු. අවශ්තාවක් ආවොත් යනව.."

චරිත් තලවතුගොඩට මාරු කලායින් පස්සෙ අපි නිතර දකින තිබ්බ අවශ්තාවත් නැති උනා.. එදා බොඩිමේදි සිද්ද උන දේත් එක්ක දේව සාපයක් විදිහට ඌටත් මටත් ගොඩාක් ඈත්වෙන්න සිද්ද උනා.. ඉදලා හිටලා මම චරිත්ලගෙ ගෙදර ගියා.. මම හොයලා බැලුවම මට ආරංචි උනේ චරිත් හැමදාම  ඔෆිස් එන බවක්... මම ඒ ගැන හිතලා සතුටු උනා..
මේ විදිහට කාලෙ ගෙවෙද්දි එක දවසක්
මම ඔෆිස් යන්න හිතන් චූටිව කැම්පස් එක ගාවින් 138 බස් එකට දාලා මම ඔෆිස් එකට එන්න හැරුන. මට කෝල් එකක් ආව නිසා මම අන්ස්වර් කලා.

"හෙලෝ.."

"අහ් ශාලිය අයියද මේ.."

"ඔව්, කවුද මේ. "

"නුවන්, චරිත්ගෙ මල්ලි.."

"අහ් කියන්න මල්ලි.."

"අයියා කොහෙද ඉන්නෙ.."

"මම දැන් නම් ඉන්නේ ඔෆිස් යන ගමන් තුම්මුල්ල හරියෙ.. ඇයි කියන්නකො.."

"අහ් හරි එහෙනම් ඔය ඔෆිස් එකට යන්නකො.."

"හදිස්සියක්ද.."

"නෑ.. නෑ.."

"එහෙනම් මම හවස කෝල් එකක් දෙන්නම්.."

"හා හරි අයියේ .."

ඒත් මට ආපහු නුවන් ට ගන්න බැරි උනා. මම ගත්තේ සතියකට විතර පස්සෙ..
ඒත් ඌ අන්ස්වර් කලේ නෑ.. ඔහොම දවස් ගානක් මම චරිත්ට නුවන්ට කෝල් කලා.. අන්ස්වර් නොකල නිසා මම චරිත්ලගෙ ගෙදර ගියා.. චූටිට කැම්පස් එකේ පලවෙනි අවුරුද්දෙ එක්සෑම් තිබ්බ නිසා මම චූටිට කියලායි ගියේ.. එදා සෙනසුරාදා දවසක්..
චරිත්ලගෙ ගෙදර කවුරුවත්ම ඉදියෙ නෑ.. මම කොහෙන් කියලා දැන ගන්නද.. මම අයියා මල්ලි දෙන්නටම කෝල් කලා. එන්නෙක්නෙවත් ආන්ස්වර් කලේ නෑ..
මට මතක් උනෙ මලගෙදර දවස්වල මට චරියගෙ යාලුවෙක් සෙට් උනා මේ ලග පාත.. ඒත් හරි හැටි මතකයක් නෑ. එදා අපි එහේ ගියෙ බැනර් එකක් තිබිල අරන් එන්න කියලා හිතන්. බියර් බීලා ඉදපු නිසා මට ලොකූ මතකයක් නෑම් ඒත් මම මතක විදිහට ගිහින් බැලුව..
වැරදි වැරදි ගිහින් අන්තිමට තැන මතක් උන නිසා මම ගේ ගාවටම ගිහින් හෝන් කලා..
වයසක පුද්දගලයෙක් එලියට ආවා.

"අන්කල් මෙහෙද දේශාන් ඉන්නේ.."

"අහ්, ඔව්.."

"දෙශාන් ඉන්නවද.."

"ඔව් ඉන්නව.. කවුද මේ ළමයා.."

"මම යාලුවෙක් අන්කල්.. පොඩ්ඩක් දේෂාන්ට එන්න කියනවද..."

"නම..?"

"ශාලිය කියන්නකො.."

මූට නිකං ඔෆිස් එකක ලොක්කෙක් හම්බෙන්න ගියා වගේනෙ.. මම දේශාන් එනකම් නාකියට බැන බැන ඉදියා.. අන්තිමට විනාඩි 3කින් වගෙ දේශාන් එලියට ආව. ඌට ලගටම එනකම් මාව දුරන්න බැරි වෙන්න ඇති..

