චූටි එක්ක බොරුවට තරහ උනත් මම දන්නවා එකව දැන් යාලු කර ගන්න. මම ඒ නිසාමයි ලොකු සීන් එක දලා සිගරට් එකක් බොන්න හිතන් තිබ්බෙ...
පස්සෙ චුටිට ගන්න හදපු කෝල් එක නතර කරලා මම වොශ් රූම් ඉද්දි ඇවිත් මිස් වෙලා තිබ්බ නම්බර් එකට ගත්තෙ කවුද බලන්න්..
"හෙලෝ.."
මට හුරු පුරුදු කට හඩක්.. මම ෆෝන් එක තියන්න හැදුවත් එහා පැත්තෙන් ඇහුනේ "ෆෝන් එක තියන්න එපා" ප්ලීස් කියලා.. මමත් ආයෙම කනේ තියා ගත්තේ මොකටද මන්දා..
"ඇයි.."
"හොදින් ඉන්නවද මහත්තයා.."
"ඔව්.."
"මම නැතුව.."
"ම්..."
"මතක් වෙන්නෙවත් නැද්ද මාව.."
මට කියන්න දෙයක් තිබ්බෙ නෑ.. කරන කලට පව් මිහිරිලු මී සේ.. මගෙ හිතට මහා බරක් දැනුනේ නෙහාන්ගේ කටකාර කටහඩ බිදිලා ගිහින් තිබ්බ නිසා..
"කොහෙද ඉන්නේ.."
"ගෙදර තමා වෙන කොහෙ ඉන්නද අයියෙ.."
"ම්.. පරිස්සමින් ඉන්න.."
"එන්නැද්ද මාව බලන්න.."
"මට වැඩ නෙහාන්.. එන්න විදිහක් නෑ.."
"ඇත්තටම මහත්තයා සතුටින්ද.."
"ම්.. ඔව් ඉතින්.."
"මහත්තයගේ ෆොටො බල බල හැමදාම රෑට නිදා ගන්නේ මම.."
"ම්.. පරණ දෙවල් අමතක කරලා සතුටින් ඉන්න නෙහාන්.."
"මට මේ ලංකාවේ සතුටක් නෑ. මම අම්ම ගාවට යනවා..."
"කවද්ද.."
"යන්න කලින් ඔයාව එක පාරක් බලන්න ඔනේ.."
"ම්.."
"මං ගාවට එක පාරක් එනවද ආයේ.."
"නෙහාන් ප්ලීස් මනුස්ස කමට කතා කලේ.. මම තියන්නද.."
"මං ගොඩක් අසරණයි ශලිය අයියේ.. මට සමාවෙන්න.."
"අමතක කරන්න එපා තමුසෙව මට හම්බුනේ ගයින්ඩර් ඇප් එකෙන්.."
"ඉතින්.."
"නෑ මොකුත් නෑ.."
"කියන්න මොකද්ද කියන්න ගියේ, මම බඩුවක් කියලද...."
"අපො නෑ.. කියන්න ගියේ ගයින්ඩර් එකේන් හම්බෙන උන්ට ඔය වගේ ලව් කරන්න යන්නේ මෝඩයො කියලා."
"මම ගයින්ඩර් ඇප් එක තිබ්බට යූස් කරලා නෑ අයියා වැඩිය.."
මට හිනා ගියේ ඇත්තටම නෙහාන්ගෙ බොරු වලට.. ඌ එක්ක නිදා ගත්ත මම දන්නැද්ද ඇප් එක යූස් කරපු තරම නොතරම... ඔන්න මගේ වරදක් නම් හිතන්න හරි හිතන්න වත් තිබ්බා..
මම දන්නව මගේ අඩුවක් නැති බව..මොකද ඉස්සර ගයින්ඩර් එකෙන්ම හම්බෙන අලුත් ඩිකි එහෙම කෑ ගහද්දි මම අහවල් එක නොකර එන්නේ බැන බැන.. මට මතක් උනේ මම කැම්පස් එකේ ලාස්ට් ඉයර් ඉද්දි උන සිද්දියක්
---------------------------
"අමාරුයි.. බෑ අයියේ ඕක දන්න.."
