කලය ගෙවිලා ගියෙ අපිටවත් නිදැනි..
චූටි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කලා.. ඌ මට හිතපු වත් නැති ආදරයක් දුන්නා.. ඇත්තටම මම සතුටින් හිටියා කිව්වොත් හරි...
මම ඔෆිස් ඇරිලා හන්දියෙන් සිගරට් එකක් බීලා බබල්ගම් එකකුත් කටේ දාන් හැමදාම වෙලාසන ගෙදර එන එක පුරුද්දක් කර ගත්තා..
"අයියේ මේ ලිව්ම් ටික දාන්නොනේ.. හෙට මට ක්ලාස් නෑ.. ඔයා දානවද.."
"ඔක්කොම හරි නේද.."
"ඔයත් එක පාරක් බලන්න ඉතින්.."
"ඇයි කැම්පස් එක වෙනස් කරලා.."
"ජ' පුර හොදයි කියලා යාළුවො කිව්වා.."
"ම්ම්.. බොරුද කොහෙද මේකගේ.."
"නෑ ඇත්ත.."
"දැන් පේරා යන්න තිබ්බ ආසාව කෝ.."
"ආස හිතෙන තැනට නෙවෙයි, හොද තැනට එපැයි යන්න.."
"කොයි කැම්පස් එකත් එකයි ළමයො ඉතින්.."
"නෑ මට යන්න ඔන්නෑ එහේ.."
චූටි කිව්වෙ එක එල්ලෙම මන් දිහා බලලා.. පල් වෙච්ච කහටක් හිතේ තියන බව මම දන්නවා මම හිනා උනා විතටයි..
"මාව එලව ගන්න හදන්නේ අර කෝල් කරපු එකා ගෙන්න ගන්න වෙන්නැති.."
"පිස්සුද සුදූ.. මම ඇහුවනේ කවුද කියලා.
ඔයා කිව්වෙත් නෑ.."
"කියන්න ඌ නමක් කිව්වද.. තමුසෙව ඇහුවා විතරනේ.."
"ච්ච, විකාර ඔයාට.. මේක හරිනේ එහෙනම් මම දාන්නම් උදේට.. ඕක බෑග් එකෙ දාන්න.."
"ම්.. "
චූටි නැගිටලා එයාගේ කැම්පස් ලිව්ම් ඔක්කොම පුරවලා තිබ්බ ලිවුම් කවර වල දලා මගේ බෑක් එකට දලා යන්න හැරුනා.. මූණ එල්ලගෙනම..
ඇත්තටම එදා ආව කෝල් එක මම අද වෙනකම් දන්නෑ කාගෙන් ආවද කියලා මම වොශ් දාද්දි චූටි ෆෝන් එක ගෙනත් දුන්නම වතුර නිසා මම චූටිට කෝල් එක ගන්න කිව්වා.. ටිකකින් චුටිගේ මූණ අවුල් වෙද්දි මමත් ටිකක් බය උනේ මම වටේ යන කලේ ඇදපු ඩිකියක්ද දන්නෑ කියලා.
"කවුද..?"
"දන්නෑ.."
"අහන්නෙපයි.."
"ඔයත් අහගෙනනේ ඉදියේ, ඇහුවට කිව්වෙ නෑ.."
"රෝන් නම්බර් එකක් වෙන්න ඇති.."
"ශාලිය ඉන්නවද කියලම අහන්න තරම් ඒ නම්බර් එක රෝන් වෙන්න විදිහක් නැනේ අයියේ..."
චූටි එහෙම කියාගෙන යන්න ගියා..
එදා දවසෙම චූටි ඔය කහට හිතේ තියන් ඉදියා.. මම චූටිට පේන්නම ඒ නම්බර් එකට ආපහු ගත්තේ හිත හදාගෙන.. මොකද චූටී එහෙම ඉන්නව දකින්න මම අකමැති උන නිසා.. මම කරපු වැරදි වලට මම විදෙව්වා..
අදටත් ඒ කවුද කියලා චූටිවත් මමවත් දන්නෑ..
"අන්න දැන්මා, මතක් කරලා දාන්න...හෙට අන්තිම දවස.."
"හරි, දැන් කොහෙද යන්නේ හොරා වගේ.."
"උයන්න ඔනේ.."
"උයා ගන්න පස්සෙ දැන් එනව පොඩ්ඩක්.."