"අම්මට උබ.. ඉතින් ඉතින්.."

"මම මේ හෙන ගේමක් දීලා ගේ හොයා ගත්තේ.."

"වරෙන් හු#තො ඉතින් ගෙට..."

"නෑ මේ මම වැඩකට දේශාන් ආවෙ."

"යමන් ගිහින් කතා කරමු.."

"නෑ මට මෙහෙම කියපංකො.. චරිත්ලා එහෙම කෝ බං.."

ඌ කිව්ව කතාව මට විශ්වස කරන්න බැරි උනා.. මම ඌ එක්ක ගියේ හොස්පිටල් එකට..
යද්දි චරිත්ගෙ ඇද වෙන්න ඇති. මම එහෙම හිතුවේ ඒ ඇද වට කරගෙන උගේ යාලුවොයි, නංගියි මල්ලියිත් ඉදියා.. අපි එනව දැක්ක මල්ලි මං ගාවට අවේ එක පාරටමයි..

"අයියේ ඔයා ආවද.."

"ම්.. අයියට මොකද බං.."

"යං මම කියන්නම්.."

"අයියව බලලා ඉමු.."

"ප්ලීස් දැන් එපා අපි පස්සෙ බලමු එන්නකො.."

"අඩෝ මට අයියව බලන්න ඕනේ මල්ලි.."

"හරි.. ඊට කලින් මම ඔයට පොඩි දෙයක් දෙන්නම්...ඒක බලන්න.. ඊට පස්සෙ ඔයා  අයියා ඉස්සරහට එන්න.."

"මට තෙරෙන්නෑ.."

"ඔහොම ඉන්නකො.."

ටිකකින් නංගිත් එක්කගෙන මල්ලිත් ඇවිත් වීල් එකකට නැග්ගා. මමත් කිව්ව විදිහට චරිත් දිහා නොබලා නුවන්ලගෙ වීල් එක පස්සෙන් ගියා. නුවන් එක්ක ආවේ එයාලගේ ගෙදරට..
නුවන් චරිත්ගේ කමරේට එක්ක ගිහින් දොර වහල දැන්මා.. මට මොකුත හිතා ගන්න බැරුව කමරේ පුරා පෙරල පෙරල මොනවදෝ හොයන නුවන් දිහා බලාගෙන ඉදියා..

"මොනාද හොයන්නේ.."

"අයියගේ ජීවිතේ.."

"අයියගේ ජීවිතේ.."

"ම්ම්..."

"පිස්සුද බං මල්ලි උබට යමං මට අයියව බලන්න ඕනේ."

"ඉන්න මේක බලලම යමු..."

එහෙම කියලා මොකද්දො පොතක් අරගෙන නුවන් ඇවිත් ඇදෙන් මාව ඉන්ඳවල පොත මගෙ අත උඩින් තිබ්බා..
ඒක චරිත්ගේ අකුරු වලින් ලියවුන පොතක්. පරණ දින පොතක්.
මම පොත අතට අරන් කියවන්න ගත්තා..

2010 : 5 : 24

කැම්පස් එකට ආව මුල්ම දවස,
විශෙෂයක් නම් නෑ.. ගොඩාක් ළමයි ඇවිත් ඉදියා. ගෙවල් වල පවුල් පිටින්ම ඇවිත්. තනියම ඇවිත් ඉදියේ මං විතරයි.
අදට ඔච්චරයි..

2010 : 5: 24

විශේෂයක් නෑ, ඔරියන්ටේෂන් පටන් ගත්තා..

2010 : 5 : 26

අදත් ඔරියන්ටේෂන්, විශේෂක් නෑ කියන්න බෑ.. ශාලිය කියල යාලුවෙක් හම්බුනා..

2010 : 5 :  29

අම්මො කැම්පස් එපා වෙනව.. මඤ්ඤං වෙලා ඔලුවම අප්පා..

2010 : 06 : 03

ලෙක්චර්ස් වලට අද තමා ඉස්සෙල්ලම ගියෙ. මේලෝකේ හසරක් තෙරුන්නෑ.
අහ් ශාලිය ලෙක්චර් හොල් එකෙදි දක්කා. කතා කරන්න උනේ නෑ..

