ඔබ මගේ වෙලා 💞

By sakunwirajEddirimann

22.6K 2.6K 164

"හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ" මට මගේ කියලා අ‍යිතියක් නැතුවත් ආදරය කරපු කොල්ලෙක් ගෙ ආදරණීය ඉරණම... More

#දෙවන_පිටුව 💞
#තෙවන_පිටුව 💞
#සිව්වන_පිටුව 💞
#පස්වන_පිටුව 💞
#සයවන_පිටුව 💞
#සත්වන_පිටුව 💞
#අටවන_පිටුව💞
#නවවන_පිටුව 💞
#දසවන_පිටුව 💞
#එකලොස්වන_පිටුව 💞
#දෙලොස්වන_පිටුව 💞
#දහතුවන_පිටුව 💞
#දාහතරවන_පිටුව 💞
#පහලොස්වන_පිටුව 💞
#දහසයවන_පිටුව 💞
#දාහත්වන_පිටුව 💞
#දහඅටවන_පිටුව 💞
#දහනවවන_පිටුව 💞
#විසිවන_පිටුව 💞
#විසිඑක්වන_පිටුව 💞
#විසිදෙවන_පිටුව 💞
#විසිතුන්වන_පිටුව 💞
#විසිහතරවන_පිටුව 💞
#විසිපස්වන_පිටුව 💞
#විසිහයවන_පිටුව 💞
#විසිහත්වන_පිටුව 💞
#විසිඅටවන_පිටුව 💞
#විසිනවවන_පිටුව 💞
#තිස්වන_පිටුව 💞
#පසුවදන 💞

#පලමු_පිටුව 💞

3.7K 202 12
By sakunwirajEddirimann

(කලින් පල කරන ලද්දකි.. කියවා අවසන් අය සිටී නම් නැවත කියවීම හැක.. එසේම අවසානය කුමක්ද යන්න නොකියවා රසවිදින්නන්ට නොදැනෙන්නට කමෙන්ට් ලයික් කිරීමට කාරුණික වන්න..❤️🙏)

_______________________________________________

ඊයෙ රෑත් බොඩිමට එන්නැත්තෙ පාන්දර මං හිතන්නේ.. මට  ඒතරම් මතකයක් නෑ..
මට කොහොමත් පොඩ්ඩ්ක් බිව්වම කලාම සිහිය පොඩ්ඩක් අඩුයි. පොඩ්ඩ්ක් කිව්වට ටිකක් තියනවා ඒක..
උදේම චරිත් ඇවිත් කතා කරනකම්ම මම නිදි කොහොම හරි...

"හු## නැගිටපං.."

"ම්ම්...ම්...ම්..."

"හුං හූං නෙවෙයි, යකො ලෙක්චර් නෙවෙයි කොංවකේෂන් දවසෙවත් මූට බෑනේ නැගිටින්න.."

"ම්..."

"නැගිටපන්.. යන්නැද්ද උබ.."

"ම්... යනව.."

"උබ ඕන මගුලක් කර ගනින් මං යනවා.."

"පොඩ්ඩක් ඉදහන් මොකො හදිස්සි.."

යන්න හැරුන චරියාගෙ මැදලා පිලිවෙලට තිබ්බ සුදු සර්ට් එකෙන් නොඅල්ලලා මම චරිත්ව අල්ලන්න හැදුවත් මට අහූනේ අතේ අන්තිම ටික..
අල්ල ගන්න බැරි වෙයි කියලා තදින් අල්ලලා ඇද්ද පාරටත්, ඌ මං අදිවි කියලා නොහිතපු නිසාත් වෙන්නැති චරිත් ලෙසියෙන්ම ඇදිලා ඇවිත් මගේ බඩ උඩටම වැටුනා..

"හුක්.."

"අඩො මගේ සර්ට් එකත් මැදලා දීපංකො.. මම පටාස් ගලා වොශ් එකක් දාන්‍ එන්නම්.."

"අනෙ මේ හු#ත, උබේ පර වැඩ කරන්න මට බෑ.. මම ඊයේත් මතක් කරලා ඇහුවනේ උබෙන්, ඔක්කොම හරියි කිව්වේ..."

"අඩෝ හරි හරි, මොකද්ද බං පරක්කුයිනේ මට අයන් නොකරපු සර්ට් එකක් ඇදන් යන්නෙයි කියන්නෙ..."

"ඉතින් මට මොකො.. සර්ට් එක අයන් කරලා බැරිනම් ජොකා ඇදන් පලයන් මට පාංද.."

"හරි උබට බෑ.."

"තො ඊයෙ මොන මගුලක්ද කරේ "

"මොකුත් නෑ.."

"ෆෝන් ඕෆ් කරන්.."

"හරි මේ මම ටාර් ගලා එන්නම්.."

"යන්නැති ඉතින්..
අනේ මන්දා උබත් හොද පරිප්පුවක් කලා තමා පොඩියා පාඩුවේ ඉන්නේ හරිද.."

