අපි හැමෝම හිතන් ඉන්නේ අපි දුකේදි විතරක් තනිවෙන්න ඔනේ.. අපි දුකක් දැනුනම විතරක් හිත නිවෙන තැන් හොයාගෙන යන්න ඔනේ කියලා..
ඒත් එහෙම නෑ.. මම හවස චූටිත් එක්ක පංසල් ගියේ චරිත් සුදානම් කරලා පහන් පූජාවට..
අපි යද්දි ඇවිත් ඉදියේ චරිතුත් මල්ලිත් නංගිත් ඒ අහල පහල ඉදපු මල ගෙදරදි ගොඩක්ම හුරු උන මැදිවසයේ ගැහැනු දෙතුන් දෙනෙක් විතරයි..
අපිත් පූජාවට උදව් උනා.. පහන් පූජාවක් තමයි සංවිධානය කරලා තිබ්බේ..
නුග කොල 108ක් උඩ පහන් 108ක් වැලිමලුව පැත්තකින් දැල්ලුවා. ඒ එලියෙන් මුළු වැලි මළුවම ආලෝකමත් කලා..
අන්තිමට පංසලේ පොඩි හාමුදුරුවො ඇවිත් පංසිල් සමාදන් කරවලා ඒ පූජාවෙ ආනිසන්ස ගැන පොඩි දෙශනාවක් කලා..
"අද පැමිණ තිබෙන මේ උපාසක උපාසිකා මහත්ම මහත්මීන් කර ගත්ත කුසල ධර්මය ඉතාමත්ම වටින එකක්.
අපි කෙනෙක් වෙනුවෙන් පිහිට වෙනවා හා සමානයි මේ ආලෝක පූජාව..
මේ පූජාවෙන් අපි හිතේ තියා ගන්න ඕනේ කාරණාව තමයි.. මේ පහන් 108 ම ආලේකයට හා සමානව අනිත් කෘතඃජන මිනිසුන්ගෙ ප්‍රඥාව වැඩෙන්න ඕනේ කියලා අපි මෛත්‍රී සිතින් ප්‍රාර්ථානා කරන්න ඔනේ..
මොකද ප්‍රඥාව නැතුව අපිට කිසිම දෙයක් ලබා ගන්න බෑ තෙරුනාද.. හරිය ඒක අදුරෙ ඉන්න මිනිහෙකුට දෙයක් එක පාරට අල්ල ගන්න බෑ වගේ මේ ප්‍රඥාව නැති මිනිහත් ඔහේ අතපතගගා ඉන්නවා.. එතකොට මොකද වෙන්නෙ.. එතකොට එයාට නිවනට යන්න ප්‍රමාධ වෙනවා.. ඉතින් අපි මේ විදිහට සම්මා සම්බුද්ධත්වයට පත්වුන බුදුන් වහන්සේට මේ ආලේක පූජාව කරලා ඒ වගේ මෛත්‍රී සිතක් පහල කර ගත්තොත් අපි දෙගොලන්නම ඉක්මනින් නිවන කරා යන්න පුළුවන්...
ඒ වගේම මේ ආලෝක පූජාවෙන් මේ මලුවම ආලෝක වෙලාතියන වගේ.. ඔයාලා එකිනෙකා අදුරගන්න පුළුවන් විදිහට මේ හවස් යාමේ කළුවරේ උනත් මේ උපාසක මහත්ම මහත්මීන්ට ඔයාලාව අදුරගන්න ඔයාලගේ මූණු වලට මේ ආලෝකය වැටිලා පේනවා වගේ ප්‍රඟාවෙන් වැඩෙන පුද්ගලයත් මේ ගෙවෙන ආත්මේ විතරක් නෙවෙයි හැම ආත්මෙකදිම ප්‍රඥාවෙන් වැඩිලා ඒ ඒ ආත්ම භාව වලදි සිය නුවණින් කටයුතු කරන්න පෙළඹෙනවා...
ඉතින් මම මේ පොඩී දෙශනාවක් දුන්නේ අපේ මේ චරිත් උපාසක මහත්මයගේ ආදරණීය මව්තුමීට පිං පිණිස වගේම එයාගේ බලාපොරොත්තු වෙනුවෙන් වපත්වපු මේ ආලෝක පූජාව ඒ හැමදේකටම හේතුවසනා වේවා. ඒ වගේම මේ පුන්‍යකර්මයට දායක උන ඔයාලා හැමෝගෙම ජිවිත ප්‍රඥාවෙන් වැඩෙත්වා.. සැමට මෛත්‍රී සිත් පහල වේවා කියලා හිතින් හිතාගෙන.. මේ කරන්නා වූ කුසල ධර්මයෙන් පිං බලාපොරොත්තුව අපි වටා සැරසරණ හැමට මේ පිං අනුමෝදනා වේවා කියන සිතුවිල්ල පෙරදැරි කරගෙන මාත් එක්ක මේ ගාථා කියමු...
