ඔබ මගේ වෙලා 💞

sakunwirajEddirimann द्वारा

22.6K 2.6K 164

"හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ" මට මගේ කියලා අ‍යිතියක් නැතුවත් ආදරය කරපු කොල්ලෙක් ගෙ ආදරණීය ඉරණම... अधिक

#පලමු_පිටුව 💞
#දෙවන_පිටුව 💞
#තෙවන_පිටුව 💞
#සිව්වන_පිටුව 💞
#පස්වන_පිටුව 💞
#සයවන_පිටුව 💞
#සත්වන_පිටුව 💞
#අටවන_පිටුව💞
#නවවන_පිටුව 💞
#දසවන_පිටුව 💞
#එකලොස්වන_පිටුව 💞
#දෙලොස්වන_පිටුව 💞
#දහතුවන_පිටුව 💞
#දාහතරවන_පිටුව 💞
#දහසයවන_පිටුව 💞
#දාහත්වන_පිටුව 💞
#දහඅටවන_පිටුව 💞
#දහනවවන_පිටුව 💞
#විසිවන_පිටුව 💞
#විසිඑක්වන_පිටුව 💞
#විසිදෙවන_පිටුව 💞
#විසිතුන්වන_පිටුව 💞
#විසිහතරවන_පිටුව 💞
#විසිපස්වන_පිටුව 💞
#විසිහයවන_පිටුව 💞
#විසිහත්වන_පිටුව 💞
#විසිඅටවන_පිටුව 💞
#විසිනවවන_පිටුව 💞
#තිස්වන_පිටුව 💞
#පසුවදන 💞

#පහලොස්වන_පිටුව 💞

465 66 2
sakunwirajEddirimann द्वारा

මම එදා බොඩිමේ ගෙව්පු පැය ගනන් ගැන කල්පනා කලා.. මේ උන සිද්දිය උන වෙලාවෙ චුටි මං එක්ක ඉන්නවා වගේ මතකයක් දැනුන බව මතක් උනා.. ඒම මතකයක් එක්කත් මම ජිවත් උන හැටි මට යාන්තමට මතක කරද්දි එකින් එක මතකෙට ආවා..
මගෙ ඔළුව පිස්සු හදෙන්න වගේ ගත්තා ඒ මතක්වෙන දේවල් වලට.. එත් ඒ මතක්වෙන කිසි දෙයක්  එක දිගට ම මතකෙට ආවේ නෑ කඩින් කඩ චුටී මේ කමරේ ඉදියා වගේ මතකයක් තිබ්බා..
චුටි නෙවෙයි එවෙලේ කමරේ ඉදියේ කියලා කොච්චර හිතුවත් හිත පිලි ගන්නේ නෑ..
ඔව්. කොහොම උනත්, හිත පිලිගත්තත් නැතත් ඔප්පු වෙනවා මම හරි සිහියට ආවම උනේ මොකද්ද කියලා..
චුටි ආව බවක් මට මතක් උනත් චුටි ආවේ නෑ කියන්නේ මම ඒ හැමදේම චරිත් එක්ක කියන එක පිලිගන්නම වෙනවා..

