Author's pov-
සතියකට පස්සෙ ජන්කුක්ට පුලුවන් උනා එයාගෙ පුංචි පවුල හොස්පිට්ල් එකෙන් ගෙදර එක්කගෙන එන්න. එයාලගෙ පවුලෙ අලුත්ම සාමාජිකාව ජියෝන් යේචා හුරතල් දගකාර සුරන්ගනාවියක්. ජන්කුක් ඔම්මාවත් සද්දෙ දාලා එලවපු එකෙන් මූයෝන්ට දරුවා බලාගන්න හැටි ඉගෙනගන්න උනෙත් එයාවයි බබාවයි බලපු නර්ස්ලාගෙන්.
අන්තිමේදි පුංචි යේචා එයාගෙ ගෙදරට ආවා. මූයෝන් අන්තිමේදි දැක්කට වඩා ගේ ගොඩාක් වෙනස් වෙලා තිබුනේ. එදා රණ්ඩුවත් එක්ක විනාශ උන ගෙදර ජන්කුක් තනියමයි අස් කලේ. කොල්ලා මුලු ගේම අමුතුවෙන්ම ලස්සන කලා එයාගෙ චූටිමැනිකව පිලිගන්න.
මූයෝන් ගෙදර ඉදන් පුංචි කෙල්ලව බලාගන්නකොට ජන්කුක් වැඩට ගියා. ඒ කියලත් මූයෝන්ට නිදහස තිබ්බෙ නෑ. කෙල්ලට එයාගෙ ස්ථිර පඩිය ලැබෙන්නත් ගෙදර ඉදන් කරන්න වැඩ දාහක් තිබුනා. එයා නිවාඩු නිසා දරුවොන්ට දෙන්න ඕනි එසයිමන්ට්ස්, පේපර්ස් හැමදේම මූයෝන් හදන්න ඕනි ස්කෝලෙ නොගියත්.
ඒත් මූයෝන් ගැන ජන්කුක්නම් හිටියෙ චුට්ටක් විතර ඊරිසියාවෙ. එයා පුංචි පැටියා එක්ක කාලය ගත කරන්න කොයි තරම් ආස උනත් වැඩක් නෑ පවුලෙ බර කරට අරගෙන කොල්ලට ඔෆිස් යන්නම උනා.
කොහොම උනත් පේන තරම් ලේසි පහසු උනේ නෑ අම්මෙක් තාත්තෙක් වෙන එක ජොබ් එක.
පුංචි යේචා මුලු දවල් දවසෙන් බාගයක්ම කලේ හොදට නිදාගත්ත එක. ඒකට පින් සිද්ධ වෙන්න මූයෝන්ට ඉස්කෝලෙ වැඩ ටික කරගන්නත් වෙලාවක් ලැබුනා. ඒත් ඉතින් පැටියා දවල් අම්මට උදව්වට නිදි නිසාම එයාට රෑට කරන්න වැඩ ගොඩාක් තිබ්බා. හරියට ඔම්මගෙයි අප්පගෙයි නින්ද කඩන එක වගේ වැඩ.
මෙ දැනුත් ජන්කුක් හිටියෙ ඇදේ හෙඩ්බෝඩ් එකට ඔලුව හේත්තු කරගෙන වාඩිවෙලා තද නින්දෙ. කොල්ලගෙ බෙල්ල එල්ලා වැටුනා. එයාගෙ අතේ තිබුන චීක් චීක් ගාන තාර පැටියත් කොල්ලට නොදැනිම අතෑරිලා ඇදට වැටිලා. මූයෝන්ටත් පැටියට කිරි දෙද්දි එහෙම්මම නින්ද ගිහින්. ඇහැරිලා හිටපු එකම කෙනා පුංචි යේචා බබාම විතරක් වෙනකොට අම්මගෙ තණපුඩුවක් උරන්න ලැබුන නිසා කෙල්ල අඩන්නැතුව පැය එකහමාරක් විතර ඒ දෙන්නට සැනසිල්ලෙ නිදාගන්න ඉඩ දුන්නා. ඒත් ඒ ඇදුමත් තෙත් වෙනකම්ම විතරයි.