චූටි ඔය රෝන් නම්බර් සීන් එක මතක් කරන හැම වෙලාවෙම මම ඌට ඇතිතරම් ආදරේ දීලා මං ගාවට ගත්තා.
මුලදි වැරදි කලා තමා ඒත් මට දැන් ඉන්නෙ චූටි විතරයි.. දැන් මට ඕනෙත් ඌ විතරයි...
"අර නම්බර් එකට අරන් බලන්න වැඩ කරයි...කවුද දන්නෑනේ.."
"චූටි ඇති ඕක දැන් කී දවසක්ද..."
"කෝ.උයන්න යන්න දෙන්න එහෙනම්.. ඔයා එක්ක වැඩිය නෑ කොහොමත්.."
"වැඩිය එපා කොහොමත්.. පොඩ්ඩක් ඇති.."
"එපා අනේ, කො.."
මම එපා කියද්දිම චුටිව ලගට අරන් උඩ බොත්තම නැති නිසාම සර්ට් එකෙන් මූණ ඉස්සරහා නිරාවරණය වන පපුව ඉබින්න ගත්තා.. හැමදාම අපි මේ වගේ පොඩි වෙලාවක් හරි මම චූටි එක්ක ඉදියා.. මම තොල් උරන්න දගලද්දි මාව තල්ලු කරලා දලා චූටි කුස්සියට දුවනවා.. ඕක තමා චූටිට බේරෙන්න තියන එකම තැන.. සමහරක් දාට නම් ඉතින් කුස්සියෙ නෙවෙයි මොන දීපංකරේ හිටියත් ආයේ ඇදගෙන ඇවිත් ඇදට දලා මට ඇතී කියලා හිතුනම යවනවා.. එහෙම දවසට චූටිගේ ඇසුත් එක්ක රතු වෙනවා. හිනාවෙලාම..
චූටිගේ ගෙදරට අදින ඇදුම් වල උඩ බොත්තම් හැම එකකම වගේ ගැලවිලා තිබ්බා.. ඒ මගේම වැඩ තමා ඉතින්..
"දැන් මට පේන්නද ඕක ඇරගෙන ඉන්නේ.."
"අප්පේ ඔව්, ඔයට පෙන්නන්න තමා.. හොදට පේනවද ඉතින්.."
"පේනව... ඒත් මදි.."
ඌ මං දිහා රවල බලද්දි මට තේ එකත් ස්මෝලෙ යනව තව ටිකෙන්..
"එක ශර්ට් එකකවත් උඩ බොත්තන් නෑ. ඔක්කොම තියන මදන ගායට කඩලා දලා දැන් එනව මෙතන.."
අපේ ආදරේ ගෙවුනේ ඒ විදිහට..
ඒත් එක දවසක්...
චූටිත් මමත් ගියේ කොල්ලුපිටියේ චීප් සයිඩ් ගියේ කැම්පස් එකට ඕනෙ රෙදි අරන් දෙන්න...
චූටිට ඇවිත් තිබුණේ ජ'පුර.
මුලින්ම ඇදන් යන ඇදුමෙ ඉදන් මනින එක කැම්පස් පුරුද්ද බව මං දන්න නිසා චාම් නෝර්මල් ඇදුම් ටිකක් චූටිට තෙරුවා.. අපි පැයකින් එක හමාරකින් හැම දේමකරන් එන්න ආවා.. ඇදුම් ටික චූටිට දීලා මම සාක්කුවෙන් යතුර අරන් බයික් එක නවත්තපු පාකින් එකට හැරුනා විතරයි,
"දැක්කෙ නෑ වගේ යනවා නේ...."
මම හැරිලා බැලුවෙ මගෙ පිටට අතක් තිබ්බෙ කවුද කියලා...
"අහ්.. ම්.... මේ නෙහාන්..."
"අදුර ගන්නපුලුවන්ද.. මම හිතුවෙ මතකවත් නැතුව ඇති කියලා.."
නෙහාන්ගෙ කටින් එලියට වැටුන වචන වලට මට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ.. චූටිත් අන්දමන්ද වෙලා වගේ බලන් ඉදියෙ අපි දිහා.. මූ මොන මගුලටද මෙතනට ආවෙ.. මම හුරු පුරුදු විදිහට හිනාවක් දැන්මා විතරයි..
"ශොෆින් ඇවිත් වගේ.. මේ කවුද ශාලිය..."
