හවස හැමදාම චරියා මාව බලන්න ආවා.. ඌ නිසා හවස බොඩිමෙදි පාලුව මැකිලා ගියා.. හවසට වොශ් දානවා නම් දාන්නේ ඌ එක්කලා. රෑට කන කෑම එක හැමදාම චරිය ගෙනාවා..
"මේක තියා ගනින්.."
"මොකො සීන් එක.."
"අම්මටත් වියදම්නේ බං.. මටත් හැමදාම කෑම ගේනවා.. උබට සල්ලි ගස් වලින් එනවද.."
"එහෙම එකක් නෑ පොඩියා.."
"හරි, හරී...මේක තියා ගන්නවාකො.."
එදා හවස ඌ යන්න ලෑස්ති වෙද්දි මම කොළපාට මොණර කොල 3ක් නවලා උගේ සාක්කුවට දැන්මා..
මම චරිත්ලගේ ගෙදර ඉදපු ටිකේ මම තෙරුම් ගත්තා ඌ ගෙදර අය නිසා කන කට්ට..
මල්ලියි නංගියිත් බලාගෙන අම්මගෙ වැඩත් කරන් ගෙදර බලා ගන්නේ ලොකු ගේමක් දීලා.. මොනවා උනත් ඒ වගේ සහෝදරයෙක් ලැබෙන්න පිං කරන්න ඕනේ..
ඒකට අපේ අක්කා.. පඩි දාන්න කිට්ටු වෙද්දි ආපහු ගනී මට.. එයා ඒ කාලේ ඉදන්ම තමන්ගේ වාසියට වැඩ කලේ...
ඒ අතින් චරිත්ලා ඇත්තටම චරිත.
චරිත් ගියාම ඌ කතා කරපුවා විතරක් ආයේ ආයේ ඇහුනා.. මොකද ඌ කිව්ව විදිහට හැමදේම කලොත් ජිවිතේ වරදින එකක් නෑ කියලා මට හිතෙන අරන් තිබ්බා..
"උබට ඌ ලං වුන එක ඇත්ත පොඩියා.. ඒත් අපි ඌව තෙරුම් ගන්නොනේ. ඌ තාම පොඩී බං.."
"ම්.. ඇත්ත බං.."
"මට තෙරෙනවා ඒ බර හොදට.. අපෙ අම්මත් අසනීපෙන්නේ බං ඌ පොඩි එකා... මොනවා කරන්නද ඌ.. ඌ අම්මට මාරම ආදරෙයි.. එදා රෑ අඩ අඩා කෝල් කලෙත්. පව් බං, ඌට නම් වැරැද්දක් කරන්න හිතන්නවත් එපා පොඩියා...."
"පිස්සුද බං, චරියා ඒක නෙවෙයි.. අපේ ඔෆිස් එකෙන් ලෝන් ගන්න පුලුවන් නේ.."
"ම්...ඔව්.. සවින්දිත් ගත්තා ගිය සතියෙද කොහෙද, හැබැයි ලොකු ගානක් දෙන්නෑ මං හිතන්නෙ.. 50ක්ද කොහෙද උපරිම ගන්න පුලුවන්.."
"ම්.. මම බැලුවේ චුටිලගේ අම්මට පොඩියට කෑම හදන්න කෑල්ලක් පාරට වෙන්න හදලා දෙන්න.."
"ශා ඒක නම් මරු හැබැයි ආ.."
"චුටිලා කැමති වෙයිද.."
"ඌට තෙරුම් කරලා දෙමු.. හැබැයි අම්මා නම් කැමති වෙයි.. මොනවා උනත්.."
"ඔව් බං.. ඒ අම්මා උයලා එවපු නිසයි මේ ටිකෙ මම කලා ඉදියේ.. කෑම මාර රහයි බං, වරදින්නෑ සෙට් උනොත්.. "
"ඔව්.. අහල පහල කඩවල් වල උන් අම්මගේ කෑම විකුනලා හොද ගානක් හම්බකරනවා ඇති.."
"ම්... කොහෙත් ඕකනේ බං වෙන්නෙ.."
"එහෙනම් උබ අර ලෝන් වැඩේ හෙට සවින්දිගෙන් විස්තර අහන් වරෙන්.. ලෝන් එක ගැන.."
"හරි, එල එල..."
**********************************************
ජිවිතේ ආපහු යතාතත්වෙට ආවේ තවත් දවස් දෙකක් විතර බොඩිමේ ලැග්ගයින් පස්සෙයි..
ඔෆිස් යන්න ලෙස්ති උන දවසෙ මට දිව්‍යලොකෙට යන්න වගේ තෙරිලා තිබ්බා. බොඩිම වහ කදුරු වගේ උනා. ඒත් ඒ චුටි නාව දවසට විතරයි..