ආයෙමත් පුංචි යේචා කෑගහලා අඩන්න ගත්තෙ ඔම්මවයි අප්පාවයි දෙන්නම ඇහැරවලා. යේචගෙ ඇඩිල්ලට ඇහැරෙද්දි ජන්කුක්ගෙ බෙල්ල තවත් ගැස්සුනා. රිදෙන බෙල්ල එක අතකින් අල්ලගෙනම කොල්ලා ඇදේ වැටිලා තිබුන තැඹිලි පාට තාර පැටියා අරගෙන දරුවාගෙ මූණ ළගට අල්ලන් මිරිකුවා. ඒත් මේ පාර තාර පැටියගෙ චීක් චීක් සද්දෙට යේචගෙ ඇඩිල්ල නැවතුනේ නෑ. මූයෝන් තණපුඩුව කටට ලන් කරලත් කෙල්ල අඩන එක නවත්තන්නැතිකොට ජන්කුක්ගෙ ඇස් බෝල උනා.
"ඇයි එයා කිරි බොන්නැත්තෙ?"
ජන්කුක් ඇහුවෙ බයවෙලා වගේ. මූයෝන්ටත් හරිහැටි නොතේරුන පාර කෙල්ල යේචාගෙ කලිසම එහෙමෙහෙ කරලා බැලුවා.
"ආහ්හ්හ්.. චූ දාගෙනනෙ අනේ..."
"ඔහ්! ඒකට"
"ජන්කුක් අර රෙද්ද අරන් දෙන්නකො"
ජන්කුක් ඉක්මනින් ඇදෙන් බැහැලා ගිහින් මූයෝන් නවලා තිබ්බ ලේන්සු වලින් එකෙන් එකක් අරගෙන ආවා. එතකොටයි කොල්ලා වෙලාව පාන්දර දෙකයි හතලිස් පහ බව දැක්කෙ. වෙලාව දැක්ක හැටියෙ ජන්කුක්ට හක්ක පනින තරම් ලොකු ඈනුමකුත් ගියා. ඉස්සෙල්ලා පාර ජන්කුක් නින්ද ගියෙම එකට දෙකටද මන්දා. දැන් ආයෙම ඇහැරිලා!.
ජන්කුක්ට පැටියා බලාගන්න දීලා මූයෝන් උණු වතුර අරන් ආව හැටිත් එයා ටවල් එකක් උනු වතුරෙන් පොගවලා දරුවාව පිරිසිදු කරන හැටිත් ජන්කුක් බලාගෙන හිටියා. ජන්කුක්ට පලවෙනියටම හම්බුන මූයෝන්ට වඩා අම්මෙක් උන මූයෝන් හරි වෙනස්. ජන්කුක්ට හොදට මතකයි මූයෝන් පලවෙනි දවසෙ ඩයනසෝර් ඇදුමකුත් ඇදගෙන පස්ස වන වනා නටපු හැටි.
යේචාට පිරිසිදු ලේන්සුවක් නවලා අන්දපු මූයෝන් දරුවා උනුහුමට ඔතලා ජන්කුක් අතට දුන්නෙ ඇද අස් කරන්න. මූයෝන් කැමති උනේ නෑ තවමත් චූටි යේචාට පැම්පස් අන්දලා තියන්න. එහෙමෙහෙ යද්දි බුරුලට ඇන්දුවා උනත් කෙල්ල රෑ නිදාගන්න වෙලාවට පැම්පස් අන්දන්න කැමතිම නෑ දරුවට ඒක අපහසුවක් නිසා. ඒක නිසාම මූයෝන්ට රෑට වැඩ දෙක උනා.