නෙහාන්ගේ ඒ දවස් වල ඉදන්ම මම දිරවපු නැති ගති තාම ඒ විදිහටම තිබුනා.. හරිනම් ඒක අහන්න ඔනේ මගෙන් නෙහාන් නෙවෙයි චූටි.. ඒ ඇස් හීනි වෙලා ගිහින් තිබුනා, ඒ මේ කිසි දෙයක් නොදන්න කමට..
"අහ්.. මේ අකේන් මගෙ මල්ලි.. අපි මේ ඇදුම් ටිකක් ගන්න ආවා.."
"ම්.. මල්ලි කිව්වෙ..?"
"අපි යන්නද.. පරක්කු වෙනවා.."
"ඒ කාලේ වගේමයි තාම නේ.."
"නෙහාන් ප්ලීස් මෙතන නැති ප්‍රශ්න ඇති කරන්න එපා.."
මම නෙහාන්ගේ මූණට එබිලා කිව්වෙ චූටි අපි ලගින් ඈතට ගිහින් බයික් එක ගාව නැවතුනාහමයි..
"ඇයි.. ශාලිය මෙහෙම කලේ.."
"මොකද්ද මම කලේ.."
"මොනාද නොකලේ.."
"නෙහාන් බබෙක් වෙන්න එපා.."
"මට බබෙක් වෙන්න ඕනේ නෑ...
උබ මං ගාවට එන්නෙ නැත්තේ මේකද..?
උබ ආදරේ කරන්නේ නැ නෑ ගගා මාව
හොයන් ආවේ මූත් ඉද්දිද..? කවුද ඒ..
ඇත්ත කියපං අයියේ.. "
"මොකා උනත් මොකද #ත්තො උබට.."
"මම මේක ලේසියෙන් අතාරින්නෑ.."
"අතාරින්නෙපා.. අතට අරන් කටේ තියා ගනින්.."
නෙහාන් හැරුනේ චූටි ඉන්න පැත්තට. චුටි හිටියේ අපි දිහාවත් බලන් නෙවෙයි.. නෙහාන්ට මම ඒ පැත්තට යන්න දුන්නේ අඩි දෙකයි..
"ඈතැරපන්.. මම උගෙන්ම අහ ගන්නම්.."
"ප#ද උගෙන් අහන්නේ, ඔව් ඌ මගෙ.. ඇයි මොනා කරන්නද උබ.."
"උබට හෙන ගහනවා යකෝ.. හෙන හතම ගහනවා.."
නෙහාන්ගෙ ඇස් රතුවෙලා කදුළු බින්දු දෙකක් කම්බුල දිගේ බේරිලා පහලටම ආවා. මම මොකද්ද කරන්නෙ කියලා කිසි දෙයක් මට තෙරුනේ නෑ.. ඒත් මම ඉස්සර ඉදපු එකා නෙවෙයි කියලා කොහොමද ඔප්පු කරන්නේ..
"කමක්නෑ හෙන ගැහුවට.. මටනේ..
ප්ලීස් නෙහාන්.. ප්‍රශ්න ඇතිකරන්නෙපා..
අපිට අපේ පාඩුවේ ඉන්න දීපන්.."
"මං ගාවට එද්දි ඔහොම කිව්වෙ නෑ උබ අයියෙ.."
"ඒ කියන්නේ මූත් නිකං තියන් ඉන්න එකෙක්ද.."
"ඔව්...හරිනේ.."
"මම උගෙන්ම අහ ගන්නම්.."
එවෙලේ නම් මම නෙහාන්ව ඇල්ලුවත් නෙහාන් මට කලින් ගිහින් ඉවරයි.. මට ඌ පස්සෙ දුවන්න ගියෙ නෑ.. මම ඌට වඩා අඩු වේගෙකින් ඌත් එක්කම නෙහාන් ලගට ගියා..
"ඇයි.."
"කවුද උබ.."
චූටි කිසි දෙයක් නොදන්න කමට නෙහාන්ව පාස් කරලා මන් දිහා බැලුව
"මොනද අයියේ මේ වෙන්නෙ.."
"නෙහාන්.. මම ආයේ උබට කියන්නෑ.."
"මම බය නෑ යකො.. මට දැන් කොහොමත් එකයි.."
එහෙම කිව්ව නෙහාන් චූටිගේ ඇදුමෙන් අල්ල ගත්තෙ මම හිතන්නෙවත් නැති පරක්කුවට..
" ඒයි ඇත්ත කියපන්.. කවුද මේ උබේ.."