"ම්.."

"කෝ මදින්න ඕනේ හු#තවල් දීලා පලයන්.."

"අන්න කබට් එකේ.."

"අරං දිහන්.."

"අඩෝ ගනින්කො මැණික.."

මම චරිත්ට ලං උනේ ඌව හොල්මන් කරන්න තරම් රැවුල් කොටත් චරියගේ කන් වල ගෑවිලා ඇතිල්ලිලා යන්නමයි.

"උබ වගේ නෑ මං.."

"මට උබ මං වගේ නැතුවත් මොකො.. ෆීල් වෙනවා නම්.."

"අනේ පළයන්.. තොට ඉතින් නාඩි වැටෙනවා නම්..."

මම වොශ් රූම් එකට පැනලා දොර වහ ගන්තේ ඊළගට උගේ කටින් පිට වෙන වචන ඒ තරම් රහ නැති නිසා..
මොනා උනත් බොඩිමට එන්න අවසර තිබ්බේ චරිත්ටයි තව කැම්පස් එකේ අපෙ සෙට් එකේ දෙතුන් දෙනෙක්ට විතරයි..
ඒ නිසා මට මගේ අමතර වැඩ වලට එලියට යන්න උනා ගොඩාක් වෙලාවට..
කොහොමත් චරිත් නම් මගේ බොඩිමේම එකෙක් වගේ කොච්චරවත් මේක අස්සෙමයි..
මම කොල්ලොත් ගහනවා තම, ඒත් මම ඉදලා හිටලා චරිත්ට විහිලු කරන්නේ, ආදරෙන් කතා කරලා වැඩක් පලක් කර ගන්න ගේ සීන් දැන්මත් ඌ මට බොක්කටම ෆීල් උනා මිසක් ඌත් එක්ක ඇදට නගින්න ෆීල් වෙලා නෑ..
එහෙම අඩ ගහන්න උනත් මට බැරි නෑ.
ඌ එන නොයන එක උගේ වැඩක්..
ඒත් මට එහෙම ඌව ෆීල් උනේ නෑ කවදාවත්..
ඌව මට ඊට එහාගිය බැදීමකිනුයි ෆීල් උනේ... එකයි මම ඌට ෆට්ටම ආදරේ, මට කාගෙවත් ආදරයක් නම් දැනෙන එකෙක් නෙවෙයි..
ගෙදර අයගෙන්වත් මට ආදරයක් ලැබුනත් දැනිලා නෑ ලොකුවට..
ඒත් චරියත් මං ගැන වද වෙන විදිහට මම හිතන්නේ ඌත් මට ෆට්ටම ආදරෙයි වෙන මොකටවත් නෙවෙයි බොක්ක නිසා..

"යමං.."

"ම්.. මං ලස්සනද.."

"ම්.."

"අඩො කියපංකො.."

"ඔය හු#තෙ කොන්ඩේ කපාගෙන මගෙන් ඔය වචනේ අහපන් පොඩී.."

"අඩෝ.."

"යමං ඉක්මනට.."

"කියන්න බෑ එහෙනම් උබට "

"ලස්සනයි ලස්සනයි හුත්තො, යමං..."

***********************************************

චරිතුත් මාත් දෙන්නම එක ජොබ් වෙකන්සි වගේකට දැන්මා.
ඒ සල්ලි හිග නිසාම නෙවෙයි..
කම්මැලිකමට වගේම චරියගේ වචනෙට.. ඌ හැම වෙලේම අපේ ගෙවල් ගැන වද උනා, මට නම් ඒක ඒ හැටි දැනුනේ නෑ..
ජොබ්ස් වලට ඇප්ලිකේෂන් ගෙනල්ල මගෙන් අහ අහා ෆෝම් දෙක ෆිල් කලෙත් ඌම තමා..

"අහ් හරි තියනවා ඕක.., මම කිවුවනේ සැරයක්.. මට එන්න බෑ..
ආයේ ගත්තොත් හුත්..."

මට ආව කෝල් එක කට් කලේ චරියා එලියෙ ඉදන් දොරට ගහන සද්දෙ ඇහුන නිසා තියන්න ඕනේ කමට.. ඉදලා හිටලා ඔහොම කෝල් එකක් දෙකක් එන්නැතුවම නෙවෙයි..
වෙලාවකට පව් කියලත් හිතෙනවා..
ඒත් නිදා ගත්ත පලියට ලව් කරන්න මම ආස උනේ නෑ..

"පොඩී.."

"වරෙන්.."

මම ෆෝන් එක කට් කරලා මූඩ් වෙනස් කරලා කෝල් එකල්වත් නොගහා හදිස්සියෙම කාමරේ දොරට ගහන චරිත්ට මම කතා කල.. ඌ හැමදාම ආව මට කෝල් එකක් ගහල.. ඒ නැතත් කමරේට ආවේ දොරට තට්ටුවක් දාගෙන.. එහෙම කරන්න ඌ හිතා ගත්තෙ දවසක් මම ඇදට වෙලා තනියම ඉද්දි එක පාරටම ඌ ඇවිත් දැක්ක සීන් එකෙන් වෙන්නැති.. එදා නම් මටත් ටිකක් නෝන්ඩිය..