අමු අමුවේ ඔප්පු වෙද්දිත් ඒ චරිත් නෙවෙයි කියලා හිතන්නත් මම බොලද වෙලාද.. මම ඒ ගැනම කල්පනා කලේ ඒ නිසාද ? එවෙලාවෙ අපි දෙන්න විතරයි ඉදියේ... ඒ කියන්නෙ මට මතකෙට එන හැමදේම, කිස් කරපු දේවල්.. එදෙවල් උනේ නැද්ද ඇත්තටම.. නෑ ඒ දෙවල් උනා. කා එක්කද. මම ඇත්ත දැන දැනත් බොරු සක්ශි හෙව්වා.. මම පිස්සෙක් වගේ හැසිරුනා කිව්වොත් හරි..
මට මතක්වෙන දෙවල් හීනයකටත් වඩා දැනෙන්න ගත්තා.. මම එහෙම්ම වොශ් රූම් එකේ බිම ඉද ගත්තා..
මම, මගේ සරම අතට ගත්තෙ දෙයක් මතක් වෙලා.. මම සරම හරව හරව බැලුවා.. බිම තිබ්බ වතුරට සරම තෙත් උනත් ඒ ඝණ පැල්ලම් ඒ වතුරට සෝදන් යන්න බැරි තරමට සරමේ පිහදැවිලා තිබුනා.. දෙයියනේ මේ තරම් දෙයක් උනාද.. මම ඔලුවෙ තිබ්බ කෙස් ටික ගලවලා අතට ගන්න තරම් හයියෙන් ඇද්දෙ මේ සාක්ෂි තෙරුම් ගන්න බැරුව..
එතකොට මම ඒ දෙවල් කලෙත් චුටි එක්ක නෙවෙයිද..මගේ පපුව ගැහෙන්න ගත්තේ චරිත්වත් චුටිවත් එක පාර ඇස් ඉස්සරහා මැවෙද්දියි..
හැමදේම මගේ හිත හැමදේම මතක් වෙන්න ගනිද්දි මට නිදහස් වෙන්න මට සාධාරණ හෙතු හෙව්ව..

"මම යනවා පොඩී.."

"මං එක්ක... ඇදට නගි...න උන් හරි ඉක්..ම...නට බහින..වා බං.."

"විකාර කියවන්නෙපා පොඩී.. දැන් ඔය ඇති.. "

"ම..ට තව..බොන්න.. ඔ..නේ බං.."

"දැන් ඇති බිව්වා බං... චූටි බලාගෙන ඇති.."

"ඌ ඉද..පු දෙන්.. මම.. ඌට වර්..දක් කරන්...න්..නෑ.."

"ම්.. එහෙනම් ඒ හොදටම ඇති.. නිදා ගනින් දැන්.. මම ගිහින් කෝල් එකක් දෙන්නම්.."

"උබ..ට යන්න බෑ... දැන්.."

"උබ බිව්වට මම බිව්වෙ නෑ. මට පුලුවන්.."

චරිත් බොඩිමෙන් ගිය හැටි මට මතක් උනා. චිත්තරූප මැවෙන..., මතක් වෙන හැමදේමත් එක්ක ගලපලා බලද්දි මහා ලොකු දෙයක් මේ කමරේදි අපි අතර වෙල නොතිබ්බත් අපි අතරෙ හැගීම් හුවමාරු වෙන්න ඇති.., උදේ 10 ට විතර බොන්න ගත්තෙ 12 වෙන්නත් කලින් ඉවරයි. ඒත් ඊට පස්සෙ දවල් වරුවෙම අපි ඉදියේ ඇදේ.. මට එකින් එක ගලපද්දි, හිතින් මවද්දි හැමදේම මට මතක් උනා.. කියපු වචන පවා..
ඔව් අපි අපේ අන්තිම සටන වෙනකම්ම මම හි‍ටියේ චරිත් එක්ක කියලා මතක් වෙද්දි මට කරන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරි උනා..
මම වොශ් නොදාම කමරේට ඇවිත් ලාච්චුව ඇරලා සිගරට් එකක් අරන් පත්තු කලා.. මට මේ මතකයන් වලින් ඈත් වෙන්න බැරි තරම්..
මට සිගරට් එක ආයෙම මතක් උනේ අගිලි දෙකට රස්නේ වදිද්දි..
මම ෆිල්ටර් එක ඩස්බින් දලා චරිත්ට කෝල් එකක් ගත්තේ කල්පනා කරලා ගත්ත අන්තිම තිරනේ විදිහට..

"කියපං පොඩි.."

"ච... චරි..යා.."

"ඇයි, කියපං.."

"උබට ඇ..හෙනවද."

"ඔව් බං, කියපං. ඇයි.."

චරිත් කිසි දෙයක් නොවුන ගානට කතා කලා. මම ආයෙම කල්පනා කලේ මේ මතක් වෙන හැම දේම උනාමද කියලා..
මට අහන්න හදපු දේ අහන්න තරම් හයියක් ආවේ නෑ.. තිබ්බ නම් හයියක් ඒකත් චරිත් මොකුත් නොවුන ගානට දමලා ගහන වචන වලින් සුන්නත්දූලි වෙලා ගියා..