චූටිගෙ අසරණ උන ඇස් මං දිහාවට විතරක් හැරිලා තිබ්බා.. මම එවේලෙම නෙහන්ගෙ අත ඇදුමෙන් අහක් කරලා මගේ වමත නෙහාන්ගේ කණ හරහා ගියෙ චූටිගේ අසරණ කම ඉස්සරහා මට වීරයෙක් වෙන්න ඕනේ කියලා හිතට ඔනේ උන නිසා වෙන්න ඇති..
චූටි ඇවිත් මාව නැවැත්තුවා.. අපි ලගින් අඩි දෙකක් පස්සට විසි උන නෙහාන් ආපහු අපි ගාවට ආවා..
"උඹ මුගේ මොකාද කියන්න මම දන්නෑ... ඒත් උබටත් කවදහරි වෙන්නේ මට උන ටිකම තමා.. අන්න ඒක හොදට මතක තියා ගනින්..."
"ආ ආ.. පලයන් #ත්තො යන්න.. අපි ඒවා බලා ගන්නම්.."
මම තව ටිකක් චූටිව ලං කර ගෙන එහෙම කිව්වෙ නෙහාන් චූටි දිහා ඇගිල්ලක් දික්කරන් කිව්ව නිසාම මට රිද්දන්න හරි චූටිට අතත් ඉස්සෙවි කියන බයට..
"ශාලිය එකක්, උබ හිතන්නෙපා මම මේක ලෙසියෙන් අතාරී කියලා...."
නෙහාන් එහෙම කියලා තවත් මොන මොනවදෝ කිය කියාම ඈතට ගියා. චූටිට තිබ්බ බය ඇරුන නිසාමද මන්දා චූටිත් මගෙන් ඈත් උනා.. මම බැලුවේ ඒ ඇස් දිහා.. ඒ ඇස් වල කදුළු. මම මොනාද දැන් කියන්නේ.. වචනයක් ආවේ නෑ කටට.. මම චූටි දිහාම බලාගෙන ඉදියා..
"යං.."
"කොහෙද..?"
"ගෙදර.."
"මං වරදක් කරේ නෑ චූටි... මේ.. මං.."
"වැඩක් නෑ.. ගෙදර යං.."
"අහන්න.. චූ.."
"අනේ කරුණාකරලා බයික් එක ගන්නවද... මිනිස්සු බලන් ඉන්නවා.. ලැජ්ජයි මට.."
මම එතකොටයි වට පිටාව බැලුවේ.. පාකින් එකට ආව කාර් වල මිනිස්සු තුන් හතර දෙනෙක් වගේ අපි දිහ බලන් ඉදියා.. මම හෙල්මට් දෙකෙන් එකක් චූටිට දීලා මමත් අනික දාගෙන බයික් එක හරවල ගත්තා..
***********************************************
චූටි බයික් එකට නැග්ග එකත් ලොකු දෙයක්.. මම හිතුවෙ වෙන දෙයක්.. ඒත් දැන් මම මොනාව ඇහුවොත් කියන්නේ.
මම එදා මං ගැන කියනවා කියලාහිතං ඉදපු දවසෙ හරි මගේ අතීතේ ගැන කියලා තිබ්බා නම් කියලා මට හිතුනා.. ඒත් දැන් මම පරක්කු වැඩී..
මම රැජිණ පාරට වැටෙන අතුරුපාරක ගිහින් බයික් එක ගහක් යට හෙවනක නවත්තලා චූටි දිහා බැලුවා...
"ටිකක් මෙ හරියෙන් ඉදලා යං.."
"ච්ච.. ගෙදර යන් අප්පා.."
"ප්ලීස් චූටි.."
"මොනවද කතා කරන්න තියෙන්නේ.. අර කොල්ල ඇවිත් කිව්ව එකද.. එකේ මොනාද කතා කරන්න තියෙන්නෙ තව.."
"ඔයා හිතන දෙයක් මෙතන වෙලා නෑ.."
"නෑ මම මොකුත් හිතුවේ නෑ.. මොනා හිතන්නද.. මම ඌව දන්නෙත් නෑ.."
"හරි මම කියන්නම්.. ඒ දැන් මීට මාස.."
"වැඩක් නෑ අයියේ මට.. මට වැඩක් නෑ මට අහන්න උවමනා නෑ.."
"ඇයි අහන්න උවමනවක් නැත්තේ.. අහ්.."
"ඌ කිව්ව දෙවල් මට වැඩක් නෑ.. මම දන්නවනේ ඔයා ගැන.."
"චූටි.."
