චරිත් ගියාම මම ගොඩාක් කල්පනා කලා. මම බිව්වෙ හිතේ අමාරුවට..
මට හෙතු කීපයක් තිබ්බා..
සිකුරාදා හවස අකේන්ව මම ඒ තරම් හොයලා බලද්දි උනත්.. මම ලගට ගන්න බලද්දි චූටි හිටියේ චරිත් ගාව..
මට ඒක ඒ හැටි සැකයක් හරි බයක් හරි වෙන්න දෙයක් නැති උනත්,මට මදි කමක වගේ දැනුනා. චුටි මට වඩා කෙයා කරෙන්නෙ චරිත්ටද.. හම්බුනාම උනත් චරිත් එක්ක විතරක් කතා කරන දේවල් පවා මට එකින් එක මතක් උනා ඒ වෙලාවෙ.. මාව ඒකට ඇතුලෙන් කලබල උනා කිව්වොත් හරි.. එක එක විකාර ඔලුවට ආවා තමයි.. ඒ එක හේතුවක්..
ඊයේ දවසෙ මුල්ම හෙතුව තමා
නෙහාන් කෝල් කරපු එක..
මොනා උනත් ඌට මගෙ අතින් වරදක් උනා.. ඌ මාත් එක්ක අඩියක් හරි ඉස්සරහට ආවා නම් ඒ මම හින්දා..
මම බෑ, එපා නොකියපු හිනදා..
ඒ වගේම චූටිට අම්මා යන්න කියලත් මගෙන් ඈත් වෙන්න හදපු එක.
චරිත් ඉන්න දවසක යමු කියපු එකත් හිත ඇතුටම දැනිලා අවුල් උන තව හේතුවක්..
අනිත් එක චූටිට ගහපු දවසෙ මට ඒක නවත්ත ගන්න බැරි උන එක වගේම ඊටත් වඩා මට මාව එපා කෙරෙව්වෙ පූරගේ ආශ්‍රේ නිසා ඌ මං ගැන චූටි ඉස්සරහා චරිත සහතික දෙදදි මට ඌව මරා ගන්න බැරි උන තරහා තිබ්බා..
ඒ වගේම ඊයේ මම බාර් එකේ ඉද්දි ඒ වෙලාවේ මම බෝඩිමේ ඉන්න බව කිව්වෙ චුටිට.. චරිත් කෝල් නොකරම ගියෙත් බොඩිමට, බොඩිමේ නැති මම බොනව කියලා හිතලා හරියටම දෙවනි පාරට ආවේ මම බොන බව දන්න නිසා.. චරිත්ට කලින් මේ දෙවල් හරියටම දන්නෙ චුටි. මම චුටිගෙන් කෝල් එනකම් බලන් ඉදියත් ආවේ නෑ.. ඒ චරිත් එක්ක කතා කරන නිසා වෙන්න ඇති.. ඇයි මට කතා කරන්න බැරි..
මම පුදුම විදිහට හිතින් වැටුනා..
කවදාවත් නොවුන විදිහට.. මාව ඒ තරම් අසරණ කරන්න චූටිට පුලුවන් උනා. චූටි මාව කෙයා නොකරන එක මට ලොකුවට දැනෙන්න ගත්තේ මේ එහෙම කල ජිවිතේ පලවෙනි එකා චූටිම විතරක් නිසා..
මම හැමදෙම කල්පනා කලා.. මට චූටිගෙන් තොර ලෝකයක් කල්පනාවට ආවෙම නෑ. මම හිත හදන් චරිත්ට කෝල කලා..
"චූටි කතා කලද.."
"අකේන්ද.."
"ඔව් බං.."
"නෑ.."
"නිකං.. අම්මට බෙහෙත් දුන්නද.."
"ම්.. ඔව් උබ කෑවද.. අවුල්ද තාම.."
"නෑ කන්න ඔන්නේ.."
"ඔන්න ඔකනේ බැරි හු#ත.. කාපන් බං දැන්වත්.. නැත්තම් මැරියන්.. විදවන්නෙපා අපිට බලන් ඉන්න බෑ.."