"මොකො බං ඔය.."

"ඇයි.."

"පාරට ඇහෙනවා හු#තො සද්දෙ.. කාටද බං කෑ ගහන්නේ "

"හරි මොකො හදිස්සියෙම.."

" මම ආවේ මේ ඇප්ලිකේෂන් එක දෙන්න.. ඒත් අනේ මන්දා.."

"මොකො සීන් එක.."

"අඩො පොඩී ඕක නවත්තහන් බං.. ඇති වෙන්නැද්ද උබට.."

"හරි හරි.. ඕක පුරවමු.. මොනාද ඉල්ලන්නේ.."

උවමනාවක් නොතිබ්බත් මම කතාව පෙරලන්න ඕනේ කමට වෙන වෙන දේවල් ඇහුවා..

"පකක් ඉල්ලන්නේ.."

"අප්පා එහෙමෙයි, එහෙනම් මරු.."

"ම්ම්... පකක් ඉල්ලනවා නම් උබට යත හැකි නේ.. ඉන්නවනේ බෑග් එකකුයි වතුර බෝතලේකුයි එල්ලුවොත් සිසත්වෙට ඇරිය හැකි ළමයෙක් සයිස් බාවක්.."

"ඇයි ඕනේද කට..."

"ගිහින් දීහං උබේ අර පාලං පල්ලෙයි බොක්කු පල්ලෙයි ඉන්න උන්ට..."

"අඩෝ ඒවගේ ගියේ නෑ.."

"නෑ නෑ මම දන්නෑනේ ඒවා..."

                *****************

සතියකට විතර පස්සෙ චරිතුත් මාත් දෙන්නම දාපු ඇප්ලිකේෂන් වල ලෙටර්ස් චරිත්ලගෙ ගෙදරට ඇවිත් තිබුනා.. දෙන්නම ඉන්ටවිව් ගියා..
දෙන්නම එකම තැන වැඩ උනත් යාළුවො බව අපි කවදාවත් කාටවත් පෙන්නන්න ගියේ නෑ.. ඉන්ටවිව් එකට ෆේස් කලෙත් එකෙක් ගිහින් ගොඩක් වෙලාවකට පස්සෙයි අනිකා ගියේ..
දෙන්නම කොළඹ කැම්පස් සෙටිෆිකෙට් උස්සගෙන යද්දි කාටද සැක නොහිතෙන්නේ.. එහෙම උනොත් අපි දෙන්නගෙන් එකෙක් හලයි කියලා චරිත් මුල ඉදන්ම බය උනා. මට නම් ඕක ගානක් ගියේ නෑ..

කොහොම හරි දෙන්නට එකම තැන ජොබ් එක හම්බුනා..
කාලයක් ගෙවිලා ගියා..
වැඩිම උනොත් සති දෙකක් මම ජොබ් එක කරන තැනින් වචනයක් නාහා වැඩ කරන්න ඇති.. ඒත් ඒ කාලෙන් පස්සෙ මට වැඩපල එපා උනා..
ඒ කාගෙවත් වරදින් නෙවෙයි, මගේම වරද කියලයි චරියා හැමදාම කියන්නේ..
ඒත් මට එහෙම එකක් නම් තෙරුනේ නෑ කොහොමටවත්..
මම හොදට දෙයක් කලත් අනිත් හැමෝටම ඒක වැරදියට පෙනුනා..
ඒ වගේම චරිත් මොනවා කිව්වත් මොනවා කලත්
මට පරන ජිවිතේ අතාරින්න බැරි උනා..

"චරියා උබ පලයන් මම එන්නම්. පොඩ්ඩක් ලේට් වෙයි බං.."

"අනේ මන්ද බං උබ.. මටත් වැඩ නැති කරන්නද හදන්නෙ.."

"හරි හු#තො එන ගමන්.."

"වරෙන් වරෙන්, ඉක්මනට. දන්නවනේ කළු බඩා.."

"අනෙ බඩාගේ අප්පට හැමිනෙන්න කියපං.."

කොහොමත් සිකුරිටි එකේ ඉන්න හැමෝම අවුල් මං එක්ක. ඒ මොකටවත් නෙවෙයි පරක්කු වෙන සීන් එකට..
පරක්කු වෙලා ඇතුලට ගත්තම උන්ට කේස් නිසා.

"ගුඩ් මෝර්නින් සිරී අන්කල්"

"මොර්නින්, සර් මොර්නින් කියන්නෙ අෆ්ටනූන් වෙලාවටනේ.."

"කො සයින් පොත.."

"සර් අරන් ගියා.."