"බැරි නම් මොන මගුලටද එන්න කිව්වෙ එහෙනම් උඩ දාගෙන්න.."
"සමාවෙන්න අයියේ.. මම දන්නෑ.. මීට කලින් කරලා තියෙන්නෙ එක පාරයි.. මෙක ලොකු වැඩියි.."
"එහෙනම් ඔය ඇප් එක අයින් කරල පඩුවේ ඉන්න්වා මනුස්සයො..."
මම එදා ආපහු හොස්ටල් ගියේ අපරාදේ පිච්චුල තෙල් ටිකක කියලා හිතාගෙන..
එහෙම එකේ මගෙ ප්‍රශ්නයක් තිබ්බේ නෑ කියලා මට හොදටම සුවර්..
නෙහාන් කිව්ව කතාවට මට හිනා ගියේ ඒකයි..
"ඇයි හිනා වෙන්නෙ.."
"මොකුත් නෑ.."
"තමුන්ට හිනා ඇති.. ඒත් මම තමුසෙ හිතන විදිහේ බඩුවක් නෙවෙයි.."
" මම බඩුවක් කියලා කිව්වෙ නෑ..ඔයාම තමා දෙපාරක්ම ඕක කියා ගත්තේ.."
"ඔව්.. මම කැමති තමුසෙගේ බඩුව වෙන්න.."
"මම තියනවා.."
"එන්නැද්ද.."
"මට බෑ.."
"ඇයි.."
"මට ඔන්නෑ.."
"දැන් කවුද තමුසෙගේ ඔය දෙවල් කරලා දෙන්න ඉන්නේ.."
"මොකෙක්වත් නෑ.."
"නැති වෙන්න බෑ..මම දන්නව තමුසෙට එහෙම ඉන්න බැරි බව.."
"අනෙ මේ නෙහාන්, මගෙන් කුණුහබ්බ නහා තියහන් ඕක.."
"ඒ දවස් වල මෙකේ අස්සෙ පැල් බැදගෙන ලගින්න හොදයි..."
"මම තොගේ පොට්ටිය කැඩුවා නෙවෙයිනේ.. බාප්පද මොකාද මන්දා ඌත් එක්කත් රෑට හැමිනෙනවා ඇතිනේ.."
" උබ දැක්කද.."
" දකින්න ඕනෙ නෑ.. දැක්කම කිව්ව හැකි.."
"හෙනහත ගහන කතා කියන්නෙපා ශාලිය අයියේ.."
"එහෙනම් ඕක තියහන්.."
"මේම ඈත් වෙන්න ඕනේ නම් මොකටද ආවේ දවස ගානේ මං ගාවට.."
"උබට තියන අමාරුව හොද කරන්න එන්න කිව්ව නිසානේ ආවේ යකො.. මගෙද වරද.."
" හරි මේ අහන්න.. කෑ ගැහුවේ දුකට දෙයියො.. මට ඕනේ ඔයාව එන්න.. මම එක ඇදුමක්වත් නැතුව ඉන්නෙ.. ඇවිත් මාව ඔයාගෙ කර ගන්න.. මම ඔයාගෙ නේද.."
මම ෆෝන් එක කට කරලා දැන්ම.
මගෙ හිත වෙනස් වෙන්න ගත්තා.. කොච්චර කොහොම උනත් නෙහාන් කතා කරන විදිහෙ මොකක්ම හෝ අමුත්තක් තිබ්බා. ඌට ඕනේ කෙනෙක් කතාවෙන් නවන්න පුලුවන් බව ඌ දැනගෙන ඉන්න අති.. මට නෙහාන්ව එයාගෙ ඇදේ ඉන්න හැටි දැකපු හැටි මැවෙන්න ගත්තා. ඒත් එක්කම චරිත්ගේ බැනුම් ගොඩකුයි චුටිගේ ඇස් දෙකයි මැවිලා පෙනුනම මම කරන්නෙ වරදක් බව මට දැනුන නිසා මම කෝල් කට් කලේ. ඒත් ආයෙම කොල් එන නිසා මම ෆෝන් එක ඕෆ් කරලා දැන්මා.. නිවී සැනසිල්ලේ නින්දක් ගියේ නෑ.. කොහොමත් පාන්දර 2කට විතර මට නින්ද යන්න ඇති..