ඔෆිස් යන්න සෙට් උනාම ජිවිතේ ආපහු නොර්මල් විදිහට ගෙව්නා..
පූර්ණගෙ සෙට් එක මාව දකිද්දි අහක බලාගෙන යනවා.. සෙට් එක කිව්වට ඌට ඉදියේ කස්ස විතරයි ලොකුවට..
චරිත් හැමවෙලාවෙම ලගින් ඉදලා ප්‍රශ්නයක් නොවෙන්න හැමවෙලාවෙම බැලුවා.. ඌ මට තරහ ආව හැමවෙලාවකම ඌම මට චුටි ගැන කියපු හැමදේම මතක් කරනවා..
දවස් කීපයකට පස්සෙ මම මාමට ලොන් එකෙන් පාස් උනාම සල්ලි දාන්නම් කියලා රටින් සල්ලි දාගත්තා..
කිව්ව වගේ අපි අම්මට පොඩියට කඩ කෑල්ලක්ගහලා දුන්නෙ පරණ තැනමයි.. අපි බාස්ලා දෙන්නෙක් දාවලා වැඩ කෙරෙව්වෙ සෙනසුරදා ඉරිදාවල් අල්ලලයි.. සතියකින් විතර අපිට වැඩේ කර ගන්න පුලුවන් උනා හිතුවට වඩා හොදින්..
අඹ ගහටත් එක්ක අල්ලලා හදපු ලී බංකුව හවසට තේ බොන්න කියාපු තැන..
"අයියාලටම කියාපු නැකත.. සෙනසුරදා තියෙන්නෙ.."
"ම්.. මරු එහෙනම්.."
අපිට එන්න පුලුවන් දවසක නැකත වැටුන එක ගැන ගොඩාක් සතුටු උනේ චුටි ගේ අම්මා.. ඇත්තටම ඒ වැඩ වලට යන හැම දවසකම ඒ අම්ම පිං දුන්නෙ අපි දෙන්නටමයි..
************************************************
එදා සෙනසුරදා..
කඩේ විවෘත සදයක් නැතත් ඒ හා සමානව සිරිත් විරිත් ටික කරන්න කලින් ඉදන්ම සුදානමින් ඉදියා..
අම්ම කැවිලි මේසේ ලස්සනට හදලා තිබ්බා. අහල පහල ගොඩක් අය කඩේට ඇවිත් කිරිබත් කලා සුහදව අම්ම එක්ක කතා කරලා යන හැටි මම ආසාවෙන් අඹ ගහ යට බංකුවට වෙලා බලන් ඉදියා.. චූටිත් එන මිනිස්සුන්ට සංග්‍රහ කරන ගමන් හිටියා..
"අයියා කෑවද කමු.."
කීප සැරයක්ම දුවන් ඇවිත් කියල ගියේ ඒකමයි. මට හිතට සතුටක් දැනුනේ ඒකෙන්..
"මේ කමුද.. අපිත් ගොඩක් අය කලා ඉවරයි.."
ඇත්තටම ආපු ගමන් අපි නොකෑවේ මදිවෙයි කියලා හිතලා. අහක දාන්න බැරි නිසා ලොකුවට උදේ කෑම හැදුවෙ නෑ.. ඒත් අම්ම මදි පාඩුවට කිරි බතක් ආයේ හෙමින් හදන ගමන් ඉදියා.. ඒ අම්මගෙ සතුට දැක්කම චරිත්ටත් මටත් වෙන මොකුත් ඔනේ නෑ වගේ දැනුනා..
අපි වාඩි වෙලා කෑවා.. ඇත්තටම මේ කෑම කාපු එකෙක් නෑවිත් ඉදියිත් ඌට රස දිවක් නෑ.. මායි චරියයි කතා උනේම ඒක.
"මල්ලි අම්ම කෑවද.."
"ඔව් කලා බෙහෙත් දුන්නා.."
"අකේන්ට දැන් කොහෙදත් යන්න ඔනේ නෑ.. අම්මත් එක්ක මේක දියුණු කර ගන්න මහන්සි වෙන්න.. වෙන මොකුත් ඔනේ නෑ... ඒ අතරේ කෝස් එකකට යන්න.. පංති දවසට අම්මට උදව්වට කවුරු හරි එදා දදසට වැඩ කරන්න හොයලා දෙන්න.. නේ බං පොඩී.."
"ම්.. ඔව්.. "
"ඔව් අයියලා දෙන්න නිසා තමා මේ හැමදේම..
ශාලිය අයියේ, ගොඩක් පිං හැමදේටම..
ඔයාට වියදම් ගියානේ මේදේ කරන්න.. ඒ සල්ලි කොමහරි හොයලා දෙන්නම් අයියට..."