"කවුද අපි.."
"පොඩි මේ.. පකක් කියවන්න නෙවෙයි බ අහපන් කියන දේ..."
"කන්නම්, කන්නම්.. චුටිට කෝල් එකක් දාල අහපන් හෙට කොහේ හරි ඇවිදන්න යමුද කියලා.."
"මේ මං.."
"ඔව්.."
"උබට මොංගල්ද හු#තො.."
"නෑ.. මම ඊයේ කතා කලා. උබ ඉන්න දවසකම යන් කිව්ව.. ඇයි දන්නේ නෑනේ.."
"පොඩී උබ මාව ආතල් එකකට ගත්තද.. මම තියන්නද.."
"නෑ, මේ අහපන්කො.. කොහේ හරි යන්න හදා ගනින්කො හෙට.. මට ටිකක් චුටිට කතා කරන්න ඕනේ.."
"පොඩී මේ, තව ටිකක් බලමු අපි..."
"මට බෑ බං.."
"හදිස්සි වෙන්නෙපා.. ඌටත් හිතන්න දීපන්.."
"එක්සෑම් කාලෙත් සති ගානක් හිටියා.. ඔන්නෑ දැන් ඇති. හෙට කොහෙ හරි යන්න දා ගමු.. අහලා බෑ කිව්වොත් මට හිත හදන් ජිවත් වෙන්න ඕනේ බං.. මේම විදවන්න බෑ.."
"හරි.. මං බලන්නම්.."
"උබ දන්නෑ බං.. මං මොකෙක්ටවත් මෙහෙම සිරා බැහැලා නෑ බං.. උබ දන්නවනේ.."
"හරි මම තිබ්බා.. කාපන් දැන්.."
චරිත් ගැන දැනුනේ ෆට්ටම ආදරයක්.. මම නොකිව්වට සැක නෑ කියලා මට ඊරිසියාවක් තිබ්බා.. ඒත් චරියගෙ හිතෙ එහෙම දෙයක් නැති බව අමු අමුවේ තෙරෙද්දි මට චරිත්ව උපදින හැම ආත්මෙකදිම් යැලුවෙක් වෙයන් කියල හිතුවා..
------------------------
නිදා ගත්තේ සතුටින් නිසාම පරක්කු වෙලා නිදා ගත්තත් වේලසන අවදි උනා.. නා ගෙන හයිනෙක් එකක් ඇන්දේ දෙසැම්බර් අග උනත් සිතලක් උදේම් දැනුන නිසාම නෙවෙයි, දවල්ටත් මහ ලොකුවට රස්නයක් නැති නිසාත් මම ආසම ඇදුමකින් එකක් නිසාත් තද අලු පාර හයිනෙක් එකට ඩෙනිමක් දාගෙන ලියට බැස්සෙ චරිත් දාගෙන තිබ්බ දියතේ ගමනට යන්න හිතාගෙන..
මම කෝල් එකක් චරිත්ට අරගෙනම දඩුමොණරෙට නැග්ගා..
මම යද්දි චූටි විතරක් චරිත් කිව්ව තැන ඉදියා.. මම චූටි ගාවට ගියා..
"චරිත් අයියා ආවෙ නැද්ද.."
"නෑ අප්පා. මම.සැරයක් ගනිද්දි බිසී..දැන් වැඩ නෑ..යන්න හැදුවේ මාත් විනාඩි 5ක් බලලා.."
"වෙලාවට ආවේ.."
"චරිත් අයියට ගන්න බලන්න.."
"ඇයි මං එක්ක ඉන්න බැරි...?"
"ඒ කිව්වෙ.."
"මම ඊයෙත් අම්ම කියනවා අහගෙන..
ඇයි මට බොරු කිව්වෙ.."
"මං එහෙම ඇවිත් නෑ අයියෙ.. අනික හම්බෙලා කතා කරන්න තරම් දෙයක්.."