ආයෙමත් දෙන්නා දෙපැත්තට වෙලා චූටි යේචාව නිදිකරවගෙන නින්දට වැටුනේ මේ පාර පුංචි පැටියාටත් නින්ද යද්දි.
.
.
.
.
.
🌸(මාස 14කට පසු)🌸
Moo-yon's pov-
උණු උණුවෙ දුම් දාන ලොකු කෝෆි මග් එකයි වතුරෙ එකේ ඔබලා බාගෙට නිවපු කිරි බෝතලයයි එක්කාම මම කාමරේට ආවා. මම එද්දිත් අබොජිගෙගෙ ඩුප්ලිකේට් එක ඇහැරිලා සද්ද දදා ඉන්නවා. ජන්කුක් එයාගෙ ලොකු අතක් කෙල්ලගෙ හරහට දාගෙන හින්දා එයා එකම තැනට උඩ බලන් හිටියා ජන්කුක්ගෙ අතට යට උන අතපයවත් උස්සගන්න බැරුව. ජන්කුක්ගෙ අත ඔතන නොතිබ්බානම් එහෙම මේ කෙල්ල දැන් ඇද පුරාම දගලලා ඇදෙන් බිමටත් පෙරලිලා.
"චූටිමැණික... උදෙන්ම නැගිටලා මගෙ චූටික්කි... ට්ටූ.. ඔව් ඔව්. කම්මැලි අප්පා තාම නිදි. ඒකනේ අනේ..."
මම නිදාගත්ත පැත්තෙන්ම ඇදට නැගලා යේචාව හුරතල් කලා. කෙල්ල කටෙන් අමුතු සද්ද දාද්දි මම එයා එක්ක කතා කලේ ජන්කුක් ඇහැරවන්න අකමැති නිසාම චුට්ටක් සද්දෙ අඩු කරගෙන. ජන්කුක් කට උල් කරන් නිදාගෙන ඉද්දි ඇහැරවන්න මම තවමත් ලෝභයි. යේචාටත් ටිකක් ඒ පුරුද්ද තිබ්බා. එයාටත් සමහරවෙලාවට නින්දෙන්ම කට උල් වෙනවා.
ක්ශනික අදහසට අප්පගෙයි දුවගෙයි දෙන්නගෙම නලලට මම ලොකු හාදු දෙකක් දුන්නා. දෙවියනේ!!.. මේ දෙන්නම මගේනේ... මගෙ පුංචි පවුල...
පොඩි හිනාවක් එක්කම මම ජන්කුක්ට තට්ටුවක් දැම්මා.
"ජන්කුක් නැගිටින්න "
"ම්ම්හ්... "
නැගිටිනවා වෙනුවට මගෙ කම්මැලි හබියා කලේ යේචාව තව ටිකක් තද කරගෙන නින්දට වැටුන එක. කෙල්ලත් ජන්කුක්ගෙ මූණ දිහා ඇස් ලොකු කරලා බලන ගමන් ජන්කුක්ගෙන් බේරගෙන උඩට උස්සගන්න පුලුවන් උන අතේ ඇගිල්ලකින් ජන්කුක්ගෙ ඇහැට ඇන්නා.
"ආව්!"
යසයි... මට හිනායද්දි ජන්කුක් දරුවගෙ ඒ අතත් අල්ලලා පලහට කරගෙන එයාගෙ ලොකුම ලොකු අතෙන් ආපහු යේචගෙ අත් දෙක යටකරගත්තා කෙල්ලට උස්සගන්න බැරි වෙන්න.
කොහොමද මම හිනා නොවී ඉන්නෙ මේ කෝළම් දෙක එක්ක?.
"ජන්ගු.... කෝ නැගිටින්නකො. කෝෆි එක බීලා ආය නිදාගන්න. නැගිටින්නකො. යේචත් නැගිටිලා කම්මැලි අබොජි!"