2010 : 06 : 04

අද විශේෂයි. එයා එක්ක කතා කරපු පළවෙනි දවස.. මං ඇයි ඌ ගැන හිතන්නේ.. මම කිව්වෙ ශාලිය ගැන.. උත්තරයක් නැති ප්‍රශ්නයක්.. ඌ ලඟට යද්දිත් ඇඟ ගැහෙනවා.. ඕක තමා විශේෂ වෙන්න හේතුව.. ගැහි ගැහී කතාකරපු එක..

ආ, හවස නංගි කෝල් කලා. අම්මට ටිකක් අසනීපයිලු.. හෙටම ගෙදර යනවා..

2010 : 06 : 20

ලියන්න උනේ නෑ.. අම්මා අසනීපෙන්..
අද තමා හොස්ටල් අවෙ.. විශේෂයක් නෑ..

2010 : 7 : 11

ශාලිය හම්බුනා.. අපි එකට ලෙක්චර් එකේ වාඩි වෙලා ඉදියේ.. මොඩයා වගේ ඔහේ නිදි කිරනව ලෙක්චර් එකෙදි..
උර හිස්ස දුන්නේ නිදාගන්න ඒකට.. පුටුවෙ පොඩ්ඩක් ඉස්සරහට ඇදිලා උර පාත් කලා.. අනේ ඉතින් මොකාද එකා වගේ නිදාගත්තා.. අදත් විශේෂයි ඉතින්..

2010 : 7 : 27

ශාලිය හම්බුනා. කතා කලා. මහ පිස්සු හු#තෙක්.. සරලවම කිව්වොත් එච්චරයි.. ඒ හිනාව, එක පාරක් දවසටම ඇති..

2010 : 7 : 30

කැම්පස් ගියා. විශේෂයක් නෑ. මොකද්දො මන්දා පාලුවක් දැනුනා..
ශාලිය කැම්පස් ඇවිත් ඉදියෙ නෑ.
ඒක මොකද්දො මන්දා නමක් දෙන්න බැරි පාළුවක්.

2010 : 9 : 02

අද ශාලියගෙ බර්ත් ඩේ එක.. පර්ටියක් තිබුනා අද. ඉස්සෙල්ලම කේක් කෑල්ල කැව්වෙ බැජ් එකේ ලස්සනම කෙල්ලෙකුට. ඒකි ඉතින් දැක්කොත් උගේ පස්සෙ.. මට කැව්වෙ තුන්වෙනි කෑල්ලද මන්දා.. මං උගෙ ඇස් දිහා බලන් කෑවත් ඒකා වෙන මොකෙද්දෝ කිව්ව එකකට හිනා වෙවී කැව්වෙ.. ඒ ඇස් මඟ ඇරුනා ඉතින් මට. ඒ ඇස් වලට ලං වෙලාම බලන්න පුළුවන් උනෙ එවෙලෙ විතරයි මට..

2010 : 9 : 17

අද අපෙ සෙට් එකේ නන්-හොස්ටල් සෙට් එකත් හොස්ටල් ගත්ත දවස. අදින් පස්සෙ නම් මේ පොතේ ලියන එක තවත් අඩුවෙයි..කාමර්ට තව ඇදවල් දැන්මා.
ශාලියත් හොස්ලට් ආවා. අපේ රූම් එකට එහා පැත්තේ රූම් එකේ. කමක්නැ අල්ලපු කාමරේනෙ...

2010 : 9 : 28

බැජ් ට්‍රිප් එක යනව හෙට.. ශාලිය යන්නෑති කතාවක් කිව්ව එහෙම උනොත් මාත් නොයා ඉන්නව.

2010 : 10 : 10

අම්මට ගොඩක් අසනීපයි.. පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් උනා, හෙට ඉදන් වැඩ.. ශාලියලගෙ කාමරේ රෙපයාර් එකකට වහලා.. වැඩේ ගොඩ
ශාලිය මගේ කමරේ අද ඉදන් දිගටම..