"කවුද ඕ-අයි-සී ද? "

"ම්.. ඔව් දැන් කියද වෙලාව, නවයයි කාලයි.."

"සිරි අන්කල්ට පොඩ්ඩක් පොත... හා හරි දැන් කමක්නෑ.."

"ඔයා දන්නවනේ දරුවො. මට කරන්න පුළුවන් සහ බැරි දේවල්.."

"ඒකනේ අන්කල කමක්නෑ.."

කළු බඩා හැමිනිලානේ.. උදෙම සයින් බුක් එකත් ඔෆිස් එකට යවල.. මාර ඇම්මක් ඌට තියෙන්නෙ.. මම ඌට බැන බැනම ඔෆිස් එකට ගියේ තව ටිකක් පරක්කු වෙන නිසා..
කොහොම උනත් හැමදාම නැතත් සතියකට පාරක් මට මගේ වෙන වැඩක් නැති උනත් උදේට නින්ද හරි යනවා, රෑට කාගෙ හරි ඩිකි රෙපයාර් එකකට ගිහින් හරි පරක්කු වෙනවා..
කොහොම උනත් පරක්කු වෙන සීන් එක ඔෆිස් එකටම වඩා ප්‍රශ්නයක් කරගෙන තිබ්බෙ චරිත්..

"උබ වරෙන් අපෙ ගෙදර. බොඩිම් වලට දෙන සල්ලිත් අපරාදෙනෙ.."

"මහ ගානක් නෑනේ බං. අවුලක් නෑ.."

"කිව්වම වරෙන්කො.. මගේ රූම් එකේ ඕනේ තරම් ඉඩ තියනවා.. අනික ඔය පරක්කු වෙන සීන් නෑනේ එතකොට
තියන දෙයක් කෑව බිව්ව නිදා ගත්තා, දෙන්නම වැඩට ආවා..."

"ඇයි ඇයි මොකෝ උබත්,..."

"අනෙ මේ හු#තක් කියවන්නෙපා පොඩී,
සිරියස් ගනින් බං, නාරද මට ඊයේ හවසත් කිව්ව උබ ගැන.."

"මොකද්ද.."

"මොකද්ද.. උබේ පරක්කුව ගැන.."

"මගෙ පරක්කුවෙන් ඌට මොකො.. ඌද බොස්."

"බොස් නොවුනට ඌ එච්.ආර් එකේනේ පකයො.."

"මොකේ උනත්.. ඌ කොහොමත් මං එක්ක අවුල් නිෂී නිසානේ.."

"නිෂී හරි කුෂී හරි... උඹේ අඩුවනේ කාටත් පේන්නෙ.."

"මම බලා ගන්න්ම්කො.."

"උබ බලයි පක... අනෙ මේ. බෑග් ටිකත් අරන් වගෙන් අපෙ ගෙදර, මගෙ රූම් එකට.."

"ඇවිත්.."

"ඇවිත් උදෙන්ම වැඩට යමන්.. මාස තුනෙන් ෆර්මනට් කරනව කියලත් කිව්වනේ බං අපේ වැඩ හොදයි කියලා.."

"අනෙ මේ චරියා. මම ගෙදරත් තියාගෙන බොඩිම් උනේ මට මගේ නිදහස ඕනේ නිසා.. මට පාඩුවේ ඉන්න දීපං.."

"දැන් අපේ ගෙදර ආවම.. උබේ නිදහසට ඇගිලි ගහන්නෙ කවුද.."

"මට ඕනේ ඕනේ වෙලාවට යන්න එන්න බැනේ බං.."

"ඩිකි රෙපයාර් දැන්වත් නවත්තහං පොඩී.. දැන් අපි පොඩි උන් නෙවෙයිනේ හු#තො.."

"හරි මම එන්නම්, උබේ ඩිකිය මට ඕනේ.."

"අනේ මන්දා බං උබට හැම එකම ජෝක්, උබ නම් කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි පොඩී, තෙරෙයි ජොබ් එකෙන් එලවපු දාක..."

"වරෙන් යන්න.. ටී ටයිම් එකේ කෑලිත් නෑ.."

මම චරියත් ඇදගෙන කැන්ටිමේන් එලියට ආවේ ඔෆිස් එකේ වෙලාව ගැන හිතලා නම් නෙවෙයි.. උගේ කන්දොස්කිරියාවෙන් නිවී සැනසිල්ලෙ ඉන්න.. ඒත් එක්කම අපිව පහු කරගෙන ගිය එකා හැරි හැරි බල බල යන නිසා මම නිකමට බැලුවෙ කවුද කියලා..

"හුටා නාරදයනේ.."

"ඉතින්.."

"උබට නම් ගානක්වත් නෑ පොඩී.."

"විකාර බං, උබලා තමා ඌව ෆෝම් කරලා තියෙන්නෙ සර් සර් ගගා ලොවන්න ගිහින්.."