"නෑ උබෙ ඔලුව කැක්කුමයි කිව්වනෙ ඒකයි ගත්තේ..."

"අඩුයි බං ටිකක්.. දැන් ආවේ.. ඇලට් එකක් දැන්මම හරි යවි ඔක්කොම.."

"ඔක්කොම හරි යාවිද.."

"ඒ කිව්වෙ, මට තෙරුණ්නෑ..."

"මට තෙරෙන්නෙත් නෑ බං.. ඒකයි උබට ගත්තේ.."

"පොඩි, මේ උබ ආයේ බිව්වද.."

"නෑ.."

"නැහැ නම් විකාර දොඩවන්නෙපා...
කලනේ ඉන්නේ, වොශ් දාන් නිදා ගනින්.. හෙට වැඩනේ, උබට තාම බඩුද කොහෙද..."

"චරියා මේ අහපංකො.."

"මේ, හෙට කතා කරමු.. මට අම්මට බෙහෙත් දෙන්න තියනවා බං.. මම තියන්නද.."

"ඒත් මේ.. හරි ඕකේ..හෙට වරෙන් බොඩිමට උදෙන්ම.."

"හ්ම්ම්..හරි..,
අහ් මේ.. උබ ගත්ත එකත් හොදයි..
චූටි ට කොල් එක දාපන් ආවා කියලා.. මට මැසෙජ් එකක් දාලා තිබ්බා ඌ.."

මට දැනුනේ දුකක්...චරියට ගත්ත කෝල් එකෙන් පස්සේ උනේ තවත් රිදුන එක..
ඒ වගේම පුදුමයි චරියා මේ මොකුත් නොවුන ගානට ඉන්නවා දැනුන ම... මම හිතුවේ චරිත් අවුලෙන් මොනවා හරි කියාවි කියලා. එහෙමත් නැත්තම්, වෙන් ගැලපපෙන මොනාම හරි කියයි කියලා.
ඒත් චරිත් වෙනදා වගේ කතා කලා වෙනසකට තිබ්බේ ඒ අපි අතරෙ තිබ්බ යාලුකම නෑ වගේ දැනුන එක විතරයි.. මට දැනුන අවුල තවත් අවුල් උනේ ඒ කෝල් එකෙන් පස්සෙ..

මට චුටි හම්බෙන්න කලින් මගේ හැමදේම හොයලා බැලුවේ චරියා..මට කවුරු ලැබුනත් ඌ නැතුව බෑ..
මාව හොද මිනිහෙක් කරන්න ඌ නැහුන හැටි මතක් වෙද්දි පපුව තද වෙන්න ගත්තා. එහෙව් එකාට මම කරපු දේ මතක් වෙද්දි මම මේතාක් කොල්ලොන්ට කෙල්ලන්ට කරපු වැරදි වලදි පස්සෙ බොඩිමට ආවම එන කෝල්ස් වලට වඩා දරුණු හැගීමක් මට අද දැනුනා..
මගේ ඇස් කවදාවත් නැතුව යාන්තමට තෙමුනේ ඒ නිසා වෙන්නැති, මම කොහොමද උගේ මූණ බලන්නේ..
මම බොඩිම් කාමරේ තනියම නිසා ඒ හැගීම මට පිටකර ගන්න වෙන ක්‍රමයක් තිබ්බේ නෑ.. මම ආයෙමත් සිගරට් එකක් පත්තු කරන් බැල්කනි එකට ගියා.. සිගරට් එක බාගයක් ඉවර වෙද්දි මට කෝල් එකක් ආවා..

"අයියේ.."

"ම්.."

"බොඩිමට ආවද.."

"ඔව්.. ඇවිත් ටිකක් වෙලා.."

"ම්.. මම බැලුවා ඇයි මැසෙජ් එකක්වත් නැත්තේ කියලා..මම දැනුත් චරිත් අයියටත් ගත්තා.. එයා කිව්වෙ ඔයා අවා කිව්ව කියලා.."

"අහ් ඔව්.. ඌ කෝල් කලා.. මම වොශ් දාන්න ගිහින් ආවේ දැන්..."