"චුට්ටක්..."
එයා කෙදිරිලි සද්දෙන් කිව්වෙ ඇස්වත් අරින්නැතුව.
"නැනැ නැගිටින්න දැන්... නැගිටින්නකො.. මේ කෝෆි එක නිවෙනවා"
විනාඩි පහක් විතර හතර අතට අත් දික් කරකර ඇගමැලි කැඩුවට පස්සෙ ජන්කුක් ඔෆීශියලි නැගිට්ටා. ජන්කුක්ගෙ අත අයින් වෙද්දි යේචත් දගලලා කරලා ඇදේ වාඩි උනා.
යේචාට එයාගෙ කිරි බොතලේ අතට දීලා කෝෆි මග් එකෙන් උගුරු දෙකක් බීපු මම ඒක ජන්කුක්ට දුන්නා.
"ජන්ගු... අද පොලේ යන්න ඕනි නේද?"
"හ්ම්ම්."
උගුරු දෙකක් බීපු මග් එක ජන්කුක් ආයෙමත් මට දුන්නා.
"අපි හෙට යේචා එක්ක ටිකක් ඇවිදිමුද?"
තවත් උගුරක් බීලා මග් එක ජන්කුක්ට දෙන ගමන්ම මම අහද්දි එයා මගෙ දිහා බැලුවෙ හරියට තේරුනේ නෑ වගෙ බැල්මක් එක්ක.
"අපි කොහෙවත් ගියෙ නෑනේ එයා එක්ක. යේචා එක්ක ඇවිදිමු. අයිස්ක්‍රීම් කමු. තව එකඑක දේවල් කරමු... කොහෙ හරි යන්. ම්ම්ම්ම්.."
"කොහෙද?"
"ප්ලෑන් එකක් නැතුව. හිතෙන දිහාවක යමු."
"හා යමු.. "
දෙන්නටම පුංචි හිනාවක් බෝ උනා.
"ආහ් මූයු.. මට කියන්න බැරි උනානේ. මම අපාට්මන්ට් එකක් බැලුවා. තව පොඩි ගානක් හොයාගන්න තියෙන්නෙ ඒකට."
ජන්කුක් කියද්දි මගෙ ඇස් දිලිසුනා. ඒක අපි දෙන්නගෙ ලොකුම හීනේ. අපි දෙන්නටම ඕනි උනේ යේචාවත් අරගෙන අපේම තැනකට යන්න. ඒක අපේ අනාගතේට ගොඩනගපු ප්ලෑන් වල පලවෙනි පියවර.
"ඕනමනම් අපි තව ලෝන් එකක් ගමු ජන්ගු."
"ඕනනෑ.. ඒ ටික අපේ සල්ලි වලින් එකතු කරලා ගමු. තව ටික කාලයක් ඉවසන්නකො."
දෙන්නම ආදරණීය හිනාවක් බෙදාගද්දි මගෙ ඊරිසියාකාර කෙල්ල එයාගෙ කිරි බෝතලෙත් ජන්කුක්ට දික් කලා. ඒක එයා දැන් දවස් කීපයක්ම ඕක කරනවා. අපි කෝප්පෙ මාරු කරකර බොන නිසාදෝ මන්දා එයාගෙ කිරි බෝතලෙනුත් ජන්කුක් බොන්න ඕනි. හැබැයි ඒ ඊරිසියාකාර කෝලම මට එහෙම බෝතලෙන් බොන්න දුන්නෙ නෑ. ඒක එයාගෙ අබොජිට විතරයි.
ලොකු හිනාවක් පනිද්දි ජන්කුක් ඒ බෝතලේ අරගෙන සූප්පුව කටේ ගහගත්තා. එයා යේචාව රවට්ටනවා හිතුවට මෙන්න බෝතලෙන් කිරි ගොඩාක් අඩු වෙනවා.
"යාහ්හ් ජන්කුක්! ඕක බීලා ඉවර කරන්නෙපා අනෙ!"