"ම්.. ඔව් එකත් ඇත්ත.."
මට දැනුනේ කලකිරීමක් මං ගැනම..
මට එවෙලේ ෆෝන් එකට මැසෙජ් එකක් ආවා. නොබැලුවත් මොකද කෝල් එකකුත් ආවා.. අන්ස්වර් කරන්න හදද්දි කට් උනා.. එතකොටයි මම දැක්කේ මැසෙජ් එක චරිත්ගෙන්..
"මම ආව...උබලා කතා කරලා ඉවර වෙලා කියපං මම එන්නම්.."
"ම්ම්..."
"අවුල් දාගන්නෙපා පොඩියා..."
"නෑ.."
මම ආයෙත් චුටි දිහා බැලුවා.. චූටි කලින් හිටපු ඉරියව්වෙන්ම බලාගත්ත අතම බලන් ඉදියා..
"ඉන්න බෑ නම් යමු.."
"චරිත් අයියා ආවම යං.. නැත්තම් බලයි අපි කෝ කියලා.."
"චූටි..."
"ම්.. මම අකේන්.."
"ඔච්චර ඈත් වෙන්න හදන්න එපා බං. මට ඒක දරා ගන්න බෑ.."
"මට මොකුත් තෙරෙන්නෑ ශාලිය අයියා.."
"මම උබට ආදරෙයි කියලාවත් තෙරෙන්නෙ නැද්ද.."
"මම දන්නෑ.. මට තෙරෙන්නේ එහෙම මට කවුරුවත් ආදරේ කරලා නෑ අයියේ.. මට සමාවෙන්න.. මං යන්නද.. "
"කොහෙද.."
"චරිත් අයියා ආවම කියන්න, අම්ම අසනීප වෙලා ගියා කියලා.."
" හොදට ඉන්න මිනිස්සු ලෙඩ කරන්නෙපා චූටි.. මම යන්නම් චරිත් දැන් ඒවී.."
"කෝ එයා.. එයාට එන්න කියන්න.."
"හ්ම්ම්.."
"කොහෙද යන්නේ.. චරිත් අයියයි මමයි මොනා කරන්නද මෙතන.. අපි කාටත්නේ එන්න කිව්වෙ, සචින්ටත් එන්න කිව්ව.. ඌට එන්න විදිහක් නෑ කිව්වේ.. ආසාවෙන් ඉදියේ ඌත් එන්න.."
"ම්..."
මම චරිත්ට මැසේජ් එකක් දැන්මා චරිත් රිප්‍ලයි එකක් ආවේ ඒ සැනින්..
මොනවා උනත් චූටි කීව්ව එක දේකින්වත් හිත හැදුනේ නෑ කියන්න බෑ..
හැම වචනයක්ම හිතට රිදුනත්.. "චරිත් අයියත් එක්ක මෙතන මොනවා කරන්නද?" කියලා මගෙන් බොරුවට හරි අහපු එක හිතට සැනසීමක් වගේ දැනුනා..
"පරක්කු උනාට සොරි හොදේ.."
"හරි සෝක් , එන්න කිව්වෙ 8ට 10ටත් ලගයි.. එන වෙලාව.."
"එහෙම තමා ආණ්ඩු රස්සානේ බං මල්ලි කරන්නේ.. පුරුද්ද.."
"හ්ම්ම්ම් කෑවද.. දෙන්නම.."
"මම න්ම් නෑ.. උබ කෑවද පොඩී.."
"නෑ බං.. කමු මොනා හරි.."
"මන ඉදිආප්ප ගෙනාවා.. කොහෙද ඊයේ ආවේ නෑනේ චරිත් අයියා.. නේද ශාලිය අයියේ.."
"ම්ම්..ඒකනේ.. එහෙනම් උබට අද ඉදිආප්ප.."
"ඔක්කොටම ගෙනාවේ.. අම්මට කිව්වම වැඩිපුර දැන්මා අතනට ගිහින් කමු හොදි හැලෙනවා.."