"ම්.. අවා නම් කමක්නෑ. නෑ කියලා ගියානෙ ගිය ගමන් කියන්නම් කියලා..මම හිතුවේ තාම ගිහින් නැතුව ඇතිද කියලා ඒකයි..."

"වොශ් එකක් දාගෙන ඇවිත් කියනවා කියලා හිතුවා, දාඩියයි. කරට් එක නෑ..."

"හරි දැන් ආවනේ.. මම තියන්නම්.."

"තරහද.."

"නෑ.."

"නැත්තේ නෑ.."

"ම්ම්.. බුදු සරණයි..තියන්නම්..."

"චුටි.. ඉන්න.."

එහා පැත්තෙන් කෝල් එක කට් උනා..
මට දැනුනේ මහා අමුතුම හැගීමක්..
චරියගෙ ප්‍රශ්න එහෙන්.. මෙහෙන් චුටි..
මම චුටිව දලා එද්දි ආවේ ලෝබ කමින්.
චුටිත් ඒ වගේ හැගීමකින් කතා කලා.. ඒත් දැන් චුටි කතා කරන විදිහ වෙනසක් දැනෙන්නෙ ඇයි..
මම ආව ගමන් කෝල් නොකල නිසාද.. චරිත්ගෙන් මම ආව බව දැන ගත්ත නිසාද..? චරිත් මම ආව බවක් නොකිව්ව නම් ඉවරයි... චරිත් හැමදාම කලේ මාව බෙර ගත්ත එක.. ඒත් අද..? මට කිසි දෙයක් තෙරෙන්නෑ.. මට චුටිව ගොඩක් දැනෙන්න අරන් තිබුනා, බටක් දැනුනා චුටිව නැතිවෙයිදෝ කියලා..
ඒ නිසාම මට ඔලුව කම්මලක් වගේ දැනෙන්න ගත්තා..
පැන්ඩොල් දෙකක් බිලා වතුර බිව්ව ඔලුව පැලෙන්න වගේ කැක්කුමක් ආව නිසා..

"අම්ම ඉන්නවා එකයි තිබ්බේ.."

චරිත් ගැන ඇතිඋන වැරදි වැටහීම මට තැනි උනේ චුටිගෙන් ආව මැසේජ් එකට..
චුටිගෙන් එවෙලෙම වගේ ආවේ එහෙම කොටි පණිවිඩයක්.. හිත සැහැල්ලු කරගෙන මම ඒකට තවත් ආදරෙන් රිප්ලයි එකක් යැව්වෙ ඇතුලෙන්ම දැනුන නිසා..
පැයක් විතර අපි කෙටිපණිවිඩ 100කට එහේ මෙහා යවන්න ඇති..
වොශ් නොදාම මටත් එහෙම්ම නින්ද ගියා..

************************************************

සතියක් විතර චරිත් එක්ක ඔෆිස් යන එන එක විශේෂයක් නැතුව උනා.. ඒත් චරිත්ගේ වෙනස කාට නැතත් මට දැනුනා..
ලගින්ම හිටපු එකා..
ලගම ඉන්න බැරිකමට මාව මිස් කරන විදිහ දැනෙද්දි ඒක හිතට දරන්න අමාරු උනා..
ඒ හැමදේම මම හින්දා නේද කියලා දැනෙද්දි මට මාවත් එපා උනා..
පහුගිය දවස් දෙක තුනේම චරිත් බොඩිමටවත් ආවේ නෑ. ඒ අස්සෙ
ඔෆිස් එකෙත් අපේ ශෙක්ෂන් මාරු කලේ හැමදේම වෙලා දවස් දෙකකට විතර පස්සෙ.. චරිත් වැටුනේ වෙන ශෙක්ෂන් එකකට. ඒ නිසාම චරිත් මගෙන් තවත් ඈත් උනා කිව්වොත් හරි...
දවසක් චරියව අල්ල ගත්තේ ඕෆ් වෙද්දි මාව හම්බෙලා යමං කියලා කෝල් එකකුත් දීලමයි.. මම යද්දි චරිත් බයික් එකට නැගලම බලන් ඉදියා..