***********************************************
කවදාවත් නැතුව උදේම චරිත් බොඩිමට ඇවිත් තිබුනා.. නිදි මරලද මන්දා ඇස් යට කලු වෙලා ගිහින් තිබුනා. මට චරිත්ව දැක්කම ඌ විදින දුක දැනුනා..
"චරියා උබ, වරෙන් වරෙන්.."
"මොකො රෑ ෆෝන් වැඩ කලේ නැත්තේ.."
"ෆෝන් එක ඕෆ් කලා බං.."
"මට ඇත්ත කියපං පොඩී.. උබ ආයෙම නටන්න පටන් ගත්තද.."
මම දෙලෝ රත් උනා. නෙහාන් කතා කරපු දෙවල් ගැනද මේ චරිත අහන්නේ.. මම මොකුත් නොවුන ගානට ආයෙම චරිත් දිහා බලලා කතා කලා.. ඒත් චරිත් ඔෆිස් එකේදි මං දිහා කෙලින් බලලා කතා නොකලත් අද කළුවෙලා ගිය මූණෙ තිබ්බ ඇස් වලින් මන් දිහා එක එල්ලෙම බලන් ඉදියේ මගෙන් උත්තරයක් එනකම් වෙන්න ඇති..
මට කොහෙදි උනත් චරියා දිහා කෙලින් බැලුවත් කමරේ ඇතුලෙදි මට ඌ දිහා හරියට බලන්න බැරි කමක් දැනුනා..
ඒ මේක ඇතුලෙදි උන සමහර දේවල් නිසාම වෙන්න ඇති..
"ඇත්ත කියහන් පොඩී.. මොනාද බං.. මේ වෙන්නේ, උබට ලැජ්ජවක් කියල නාමයක් නැද්ද..."
"මොනා ගැනද උබ මේ අහන්නේ මට තෙරෙන්නෑ.."
"ෆෝන් ඕෆ් කරන් මහ රෑ මොන මගුලෙද ගියේ.."
"කොහේ යන්නද බං.."
"උබ මාවද රවට්ටන්න හදන්නේ පොඩී, මම දන්නවා උබේ ෆෝන් ඕෆ් වෙන්නෙ කොයි වෙලාවටද, මොන හේතුවටද කියලා. මට ඇත්ත කියපං... "
"උබට උදේම පිස්සුවක් වත් හැදිලද.."
"මට පිස්සු නෑ බං.. අර අහිංසක කොල්ලව උබට සෙට් කරේ උබට රෑ තිස්සෙ ෆෝන් ඕෆ් කරන් අවලමේ යන්න නෙවෙයි හුත්තො.."
මට දැනුයි මිටර් උනේ.. ෆෝන් ඕෆ් නිසානේ මේ සීන් එක.. මට හිනා නොගියේ චරිත් අතරේ ඉස්සර තරම් ලෙංගතු කමක් නැති නිසාමද.. නැත්තම් වෙන මොකක් හරි නිසාද කියලා මම දන්නෑ. එත් වෙන දවසක වගේ නම් මම මේ කතාවට බඩ අල්ලගෙන හිනා වෙලා මෙලහකට. චරිත් මේ දෙවල් අහද්දි මට මතක් උනේ නෙහාන් කෝල් කරපු එක..
ඒ නිසාම ඌ අහපු වෙලේ ඉදන් මගෙ ඇස් වලින් පවා බය උන සීන් එකට ඌ මේ හිතාගෙන ආපු හැමදෙයක්ම ඇත්ත කියලා හිතාගෙන මගෙන් මේ දෙවල් හාර හාර අවුස්සන්නේ..