එත්තාවතාච අම්මේහී...
මා මේ බාල සමාගමෝ...."
පූජාව ඉවර දෙද්දි හිතට දැනුනේ හිටියටත් වඩා ලොකූ සහනයක් වගේ කියලා මට හිතුනා.. පුජාව ඉවර වෙලා හැමෝම යන්න ලෑස්ති උනා..
"මල්ලි, නංගිත් එක්ක නැන්දලා එක්කම ගෙදර යන්න.."
"ඔයා..?"
"හරි මම හමුදුරුවො හම්බෙලා එන්නම්.."
"හ්ම්ම්.. ඉක්මනට එන්න.."
නංගි අපෙනුත් අවසර අරාන් නඩේට එකතු උනා. මල්ලිත් ඒ ඔපස්සෙන්ම ගියා.."
"ඒ මල්ලි මෙහෙ එනවා.."
පොර චරිත් ගාවට ආවෙ පූසෙක් වගේ.. බිම බලාගෙන.
"මල්ලි, කොහෙවත් නවතින්න බෑ ගෙදරම යන්නෙනේ. එරහේ මෙහේ රොන්දේගහලා තිබියන්කො.. අනිත් එක ගෙදර ගිහින් ෆෝන් කකා ඉන්නැතුව අක්කට උදව් වෙනව හරිද, මම අවම බලා ගන්නම්කො.."
මල්ලිත් ඔලුව කක කහා ගිහින් පංසලේ පූජාවට ඇවිත් යන අයට එකතු උනා..
වෙලාවකට ඒ බැදීමුත් විදින්න ආසාවක් ආව.. පවුලෙ වැඩිමලා වෙලා මල්ලිටයි නංගිටයි සද්දයක් දාගෙන ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියනව..
"එකෙත් පොඩි ආතල් එකක් තියන වනේ චරියා.."
"මොකේද.."
"පොඩි උන්ට සද්දයක් දාගෙන ඉන්න එක.."
"අප්පා ඒක කරලම බලන්නොනේ.. එහෙම උනා නම් උබ කියන්නෑ ඔහොම...ඕකුන් දෙන්න බලා ගන්නවට වඩා හොදයි හොද කළු ගලක් හොයලා ඔළුව ගහ ගන්න එක.."
"ඒ මොකෝ බං.."
"නෑ බං.. මුන් ආම්බාං කරන්න තව දහයක් ඕනේ. මම හිතුවෙ ලොකු වෙද්දි අඩුවෙයි කියලා කොහෙද ඒකේ අනිත් පැත්ත..."
"අඩේ.. එහෙමද..."
"ඔව්, නංගි නම් දැන් ලබන අවුරුද්දෙ කැම්පස් යන්නනෙ ඉන්නේ.. මොකක් හරි හුට පටයක් තියනවා එයාගෙත් මම මේ තනියම හම්බෙනකන් ඉන්නේ.. "
"ඉතින් උබ හොයලා බැළුවෙ නැද්ද.."
"මොකො නැත්තේ මං හොයලා බැලුවා අවුලක් නෑ අර ගනේවත්ත ඉස්කොලෙ මැත්ස් කරපු සර් මතකද උබට.."
"ඔව් කිත්සිරි සර් නේ.."
"අහ් අන්න හරි.. "
"අප්ප අර චූ යන්න පොඩි කාලේ ගහනේ.."
"ඔව් ඔව්.."
"ඉතින්.. එයාගෙ පුතෙක්ද.."
"ඔව්.. මම හිතන්නේ පොඩි එකාද කොහෙද.. මට ඌව හම්බෙනවා.. අහන්න ඔනේ.. ඉස්සෙල්ල අපේ එක්කෙනාගෙන් අහලා.."
"ම්.. ඔව් ඔව්.. ඒක හොදයි කෝකටත්.."
"ඒකි පොඩි කාලේ ඉදන් වදයක් නෑ.. ඒකි ගැන මට බයක් නෑ.. ඒත් මේ පොඩි එකා තාම ස්කොලේ යන්නේ.. මූ මේ සිගරට් බොන කතාවක් මට අරංචි උනා. මන් දන්නෑ ඇත්ත නැත්ත අහුවෙනකං ඉන්නෙ පුංචනව කට.."