අපි ගහක් යටට ගිහින් ඉදිආප්ප මුල් 6-7කම වගේ ඉදිආප්ප කෑවා.. බඩත් පිරුනා..
"මල්ලි අම්මට කියන්න මරු කියලා, නේ බං.."
"ම්.. මම ඊයේත් කිව්වා.."
"ම්.. උබේ කොහොමත් ඉදිආප්පනේ කන්නේ උදේට.. උබේ ලක් එක තමා.."
මට බැලුනේ ඉස්සරහින් තිබ්බ චුටිගේ ඇස්.. ඒ ඇසුත් මං දිහා බැලුනේ එවෙලෙමයි.. මම ඕනෑකමින් තවත් බලද්දි ඒ ඇස් කලබලෙන් බිම බලා ගත්තෙත් එවෙලෙමයි..
අපි වතුර බිලා ඔහේ ටිකක් කතා කර කර ඉදියා.. එක්සෑම් රිසාල්ට් එක ගැන.. ඊට පස්සෙ ජිවිතේ ගැන චුටි චරිත්ගෙන් අහලා දැන ගනිද්දි මට ඕනේ උනේ චූටුගෙන් අන්තිම වතාවට දෙයක් දැන ගන්න.. ඒ දේවල් තෙරුනා වගේ චරිත් අපෙන් අවසර අරන් නැගිට්ටෙ කෝල් එකක් එන විදිහට..
"ඔව් කියන්න අම්මා.. "
චරිත් ෆෝන් එක ආන්ස්වර් කරලා ඈතට ගියාම මම චූටිගේ අත් දිහා බලලා සෙනයෙන් චුටිගේ අතක් ලගට අත අරන් ගිහින් ආයේ නොහොතා අත උඩින් අත තිබ්බා. ඒ රස්නේ මට තාම මතකයි..
"ඔය තිරණේ කවදාවත් වෙනස් වෙන එකක් නැද්ද චූටි.."
"මොන.."
"මැරිලා ඉපදුන බබෙක් වගේ වෙන්න එපා මේ වෙලාවෙ..."
"මම කිව්වනේ ශාලි අයියේ.. මට තෙරෙන්නැ.. මම දන්නෑ.මට එපා... මට අම්මට සලකන්න ඕනේ ඉස්සෙල්ලම.."
"මාත් උදව් වෙන්නම්.."
"ඔව් ඒකට ප්‍රශ්නයක් නෑ.."
"ඔයත් එක්ක මගේ ජිවිතේ බෙදාගෙන.."
"මට බෑ අයියා. මාව තෙරුම ගන්න.."
මම නැගිට්ටා නෙවෙයි නැගිටුනා.. ඒක සිමෙන්ති බංකුවක් නෙවෙන්න ඒක චරිත් ඉන්න දිහාවට විසික් වෙලා මම නැගුට්ට වේගෙට..
"අය්...යි.."
"චරිත් අයියා ට කියන්න මම ගියා කියලා.. මිනිහා අවම එන්න.."
"කොහෙද යන්නෙ.."
"ඇති හිටියා.. උත්තර හම්බුනා..."
මම අඩි දහයක් එද්දි චරිත් මං ලග..
"කොහෙද යන්නේ.."
"ඇති හිටියා බං.."
"කෝ අකේන්.. අර ඉන්නේ.. මොකද්ද ඇති.."
"තෙරුමක් නැති වැඩ.."
"හදිස්සි වෙන්න එපා කිව්වෙ හු#තට ඒක තමා.."
"කොච්චර හිටියත් ඔච්චරයි කියලා කිව්වම තවත් මොකටද බං.."
"මොනාද කිව්වෙ.."
"අනේ මේ හු#ත අයින් වෙයන්.. ගිහින් අහ ගනින් උගෙන්.."
මම චරිත්ව පැත්තකට කරලා ආව වේගෙනම එන්න ගත්තා චරිත් කීප සැරයක්ම මගෙ නමින් කතා කරනවා ඇහුනා.. මම උඩ කන්දට ඇවිත් පාරට ඇවිත් දඩුමොණරෙට නැගලා බොඩිමට යන්න හැඩල් එක හැරෙව්වා..