"චරියා මේ අහපං.. ෆෝන් ඕෆ් කලා තමා.. ඒත් උබ හිතන ජාතියේ දෙයක් මෙතන වෙලා නෑ.."
"හිතන ජාතියේ නෙවෙයි නම් කොහොම දෙයක්ද උනේ.."
"මොකුත් උනේ නෑ බං.."
"හරි කමක්නෑ... උබ මාවත් රැවැට්ටුවා එහෙනම්. කමක්නෑ පොඩී..ඒත් එකක් මතක තියා ගනින්.. උබේ ඔය වැඩ වලින් අකේන්ට මොකක් හරි ප්‍රශ්නයක් වෙන දවසක් එන්න තියන එපා මචං.. අන්න එදාට මම මේම උබ එක්ක කතා කර කර ඉන්න එක්ක නෑ..."
"එහෙම දෙයක් දෙන්නෑ චර්.. ඒයි...චරියා, හිටපං කොහෙද යන්නේ.."
තරහෙන්ම යන්න හදන චරිත්ව මම දොර ලගදි අල්ල ගත්තා.. මම අල්ලගෙන ඉද්දි චරිත් නොදැනිම මගේ අත ඇතෑරව ගත්තා..
"වැඩට.."
"මාත් එනකම් ඉදපං.."
"උබ වගේ එකෙක් එක්ක මට ඉන්න උවමනාවක් නෑ.."
"මේ චරිත් මගේ සීමාව පන්නනන හදන්නෙපා.. එහෙම දෙයක් උනේ නෑ කිව්වම අහපං.."
"අහ්.. මම දැන් උබ කියන හැමදෙම පිලිගන්න ඔනෙද.."
මට තරහක් නාවත් ලගටවත් නොඑන චරිත්ව ලගට ඇදලා ගන්න ඕනේ උනා. චරිත් හුලගක් වගේ මං ලගට ආවම මම එහෙම්ම බිත්තියට හේත්තු කරලා උගේ තරහින් කලු වෙලා ගිය මූණට එබුනා..
"ඔව්.. ඇත්ත ඒක නම් උබට ඒක පිලිගන්නම වෙනවා.."
"එහෙමත් එකක්ද, ඇතෑරපං මාව පොඩී.."
" ඉදපං මාත් එනකම්.."
"ඊයේ පෙරීදත් ඔෆිස් ගියේ මම එක්කද..."
"ඔව්, ඊයේ පෙරීදා ඇරෙන්න අනිත් හැම දවසකම ගියේ ගියේ උබ එක්ක තමයි, උබට ඒවා අමතක උනාට..."
"මට යන්න දීපං.. මම ආවේ චුටි මට කෝල් කරලා තිබ්බා ඊයේ රෑ. මම දැක්කෙ පාන්දර 3ට විතර අම්මට බේත් දෙන්න නැගිටිද්දි.. මට ඒ වෙලාවේ එන්න බෑ.. ඒකයි දැන් ආවේ.. ආව දේ දැන ගත්තා.. කියන්න ඕනේ දේත් කිව්ව.. මට යන්න දීපං..."
"චරියා මේ අහපං.. ප්ලීස් උබ හිතන දෙයක් උනේ නෑ බං.."
"උනේ නෑ නම් එච්චරයි.."
"ඇදුමත් පොඩි වෙලානේ.. ඔහොම යන්න බෑනෙ. ඉදපං මම වොශ් දාන් එන්නම්. එතකන් උබ ඕක ගවලා අයන් පාරක් දා ගනින්..."
"මාව මොකා බලන්නද බං.."
"හරි හරි, මගේ සර්ට් එකත් මැදලාම දිහංකො.. මම පටස් ගලා එන්නම් මචන්.."
චරිත් කූල් ඩවුන් උනා වගේ තෙරුනාම මම ඌව ඇතෑරලා පොඩි උන උගෙ සර්ට් එක අතින් පිහදලා හැදුවා..