"ම්.."
"මොනාද බං කියන්නේ මේ.. ඇත්තමද.. උබට මාව විශ්වාසයිද.."
"ඔව්.."
"යං දැන්..."
මම කොච්චර ඇහුවත් චූටි දුන්නෙ ඒ උත්තරේ. මම දන්නවා චූටි මොඩයෙක් නෙවෙයි.. චූටිගේ මූණෙන්ම පේනවා ඇතුලෙන් විදෝන බව.. මම ගෙදර ආවේ චූටි යං කිව්ව නිසා..
***********************
ගෙදර උනත් වෙනදා තරම් අපි අතරෙ බැදීමක් තිබ්බෙ නෑ. රෙද්දක් ඇදන් මට චූටි ගාවට යන්න බැරිකමක් තිබ්බත් මම චූටිට කලේ බොරු ආදරයක් නෙවෙයි නිසාම මම ගියා. ඒ යන හැම වෙලාවකම චූටි ආයාසයෙන් ඉන්න බව මට හොදටම පෙනුනා.. ඒත් වෙනදා වගේම මගේ ඇදුම් පවා චූටි හේදුවා...
කන්න උයලා දුන්නා.. ඒත් මම කුස්සියට යන ගොඩක් වෙලාවට චූටි හිටියේ කල්පනාවක් පිට..
වොශ් රූම් එකට ගියාම පැය ගනන් වෙනදට වඩා වෙලා චූටි ඒකට වෙලා ඉන්නවා කියලා මට හිතුනා..
මේක මිහිපිට අපායක්.. මෙහෙම ජීවත් වෙනවට වඩා හොදයි මැරෙන එක..
"චූටි මොනාද කරන්නේ ඕක ඇතුලට වෙලා.."
"රෙදි හෝදනවා.."
"ඇති, ඕක දලා එන්න.."
"හෝදලම එන්නම්.."
"මම කිව්වෙ මොකද්ද.."
"මේ ටික හෝදලම එන්නම් අනේ..."
මම වොශ් රූම් එකට ගිහින් චූටිගෙ අතින් අල්ලලා ඇදලා නැගිටෙව්ව..
"මොනාද වෙලා තියෙන්නේ.."
"එක තමා මාත් අහන්නේ.."
චූටි ඔහොම ඉදපු එකෙක් නෙවෙයි.. මම දන්නවා ඒක හොදටම.. අනික චූටි හිතේ මොනවා තියනවද.. චූටි විදවන හැටි දකිද්දි රෑ ඇදට නැග්ගම චූටුව තුරුල්.කර ගත්තේ තෙත් උන මගේ ඇස් එක්කමයි.. චූටිත් මලකදක් ගානට ඔහේ ඉන්නවා.
නැතුව නෙවෙයි, මට නෙහාන්ගේ ප්‍රශ්නේ හැම රෑකම තෙරුම් කරලා දෙන්න උත්සහ කලා.. මම.මගේ පරණ ජීවිතේ ගැන කිව්ව.. චූටි හැමදෙම අහන් ඉදියා.
"ඇයි මට ඕවා දැන් කියන්නේ.. ඇයි කලින් නොකිව්වෙ.."
"කියන්න හිටියෙ චූටී.. එදා අපි ෆිල්ම් එකක් බලන්න ගිය දවසේ...මේ හැමදේම කියන්න හිටියෙ.. ඒත්..ඒත් බැරි උනා.."
"කෝම හරි කිව්වනේ.. ඒ ඇති.."
"උබ ඔය කිව්වට ඉන්නෙ අවුලෙන්නෙ රත්තරං ඇයි මාව තේරුම් ගන්නේ නැත්තේ.."
"ටික දවසක් ඉද්දි හරියාවි.."
මම කොච්චර දවස් ඉවසන්නද චූටී මෙහෙම.. චූටි ඉස්සර ඉදපු වගේ ඉන්නකන් මම චූටිගෙන් රෑට කිසිදෙයක් බලාපොරොත්තු නොවී ඉදියා..
නේහන් අපේ ජීවිතෙට එක පාරටම ඇවිත් නොපෙනී හිටියේ දවස් 4ක් විතර.. ඊට පස්සෙ රෑට ආයෙත් නන්නාදුනන කෝල්ස් එන්න ගත්තා..
"හෙලෝ.."