ජිවිතේ කල කිරුණ අවස්තා අඩුයි. මොකද මට සමීපතමයන් ඉදියේ නෑ. ඒ නිසා මම මට ආස දේ කල නිසා කලකිරීමක් උනේ නෑ. උනා නම් උනේ පොඩිම කාලේ නොතෙරුනත් මතක් වෙද්දි දැනටත් කල කිරෙන හේතුවක් තමා අම්මා මාව දලා ගියදවස.. මට ලාවට මතකයි.. අක්කයි මමයි අඩද්දි අම්ම ගියේ..
තව හේතුවක් ගත්තොත් නෙහාන්..
ජිවිතේ වැරදුන එකම තැන..
අනිත් හෙතුව චූටි කිව්වොත් හරි. මම ආස දේවල් කොහෙන් හරි ලැබුනා මට.. ලැබුනේ නැතත් බලෙන් ආදරේ කරලා හරි ගත්තා මම.. අරන් අමකත කරපු එක.. බැරිම උනොත් බ්ලොක් කරපු එක වෙනම දෙයක්..
ඒ වගේ ජිවිතයක් ගෙව්ව මට ආදරයක් ගැන හිතිලා නේද.. ඒ ආදරේ මාව ගනන් ගන්නේ නෑ නේද.. එහෙම දැනෙද්දි මට පුදුම කලකිරීමක් දැනුනා. එහෙම හිතෙන්නේ ජිවිතේ පළවෙනි වතාව මේක නිසා වෙන්න ඇති.. එකයි මට නුහුරු.. කවුරුත් කියන්න වගේ සෙල්ලක්කාර ජිවිතයක් ගෙව්ව මට මේක දරා ගන්න අමාරුයි වගේ දැනුනා..
මම බොඩිමට ගියේ බෝතලයක් අරගෙන.. ඇන්ටිට හොරාම බිව්වෙ ආයෙ කවදාවත් නොබොන්න හිතාගෙනම නෙවෙයි.. ඒත් කවදාවත් ආයේ නොබොන සයිස් එකට මම බිව්ව.. මම බොඩිමට ආව ගම ඕෆ් කරපු ෆෝනෙක තාම.ඕෆ්.. කමරේට ඇවිත් ඇතුලෙන් ලොක් නොකර එලියෙන් පේන්නම ලොක් කලේ චරිත් මාව හොයන් බොඩිමට එන බව දන්න නිසා..එලියෙන් අගුලු දාලා බව දැකලා හරි යවිනේ කියලා මම කින්ම හිතුවා..
බෝතලෙන් බාගයක් විතර ඉතුරු වෙද්දි චරිතේ කටහඩ ඇහුනා.. දවල් 12ට විතර ඇති.. ඇන්ටිත් ඒ එක්කම උඩට ඇවිත් තිබ්බා මම පත්තු වෙන සිගරට් එක සෙරෙප්පුවෙන් පාගලා නිමලා දැන්මා..
"ආවේ නම් නෑ පුතා මම කිව්වනෙ., මේ ඉබ්බත් දලා.."
"ෆෝන් එකත් වැඩ නෑ.."
"කෙල්ලෙක් ඉන්නවාද දන්නෑ.. නිවඩු දවසනේ.."
"ඔව් ඒවා කියන්නත් බෑ.."
"ශාලිය පුතාට සම්බන්ධයක් තියද පුතා.."
"මමත් යාලුවා උනාට මම දන්නෑ ආර්න්ටි.. මම හිතන්නේත් ඉන්නවා ඇති...
"ම්.. දුවගේ බර්ත් ඩේ එක අනිද්දට.. පාර්ටි එකක් ගන්න ඉන්නෙ, දෙනම එන්න.. ශාලිය පුතාටත් කියන්න.."