"පරක්කුද උබට.."

"නැහ්.. කියපං ඇයි..."

"ඉස්සෙල්ලා මගේ මූණ බලාගෙන කතා කරහන් බං චරිත්.."

"ඇයි මුණේ පෙරහැරක් යනවද.."

"චරිත්.. ඇයි බං මේ.."

"මොනාද බං..,ඇයි බං ඇයි බං ගාන්නේ. උබ ඊයේ රෑත් ඕක කිව්වා.. පිස්සුද බං උබට.."

"උබ වෙනස් වෙලා බං.."

"මේ පොඩී උබට පයිතියංද..."

"ඇයි උබ මේ දවස් තුන හතරෙම බොඩිමට ආවේ නැත්තේ.."

"අම්මට අසනීපයි බං.එකයි වෙලාසන යන්නෙ. මම කිව්වනේ උබට.. නොදන්නවා නෙවෙයිනේ..."

"අම්ම මොකො අද ඊයේ, අමුතුවෙන් ලෙඩ උන එකක්ද, අද බොඩිමට ගිහින් යමං..."

"පොඩී, උබට මාව තෙරුම් ගන්න බැරි එකට මට කරන්න දෙයක් නෑ..
අනික පොඩි උන් දෙන්නට එක්සෑම්.. උන්ට ඉගෙන ගන්න දෙන්න ඔනේ බං..
උන්ට පුළුවන් කාලේ අම්මට කලා.. මට දැන් ඉස්සර වගේ ෆ්‍රී නෑ බං.. හරියට කැම්පස් එකේ දී වගෙ.. "

"අම්මො.. ඔව් උබ ඒ කලේ හොයන්නවත් නෑනේ.."

"ඔව්.. අම්මගෙ අසනීපෙ අඩුවක් නෑ බං.."

චරිත් කිව්වෙ කලු කරගෙන එන අහස දිහා බලාගෙන.. කදුළු හංගන්න වෙන්න ඇති.. මම චරියට ලං වෙලා පිටට තටුවක් දලා කර වටේ අතක් දාගත්තා..

"ම්... එකට කමක්නෑ බං.. උබ අවුලෙන් වගේ ඒකයි මම ඇහුවේ..."

"එහෙම එකක් නෑ බං.. මේ.. පොඩී අම්මගෙ බෙහෙත් වෙලාව පරක්කු වෙනවා... මං යන්නද..?"

"හා හරි පරිස්සමින්.. හවස පුලුවන් උනොත් වරෙන් බොඩිමට.."

"හා, මම කෝල් එකක් දෙන්නම්..."

චරිත්ට කොච්චර ප්‍රශ්න ආවත්, කොච්චර බිසී උනත්, ඌ වෙනස් වෙලා නෑ කියලා පෙන්නන හදන එක මට විහිලුවක් උනා.. උගේ ඇස් දිහා කෙලින් බලන මට ඒක හොදටම තෙරුනා..
එදා හවස දෙන්නම් කිව්ව ඒ කෝල් එක එනකම් මට දවස් කීපයක්ම මම බලන් ඉන්න උනා.. නෑ ඒ කෝල් එක ආවේ නෑ...

මමත් ඒ හැමදේටම සති 3ක් 4ක් ගියාම හුරු උනා.. චරිත් වෙනම ශෙක්ෂන් එකක නිසාත් ඔෆිස් එකේදි අපිට අපිව නැති උනා.. දවල් කෑමට විතරයි අපි කැන්ටිමේදි හම්බුනේ.. ඒත් ඒ හිතේ සතුටකින් නම් නෙවෙයි මොකද කිව්වොත් චරිත් එක්ක එකට ශෙක්ෂන් වෙලා තිබ්බේ පූර්ණ..
ආසාවෙන් කරපු ජොබ් එකත් මට එපා උනා.. නොකර බැරි කමට මම ජොබ් එකට යන්නන් වාලේ ගියා. ඒ චුටි කියපු නිසාම..

"ආයේ මාරු කරාවිනේ.. පණ්ඩිත වෙන්න එපා.."