ඒ නෙහාන්.. මම කට් කරලා දැන්මේ චූටී නිදි නිසා.. කී දවසක් ඔහොම කරන්නද.. රැට ආව කෝල් දවස පුරාම එන්න ගත්තා.. ඔෆිස් ටයිම් වලදි නාව කෝල් ගෙදර ඉද්දි එක එක නම්බර් වලින් කෝල් ආවා. මම ඒ හැම එකක්ම බ්ලොක් කරලා දැන්මේ මට චූටිව නැති කර ගන්න බැරි කමට..
සතුටින් ඉදපු අපිට මේ විදිහට එකිනෙකගේ ඇතුලාන්ත වෙදනාවන් හංගගෙන ජිවත් දෙන්න උනා ඒ නෙහාන් අපේ ජීවිත වලට ආවයින් පස්සෙ.. මම මේ ප්‍රශ්නේට උත්තරයක් හෙව්වෙ තනියම..
අඩුම චරිත් එක්කවත් මේ දෙවල් කියන්න ගියේ නෑ. කොහොමද කියන්නෙ චරිත්වත් නෙහාන් ගැන වචනයක් වත් දන්නේ නෑ.. මම නෙහන්ගෙ ගෙදර යන දවස්වල චරිත් වැන්දෙ නැති ටික විතරයි කොහේ හරි යනවා කියලා දැනුනම.ඒත් යන්නේ කොහෙද.. මොනවගේ සම්බන්ධයක්ද කියලා ඌ දැනන් ඉදියෙ නෑ.. ඒ නිසාමයි ඌ මම නාස්ති වෙනවා කියලා මං එක්කම වගේ හැමවෙලේම ඉදියේ.. ඒත් මට ඉඩ ලැබෙන හැම වෙලාවකම මම වෙන කාගෙ හරි ඩිකියක් පස්සෙ ගියා..
චූටිත් මමත් ඇතුලාන්තයෙන් ඈත් වෙලා ජීවත් උන පස් වෙනි දවසත් ඉවරයි.
උදේම නැගිට්ටෙ එලාම් එකට. දෙන්නටම නින්ද ගිහින් ඔෆිස් යන්න බැරි උන දවසේ ඉදන්ම චූටිගේ කටේ බලේට මම එලාම් එක සතියෙ දවස් පහටම ඔන් එක දලා සේව් කලේ හැමදාම තියන්න බැරි, තියන්න අමතක වෙන නිසමයි...
මම නැගිටලා බැලුවා...චුටි අවදි වෙලා තිබ්බා.. මම උදේම ටිකක් මෙට්ටෙට වෙලාම කල්පනා කලේ චූටි ලගට වෙනද වගේ උදේම යන්නෙ කොහොමද කියලා. ගිහින් බදාගන්නේ කොහොමද කියලා.. මොනව උනත් වැරැද්ද කරපු මාව චූටි ඉස්සර වගේ එක පයින් පිලිගත්තේ නෑ...
ඔහේ ටිකක් කල්පනා කරද්දි ගේ ඇතුලේ කුස්සියෙන්වත් සද්දයක් ඇහුනේ නෑ..ගේ පාලුවට ගිහින් වගේ හිතට දැනෙන්න ගත්තා.. පපුව වේගෙන් ගැහෙන්න ගත්තේ හිතේ එක තැනකින් දැනුන හැගීමකට බය වෙලා වෙන්න ඇති.. මම බෙඩ්ෂීට් එක ඇදට දලා ඇදෙන් පැන්නා. මම කුස්සියට ගියෙ චූටිව බලන්න..
චූටි කුස්සියේ ඉදියේ නැ.. හිතට දැනෙන දේ කුස්සියට ගියාම හරි කියලා හිතුනත් මම කලබල නොවුන ගානට වොශ් රූම් එකට එබුනා..චූටී ඉදියේ නෑ.. මම චූටිට කීප සැරයක්ම කතා කලෙ සලේ දොර ඇරගෙන ගිහින් පොඩ්ඩක් මිදුලට බැහැලා.. උදේම පහන තියන්න පුරුද්දක් කරගෙන තිබ්බ නිසා මම අන්තිම වතාවටත් හිත හදන් මිදුලට ගියෙ ඒකයි.. වෙනදට උදේම පත්තුවෙන බුදු පහන ඊයේ පත්තු කරපු ගමන්.. පිච්චමල්ගහ ගාවත් චූටි හිටියේ නෑ.
දොර ලග තිබ්බෙ මගේ සෙරෙප්පු දෙක විතරයි..