චරිත් මට විරුද්දව එන කම්ප්ලේන් ගාන අඩු කරන්න කොයිතරම් අඩව් ඇල්ලුවද. මට ඌ ගැන වෙලාවකට බිව්වම එහෙම බදාගෙන ඉබින්න තරම් හිතෙන ආදරයක් එනවා.. මම ඉබලත් ඇති ඕනේ තරම් එහෙම.. හැබැයි ඒ බිපු වෙලාවලදි, බොක්කෙම ෆිට් එකට විතරයි..
එහෙම කරන්න බැරි හෙතුවක් චරිත්ගෙ තිබ්බෙ නෑ. සමහර වෙලාවට කැම්ප්ස් කලේ හොස්ටල් එකේ එකට නාද්දි උනත් ජොකා පිටින් ඉද්දි ආතල් එකට පුක එහෙම මිරිකනවා..
ඒත් චරියා ගැන මට එහෙම අදහසක් ඇවිත් නෑ..
කෙල්ලෙක් යාලු කර ගත්තෙත් කැම්පස් එකෙන් අවුට් වෙන්න මාස දෙක තුනක් තියලා..
එතකන් ඉදියේ මගෙ පස්සෙන්මයි..
චරිත් මං ගැන නොදන්න දෙයක් නෑ..
කොටින්ම කිව්වොත් හොස්ටල් එකේදි මගෙ මෙට්ටෙ යට තියන රෙදි කෑල්ලෙ පාට උනත් ඌ කියයි..
මගේ නොදන්න දෙයක් නැති ඌ..
මං එක්ක ඉද්දි මට එහෙම වෙනසක් වෙන විදිහට සලකලා නෑ කවම දාවත්ම..

කොහොමත් මේ සිද්දිය වෙද්දි  මම ජොබෙකට ගිහින් එක මාසෙක පඩිත් අරගෙන තිබුනා..

"කො මිස්ට දහනයක.. අන්න ඔයාට ඔෆිස් එකට කතාකලා.."

මම නැගිටිනවත් එක්කම චරිත් බැලුවේ මං දිහා.. මමත් ඌ දිහා ඒ වගේම බැල්මක් දැන්මේ වැරැද්ද මම වගේම ඌත් දන්න නිසා.. චරිත් නම් ලග තියන එකකින් දමලා ගහන්න තරම් තරහෙන් බලලා ආයේ ඌ කර කර ඉදපු ෆයිල් එකට ඔළුව ඔබා ගෙන වැඩ කරන්න ගත්තෙ තිබ්බ තරහ පිට කර ගන්න විදිහක් නැතුව. මම එවෙලාවෙමයි හිතා ගත්තෙ හවසට චරිත්ට මගේ බොඩිමේ දොර නෑර ඉන්න..
මම කෝකටත් ඉක්මනින් ඔෆිස් එකට ගියා..

මම ගියාට වඩා ඉක්මනින් ආවා. දොර ඇරෙන සද්දෙට වත් චරිත් හැරිලාවත් බැලුවේ නෑ.. මම ආවේ කේන්තියෙන්
මම කෙලින්ම ගියේ මම ඉන්න තැනට..
අතෙ තිබ්බ පයිල් එක එන ගමන්න මෙසෙට විසි කරපු නිසා චරිත් ඇරෙන්න හැමෝම මං දිහා බලං ඉදියා..
මම ඔක්කොම කරලා බයික් එකේ යතුර ලාංචුවෙන් ගනිද්දි විතරයි චරිත් හැරිලා බැලුවේ..

**********************************************

මම ආවේ කෙලින්ම මහරගමට..
වෙනදා යන තැනට ගියේ කවුරු හරි ඉන්නවද බලන්න..
කොහොමත් සෙට් වෙනවා නම් එහෙම උන් මෙතන සෙට් වෙන්නෙ ඔෆිස් ටයිම් පහු උනාමයි.. වැඩ ඇරිලා යන ගොඩක් උන් මෙතනට එන්නෙ හදිසියෙ සෙට් වෙලා ෆන් එකක් ගන්න.
මම එතනට ගියේ හිත හදන් මේ වෙලාවේ කවුරුවත් නෑ කියලා දැන දැනමයි, ඒත් මම කෙලින්ම ඇතුලට ගියා..
උපාසක බලල්ලුන්ටම මියො අහුවෙන්න වගෙ වෙනදා වගේම මගේ වසනාව පැදිලා තිබ්බා.
වයස 30ක් හෝ ඊට අඩු වගේ පෙනුමක් තියන මං වගේම ඔෆිස් එකෙන් පැනලා ආව වගේ ඔෆිස් කිට් එකෙන්ම මං දිහා බලං ඉදියා.. ඌ මගේ දිහා කන්න වගේ බලන් ඉද්දි මගෙ බල්ක් එක පිම්බුනේ ඌ නිකන් මෙහෙම නම් ඇදෙදි කොහොම ඇතිද කියලා මැවිලා පෙනෙද්දියි..
චු බරක් නැතුවම ආව නිසා එලියට නොගත්ත මගේ එක උඩින් අල්ලා අත ගලා ඇහැක් ගහලා සාක්කුවේන් පර්ස් එක අරන් ෆෝන් නම්බර් එක ලියපු පොඩි කොල කෑලී ටිකෙන් එකක් අරන් වෙන වෙනම චූ දාන්න වෙන් කරපු පොඩි කොන්ක්‍රීට් තාප්පේ උඩින් තියලා මම එන්න ආවා..