චරිත් ඉද්දිම මම අයන් බොර්ඩ් එක හදල අයන් එකත් තියලා චරිත්ට කතා කරන්න බැලුවා. චරිත් කාමරේ ඉදියේ නෑ. මම දොර ගාවට ගියේ සෙනිකව..
මම බලද්දි චරිත් තරපුව බැහැල පහලටම ගිහින්. ඇන්‍ටි පහල මිදුලේ මල් ගස් වලින් පහන තියන්න මල් කඩන ගමන් ඉදපු නිසා මට ඌ පස්සෙ දුවන්න බැරි කමක් තිබ්බා. මම ආපහු කමරේ දොර වහලා දැන්මේ තරහින්මයි..
************************************************
චරිත් මට පෙන්නම වෙන්නැති කැන්ටිමේ පවා කැවෙ බිව්වෙ පූර්ණලා එක්ක.. ඌ හොදාකාරවම දන්නවා පූරණ කියන්නේ මගේ කාගෙ කවුද කියලා.. මම ඒ හැමදෙයක්ම ඉවසගෙන ඉදියා. ඒත් එක දවසක් මට ඉවසන්නම බැරිම දේ උනා. ඒ චරිත්ගේ බර්ත් ඩේ එක දවසෙ.. මට ඒක මතක් උනෙත් උන් සෙට් එකම් දවල් කෑමට ඇවිත් කැන්ටිමෙදි චරියගෙ බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කරද්දි.. අඩුම ගානේ චරිත් මටවත් කතා කලේ නෑ.. කස්සා ඇවිත් රෙඩාටයි මටත් කතා කලෙත්..
මම ගියේ චරිත් දිහා බලන්.. උගේ මූණේ නම් මොකද්දො මන්දා දුකක් තිබ්බා සමහරක් විට මේක පූර්ණලා ඕගනයිස් කරපු එකක් වෙන්නැති..
"හැපි බාර්ත් ඩේ චරියා..
හැබි බත්ත් ඩේ ටූ යූ....යේ... හුරේ......"
කට්ටියම හුරේ දාලා චරිත්ව පෙන වලින් නාවදි මම විතරක් අත් බැදගෙන ඒ දිහා බලන් ඉදියා.. ඇත්තටම මට ඌට විශ් කරන්න බැරි උනා. හවස චරියා එක්ක මීට් වෙලාම විශ් කරන්න බලන් ඉදියා මම. චරිත් කේක් කෑල්ලක් කපලා ලග ඉදපු පූර්ණට කැව්වෙ මන් දිහාවත් නොබලා.. මට කේක් කෑල්ල හම්බුනේ එතන ඉන්න ඔක්කොම කෑවයින් පස්සෙයි. මම චරිත්ගෙ ඇස් දිහා බැලුවත් ඌ හිනා උනා විතරයි..
"සොරි බං, මට අමතක උනා චරියා.."
"අල්ලලා දාපං.. ශේප්.."
චරිත් ආයෙමත් කට්ටියට එකතු වෙලා සිංදු කියන්න ගත්තා. මට එතන ඉන්න උවමනාවක් තිබ්බෙ නෑ. මම එන්න ආවේ එකයි..
චරිත් උබගෙ යාලුවා මම නෙවෙයිද බං.. උබ වෙන මොකාට හරි කේක් ඉස්සෙල්ලම කැව්වත් කමක්නෑ..උබ කැව්වෙ පූර්ණට.. දන්නවද.. අමතකද ඌ කවුද කියලා.. උබ වෙනස් වෙලා නෑ කියලා කියන්නේ කොහොමද බං..
උබ කන්නේ ඌ එක්ක.. ඉන්නේ ඌ එක්ක..
උබ ගාවට එන්නවත් මට වෙලාවක් නෑ නෙවෙයි. උබ ඉන්නෙම මට අල්ලන්නැති උන් එක්ක.. මම දන්නව මම හින්ද උබ එහෙම වෙන්න ඔනේ නෑ. ඒත්... අපිට එහෙම බැදීමක් තිබ්බ නේද බං..