අහු උන පැත්තට අත දිගෑරලා පාරක් ගහන ගමන් මම කෑගැහුවා. ඇයි දෙය්යනේ මම ඔය කිරි එක උණු උණුවෙ හදලා තව බොන්න පුලුවන් ගානට අයිස් කැට බාජනේක දාලා සීතල කරනවත් එක්ක. මේ මහබබා ඒ ඔක්කොම උගුරු දෙකට බීලා දැම්මම හරියනවද!?
"චුට්ටයි බිව්වෙ"
"හොද චුට්ට! මේ බාගයක්ම ඉවරයි!"
බෝතලේ ජන්කුක්ගෙන් ඇදලා ගත්ත මම ඒක ආපහු යේචාට දුන්නා. අබොජිට සැර දැම්මට යේචාටනම් මාත් එක්ක තරහා ගිහින්දත් මන්දා. කෙල්ල හිටියෙ ඔරෝගෙන. මට මොකෝ!! මමනෙ අම්මා. දෙන්නටම දෙනවා අල්ලන් උඩ පැන පැන දුවන්න. ආවා මෙතන මට කෝළම් කරන්න.
"මූයූ..."
"මොකද!?"
මම සද්දෙන්ම අහනකොට ජන්කුක් හිනාවක් දාලා මාව ළගට අරන් නලලෙන් හාදුවක් තිව්වා. ශිට්. මේ මනුස්සයා එක්ක තරහා ගන්නත් බෑ!.
"අපිත් ඒ කිරි බොමු උදේට"
"ඔහ්?"
මට තේරුනේ නෑ ජන්කුක් කියපු දේ. ඒ නිසාමයි මම ඔලුව උස්සලා එයා දිහා බැලුවෙ. එයා ඇස් වලින් දරුවගෙ කිරි බෝතලේට ඉගි කලා. එයා දැන් දවස් දෙක තුනක් තිස්සෙම ඒ බෝතලේ කටේ ගහගන්නවා උනාට මම ඒකෙ රසක්වත් දන්නෙ නෑ.
"ඒවා බොමු අපිත්"
"දරුවගෙ කිරි එක?"
"ඔව්.. බලනෝකො. ඒක මාර රසයි."
"ඇත්තටම?"
"ඔව් බලන්නකො"
ජන්කුක් ඒ හැටි කියවද්දි කුතුහලේ වැඩිවෙන නිසාම මමත් යේචාව රවට්ටලා ශේප් එකේ එයාගෙ කිරි බෝතලෙන් චුට්ටක් බිව්වා.
වාහ්හ්! ඒක රසයි තමයි.
"ම්ම්ම්හ්... රසයි නේන්නම්"
"ඒකනෙ කිව්වෙ"
ජන්කුක් ආඩම්බරෙන් වගේ බෙල්ල ලගට ලාවට දිග කොණ්ඩ චුට්ටත් අතෙන් පස්සට ගසලා දාලා ඇහි බැම ඉස්සුවා.
අන්තිමේදි යේචට එයාගෙ කිරිබෝතලෙන් බොන්න ලැබුනෙ කාලක් වගෙ චුට්ටම චුට්ටක්. මමනම් බිව්වෙ නෑ ඒ හැටි ඇත්තමයි. ඒත් ඉතින් කෙල්ල ඒක අබොජි එක්ක බෙදාගන්න නිසා කොහොමත් අබොජිගෙ උගුරු දෙකට කෙල්ලගෙ කිරිබෝතලෙ ඉවර වෙනවා. අද මමත් බීලා රසයි කිව්ව හින්ද ජන්කුක් ඒකෙන් වෙනදාටත් වඩා බිව්වා.