මම බැලුදේ චරිත් දිහා.. චරිත් පිගාන දිහා බලන් කන්න ගත්තේ අසාමාන්‍ය විදිහට. මට දැනුනේ කේන්තියක්. මම එහෙම්ම නැගිට්ටා, ගිහින් අත සෝදගෙන වතුර බීලා ගෙනපු ලිව්ම් කවරෙ අරන් කැසියර් මෙසෙ උඩින් තියලා මම එන්න ආවා..
ඒ ලිව්ම් කවරේ තිබ්බේ චරිත්ගෙත් මගෙත් දෙන්නගෙම නමින් ලිව්ව එකක්..
ටිකක් දුර යද්දි චරිත්ගෙන් කෝල් එකක් ආවා..
"කොහෙද බුරුවෝ ගියේ.."
"මම ආව, උබ වරෙන්.."
"අහපං.. උබට මම කිව්වෙ මොකද්ද.. නටන්නැතුව චුට්ටක් ඉදපන්.. කරපු කිසි දෙයකින් වැඩක් නැතුව යනව උබ ඔය කරන වැඩ වලින්.."
"උබ මොකටද ඒ දේවල් කියන්න ගියේ.."
"හරි.. දැන් කොහොද උබ ඉන්නෙ.."
"හන්දියේ.."
"ඉදපන් මාත් එනකම්.."
මම බොඩිමට ගියට පස්සෙ හවස චූටි මට ගත්තා...
"අයියේ.."
"කියන්න මල්ලි.."
"මට සමාවෙන්න.."
"ඒ මොකටද..."
"උදේ කිව්ව කතාවට.. මම හිතලා කිව්වෙ නෑ අයියේ.."
"ඒක අවුලක් නෑ.."
"ඇයි මං වෙනුවෙන් මෙච්චර දෙවල් කරන්නෙ."
" අම්ම පව් කියලා හිතුනා.. ඇත්තටම මගේ අම්මවත් මම දුක් විදිනවා තියා අම්මගේ පුතාගෙ බැදීමක් පවා මම දැක්කේ ඔයලගෙ ගෙදරින්.."
"ඇයි අයියගේ අම්මා.."
"මම පස්සෙ කියන්නම්.."
"කියන්න බැරි දෙවල් නොකිව්වට කමක්නෑ අයියෙ ."
"ම්.. එහෙම දෙයක් නෑ.."
"ම්... ඇත්තටම ගොඩාක් පිං අයියේ.."
"ම්.. ඇති පිං දුන්නා.."
"අයියා බලාපොරොත්තු වෙන දේ මට තෙරෙන්නැතුව නෙවෙයි.. මට චරිත් අයියා ඔයා හොස්පිටල් ඉන්න කොට ගොඩාක් දෙවල් කිව්ව.."
"ම්..."
"මට සමාවෙන්න අයියා. එහෙම බැදීමක් ගැන මන් දන්නෙ නෑ.. මට තෙරෙන්නෙ නෑ.. ඒත්..."
"මොකද්ද ඒත්.."
"ඔයා උදේ නොකියම ගියාම මොක්ද්දො පාළුවක් දැනුනා.. "
"ඇත්තමද.."
"ඔව්.."
"මම දැන් එන්නද.. කඩේ දැහුවද.."
"නෑ තාම.. හා.. පරිස්සමින් එන්න.."
මම දැනුන හැගීම කියා ගන්න බෑ. මම චරියට කෝල් එකක් ගැහුවා..
"සිරාද බං.."
"ඔව්.. උබ වරෙන්කො.."
"මට දැන් එන්න බෑ පොඩියා.. උයනවා මේ.."
"හ්ම්ම් එහෙනම් මම ගිහින් එන්නද.."
"අඩෝ පලයං.. ගිහින් ඇවිත් විස්තර කියපං,මරු අහ්... "
මම් බයික් එකට නැගලා කුරුල්ලෙක් වගේ ඉගිල්ලුනේ හොරණ පාර දිගේ "අඹ සෙවන " තේ කඩේට.. කඩේට නම දැන්මේ අපි එහෙම.. මම යද්දි චුටි කඩේ අස් කරන ගමන් ඉදියා..
"අයියා ආවද.. මොනා හරි කමු.."
"බෑ චුටි.."
"කලද ආවේ.."
"ම්.."
"කෝ අම්මා.."
"මහන්සී කිය කියා හිටියා. මම කිව්ව කලා ගිහින් නිදා ගන්න කියලා. දවල්.කෑම මදිත් උනා..අම්මා ආපහු උයලාන් දුන්නේ.. අපි දෙන්නට කර ගන්න බැරි තරම් ආවා අද.. සමහර අය ගියා..පරක්කුයි කියලා.. මෙතන සයිට් එකක් ඕෆන් කරලනේ අද ඒකයි.."