"එහෙමනම් ඉතින් අයියගෙ කටට පෙට්‍රල් හලන්න වෙන්නෙ."
"අපි ඉගෙන ගෙන ඉවරනෙ බං.. දැන් ඕන මගුලක්.. ඒත් මුන් තාම ඉගෙන ගන්නව හැදෙන වයස.. හන්දිගානෙයි බෝක්කු පල්ලෙයි.. අහු වෙයංකො මට.."
මට චරිත්ගේ සහෝදර බැදීමේ ලෙංගතුකම දැනුනා.. චූටිත් අපිකතා කරන අතරේ සුලඟට නිවුන පහන් ආයෙ ආයෙම පත්තු කරන ගමන් ඉදියා.. අපි යන්න ලේස්ති උන නිසා චූටිට කතා කලා..
"තප්පරයක් ඉන්න තව එකයි..."
අපි එහෙම්ම හෙමින් පාරට ආවේ චූටි එනකම් කියලා. චරිත්ව හරියටම දැක්කෙ මම පූජාවෙන් පස්සෙ.. ඉස්සර පංසලට ඇදපු ඇදුම් දැන් ඌට ෆිට් එකට නෑ.. යාන්තම් ලූස් එකට වගේ තිබ්බේ..
මට ඌ ගැන දුක හිතුනා. අම්ම නිසාම කන්නෙ බොන්නෙ නැතුව පහු ගිය ටිකේම අම්ම පස්සෙ දුවලා පොර ඇදිලා ගිහින්.. හිතට සතුටක් දැනුනේ අම්ම නැතත් දැන් ඌට විදවන්න ප්‍රශ්නයක් නෑනේ කියලා හිතෙද්දි..
"දැන්වත් හොදට කලා බීල ඉදපන්.."
"ඇයි මම කෙට්ටු වෙලා නේ.."
"ම්.. උබට මේක ෆිට් එකට තිබ්බනේ.."
මම චරිත්ගේ අත් දිහා බලන් එහෙම කිව්වෙ ඇත්තටම මහා ගොඩක් නැතත් දැන් ඒ අත් පවා ලූස් එකට තිබ්බා..
ලිනන් කලිසමට සුදු සර්ට් එක නම් ඌට ඇත්තටම ගැල්පුනා.. මම ආසම ඇදුමක් ඒක ඌ අදිද්දි..
"හරි යං.."
චූටි ආවම මම දෙන්නවම දාගෙන යන්නයි හැදුවේ
"මම එන්නම් උබලා යමං.."
"ඇයි උබ කොහොමද එන්නෙ දැන්.. නැගපං.."
"නෑ මම හාමුදුරුවෝ හම්බෙලා එන්නම්.."
"ඒ මොකෝ.."
"දානේ ගැන පොඩ්ඩක් කතා කර ගන්නත් ඕනේ බං ආයේ එවෙන්නෙ නෑනේ මේ පැත්තට.."
"එහෙමද.. හරි එහෙනම් ඉකනට පලයං පොඩි උන් දෙන්න විතරනේ.."
"ඔව් ඔව්.. කතා කලා ආවා.."
"එක්කො අපි ඉන්නම්.. උබ කතා කරලා වරෙන්.. අපිට ගියා කියලා වැඩකුත් නෑනේ.."
"ඔව්. චරිත් අයියා ගිහින් එන්න.. අපිට පරක්කුවක් නෑ.."
"නෑ නෑ.. උබලා යමං.. දැන් ලොකු හාමුදුරුවෝ හම්බෙන්න ගියාන දන්නවනේ.."
"ම්.. එහෙනම් ගෙදර ගිහින් කෝල් එකක් ගහපන්.. අපි යනව.."
"ම්.. පරිස්සමින් දෙන්නම.."
මම බයික් එක හරවල අරන් එද්දි නිකමට චරිත් දිහා බැලුව.. ඌ අපි යනකම් බලාගෙනම ඉදියා.. දාලා යන්න මොකද්දෝ මංදා හිතට බැරි කමක් දැනුනත් මම ඒ ගැන් නොහිතා එන්න ආවා..
"ශෝක් නේ ඒ පූජාව.."
"ම්..."
"අපිත් කරමුකො දවසක.."
"ම්...ම්..."
"මොකද්ද අනේ බස්සෙක් වගේ .."
"ම්...."
"තමුසෙට.. කිව්වම වැඩී.."