එලියට ඇවිත් වෙනදට දෙන ගානට වඩා අඩු ගානක් මම දෙද්දි මංදිහා බලපු සිකුරිටි අයියා

"ඇයි අද, නැද්ද..."

"එපා අයියා.. අද බෑ.."

"හා හා.."

මම වගේම වෙන ඕනේම කෙනෙක් මහරගම පබ්ලික් වොශ් රූම් එකට එනවා නම් සමන්‍ය කර්තව්‍යය ට වඩා යමක් එහි රැදෙමින් කරනවා නම් රැපියල් 60, 70ක් දිය යුතු බව හැමෝම දැනගෙන ඉදියා..
මම අද 10ක් දීගෙන එන්න ආවා එක ඩේලි කස්ටමර් කෙනෙක් විදිහට හිතලා යන මං දිහා සිකූරුට්ට බලං ඉදියේ දුකෙන්.
ඌ හොද ගානක් මෙතනින් හම්බකරනවා අණ්ඩුවේ රස්සාවක් කරනවටත් වඩා..

එලියට ඇවිත් පාර මාරු වෙද්දිම බලාපොරොත්තු උන කෝල් එක ආවා..

"හෙලො.."

"මං..."

"නිල් සර්ට් එකද.."

"ඔව්.."

"මම යූත් එක ලග, පාර පැනලා එන්න.. ප්ලේස් එකක් තියනවද.."

"නෑනේ.."

"අප්පා.. මොකො කරන්නේ.."

"රූම් එකක් ගමු මල්ලි..."

"සල්ලි.."

"මං දෙන්නම්.."

"එන්න එහෙනම්.."

"ලොකුද.."

"ඔව්.. වරෙන්.. ලබ්බක් කියවන්නේ.."

මම තරහින් තිබ්බේ ඇත්තටම ආව තරහට.. මට තිබ්බේ සෙට්වෙන්න හදිස්සියක්..
මම තරහෙන් ආපස්සට හැරුනේ නිල් පාට සර්ට් එකක් පාර මාරු වෙනවද කියලා, තරහා නිවුනේ ඌ දැක්කම..
අක්කරයක් විතර පුකක් එක්ක පාර දෙපැත්ත කීප සැරයක්ම බලලා සෙනග අස්සෙන් ඉක්මනින් එන මගේ නොවෙන මගේ ඩිකිය දැක්කම හිතින් කලින් මැවුන හීනේ තව තවත් පුළුල්ව හිතේ මැවුනා..
මම ඉස්සෙල්ලා කරපු දේ කරන්න පුලුවන් විදිහට සක්කුවට අද දාගෙන කාටත්ම හොරා කරන්න ගත්තෙ ඉවස ගන්න බැරි කමට..
මූටත් ඉන්න බෑ ඇතුලට වෙලා..
පව් චරිත් නිසා හොද කෑමක් කන්න බැරි උන නිසාද මන්දා කලිසමේ බල්ක් එක පිම්බිලා තිබ්බේ අසාමන්‍ය විදිහට, එලියට ඉරාගෙන එන්න ඔන්න මෙන්න සයිස් එකෙ.. එතනින් යූත් එකේ ඉදල එලියට ආපු කෙල්ලො තුන් දෙනෙක්ම මගේ බල්ක් එක දිහා බල බලාම මූණට වැටුන කෙස් කන් පෙති උඩ රදව ගෙන ඉක්මන් ගමනින් ගියා. මට එතකොටයි මීටර් උනේ.. මං මගෙ වැරැද්ද අතින් හදා ගනිද්දි අර කෙල්ලො හිනා වෙවී මං දිහා බල බලාම ගියා..
කෙල්ලොත් ඉතින් අම්මේ, ගෙවල් වල ඉන්න උන් නෙවෙයි පාරට බැස්සම..
වෙනදාක වගේ නම් පොඩ්ඩක් පස්සෙන්
ගිහින් ෆෝම් කරලා ගන්න තිබ්බා..
සොරි නංගි අද බෑ කියලා මම හිත හදා ගත්තා.
මගේ මූටත් කෙල්ලො කොල්ලො ගානක් නෑ. ඒත් අද නම් මූ ඉල්ලන්නෙ ඌ දිහා බල බල යන කෙල්ලො නොවෙයි ඈත ඉදන් පද්ද පද්ද එන නිල් පාර්ට සර්ට් එකමයි...

***********************************************

"කොහෙද බං ප#යො ඉන්නෙ.."