මම ටේබල් එකට ඇවිත් කම්ෆුටර් එක ඔන් කරගෙන ඔහේ ෆයිල් ඕෆන් කර කර ඉදියේ ලොකූ අට වැඩක් නොතිබ්බ නිසා..
ඔෆිස් එකේ ස්ටාෆ් රූම් තිබ්බේ අපේ සෙක්ෂන් එකේ.. පූර්ණයි චරියයි කස්සයි තුන්දෙනාම ස්ටාෆ් රූම් එක පැත්තට ආවේ කේක් බෙදන්න වෙන්න ඇති.. මම නොදැක්ක ගානට ඉදියා. ඒත් පූර්ණව දකිද්දි මට දැනුනේ තරහක්..
"පොට්ටද #ත්තො ඇගට අල්ලන්නේ.."
ඒ එදා හවස මම ඇරියස් කවර් කරන්නෙ කොහොමද කිය කියා බලන් ඉද්දි උන සිද්දියක්.. හවස බයික් පාකින් එකේදි පූර්ණ මගෙ ඇගට ඇල්ලුවේ මම චරියා එක්ක කතා කර කර ඉද්දි..
දැකපු උන් දකින්න ඇති මගේ වරදක් නැති බව..
"අල්ලලා දාපන් පොඩී..."
"පකද අල්ලලා දන්න කියන්නේ.. පර කොහෙවත් ඇගට කපන්නේ #කේ අමාරුව නිසානේ.."
"පොඩී උබ යමන්.."
"අම්මට හු#කන්න #න්නයා තෝ මම කවුරු කියලා හිතලද #කයො.. "
"ඒයි පොඩි.. පොඩ්ඩක්.. ඇතෑරපං.."
මට ඕනේ උනේ පූර්ණට දෙකක් කෙළින්න.. මගෙ හිතට ආවේ උදේ උන සීන් විතරයි.. මට ගහපු ඒවට මම අමතක කරලා දලා තිබ්බේ චරියා හෙණ දෙශනාවක් දුන්න නිසා.. ඒත් උදේ උන හැමදේමකටම මම ඉදියේ කලින් ඒවටත් වඩා මලෙන්.. ඒ මදිවට ඇගට අල්ලන් යන්නේ අපි බල්ලො ගානට දලානේ.. පූර්ණ ඉදියේ චරියා එනකම්... මට ඒ තරහත් තිබ්බ. මම ගිය ගමන් පූර්ණගේ සර්ට් එකෙන් ඇදාලා බිම දලා සපත්තු දාපු පයින්ම දෙකක් තුනක් ඇන්නම හැමෝම මාව අල්ල ගත්තා.. චරිත් ගිහින් පූර්ණව අල්ලගෙන එහාට ඇදලා ගත්තා.. උන් දෙන්නව එහෙම දකිද්දි මට තවත් මල.. පූණගේ කටින් ආව ලේ චරිත් උගේ ලේන්සුව තියලා තද කරගෙන වොශ් රූම් පැත්තට එක්ක ගියා. මම හැමෝම ඇතෑරලා දලා බයික් එකේ නැගලා බොඩිමට ආවේ මලෙන්මයි..
මම පූර්ණගේ නම්බර් එක හොයාගෙන පූර්ණට වෙනම ගේමක් ..
දෙන්න. මම බොඩිමට ඇවිත් උගේ ෆේස්බුක් එකට ගිහින් ෆොටො දෙකකුත් අරගෙන වෙනම ගේමක් ගැහුවා..
***********************************
එදා සෙනසුරාදා දවසක්.. මම ගියේ චුටි එන්න කිව්ව නිසා පංසලට බොධි පූජාවට..
"චරියා උබ එනවද.. අම්ම එක්ක වරෙන්.. අම්මටත් හොදයිනෙ.."