මම කමරේට ගැහෙන පපුවත් එක්කම දිව්වා.. හැමදේම හොදින් බලද්දි මට තෙරුනේ එකම දෙයයි.. චූටි මාව දලා යන්න ගිහින්..
"නෑ... රත්තරං...උබට එහෙම කරන්න බෑ.."
මම ඇද උඩින් වාඩි උනේ කරන්න ඕනේ දේ මොකද්ද කියලවත් නොතේරුන නිසා..
අහත අහු උන ෆෝන් එකෙන් මම චූටිට කෝල් එකක් ගත්තා..
"ඔබ ඇමතූ දුර කථනයෙන් ප්‍රතිචාරයක් නොමැ..."
මම ෆෝන් එක ඇදට විසිකරලා දැන්මා.. ආපහු පිස්සෙක් වගේ චූටිගේ බඩු හෙව්වා. වටින කියන කිසිදෙයක් තිබ්බෙ නෑ... ෆෝන් පර්ස් වගේම චූටුගේ ඇදුම් කීපයක් විතරක් තියෙද්දි අනිත් හැමදේම අරන් ගිහින් තිබුනා.. මම ඌට අරන් දුන්න ඇදුම් ටික පවා එහෙම්ම ඇදුම් කබඩ් එකේ එහෙම්ම නවපු විදිහටම තිබ්බා.. මම ඒ සේරම ඇදල බිමට දැන්මේ හිතෙ ආවේගෙට.. අල්මාරියේ දොර ඇලනිසා ඉබේම වැහෙන නිසා දොර වැහිලා ඒ දොරේ තිබ්බ කණ්නාඩියෙන් මට පෙණුනේ මාවමයි.. කමරේ තනි උන මාව විතරයි...
මට මතක් උනේ උදේට කලබලේට මම මේ කණ්නාඩිය බලන් ලේස්ති වෙද්දි චූටි ඇවිත් බත් කවන හැටි.. විශේෂ දවසකට, මීටින් එකක් තිබ්බ දවසට ටයි එක දාද්දි
"ඔහොම නෙවෙයි ඕක දාන්නේ කෝ" කියලා මාව ටයි එකෙන්ම ලගට ඇදලා අරන් ටයි එක දාන විදිහ.. ඔලුව පිරද්දි උදේම හැම රාජකාරියම කරලා මම ලෙස්ති වෙල ඉවර දෙද්දි ඇද ගාවට වෙලා බලන් ඉන්නද්දි මම මේ කණ්නාඩියෙන්ම තමා ඒ මූණ දැක්කේ.. ඒත් අද මම තනියම.. හිතට දැනුනේ කියා ගන්න බැරි වේදනාවක් එක්ක මං එක්කම තරහක්..
"උබට බෑ චූටී මාව දලා යන්න, උබට බෑ එහෙම කරන්න මැණික..."
ඒ කණ්නඩියෙන්ම අද මාව විතරක් බලන්න මට උවමනාවක් තිබ්බෙ නෑ..
මම මිටි මොලවපු අත එහෙම්ම කණ්නාඩියට ඇතැරියේ වේගෙන්මයි. ඒත් එක්කම සල සලාං කියලා කණ්නාඩිය කෑලි වලට කැඩිලා බිම වැටුනා.. මට කැපෙයි කියකවත් ගානක් තිබ්බේ නැ..
ටිකක් වෙලා යද්දි ඇගිලි ටික දැවිල්ල ගත්ත නිසා මම අත ඇස් මට්ටමට අරන් බැලුවා.. ලේ එනව දැක්කෙ එවෙලේ.. කබට් එක අල්ලගෙන ඉදපු නිසා ඒ දිගේ බිමටම ලේ බේරිලා තිබ්බා..
මම අල්මාරියෙන් ඇදලා දාපු ඇදුමක් අරගෙන ඉරලා අතේ ගැට ගහගෙන එතන තිබ්බ ඇදුන් දෙකක් දාගෙන එලියට බැස්සෙ කොහෙන් හරි චූටිව හොයා ගන්න ඕනේ හින්දා.. මම දොර වහන්න යන්න යතුර ගන්න ගියේ පුරුදු තැනට.. ඒ ටීවි ස්ටෑන්ඩ් එක ලගට...
එතන කවදාවත් නොතියන පොතක් එක්ක පොත උඩින් යතුර තියලා තිබ්බා පෑනකුත් එක්කම.. මම යතුර අතට අරන් අනිත් අතින් පොත දිග ඇරලා බැලුවා.. ඒට චූටිගේ පොතක්.. චූටිගේ අත් අකුරු වලින් පොතේ මුල් පිටුවේ මොනවා හරි ලියලා තිබ්බා..