"අහ් අහ් රිදෙනවයකො.. හැබැයි අතාරිනව බයික් එක."
"මට මොකෝ.. දෙන්නමනේ.."
දැන් ගිහින් උයන්න බැරි නිසාම අපි කඩෙන් කාලේ ගෙදර ගිහින් තේ බොනවා කියලා හිතාගෙන රෑ කෑම කාලම ගෙදර ආව...
ගෙදර ඇවිත් ඇදුන් මාරු කරල ඇදට ආවම චූටි කැම්පස් එකේ පොත් වගයක් දිගෑරගත්තා.. මම ෆෝන් එක බලද්දි චරිත්ගෙන් ගෙදර ගියා කියලා මැසේජ් එකක් තිබ්බා මම ඒකට රිප්ලයි කලේ අහපු දේට අනුව..
ඉස්සර එහෙ මෙහේ ගියපු හිත නැවතුනේ චූටි ගාව.. එදා ඉදන් අද වෙනකම් කිසිම කෙනෙක් ගැන මට වැරදි දෙයක් හිතිලා නෑ.. ඒත් චරිත්ව දකිද්දි ඌ විදින දුක පේන නිසාදෝ මන්දා ඌ එක්ක ඉස්සර වගේ සැහැල්ලුවෙන් ජිවත් වෙන්න තිබ්බ නම් කියලා හිතෙනවා.. මොනවා කොහොම කිව්වත් චූටි ලං උන දවසෙ ඉදන් චරිත් මගෙන් ඈත් වෙන්න අරං තිබුනා.. ඒක එදා බොඩිමේදි උන සිද්දියත් ඒකට ඇවිව්න ගිණ්නට පිදුරු දැන්මා වගෙ උනා..
කොහොම උනත් දැන් අපි පොඩි වයස් වල උන් නෙවෙයි.. මටම කියලා ජිවිතේ ප්ලෑන් එකක් මම හදා ගත්තා..
ඒ චූටිගේත් කැමැත්තට..
හිටපු ගමන් චුටි පොත් ටිකත් දලා ඇවිත් ඇගට පැන්නා..
"එ....ඒඑ.....ඒ.....ඒ...එ.."
"පිස්සුද..බය වෙලා ගියා මන්.."
"හොද වැඩෙ.. මොනාද කල්පනා කරන්නේ දමාගෙන.."
"මොකුත් නෑ ඉතින්.."
"මම අරහෙ තනියම වැඩ, පණ දාගෙන එසයිමට් එකක් කරනව... කතා කරන්නවත් කවුරුත් නෑ.. මෙයා හොදට සපාන් එකේ ඇදට වෙලා ඉන්න්වා.. ඔහොමද ඩිග්‍රී ගහපු අයියලා අහ්.. කියලා දෙන්න ඕනේ නේද ."
"හරි ඉස්සෙල්ල තේ එකක් බොමු.."
"ම්.. හා.."
අපි තේ බිබී අනාගතේ ගැන හීන දැක්කා..
"මේ අපි ගෙයක් ගමු අයියේ.. හැමදාන මේම ඉන්න බෑනේ.."
"ම්.. මම ඉස්සෙල්ලා කල්පනා කලෙත් ඕක.."
"මේ ඊට කලින් අපි අක්කයි අම්මවයි බලන්න යන්.."
"ඒ ඇයි.."
"අනෙ යන්කො. මට අම්මව බලන්න අසයි..."
"යං.. ඊට කලින් මම අක්කට ඔයා ගැන කියනව.. ඒයා අම්මට කොහොමත් කියයිනේ.. ඊටපස්සෙ බලමු.."
"බෑ බෑ. යාලුවො විදිහට අපි ගිහින් ඇවිත් පස්සෙ අවම කියමු.. එතකොට ගිහින් ඇවිල්ලනේ.."
"ඇහුවොත්.."
"යාලුවොක් කියන්න.. හරි වැඩක්නේ.."
"ගියාම මගුල් ජෝඩු කරයි.. අරකයි මේකයි.. ඕව අහන් ඉන්න පුළුවන්ද ඔයාට.."
"අහනව විතරනේ... කරන්නෙ නෑනෙ ඔයා.."
"කලොත්..."
"කලොත් ඉතින්.. පැත්තකට වෙන්නම්.."
"දුකක් එහෙම නෑ.."
"දුකයි ඉතින්.. ඔයට දුක නැති නිසානෙ යන්නේ.. බලෙන් නවත්ත ගන්න බෑ ඉතින්.."