"ඔයා හිතුවද ස්කොලේ මොනිටර් වගේ ඔෆිස් එකෙ ශෙක්ෂන් මාරු කරනවා කියලා.."

"හරි.. මොනවා උනත් දෙන්නම එක ඔෆිස් එකේනේ.. ටිකක් ඔහොම ඉන්න.. චරිත් අයියා කිව්ව.. කලින් ජොබ් එකත් නැති කර ගත්තා කියලා.."

"මොකද්ද, කලින්.."

"ඔව්, මේ ඔයාගෙ පණ්ඩිව් වැඩ නිසා කලින් ජොබ් එක නැති උනා කිව්වා. පොඩ්ඩක් හොයලා බලන්න කිව්වා.."

"ඌට පිස්සු.."

චරිත් නැතුව ගෙවපු දවස් ටිකේම චරිත් චුටිට මං ගැන ගොඩක් විස්තර කියඖ බවක් මට චුටිගෙ කත වලින් තෙරුනා.. ඒත් මම ඒ දේවල් හාර අවුස්ස අවුස්ස අහන්න ගියෙ නෑ.. ඒත් චරිත් පරණ දේවල් අවුස්සන්නේ ඇයි.. මට හිතා ගන්න බැරි උනේ එතන..
චරිත් ගැන හොදටම දන්න නිසාම මම ඒ ගැන හිතුනත් වැඩිය නොහිතා ඉන්න උත්සහ කලා..

************************************************

දින සති ගෙවිලා ගියා.. ගෙවුන දින ටික ගත්තම සතියෙ දින පහ ගෙව්නේ තප්පර කටු වලින් උනාට සති අන්තේ දින ගෙවුනේ පැය කට්ටෙන් කියලා මට හිතුනා.. මොකද කිව්වොත් මම සති අන්තේ හිටියේ වැඩි හරියක්ම චුටිලගෙ කඩේ නිසා.. චුටිලා කඩේ හොදට කරගෙන ගියා.. දැන් චුටිලා ඔලුව උස්සගෙන ඉන්න හැටි දැක්කම මාරම සතුටක් ආවා.. වැඩියමත් ඒ අම්මා..
වෙනදට දුක් මූණක් නැතත් උදේ ඉදන් කෑම තම්බලා තම්බලා හෙම්බත් වෙලා ගිය මූණක් තිබ්බේ. දැන් අම්ම සතුටින් ඉන්න හැටි දැක්කම මාත් එක්ක ගමන් බිමන් වැඩිය නොඑන නිසාම චරිත් ලග නැතුව උනත් මම තනියම සතුටු උනා.. ඒත් මම ඒ සතුට ඌ එක්ක බෙදා ගත්තේ මේ හැමදේකටම ඌත් වග කියන්න ඕනේ නිසා..චරිත්ට ඒ විස්තර කිව්වම ඌත් සතුටු උන මං වගේම..

චුටිගෙ අම්මා මම එන - යන සති අන්තෙ දවස් වල මට ගෙදර කෙනෙක්ට වගේ සැලකුවා.. එතනට එන ඕනෙම කෙනෙක්ට මාව පෙන්නලා අපි කරපු උදව් ගැන ඔහේ කියෙව්ව. ගමේ ගෑනුන්ට ඉතින් ඊට වඩා දෙයක් නෑ. දන්නවනේ..
මොනව උනත් මම සති අන්තේ දවස් වල හොදට කෑවා බිව්ව.. ඒ නිසාමද මන්දා ඉස්සරම ඇදපු ඇදුම් පවා පොඩ්ඩක් ඇගට හිරට තිබ්බා..

"අදත් චරිත් අයියා ආවේ නැද්ද අයියේ..."

"නෑනේ..."

"මම අහන්නමයි ඉදියේ.. ඇයි චරිත් අයියා දැන් එන්නැත්තේ.."

"මම කිව්වෙ.. අම්මට තාම හොද නෑලු... අදත් ක්ලිනික් යන කතාවක් කිව්වා..."

"ම්.. ඒත්  මේ පාර හවසට බොධි පූජාවට හරි එන්න කියන්න.. අයියගේ අම්මටත් හොදයිනේ.."