"හා, හොදයි මම යන්නම් ආර්න්ටි "
"ඕකේ,බායි පුතා සීයූ."
තව හුත්තක් ඒ පාර, යන්න වෙනවනේ කොහොම කලත් ඕකට.. ඇන්‍ටිගේ දූ එක සීන් එකක්.. මට ඒක සෙට් වෙන්නෙ නැති එක වෙනම දෙයක්..
ඒත් ඇන්ටිත් ශේප් මොනාවා උනත්.
බොන්න කලින් ඉදලම චුටිට කියලා කියන්න ආසාවෙන් ඉදපු වචන ටිකක් මම කොලේක ලිව්ව, අයේ ලියන්න බැරි නිසා මම ඒකත් උඩ සාක්කුවට දාගෙන ලොකු හුස්මක් ගත්තා..
මම ඇතුලට වෙලා හැම දෙයක්ම අහගෙන ඉදියා.. චරියා ගානට ශේප් කලා. කෙල්ලෙක් නෑ කිව්වනම් පොරොන්දම් ගලපන්න යන සීන් එකේ ඉන්නේ..
චරිත් හැමතැනම මාව හෙව්ව වෙන්න ඇති.. මම නැගිටිද්දි හවස 6ත් පහුයි.. මම ඉන්නෙ බිම.. මම බිම වැටුන කොට්ටයක් අරන් ඇද විටමට තියලා හේත්තු උනා..
ශිට්, අද දවසක් ඉවරයි..
ඔලුව කැරකෙන්න වගේ ආවා.
මම වතුර ටිකක් බොන්න හෙව්වත් ලග නැති නිසා මම සෝඩා බොතලේන් උගුර කීප සැරයක්ම තෙමා ගත්තා..සිගරට් පෙට්ටිය අතට ගනිද්දිම තේරුනා සිගරට් නැති බව.. අත දලා බැලුවෙ සැකේට නෙවෙයි, එකක් මේ වෙලාවේ ඕනෙම නිසා. මම බැරිම තැන පර්ස් එකත් සක්කුවට දාගෙන කාටත් හොරාම ටවුමට ආවේ සිගරට් එකක් බොන්න තිබ්බ ආසාවටමයි..වෙනදා යන තැන හුරුම තැන නිසා මම ගියා අපේ තේ කඩේ අයිනට. ගිහින් සිගරට් එකක් අරන් පත්තුකරන් බිබීම එලියට ආවේ ඒ තරන් හදිස්සි නිසා..
සිගටර් එක බාගයක් ඉවර වෙද්දි මගේ ලෙවල් එක මම දැන ගත්තා.. මම තව සිගරට් 5කුත් හිස් පෙට්ටියටන දාගෙන ඒන්නා හිතන් බයික් එකට ගාවට ආවා.
අදුරගන්න බැරි මිනිස්සු ටිකක් බයික් එක උඩ ඉන්නවා.. මම.බැලුවේ මගේ බයික් එකද කියල. ඔව් ඒක මගේ..
"මචං බයික් එක.."
"අහ් උබේද...කවුද බං දන්නේ.. ෆට්ට ආහ්.."
මම මූණ දිහා බැලුවේ එවෙලේ.. ඒකව අදුරන්නේ නැති උනත් ඌට එහායින් ඉදියේ පූර්ණ..
මම ඉස්සරහා අස්සක ගහලා තියෙන බයික් එක පිහින රෙදි කෑල්ල අරං හොදට පිහ දලා වාඩි වෙලා වේගෙන් රේස් කරලා කපලා පාරට ගත්තා..
මගේ පිටි පස්සෙන් ඉදපු උන් මං යන පාර හරස් කරන් ඉදියා.. මම රේස් කරාම උන් ඈත් වෙලා පොලු පාරට වනනවා. මම යතුර ගලවලා සක්කුවේ දාගෙන් බයික් එකෙන් බැස්සා. මට දෙවනි කකුල බිම තියන්න උනේ නෑ.. ලොකු යමකින් මගේ ඔලුවට වදිනවා වගේ දැනුනා..