සති අන්තය නිසාම මට අද කලබල වෙන්න ඕනි උනේ නෑ. මම උදේ කෑම ලෑස්ති කරනකම් අප්පයි දුවයි දෙන්නා එක්ක කෝලම් කරකර හිටපු එකෙන් මම නිදහසේ මගෙ වැඩ ටික කරගත්තා.
සතියෙ දවස් වලට වඩා මම සති අන්‍තෙට ගොඩාක් කැමති ජන්කුක් ඉන්න නිසාමයි. එදාට අපි ගොඩාක් සම්පූර්ණයි වගේ. තාත්තා දුවට වඩා බබෙක් වෙන හින්දා යේචාගෙන් මට පොඩිවත් කරදරයක් තිබ්බෙ නෑ. එයාට දවසම ජන්කුක් එක්ක ඉන්න පුලුවන් ජන්කුක්ගෙ ළමා ගති හින්දම. ඒ දෙන්නම ගෙදර ඉද්දි ගෙදර පිරිලා තිබ්බා.
"ජන්කුක් කෑම ලෑස්ති. එන්න...."
"එනෝ!"
කෑම ටික මේසෙන් තියපු මම ජන්කුක්ටයි මටයි ප්ලේට් දෙකකට බෙදුවා. යේචාවත් උරහිසෙන් තියාගෙන උඩ පැන පැන ආපු ජන්කුක්ට වාඩිවෙන්න ලැබුනෙ නෑ ගෙදර බෙල් එක වැදුනා. එයාත් මමත් මූණට මූණ බලාගත්තෙ කවුද අදහසක් නැති තැන.
"ඔහොම ඉන්නකො. මං බලන්නම්"
පැටියාවත් උරහිසෙන් පරිස්සමට අරගෙන මගෙ අතට දීපු ජන්කුක් ඉස්සරහට ගියා. ඔම්මලා එන්නෙත් නෑනේ. මම දන්නෑ සිද්ධ උන දේ මොකක්ද කියලානම්. ඒත් ජන්කුක් එකදිගටම සමාව ඉල්ලපු හින්දා මට තේරෙනවා ජන්කුක් ඔම්මලාට බැනලා හරි මොකක්ම හරි දෙයක් වෙලා කියන එක. ඒ නිසා ඔම්මලා නෙවෙයි කියලත් හිතුනා.
යේචාවත් වඩාගෙනම හිමින් හිමින් ඉස්සරහට ගියපු මම ජන්කුක්ට ටිකක් පිටිපස්සෙන් හිටගත්තා. එතකොටයි දොර ළග හිටපු පිරිමි කෙනා යේචා දිහාත් මං දිහාත් උවමනාවෙන් බැලුවෙ.
"වයිෆ්?"
එයා ජන්කුක්ගෙන් ඇහුවෙ මගෙ දිහාට අත දික් කරලා පෙන්නන ගමන්. ජන්කුක් මගෙ දිහා බලද්දියි හිතුනේ... ජන්කුක් අමුතුයි වගෙ.
කවුද මේ?
"ඔව් බොස්.. මේ මයෙ වයිෆ් මූයෝන්. මේ අපේ බබා යේචා.... මූයෝන් මේ ඉන්නෙ හන්ජේ බොස්. මම කලින් වැඩ කරපු තැන."
"අදුනගන්න ලැබීම සතුටක් මූයෝන්."
ඒ කෙනා ලොකු හිනාවක් එක්ක කියද්දි මම ටිකක් ඔලුව නවලා එයාට ආචාර කලා.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
බබා ගැන ලියපුවගෙ වැරදි තැන් තිබුනොත් මට කියන්න බෝලස්. මම ඒ ටික හදන්නම්.❤ මම දන්නෑනෙ ඉතින් බබාලා ගැන ඒ තරම්. මට අඩුම නන්ගියෙක් මල්ලියෙක්වත් නෑ පොඩි දරුවෙක්ගෙ අත්දැකීම් හරියට ලැබෙන්න තරම්.
සලන්හේ බෝලස්...❤❤❤❤