"අම්මට ඇවිදින්න කරන්න අමාරුයි බං උබ දන්නවනේ.."
"හ්ම්ම් එහෙනම් උබ වරෙන්.."
"වැඩ බං.."
"උබ එන්නෑ ඒ කියන්නේ.."
"උබ දන්නවනේ පොඩී.. මං ගැන.."
චරියා බෑ කිව්වත් මට චුටි කතා කල නිසා නොගිහින් ඉන්න බැරි උනා මම ගියේ ඒකයි.. මම යද්දි චුටිලා පංසල්ව්ව් වැඩ...මමත් ඒවට එහෙන් මෙහෙන් දන්න විදියට උදව් උනා..
පුජාව ඉවර වෙලා අපි එන්න ආවා. අම්මා මාත් එක්ක කතාවට වැටුනේ චුටි පංසල ඇතුලට ගිහින් එන ටිකට..
"හැමදාම පූජාව ඉවර වෙද්දි හිතට සැහැල්ලුවක් දැනෙනව පුතේ.."
"ම්.. මේ පංසල හරි නිස්කලංකයි අම්මා.."
"ඉන්න ටිකේ පිනක් දහමක් කර ගත්තොත් තමා.. වැඩි කල් මටත් ආයුස නෑ.."
"අම්මට විකාරද.."
"මම කියන්නමයි ඉදියේ පුතාට.. මම නැති කාලෙක මල්ලිව බලා ගන්නවද පුතා පුතාගෙම මල්ලි විදිහට.."
"මොනාද මේ අම්ම කියන්නේ.."
"නෑ පුතා.. ඉදලා හිටලා මගේ පපුවෙ කැක්කුමක් අල්ලනව.. කොයි වෙලේද කියන්න බෑ.."
"මල්ලි දන්නැද්ද.."
"දන්නවා අපි ඊයෙත් බෙහෙත් ගෙනාවා.."
"මට කිව්වෙ නෑනේ.."
"මම මයි කීවේ පුතාට කරදර කරන්න ඔනේ නෑ කියලා.."
චුටි මේ ටිකේම අව්ලෙන් ඉන්නෙ ඒකද.. මම ඒ ගැන කල්පනා කලා. මම මන් ගැන පසු තැවුනා අම්ම කියපු දේවල් වලට..
"හරි යං.."
චුටි ආවම අපි කතාව නතර කලා. අම්මගෙ වදේටම රෑ කෑම කන්න චුටිලගෙ ගෙදර ගියා මම.. රෑ කෑම කලා මම සිගරට් එකක් බොන්න එලියට ආවා. මම බයික් එකට හේත්තුවක් දාගෙන සිගරට් එක බිව්වා.. චුටි ගලටම එනක්ම් මම දන්නෑ.
"මොකද්ද ඒ කලේ..."
"මල.ජරාව.."
"පණ්ඩිත වැඩනේ.."
"කමක්නෑ ඒකට.."
චුටි මගෙ අතෙ තිබ්බ සිගරට් එක විසි කරපු එකට නම් මට සිරාවට මල පැන්නා.. ඒත් ඒක කරලා මං ගාවට වෙලා හිනා වෙවි ඉද්දි තරහ නිවිලා ගියා..
"අම්මට අසනීප වෙලා මට කීවේත් නෑ නේ.."
"අම්මද කිව්වෙ.."
"ම්.."
"කියන්න හිතුනා. එත් අම්මා එපා කිව්ව ඔයාට කරදර නිසා.."
"විකාරනේ අම්මටත්.. බෙත් ගත්තද ඉතින්.."
"ම්.."
"ඔව් ඉතින් අපි පිට උන්නේ.."
"අනේ එහෙම නෙවෙයි අයියේ.."
"නැත්තම් මොකද්ද.."
චුටි තවත් ලගට ආවා.. මට පපුව ඇතුලෙන් වෙන කොල්ලෙක් ගැන ඇති නොවුන හැගීමක් දැනුනා.. මම චුටිගෙ ඇස් දිහා බලන් ඉදියේ චුටි ඔහේ කියවද්දි..මම චුටිගේ අත් දෙක කලුවරේම අල්ලන් ගත්තා..