"ම්.. ඔයා කියන්න.."

"ඇයි ඔයලා ඔෆිස් ඉන්නෙ එකටනේ.. ඔයා කියන්න..මගෙ ෆෝන් එකේ සල්ලි නෑ.."

"ම්.. මම රීලෝඩ් එකක් දාගෙන යන්නම්,යද්දි..."

"ඇත්ත කියන්න, ඔයලා දෙන්න තරහ වෙලා නේද.."

"විකාරද.. ඌට ඉස්සර වගේ එන්න යන්න බෑ. අම්ම එක තැනන් වෙලා වගේනේ..."

"එහෙනම්, ඔෆිස් එකේදි හරි හම්බෙනවනේ.."

"ඌ ඉන්නෙ වෙනමනේ..."

"එතකොට ඉස්සර.."

"මේ චූටි, කියපු දෙවල් ආයේ ආයේ කියන්නේ ඔයා බබාද.."

මම චුටිලගෙ ගෙදරින් එන්න ආවේ ඇත්තටම කෙන්තියක් ලාවට ආව නිසා. මොකද චරිත් ඈත් උන එකට හෙතුව මම වෙද්දි.. ඒකට ශෙක්ෂන් මාරුවත් තකට තක වෙද්දි, ඒ හැම දෙයක්ම හිතින් අමතක වෙන්න හදද්දි, චුටි කියපු දෙවල්ම අමතක වෙලා වගේ ආයේ ආයෙම අහලා මගේ වැරැද්ද මතක් කරන්න උත්තසා ගන්න එක ගැන මට මං ගැනම කෙන්තියක් ආවා..

හැමදේකටම ලගින් ඉදපු මගේ යාලුවා නැති උනේ මගේ බලු කමින් කියලා මගේ හිත අමතක කරලා තිබ්බ ලස්සන.. මට ඒ දෙවල් චුටි නිසා මතක් වෙන්න ගත්තා.. මට ආවේ ඇත්තටම මං ගැන කේන්තියක.. මම ඒ කේන්තිය අරින්න පුලුවන් ලෙසිම තැනින් තියලා ඇරියා..
ඔව් ඒ තමයි චුටි.. මම අම්මටත් නොකියම, චුටිගේ දිහාවත් නොබලා බයික් එක ෆුල් රේස් කරං එන්න ආවා.

මම මහරගම ඔරලෝසුව කණුව ලග නතර කරලා චරිත්ට කෝල් එකක් ගත්ත.

"උබ කොහෙද.."

"ගෙදර.."

"ම්.. එල.."

"ඇයි.."

"නිකං.."

මම තුන් හාරදාහක බඩු මල්ලකුත් අරන් චරියලගේ ගෙදර ගියා.. මම යද්දි චරිත් අම්මව නාවන ගමන් ඉදියේ.. එකතැන ඉන්න අම්මගෙ හැමදේම කරන්නෙ චරියා. මට ඌව දැක්කම දුකයිත් එක්ක..

"මට හිතුනා උබ කොල් කරද්දි..."

"තාම අපි කරන වැඩ ගැන ටච් එකේ නේ.."

"ඒ කිව්වෙ.."

"ඉංග්‍රිසි හෝඩියේ මුල් අකුර.."

"මොනාටද බං මේව උස්සන් ආවේ.."

"ඇයි උබලා කන්නෙ බොන්නෙ නැද්ද.."

"හරි හරි, මොකො මේ පැත්තේ.."

"උබ එන්නෙත් නැත්තම් මම හරි එන්න එපැයි.."

"ම්.. කොමද බලහන් මම එන්නේ.."

"ම්ම්..උබට ඔවා හැමදාම කරන්න බෑනේ.. කොහෙන් හරි කෙල්ලෙක්වත් පන්නන් වරෙන්.."

චරිත් එක එල්ලෙම මගේ ඇස් දිහා බැලුවා, මම හිනා උනාම.. ඌත් අසරණ විදිහට හිනා උනා..

"ඇයි.."

"නෑ ඉතින්.. විශ්වස කරන්න බෑනේ බං කාවවත්..."