කලුවර නිසා ඒ හරියේ වැඩිය සෙනග ඉදියේ නෑ.. මම එහෙම්ම බයික් එක උඩට පාත් උනා..
"එකට කාපු බීපුවා අමතක කරලා පො#න්න වැඩ කරන්නෙපා කැ#යෝ.."
එකෙක් මගේ සර්ට් එකෙන් ඇදලා ගත්තා.. ඒ පූර්ණ.. මගේ රතු ඉරේ කෑලි වත් හොයා ගන්න බැරි උනා.. මම මගේ සර්ට් එක අල්ලපු අත් විසි වෙන්න අතින් ගහන ගමන් පූරගේ සර්ට් එක අල්ලලා උඩට ඉස්සුවා බරක් දැනුනත් පූරාව ඉස්සිලා බයික් එක උඩින් එහා පැත්තට වැටුනා..
"අඩෝ..."
"ඒයි.."
"අල්ල ගනින් ඕකව.."
මට ඇහුනේ එච්චරයි.. දෙතුන් දෙනෙක් මාව අල්ලගෙන පිටට ඔලුවට ගැහුවත් මම පොර කලා අල්ල ගත්තේ පූරව.. මගේ නිදහස් උන අත් වලින් පූරට පුරෝලා දෙකක් මූණට අනිද්දි තුන් වෙනි එක අනින්න උනේ නෑමට මගේ අත් තද උනා..ඒත් එක්කම මගේ කොන්දට සහා කලවා පිටි පස්සට කලින් වතාවේ වගේම බර යකඩ පොල්ලක් වගේ එකකින් පාරවක් තුනක් වැදුනා මට කෙලින් ඉන්න පණක් නෑ කියලා දැනුනේ කකුල් වලට වදිද්දිමයි..වෙදානාවක් දැනුනේ ඉවස ගන්න බැරි... මම එහෙම්ම එකෙක්ට වරු උනා වගේ දැනුනා..
***********************************************
මට නින්ද ගිහින් තිබුනා.. මම ඇස් ඇරුන උත්සහා කලත් ඇරුනේ නෑ...
මම වෙනදට ඇස් අරින්න මෙච්චර වෙලා ගන්නේ නැති බව දැනුනම වෙගෙන් වගේම අමාරුවෙන් ඇස් ඇරියා. වෙනදා වගේ නැතුව අමුතුම විදිහට වෙනස්ම පරිසරයක් පෙන්න ගත්තා.. ඒත් ඒ පේන්නෙත් එක ඇහැකින් බව දැනෙද්දි මම අති නොපෙනෙන පැත්තේ ඇහැ අල්ලලා බැලුවා. මොනාම හරි දේකින් ඔතලා බව තේරුනා.
මට එවෙලෙයි සිහියට ආවෙ.. මම ඉන්නෙ පූරත් එක්ක වලියක් දාගෙන..එත් මේ මම හොස්පිටල් එකේ මොකද.. මට මොකද උනේ. මම මතක් කරන්න උත්සහා කලා..ඒත් මම කලින් දැන් කිව්ව ටික ඇරෙන්න වෙන දෙයක් මට මතක් උනේමනෑ. ටිකකින් එතනට නර්ස් කෙනෙක් ආවා..
"ශාලිය.. දැන් කොහොමද.."
".........ම්...අ......අහහ්...."
මට වචන අවේනෑ...
"ඔයාට දැන් හොදයි, බය වෙන්න එපා..
ඉන්න ඩොක්ටර් ට කතා කරන් එන්නම්.."
සුදු නර්ස් ගිහින් ඩොක්ටර්ස්ලා දෙන්නෙක් වගෙ දෙන්නෙක් සහ තව නර්ස්ලා දෙන්නෙක් එක්ක මං ලගට ආවා..
ඩොක්ටර්ස්ලා මගේ ෆයිල් චෙක් කලා.."
"පේෂන්ගේ ගෙදරින් ඇවිත් නේද ඉන්නේ.."