මට නොතෙරෙන ඒ හැගීම මම චූටි ට විස්තර කලා..
"මම පොඩි කාලේ ඉදන්ම හැදුනේ තනියම.. ඒත් ඔයාගෙ අම්මගෙ ආදරේ. ඔයා. මට මහා අමුතු විදිහට දැනෙනවා චුටි.."
"ම්.. මටත් ඉන්නෙ අම්මා විතටයි.."
"ඇයි මං.."
"ඔයා ඉතින් ඉන්නවා.."
"ම්ම් ඔව් ඉතින්.. අපි ඉදියට අපි පිටප්ප්..ප්..ස්...ම්...ම්..ම්ම්"
"ඔය ගොන් කතාව ආයෙ කියන්න එපා ශාලිය අයියේ.."
"ඇයි...ඒක නෙදෙයිද ඇත්ත.."
"නෑ.."
"එහෙනම්.."
"මම දන්නෑ.."
"මම දන්නෙත් නෑ.."
"ම්.. "
"එනවා චුට්ටක් ලගට.."
මම ලැබුන අවස්තාවෙන් චුටිව ලගට අරන් කකුල් දෙක අස්සෙ හිර කර ගත්තා..
"පිස්සුද, අම්ම ඒවි.."
"අම්මා පර්මිෂන් දුන්නා.. ඔයාව මල්ලි වගේ බලා ගන්න කියලා.."
"විකාර නෙවෙයි කෝ.."
මගෙන් ගැලවිලා යන්න හදන චුටිව මම තවත් කකුල් දෙක අස්සෙ හිර කරගෙන පපුවට හෙත්තු කරගෙන කිති කැව්ව.. මිනිහා දගලද්දි මටත් හිනා..
"අපෝ කිචිද තාම මෙච්චර ලොකු වෙලා.."
"ඔව් ඔව්.."
"කිචි ඇර ගන්න වෙයි.. බදින්නවත් වෙන්නෑ ඔහොම ගියොත්.."
"මම බැදලා කිචි ඇර ගන්නම්කො.. ඔයා ඉන්න. මට යන්න දෙන්න.."
මම චූටිගෙ බෙල්ල ලගටම කිට්ටු වෙලා ලොකු හුස්මක් අරන් ඇතෑරිය. චුටි ඒව දරා ගන්න බැරුව බෙල්ල අකුලෝගෙන මගෙන් ඈතර පැන්නා..
"මොනා කරනවද මන්දා.."
"හරි හරි..මම යන්නම්.."
"ඔය ඉතින්.."
"නෑ නෑ පරක්කුයි.. අම්මත් බලයි දැන්.. මම යන්නම්.."
"ම්.. යන්නම් නෙවෙයි ගිහින් එන්නම්.."
"ම්ම්ම් ඔව් ඔව්. ගිහින් එන්නම්.."
"පරිස්සමින් යන්න අයියේ.. ගිහින් කෝල් එකක් දෙන්න.."
"ම්..."
චුටි කලුවරේම බලං ඉද්දි මම චූටිගේ මූණට හෙට් ලයිට් එක ගහලා එන්න ආවා.. චූටි ව මගේම කරගෙන තව ටික වෙලාවක් මට ඉන්න හිතුනත් චූටි තාම පොඩි කොල්ලෙක් කියලමයි මට හිතුනේ.. මම තව ඉදියා නම් මොනව කරයිද දන්නෑ කියලා සැකේකුත් මට තිබ්බා. අනික චූටි ව එක පාර මට ඔනේ උනේ නෑ.. චුට්ට චුට්ට රහ බලන්න මට ආස හිතුනා.. මම ඒ ආසාව හිතේ තියාගෙන ආපහු බොඩිමට එන්න ආවා...
#දාහත්වන_පිටුවට. ❤✋