"ඔය පණ්ඩිත කං තියනව නම් එසයිමට් එකත් තනියමකර ගන්නවකො.."
"අනෙ.. තේත් හදලා දුන්නනේ.. යන්කො. මම පුටුවකුත් තිබ්බා ඔයාට ."
"බෑ උකුලේ ඉදන් කරන්න ඕනේ."
"අනෙ මේ අලි බබ්බු මට නලවන්න බෑ.."
"හරි එහෙනම් ඔයා මගෙ උකුලේ.."
"ඒක නම් කමක්නෑ..."
"ඇත්තට.. වර මෙහෙ.."
එසයිමට් එක කරන විදිහ දළ අදහසක් මම දීලා චූටි කරන විදිහ මම බලාගෙන ඉදියා. වැරදුන තැන.. අමතක උන තැන දි මගේ උකුලේ තියන චුටිගෙ පස්ස තමා දඩුවමට ලක් උනේ.. ඒ නිසාම චූටි වැරදි අඩුවෙන්ම කරද්දි මම වැරදි හොය හොයා පොඩි වැරද්දටත් දඩුවම් කලා..
"අනෙ මේ මම කර ගන්න ඔයා ඉන්න.."
"එහෙම තමා රූල ගහද්දි උනත් ඇද වෙන්න බෑ.."
"අනෙ මේ.. ඔයාට මට වද දෙන්න ඕනෙ කමට.. මම දන්නැද්ද මේක කරන්න දෙන්න පාඩුවේ..."
"වරද්දන්න බෑ.."
"බොරු අනේ ඔයාගෙ.."
"හරි හරි කරනවකො මම බලන්නේ ඉන්නේ.."
"බෑ.. එපා මම කර ගන්නම්.. ඔයා නිදා ගන්න.. හෙට ඔෆිස් යන්නත් තියනවනෙ.."
"නෑ නෑ.. නිදිමත නෑ මට.. තාම 10යිනෙ.."
"හැබැයි.. කොනිත්තන්න බෑ..."
"හරි වරද්දන් නැතුව කරනවකො එහෙනම්.."
"ඔයත් එක්ක බෑ අයියෙ.."
"මොකටද නිකන් ඉදපු මාව අස්ස ගත්තේ..!
"අනෙ ඇත්තමයි දන්නව නම්.. මන් තනියම කරනව.. විහිළු නෙවෙයි මේක හෙට දෙන්නොනේ.."
"හරි ඉතින් කරන්න.."
"හරි ඉන්නවකො.. තමුසෙට.. නිදා ගන්න නම් හම්බෙන්නෑ පුතෝ.."
"නිදා ගන්න ඔනේත් නා.. මේම ඉද්දි.."
"ඔය වලත්ත කම කවදාවත්ම අඩු වෙන්නැද්ද..."
"මන් හිතන්නේ නැති වෙයි නේ..?"
"ඉන්නකො මම අඩු කරන්නම් ඕක.."
"මම හිතන්නෑ.. හරි ඔයා ඒක කර ගන්න.. දැන් ඕක කරන්න, ෆැක්ටිකල් එකකුත් තියනවනේ.."
"මොන.."
"ඔව්.. දැන් ෆැක්ටිකල් එකකුත් තියනවා ..."
"ඔව්.. ඒක ඉතින් ඉර පායනව වගේ හැමදාම තියන එකනේ..."
"හැමදාම කොහෙද.."
"ඇයි නැත්තේ..."
"බොරු කියන්නෙපා.."
"ඊයෙ.. පෙරිදා.. ඊට කලින් දවසෙ.."
"ඊටකලින් දවසෙ කොහෙද.."
"ඇයි නැත්තේ.. මට මතකයි.."
"අහ් එහෙනම් චරිත්ලගෙ ගෙදරදි වෙන කවුරු හරි එක්ක කරන්න ඇති.."
"අහ්. හරි.. ඉතින් ආව දවසෙ ඉදන් කලානේ.."
"ඒත් ඊටකලින් සතියක් කරන්න උනේ නෑනේ.."
"ඉතින්.. එක හරි වැඩක්නේ.."
"හරි වැඩක් නේන්නම්.. මාත් කියන්නේ.."
"ඒකට මෙන්න මෙහෙම අල්ලලා ඇඹරුවනම් හරි.."
"ආව්... ආව්, යකො එප..."