"අහ්, ඔව් ඩොක්ටර් "
"හරි, එයාලට බලන්න පුලුවන්..
මිසී සේලයින් නවත්තන්න එපා..
ට්‍රීට්මන්ට් ලියලා නොර්ට් කරලා තියෙන්නෙ ෆයිල් එකේ.."
"හරි ඩොක්ටර් "
"ම්.. ශාලිය, ඇයි මේ, දැන් බය වෙන්න දෙයක් නැ.. ම්ම්ම් හෙට අනිද්දට ටිකට් කපලා ගෙදර යමු.."
ඩොක්ට එහෙම කියලා ගියත් මොන ගෙදරට යන්නද මම.. අනික කවුද මගේ ගෙදරින් ආව අය.. අම්මලා ඇවිද්ද..
මම බය උනේ ඒකට..
මම යාන්තමට පිය උන ඇස් ඇරියේ ඇද ගාවට එන කකුල් වල සද්දෙ ඇහිලා..
මම ඉස්සෙල්ලම දැක්කේ චරිත්ව ඊට තප්පර බාගයක් යන්නත් කලින් මම නොහිතපු ඇස් දෙකක් මගේ දිහා බලන් ඉදියා. මම නැවතුනේ තනි ඇහැකින් හරි ඒඇස් ගාව..
කදුළු පිරුන ඒ ඇස් දිහා බලන්න දුක හිතුනා.. මම චරිත්තේ අත තද කරලා අල්ල ගත්තෙර් චූටි දිහා බලන්මයි..
"පොඩී.. උබට කොහොමද.."
මාව හැමදාම පරිස්සම් කරපු චරිත්ගේ කට හඩ බාල වෙලා තිබ්බා..
මම චරිත් දිහා බැලුවා..
"උබට ඔය ඇක්සිඩන්ට් එක කර ගන්න
උවමනාව තිබ්බේ ඊයේ ඉදන්..
මන මගුලටද බං බිලා බයික් පදින්න ගියේ.. මදි නම් මම ගෙනත් නොදී ඉන්නවද..."
"ච...රියා...."
මට කතා කර ගන්න අමාරුයි.. චරිත් මගෙ මූණට තවත් එබුනේ ඒ ඇසුත් රතු කරගෙන්න..
"කොන්ද පණ නැද්ද.. අකමැතිනම් වෙන එකක් හොයා ගනින්.. බයික් එකේන් 120ට ගිහින් ඇණ ගත්තම ඔක්කොම හරිද..."
චරිත් මොනවා කියනවද කියලා මට තෙරුනේ නෑ.. ඇගේ අමාරුවටම ඇස් අගිස්සෙ එකතු උණ උණු කදුලක් වෙන්නැති කණ ගාවින් පහලට බේරුමා.
ඒත් එක්කම මගේ අතක් තදින් අල්ල ගත්තා... මට දැනුනේ දියතෙදි වගේ මගේ අතට දැනුන රස්නෙමයි.. මම බැලුවේ කවුද කියලා..
චුටි මගේ අතින් අල්ලගෙන ඉන්නවා..
මේ, හීනයක්ද..
ඇස් අගිස්සේ තවත් කදුළු බින්දුවක් එකතු වෙලා කලින් තෙමුන පාර දිගේම වේගෙන් පහලට බෙරුනා..
මට ඒ කැක්කුම දැනුනා..තෙරුනා..
ඒත්, මට නොතේරෙන එකම දේ චරිත් මේ කියන ඇක්සිඩන්ට් එක ගැන් විතරයි.. මම ආයෙම කල්පනා කරන්ම ගත්තේ ඒකමයි...
#එකලොස්වෙනි_පිටුවට. ❤🤙
( ආදරෙන් ඉල්ලනවා
පුලුවන් හැමෝම කතාව share කරලා
අනිත් අය දැනුවත් කරන්න..❤❤🤘🤘
* ඇත්තටම ශාලියට මොකද උනේ..)