"ඔහොම කියලා කීදවසක් ඔහොම ඉන්නද..?"

"පුලුවන් කාලයක්.."

"මෝඩ වෙන්නෙපා චරිත්.."

"ම්... මේ හිටපං තේ එකක් හදන් එන්නම්.."

මම චරිත්ලගෙ ගෙදරින් ආවෙ අම්මවත් බලලා.. ඉරටු ගානට වෙළුණ අත පයට අන්දපු ඇදුන් බාච්චු ගානට තිබ්බා.. මිහිපිට අපායක ජිවත් වෙනවා වගේ දැනෙනවා ඇති ඒ අම්මට.
මම මහරගමට එද්දි හවස 6ට කිට්ටුයි..
ඒ කාලේ නම් මේ ටයිම් එකට ඉතින් පබ්ලික් එකේමයි..
මම ඒ පැත්ත නොබලම බොඩිමට ආවා..

"මොකද කරන්නෙ වැඩද.."

"ම්.. ඔව්.."

"කතා කරන්න අමාරුද.."

"මොනව කත කරන්නද..."

"ඇයි මේ ගහගන්න වගේ.."

"කවුද මමද ගිරියකඩාගෙන කෑ ගහලා ගියේ හවස.."

"ම්.. හරි හරි.. අහන්නකො.."

"අහන්න දෙයක් නෑ.. මම තියනවා.."

"මේ ඉන්නවා පොඩ්ඩක් පණ්ඩිත වෙන්න එපා..."

"කියන දෙයක් ඉක්මනට කියන්න.."

"ලොකු සීන්ද අහ්.. "

"අනේ මේ ශාලිය අයියේ.. මම තියනවා.."

චුටි ගොඩාක් වෙලාවට ශාලිය කියලා විශේෂන නාමයක් දලා කතා කලේ මුල් කාලෙදි විතරයි.. ඒ වගේම තරහ ගිය වෙලාවටත් ඔය විශේෂන කෑල්ල දාන්න එයා පුරුදු වෙලා ඉදියා..

"තියනවා ඉතින් කවුද අල්ල ගත්තේ.."

"ගන්නෙපා මේකට ආයේ.."

"ගන්නෑ තමයි.."

"හා ලොකු දෙයක්.. තැන්ක්ස් ආහ්.."

"වෙල්කම් බ්‍රෝ.."

මම තිබ්බෙ නම් තරහටම නෙවෙයි.. සිගරට් එකක් බොන්න හදිස්සියට..
තිබ්බ රෙදි ටික හොදලා දලා, වොශ් එකක් දාගෙන ඇදට ආවා. වොශ් රූම් ඉද්දිත් කෝල් එනවා ඇහුනත් මම ගන්න අවේ නෑ.. එහෙම්ම අමතක වෙලා තිබ්බේ. මම ෆෝන් එක ආපහු ගත්තේ චුටිට ගන්න.. ඒත් අමතක උන කෝල් එක මිස් කෝල් එකක් විදිහට ඩිස්ප්ලේ වෙලා තියෙද්දි මම ඒකට කෝල් එකක් ගත්තා..

"හෙලෝ.."

මට ඇහුනේ හුරු පුරුදු කටහඩක්...

#දහසයවන_පිටුවට 👍❤️

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

16.6K 2.5K 19
ආදරේ කියන්නෙ හුත්තක්. එච්චරයි __සිතුම් ආකාෂ් ෆ්‍රනෑන්ඩෝ
1.7K 282 8
" ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා.. හමනා සුළඟෙත් ඔබ දැනුණා..! "
love rain /Complete yuchi द्वारा

कथेतर साहित्य

2.5K 352 16
'ආදරය කරන එක මේ තරම් වරදක්ද, සම්මතයක් අසම්මතයක් උනත් ඒක ආදරයම නේද. තමන්ගේ හිතේ ඇති වෙන හැඟීම ලෝකෙන්ම හංගන් දුක් විඳින්න ඕනද ' අකී හිතන්නට උනා. ඒකපාර්...
171K 4.8K 74
지극 Park Jimin and Jeon Jungkook may have a thing for one another. The problem is neither know what to do about it. They will face obstacles along the...