"අහ් එහෙමද.. "
මට දුකක් දැනුනේ අපරාදෙ හවස් වෙනකම් ඉදලා ගිහින් තිබ්බ නම් කියලා.. චුටි අස් පස් කරන්න ගත්තේ මට තේ එකක් හදලා දිලා. අම්ම මොකො පුතා මොකො. මාර තේ එක.. මේක පිටි හැදි වැඩියෙන් දලා හදලද මන්දා.. මම හිනා වෙවීම තේ එක බිව්ව.
චුටි ඔක්කොම වැඩ ඉවර වෙලා ආවා.. ඇවිත් මම ඉදගත්ත ටේබල් එකෙන්ම ඉදගත්තා..
"මහන්සී නේද.."
"ම්ම්.. ටිකක්.."
"හෙටත් බලලා තව කවුරු හරි ගමු වැඩට.."
"මම අම්මටත් කිව්ව.. මහන්සි වෙන එක කෙසෙ වෙතත් කෑම ටික වෙලාවට දෙන්නවත්..."
"ම්.. අනික හැමදාම ඔහොම අම්මට මහන්සි වෙන්න දෙන්න එපා.. "
"මම පහල ගෙනද නැන්දට කිව්ව.. එන්නම් කිව්ව බලමු.."
"කවුරු ආවත් උයන දෙවල් වලට අම්මට ඇරෙන්න කාටවත් අත දන්න දෙන්න එපා. උදව් ගන්න. අම්මට උයන්න දෙන්න.. තෙරුනාද මම කිව්ව එක.. "
"ම්ම්ම් ඔව් අයියෙ.."
"ම්.. එහෙනම් නිදා ගන්න.. මම යන්නම්.."
"ම්.. පරිස්සමින් යන්න, ආවට ගොඩක් ස්තූතී.. පාලුවෙන් ඉදියේ.."
"ම්.. හැමදාම අවට කමක්නැද්ද පාළු මකන්න.."
"කමක්නෑ.."
"ම්.. ලයිට් නිවලා එන්න.. කඩේ වහලා.."
මම කඩේ ඇතුලෙ ඉදන් එලියට ආවා..හද පායපු රෑක.. එලියෙන් දැනුනේ සීතලක් විතරයි.. ඒ සීතලේ චුටිට තුරුල් වෙලා මේ මං ආසම බංකුවට වෙලා ඉන්න තිබ්බා නම්... මම බංකුව දිහා බලං හිල්ලුවා..
"යං.."
කඩේ ලයිට් ඔක්කොම ඕෆ් නිසා හද එලියෙන් විතරයි අපි අපිව අදුර ගත්තේ. මම ආසම ඒ ඇස් මං දිහා බලන් ඉද්දි.. මම තවත් ඒ ඇස් වලට ලං උනා..
"පරක්කු වෙනවනේ අයියා. රෑ වෙලා ඔයා යන්න.."
මම චුටිට ලං වෙද්දි එකා කෑ ගැහුවම මම පියවි ලොකෙට ආවා.
"ම්.. හා.. ඔයත් යන්න ඇතුලට..."
මම කිව්වෙ දලා යන්න බැරි ඒ ඇස් වල අයිතිකාරයගෙ අත අරන් හෙමින් ඇගිලි වලින් පිරිමදින ගමන්.. චුටි එක පාර නැතුව හෙමින් හෙමින් අත ගත්තේ එක පාරක් මූණ බලලා අනිත් ටිකේ බිම බලාගෙනමයි..
"ම්.. ඇති.. යන්න ඇතුලට.. පිණි බානවා.. ම්.."
"හා.. අයියත් පරිස්සමින් යන්න.."
"හ්ම්ම් ගිහින් කෝල් එකක් ගන්නද මම.."
"හා.."
මම හිතුවෙ නෑ චුටි මේ තරම් ඉක්මනට ලං වෙයි කියලා...මම විතරක් නෙවෙයි චරිතුත්..
මම බොඩිමට එන්නත් කලින් ඒ සතුට චරියා එක්ක බෙදා ගත්තා.. ඌ මැරෙන්න හදපු නැති ටික විතරයි..
මම බොඩිමට ගිහින් වොශ් එකක් දාගෙන බැනියමත් සරමත් එක්කම ඇදට ගොඩ උනා..
මම ෆෝන් එක අතට අරන් චූටිට කෝල් එකක් ගත්තා..
ඒ වෙද්දිත් චුටිගෙන් මැසේජ් එකක් ඇවිත් ඩිස්ප්ලේ එකෙ පෙන්නුවා..
"අයියේ තාම ගියෙ නැද්ද.."
මම රිප්ලයි නොකරම කෝල් එක අන්ස්වර් කරනකම් බලාගෙන ඉදියා..
ටික වෙලාවකින් හෙමින් සිරුවට ආසම කටහඩක් එහා පැත්තෙන් ඇහෙන්න ගත්තා.
#දාහතරවන_පිටුවට.. ❤🤙