2011 : 01 : 01

අලුත් අවුරුද්ද.. ජිවිතේ දිනන්න ඕනේ. මගෙ අම්ම වෙනුවෙන්.. ඒක විතරයි මගේ ප්‍රර්ථනාව..
ශාලිය ගැන කියන්න තෙරෙන්නෑ.. ඌ අද හොදටම බීලා කමරේට ඇවිත් තනියම සින්දු කියනව.. වෙලාවකට ඌව තෙරුම් ගන්න බෑ. බිව්වම මගෙ ඔඩොක්කුවට ආවට කැම්පස් එකේ කෙල්ලො පස්සෙමයි.. හිත හදාගන්නවා මං, හිතට බරක් ඒක..

2011 : 02 : 05

අද කාර්ඩ් දැන්මා. රැග් සීන් එකනම් එපාම උනා. එයාගෙ කාර්ඩ් එක පොඩ්ඩා.. හොද පොඩ්ඩා.. දාන්න තිබ්බේ ඉබ්බා කියලා.. මට වැටුන කාර්ඩ් එක සාතන්.. ගෝතන් වගේ ඉන්නවා ඉතින්.

2011 : 03 : 02

අද රිසාල්ට් ආව දවස. ඔක්කොම පාස්..
ශාලියත් ඔක්කොම ගොඩ.. ඒ ඇති අදට..

2011 : 5 : 20

අද මගේ බර්ත් ඩේ එක.. මම ගොඩ දවසකින් කැම්පස් ගියේ එකයි..
මට ඉස්සෙල්ලම කේක් කෑල්ල කවන්න වෙන කවුරුත් නෑ. මම පොඩීට කැව්වා.
ඌ මොනව හිතුවද දන්නෑ..
කොල්ලොත් අනම්මනම් කිව්වා.. ඒත් ඌ ඒවා ගනන් නොගත්ත එකම මට ඇති..

2011 : 7 : 11

දැන් ලියන්න වෙන්නෙම නෑ, සමාවෙයං ආදරණීය පොත..
පොඩීගෙ අම්ම කතා කලා අද..

2011 : 9 : 02

පොඩීගෙ බර්ත් ඩේ එක.. හැපි බර්ත් ඩේ පොඩී..

2011 : 11 : 23

අපි හොදින්. ලියන්න වෙලවක් නෑ...

එතනින් පස්සෙ ලියලා තිබ්බෙම නෑ.. මම පිටු ගානක් පෙරලලා බැලුව..
මම බැලුවේ මොකුත් හිතා ගන්න බැරුව නුවන් දිහා. ලැජ්ජවක් දැනුනාත් මට මේ පොතේන් කියන්න හදන දේ දැන ගන්න හදිස්සියක් තිබුනා..

"තව තියනව ඉස්සරහට. කියවන්නකො මම තේ එකක් අරන් එන්නම්.."

නුවන් කමරෙන් යන්න ගියා. මම තව පිටු දෙක තුනක් ඉස්සරහට පෙරලුව..
පිටු ගානක් පෙරලලා තව අකුරු ටිකක් හොයාගත්තා.. ඒත් චරිත්ගෙම අකුරු..

#විසිනවවන_පිටුවට  ❤️🤟

Continue Reading

You'll Also Like

3.5K 429 16
'ආදරය කරන එක මේ තරම් වරදක්ද, සම්මතයක් අසම්මතයක් උනත් ඒක ආදරයම නේද. තමන්ගේ හිතේ ඇති වෙන හැඟීම ලෝකෙන්ම හංගන් දුක් විඳින්න ඕනද ' අකී හිතන්නට උනා. ඒකපාර්...
4.9K 664 7
විනාඩි හතක් හැමදෙම වෙනස් වුන විනාඩි හතක් මේ ආද්‍යාන්ගේ ජිවිතේ වෙනස් කරපු විනාඩි හතේ කතාව .... ❤️ මෙක Romance + Triller Category වලට වැටෙන Bl stor...
3.8K 448 8
"උබ මේ දේවා ලගට ආවේ උබට ඕන වෙලාවට උනාට උබට මෙතනින් යන්න පුලුවන් වෙන්නේ මට ඕන වෙලාවට.." "අනුන්ගෙන් හොරා කාලා ලොකුකම් දාන මහ ලොකු දේවා...මං උබට බය නෑ ය...
5.4M 478K 98
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...