ඇති වෙන්න අපි හිනා උනේ පිටට නොපෙනෙන හිත් වලින්.. වොශ් එකක් දාගෙන ඇවිත් චූටි තුරුල් උනේ මට.. මම චූටිව තුරුල් කර ගත්තා.. මම මගේ අතීතෙට ගියේ චූටි මගෙ තුරුල්ලෙ ඉදන් කාටත් සුන්දරම මතකයන් එකතු කරන
1ස්ට් ඉයර් එක ගැන කියද්දියි..
හෙමින් සීරුවට ෆැක්ටිකල් එකට අවශ්‍ය දේවල් අවදි වෙලා තිබ්බ නිසාම මට වෙන මොකුත් ඕනේ කමක් තිබ්බෙ නෑ..
" ෆැක්ටිකල් එක කරන්නෑ.."
"මම ඒත් බැලුවෙ ඇයි පරක්කු කියලා අද.."
"නෑ ඔයා කැම්පස් එක ගැන කියද්දි මටත් ඒ කලේ මතක් උනා.."
"ඔයාගෙ දෙවල් මට කියලම නෑ.. කියන්න්කො."
"හෙට කියන්නම්.. දැන් ෆැක්ටිකල් "
මම චූටිව මගේ පැත්තට හරවගෙන අඩ අදුරේ මූණට මූණ බලාගෙනම ඉදියා..
චූටි හෙමින් අතට අරන් එහෙ මෙහෙ කරද්දි මම බෙඩ් ශීට් එක අරන් දෙන්නටම පෙරව ගත්තේ ඇදුම් නැති නිසාම දැනුන සීතලට..
මට ඒ ඇස් කොච්චර දැක්කත් එපා වෙන්නෙ නෑ. මම හෙමින් ඒ ඇස් ඉබ්බා. ටිකකින් චූටි මගේ මූණේ සේරම තොල් තියලා පිළිවලින් බෙල්ලට පපුවට බඩට යනකම් තැනින් තැන තොල් තියන ගමන් පහලට පිරුවා.. මම ඒ පහස ඇස් පියාගෙනම වින්දේ චූටිගේ ඔලුවේ කෙස් අතරේ ඇගිලි මාරුවෙන් මාරුවට යවන ගමන්.. චූටී ඊ ලගට කරපු ටිකට නම් මම කෙස් ගලවලා ගන්න තරම් හයියෙන් අල්ල ගත්තා..
කොහොමත් අපි පැයක් විතර ඒ ෆැක්ටිකල් පේපර් අහල තිබ්බ ප්‍රශ්න වලට එක එක විදිහට උත්තර දීලා මුළු පේපර් එකම කරලා නිදා ගනිදි 12ත් පහුයි..
***************************************************
සමන්‍ය විදිහට මම ඔෆිස් යන එකත් චූටි කැම්පස් යන එකක් සිද්ද උනා..
විශේෂයකට කියලා කිසින්දෙයක් උනේ නෑ.. චූටි දවසින් දවස මට ආදරේ කරන එක වැඩි උනා කියලා මට දැනෙන්න ගත්තා.. ඒක විතරයි විශේෂයක් කියලා මට කියන්න තියනව නම් තියෙන්නෙ.
උදේට බස් එකට දාන්න මට යන්න උනා. මම ඔෆිස් යන්න ටයිම් තියාගෙන වෙලාසන ගෙදරින් ඇවිත් චුටිව 138 බස් එකට දැන්මේ බම්බලපිටිය ට ඇවිත් අපේ කැම්පස් එක් ගාවින්..
හවසට නම් හැමදාම මට කැම්පස් එක ගාවට යන්න උනා.. මට එන්න බැරි උන දවසට මිනිහා ගෙදර එන්නේ නිකං මිනියක් මැරිලා එන ගානට...
"මොකො..."
"එන්න බෑ පොඩ්ඩක් පාරට වත්.. ඉන්නව රත් කර කර.."
"මම දැන් ළමයො ආවේ.."
"මම එනකම් ඉන්න තිබ්බනේ හලො.."
"පව් කියලා දවස දෙකක් ආවම කරේ යන්න නේ.."
"එහෙම නෙවෙයි ඉතින්.. බස් එකේ එන සල්ලිත් ඉතුරුයිනේ.."
"සල්ලින් දෙන්නම් මම බැරි දවසට.."
"අනෙ මේ ඔයගෙ සල්ලි ඔයා තියා ගන්න.."
"මේ තේ එකක් හදමුකො. වතුර උණුවෙන්න දලා තියෙන්නෙ.."
"අහ්.. මාව එක්ක නාව දවසට තේ නැ හදන් බොන එකයි ඇත්තේ.."
"හරි අදම නිති දලා අදම ක්‍රියාත්මක වෙන්න බෑ.."