"බොඩිමේ.."

"ෆෝනුත් ඕෆ් කරන්.."

"බැට්‍රි බැහැලා ඕෆ් වෙලා බං..."

"අනේ පලයං පොඩී යන්න,මම නොදන්න උබෙ බැටරිය.."

"ඇයි ගත්තෙ, හදිස්සියක්ද.."

"මං එන්නද අහන්න..."

"දැන් රෑ වෙලා බං.. එපා දැන්.."

"හෙට එනවද.."

"බලමු.."

"මොකො උනේ සීන් එක.."

"මොකුත් නෑ.."

"පොඩී.. මං එන්නද බං.."

"එපා චරියා මං නිදි බං.."

ඔෆිස් එකෙන් ආව ගමන ඩිකියත් එක්ක කරක් ගහලා බොඩිම එද්දි රෑ 10ත් පහුයි, මගදිම ෆෝන් ඕෆ් කර ගත්තේ චරියා ගන්න නිසාම නෙවෙයි. ඩිකියක් මීට් උනාම මම ඉස්සෙල්ලම කරන වැඩේ ඒක නිසා..

මම පහුවදාත් වැඩට ගියේ නැ. කොහෙ යන්නද එන්න එපා කියලා කටින්ම කිව්වම. මට ආයේ ආයෙම මතක් උනේ මම ඔෆිස් එකට ගිය වෙලාවෙ සර් මට කිව්ව ටික..

          --------------------------------------

"එක්‍යුස්මී සර්, මේ අයි කමින්.."

"අහ් ශාලිය.. කම්, සීට්.."

"තැන්ක්‍යු සර්.."

සර් හැම වැඩක්ම නතර කරලා මං රූම් එකට එන ටිකේ ඉදන් ඉදගන්න තාක් ඔක්කොම එක එල්ලේම බලං ඉදියා.
මම සර්ගෙ ඇස් දිහා එක පාරක් බැලුවම සර් ආයෙම තමන් එකතු කරමින් ඉදපු ෆයිල් ටිකෙන් එකක් එතනම තියලා අනිත් ටික හදලා පැත්තකින් තිබ්බා..
දැන දැනත් මම සුපුරුදු විදිහට ඇහුවෙ වෙන අහන්න දෙයක් නැති කමට..

"සර්, මට කතා කලාද..."

"ඔව්,මම කතා කරන්න ඉදියේ දැන් ටිකක් කලින්ම.. වැඩ එක්ක බැරි උනා මට ඒකට ටයිම් ඇරේන්ච් කර ගන්න..
මෙහෙමයි ශාලිය, අපි ඔයට දුන්න වොර්නින් ඩෝන්ට් කෙයා කියලා හැමෝම කම්ප්ලේන් කරනවා.."

"හැමෝම, කවුද සර් හැමෝම, අනික මොනාද කම්ප්ලේන..."

"හරි ශාලිය ටිකක් ඉන්නකො.."

එහෙම කියලා සර් මෙසේ උඩ තිබ්බ බෙල් එක ගැහුවා. ඒත් එක්කම කළු බඩා ඇතුලට ආවා..

"සර්.."

"එච්, ආර් එකේ ඔක්කොටම එන්න කියන්න.."

ඒත් එක්කම වගෙ මුළු එච්.ආර් එකයි.. සිකුරිටි කීප දෙනෙකුත් එක්ක සිරී අන්කලුත් ආවා.. අන්කල්ගෙ නම් වෙනදා තිබ්බඅට දෙන හිනාව එයාගෙ මූනේ තිබ්බේ නැ..

"සචිනි, හරි හැමෝම ආවනෙ.."

"නීෂාදි තාම ආවේ නෑ සර්.."

"ඇයි.."

"ඔලුවෙ කැක්කුමක් හැදිලා සර්.."

"අහ්.. ඕකේ කමක්නෑ. මීටින් එකෙන් පස්සෙ එයාව පොඩ්ඩක් සචිනි ඔයා බලන්න, මොකද කියලා."

"හරි සර්.."

ආවේ නෑ කිව්වම මම බැලුවේ එච් ආර් එකේ සචිනි මිස් දිහා.. ඒ ඇසුත් මං දිහා බාලා බිම බලා ගත්තා.. නාරද නම් කන්න වගේ මං දිහා බලන් ඉදියා.