ඇස් වටා බැදිලා තිබ්බ තෙත ගතිය මම ඇදුමේ ශර්ට් අතින්ම පිහගෙන චුටිගේ අකුරු ටික කියවන්න ගත්තා..
"අයියේ..
මට සමාවෙන්න නොකියා ගියාට..
මට මේ කිසි දෙයක් තෙරෙන්නෙ නෑ.. ඒත් මට මේ වෙන දේවල් දරා ගන්නත් බෑ.මට පුළුවන් මං ගැන දැන් බලා ගන්න. ජිවිතේ තනියම ජිවත් වෙන්න ඉගෙන ගත්තෙ ඔයාගෙන්.. අම්මගෙන් පස්සෙ වැඩියෙන්ම ආදරේ කලේ ඔයාට...
මම හිතන්නේ නෑ මට වැරදුනා කියලා. මම එහෙම හිතන්න කැමති නෑ. මාව හොයන්න මහන්සි වෙන්න එපා. මම බයගුල්ලෙක් නෙවෙයි.. අම්මා වෙනුවෙන් මට දෙයක් කරන්න තියනවා. මම හිතුවේ ඔයා එක්ක මට ඒක කර ගන්න පුලුවන් වෙයි කියලා. ඒත් මට බැරි වෙයි.. විදව විදව ජිවත් වෙන්න බෑ අයියේ..
පමණක් දාට රෑට ඔයාට එන කොල් මට ඇහෙනවා... ඔයා කතා නොකරම කට් කරලා දැන්මම මේ හිත පිච්චෙනව..
මුලු රෑම මම නිදි නැතුව කලපනා කලා ඒ හැම දවසකම..
කවුරු උනත් ඌ, එදා ඔයා ඉද්දිම මට වෙන්නෙත් ඌට උන අනිත් එක කියලා බය නැතුව කියද්දි මට වෙනදා වගේ ඔයා එක්ක ඉන්න මොකද්දො බයක් දැනෙනවා අයියේ..
මම උත්සහ කලා, ඒත් බෑ..
ඔයා මාව රෑට තුරුල්ලට ගද්දි ඔයාගෙ පපුවෙ වෙනදා තිබ්බ ආදරේ මට දැනුනේ නෑ අයියෙ.. මොන දේ උනත් ඉවසුවෙ මට දැනුන නිසා...ඒත් තව දුරටත් දැනෙන්නෙ නැතුව යද්දි මම මොන හේතුවක් උඩද ඉන්නේ, ඔයා ඔහොම විදවනවා මට බලන් ඉන්නත් බෑ..
හොදම දේ අපි ඈත් වෙන එක කියලා මම හිතුවේ ඒකයි..
තව කාලයක් ගියොත් අපි පරක්කු වෙලා තියෙයි.. මට ආපහු හැරෙන්න බැරි වෙයි..
ඔයා මට දුන්න ජිවිතේට මම තාමත් ආදරෙයි අයියේ..
තරහක් නෑ හිතෙ.. දුකක් විතරයි..
හැමෝම මාව දලා යනවා කියන හැගීම විතරයි මට තියෙන්නේ..
මම යන්නම් අයියේ..
සමාවෙන්න ආයෙමත් නොකියා යනවට.
මාව මේච්චර කාලයක් බලා ගත්තට.. හැමදේම දුන්නට ගොඩාක් පිං..
මට කවදාවත් අමතක වෙන එකක් නෑ..
පරිස්සමින් ඉන්න..
මම - චූටි... "
අන්තිම ටික කියවන්න ගොඩක් වෙලා ගියා මට... කෑ ගහලා අඩන්න තරම් දුකක් දැනුනා මට..
"උබට එහෙම තනි තීරණ ගන්න කවුද කිව්වෙ...උබට එහෙම තනි තීරණ ගන්න බෑ මැණික.. උබට එහෙම කරන්න බෑ යකෝ.."
මම එහෙම්ම දොර වහලා දලා යතුර වෙනදා තියන තැනින්ම තිබ්බේ චූටි ආපහු ඒවි කියන හැගීමක් හිතට දැනුන නිසා..
මම එහෙම්ම ගිහින් බයික් එකට නැග්ගේ ආවෙගෙන්මයි...
#විසිතුන්වන_පිටුවට..❤️🤟