"හරි, එහෙනම් ඔන්න හෙට ඉදන් හොදෙ.."
"හරි බලමුකො.."
"තේත් හදලා දෙනව.. එන්න බෑ පොඩ්ඩක්.."
චූටි කණ මිරිකලා යද්දි මට හිනායි..
මම කවදාවත් හිතුවේ නෑ මූ මෙහෙම කෝළමක් කියලා..
ඔෆිස් එකේ මේ ටිකෙ උන දේවල් ගත්තම චරිත් ඉස්සර වගේ වැඩ නොකරන පාටක් මටත් පේන්න තිබුනා.. ඒක මම හරියටම දැන ගත්තේ ඔෆිස් එකේ මාසේ අන්තිමට තියන බොර්ඩ් මීටින් එකෙන්..
ඌ ඒකට හෙන අවුලෙන් ඉදියේ හැමෝම ඉස්සරහා සර් එහෙම චරිත් ගැන කතා කරද්දි කාට උනත් අවුල් යනව.. මොකද චරිත් ඔෆිස් එකේදි ඉදියෙත් කාත් එක්කත් සුහදව.. හවස මම චරිත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිත ගත්තේ මීටින් එකෙන් පස්සෙ මගේ ටේබල් එකට ගියායින් පස්සෙයි..
ඒත් හවස මම ඌට කෝල් ගත්තා ෆෝන් වැඩ කලේ නෑ.. ඒ නිසා මම චරිත්ගෙව් ශෙක්ෂන් එකට ගිහින් ඌ ගැන හෙව්ව..
"අහ් ඌ අදත් ගියා බං හාල්ෆ් ඩේ දලා.."
"මොකද බං ඌට වෙලා තියේන්නෙ.."
"අනේ මන්ද.. ගෙදර වැඩලු.. අරකලු මේකලු.. ඒ උනාට බං ඌ අපිට වඩා පොස්ට් එකකනේ ඉන්නෙ මෙතන.. අනේ මන්දා මමට තේරෙන්නෑ ඌට මොනා වෙලාද කියලා.."
"කෝ පූර්ණයා.."
"ඌ නම් මේ දැන් ගියේ.. බලහන් ඇති පාකින් එකේ.."
මම ඉක්මනින් ගිහින් පූර්ණව මීට් උනේ චරිත්ලගෙ සෙක්ෂන් එකේ චරිත්‍ට පස්සෙ වැඩ බලන්න ඉදියේ ඌ නිසාම නෙවෙයි. චරිත්ට මොනාම හරි ප්‍රශ්නයක් කියලා දැනුන නිසා..
"පූර්ණ ටිකක් ඉදහන්.."
"අහ්.. මොකො හදිස්සියේ "
"හදිස්සියක් නෑ. කෝ බං චරියා.."
"අහ් ඌ හාල්ප් ඩේ දලා ගියා.."
"හෙතුව.."
"ඇයි එහෙම අහන්නේ.."
"කියපන්කො.. ඌට උදෙත් මීටින් එකේදිසර් අනම් මනම් කිව්ව එතනදි අහන්නත් බෑ . එකයි ඌව හම්බෙන්න ආවේ.."
"අම්මගේ දානේ වැඩ ගගා හැමදාම ඌ පංසල් යනව ගගා යන්නෙ ඔය.."
"එහෙමද.."
"ශාලිය.. මෙහෙමයි.. අපි ගොන්නු නෙව්වෙයිනේ බං.. මට නම් චරියා අල්ලනෑ බං..."
"ඒ කිව්වෙ.."
"මට තෙරෙන්නෑ.. දවසක් ඌ අතේ පාස් පොර්ට් එකකුත් ටේබල් එකේ තිබ්බා.. ඒක උගේ මම බැලුව අරන්.."
"ඉතින්..."
"ඇහුවම කිව්වෙ නිකං හැදුවලු ඔෆිස් එක එහා පැත්තෙ නිසා.."
"ඉතින් උබ දැන් මොකද්ද එකෙක් අදහස් කරන්නේ.."
"උබ මේව උගෙන් අහන්නෙපා මම නෝන්ඩි වෙන්වා ඊට පස්සෙ.. නෑ මම කිව්වෙ ඌ අපිට නොකියා රට යන්න ප්ලෑනක් ගහනවද කවුද දන්නේ.."
"රට යන්න.. පිස්සුද බං.."
"ඇයි.."
"ඌ යයි රට.."