"ශාලිය මම මේ මීටින් එක ගොඩක් කලින් ගන්න තිබ්බ එකක්. මම කලිනුත් ඔයට කිව්වනේ.. අපිට එච්.ආර් එකෙනුත්, සිකුරිටි ෆෝම් එකෙනුත් කම්ප්ලේන් ආවා. මෙහෙමයි අපි ඔයාට මීට කලිනුත් කිව්වනෙ..
මෙහෙම වැඩ කරන්න අමාරුයි..
අපි කම්පනි එකක් විදිහට අනිත් ස්ටාෆ් එක ගැනත් බලන්නොනෙ.. ඔයා නිසා එයාලත් ටිකක් පරක්කු වෙලා එන එක...කලින් යන එක. ඕෆ් දාන එක පොඩ්ඩක් රූල්ස් වලට පිටින් යන කතාවක් මට කිව්ව..
අපි ශාලියට ලාස්ට් වීක් ඇඩ්වසස් දුන්නනේ, ශාලිය ඒ කිසි දෙයක් කෙයා කරන පාටන් නම් මට පෙන්නෙ නෑ..
ඉස්ට් ඕකේ ශාලිය.
අයෑම් සො. සොරි..
අපි ඩිසිසන් එකක් ගත්තා.
එච්.ආර් එකත් එක්ක කතා කලා මම..
ඔයාගෙ වැඩ, අනිත් හැමදේම හොදයි, නීට්. බට්, අපිට ඔයාව විතරක් මදි ශාලිය..
ඔයාට උනත් තෙරෙනවනේ, අනිත් ස්ටාෆ් එකත් මට ඕනේ..
ඒ නිසයි අපි මේ තීරණේ ගත්තේ..
ශාලිය, අපි එක්ක තරහ වෙන එකක් නෑ කියලා මම හිතනවා...
රූල්ස් වලට ඔවර් යනවා නම් තවදුරටත් අපිට එකට වැඩ කරගෙන යන්න බෑ. මේ ලෙටර්ස්, ඔයාගේ අනිත් හැම ඩොක්‍යුමන්ට් එකක්ම මෙතන තියනවා.
ලෙටර් එකට සයින් එකක් දාන්න..
හොදට කියවලා බලලා.."

"ඉට්ස් ඕකේ සර්, නෝ ඉසූස්.."

මොනවා උනත් ලොක්කා නිවිච්ච පහේ මිනිහා.
මම මගේ සමන්‍ය විදිහට වචන පාවිච්චි කරලා ලෙටර් එකට සයින් එකක් දලා ඩොක්‍යුමන්ට් ටික අරගෙන එලියට ආවේ ආයේ හැරිලවත් නොබලයි.
රස්සාව නැති උනා කියලා කිසිම අඩුවක් නොදැනුන මම කෙලින්ම ආවෙ මහරගමට ලැබුන වෙලාවෙන් ප්‍රොයෝජනයක් ගන්න..

          --------------------------------------------

ජොබ් එකත් නැති නිස බොඩිමට වෙලා කරන්න දෙයක් නොතිබ්බ නිසා මම උදේ කෑම කන්නම නැගිට්ටේ 10ට විතර..
මූණ කට හෝදගෙන ඇදුමක් දාගෙන දඩුමොණරෙට නැග්ගේ මහරගම ටවුමේ රව්මක් දාන්න, ඊයේ වගේ නිල්පාටම නැත්ත වෙන සර්ට් එකක් ඇද ගත්ත ඩිකි රෙපයාර් එකක් හොයා ගන්න බැරියෑ.
දඩුමොණරෙට කියන්න පුළුවන් නම් කියයි මගේ පැටිකිරිය යසට..
කීයක් නම් කොල්ලො කෙල්ලො මම මොණරේ උඩ නග්ගගෙන ඇදලා ඇද්ද..
වැඩිපුරම කොල්ලො.. මොකද කිව්වොත් කොල්ලො ඇද්දම නඩු වැඩියි..
ඇත්තටම මගේ ජිවිතේ ගැන හොදක් නරකක්, වරදක් මට පෙනුනෙ නෑ.. ඒ හැමදේම පෙනුනේ චරියට, එතනින් පස්සෙ අපෙ අම්මට...

#දෙවනි_පිටුවට...🤟

(සෑම දිනකම රාත්‍රී 7.00ට... "ඔබ මගේ වෙලා" ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි...✌)

Continue Reading

You'll Also Like

26.4K 3K 47
""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර ව...
2.5K 352 16
'ආදරය කරන එක මේ තරම් වරදක්ද, සම්මතයක් අසම්මතයක් උනත් ඒක ආදරයම නේද. තමන්ගේ හිතේ ඇති වෙන හැඟීම ලෝකෙන්ම හංගන් දුක් විඳින්න ඕනද ' අකී හිතන්නට උනා. ඒකපාර්...
257K 5.3K 48
my name is Alexis... Alexis Ryan. people just call me Alex. I was kidnapped at the age of 5. when I turn 18 they are suppose to do something to me...
3.6K 346 7
အစားခံရမွာေၾကာက္ေနတဲ့ ႂကြက္ေပါက္စေလးတစ္ေကာင္ဟာ ေနာက္ဆုံးမွာေတာ့ သူ႔ေနာက္လိုက္ေနတဲ့ အဲဒီေႁမြႀကီးဆီမွာ အစားခံခဲ့ရေလသည္။ သူဘယ္လို အစားခံခဲ့ရတာလဲ။ မင္းလ...