"ඇයි ය්බ එහෙම කියන්නේ.. බලහන් දැන් ඌ මෙලෝ හසරක් වැඩක් කරන්නෑ. දැක්කනේ උදේ සර් කිව්ව කතා.. මම හිතන්නෑ ඌ මේ ඔෆිස් එකේ ගොඩක් කල් ඉදී කියලා..."
"උබට විකාරද බං.. අර නංගියි මල්ලියි දලා ඌ යන්නෑ කීයටවත්.."
"උන් පොඩි බබාලද බන් දැන්.. නංගි කැම්පස් ද කොහෙද.. මල්ලිත් ඕලෙවල්ද කොහෙදනේ..
"නෑ ඒ ලෙවල්.."
"ඉතින් ඒකනේ.. මට නම් සුවර්.. ඕකා රට පනින්න ඉන්නේ.."
"හරි ගියත් අපිට මොකො.. යනව නම් කියලනෙ යන්නේ.. උබ කොහෙන්ද යන්නේ.."
"මම අද පොඩි ගමන්ක් යනව බං, යන්නැද්ද උබ දැන් ඒ ගමන් "
"අනේ නෑ බං.. මම ගෙදර යනව.."
"හැමදාම ගෙදරින් කන්න පුළුවන්ද යමන් ඕනේ නම් ඌට වැඩි වෙන එකක් නෑ උබවත්.. ඕක දැක්කම මැරෙන්න හදයි.."
"අඩෝ තෝ මගෙ දැක්ලා තියද මොකො..."
"ඇයි එදා බොඩිමට ආව දවසේ අමු නිවස්ත්‍රව නිදන් ඉදියේ... මොකෝ ඕවා එන්න එන්න පොඩි වෙනව කියලයි.."
"හරි, මේ උබ පලයන් එහෙනම්, මට බෑ,
ෆිට් එකට එක දෙයක් කියන්නම්.. දැන් වත් පිළිවෙලක් වෙන්න බලහන්.."
"ඔව් ඔව් ලබන අවුරුද්දෙ වෙඩිම ගන්න ඉන්නේ.. එතකන් ඉතින් කන කෑමක් කනවා.."
"ම්.. පරිස්සමින් ඉතින්.."
"එල එල.."
පූර්ණ ගියායින් පස්සෙ මමත් බයික් එකට නැගලා කල්පනා කරන්න ගත්තේ චරියා ගැන.. ඇත්තටම මේක රට යන්න ප්ලෑනක් ගහනවද.. ඒක මගේ හිත නම් පිළිගත්තෙම නෑ. පිලිගන්න උවමනාවක් තිබ්බෙත් නෑ. හිතට මොකද්දො අමුත්තක් දැනුනා පූර්ණ එහෙම කියලා ගියායින් පස්සෙ. මම ආපහු චරිත්ට ගත්තේ අන්ස්වර් කරයිද බලන්න...ඒත් උගේ ෆෝන් එක වැඩ නෑ.. මම එහෙම්ම ෆෝන් එක සක්කුවෙ දාගෙන කලින් නැවතුන තැන ඉදන් ආයේ එක එක පැති වලට හිතන්න ගත්තා. ඒත් හිත හැමතැනක ම අතරමන් උනා මිසක් හරියටම චරිත් ගැන නිගමනේකට එන්න බැරි උනා.
ඒත් එක්කම මට කෝල් එකක් ආව. මම කලබලෙන් බැලුවෙ කවුද කියලා. ඒ චූටි..
"කාටද අනේ ඔච්චරටම කතා කරන්නේ.."
"ඇයි.."
"ෆෝන් බිසී දා ගෙන මොනාද කරන්නේ.."
"කෝල් එකක් ආවා.."
"පුදුම කෝල් එකක්නේ ඒක.."
"අනෙ මේ මගෙ යකා අවුස්ස ගන්නැතුව තියනවද ඕක.."
"ඒ යකාට පාඩුවේ ඉන්න කියන්න.. ඔයා එනවද සුදු අයියෙ මව ගන්න.."
"කොහෙද ඉන්නෙ.."
"බස් එකේ එන ගමන්...නුගේගොඩ හරියේ."
"ම්... අපේ කැම්පස් එක ගාවින් බහින්න...මම එන්නම්.."
"හොද අයියා... උම්ම්මා.."
"ම්ම්.. හරි මම තියන්නම් එන්නම් මම.."
චරිත් ගැන කල්පනාව පිටම බයික් එක පාරට දලා තුම්මුල්ල ට පැද්දා.
#විසිඅටවන_පිටුව..❤️🤟