Second Chance || JJK (Complet...

By Gloomy_Bun

15.2K 3.4K 1.2K

ජීවිතයෙ දෙවෙනි අවස්ථාව... ඒක වෙන්න පුලුවන් සමහරවිට හොදම අවස්ථාව.🖤 Bodyguard boyfriend Side story.❤ More

Chap.01
Chap.02
Chap.03
Chap.04
Chap.05
Chap.06
Chap.07
Chap. 08
Chap.09
Chap.10
Chap.11
Chap.12
Chap.13
Chap.14
Chap.15
Chap.17
Chap.18
Chap.19
Chap. 20
Chap.21
Chap.22
Chap.23
Chap.24
Chap.25
Chap.26
Chap.27 (Last Chap)

Chap.16

593 124 63
By Gloomy_Bun

Author's pov-

දවසින් දවස ගෙවිලා ගිහින් අවසානෙදි මූයෝන්ගෙ දවස ආවා. මුලු රෑ පුරාමත් කෙල්ල හිටියෙ ඇහැරගෙන. කලුවරට පොඩ්ඩක්වත් නොපෙනෙන ජන්කුක්ගෙ මූණ දිහා කෙල්ල මුලු රෑම බලාගෙන හිටියා. ඇත්තටම එයාට මූණක් කටක් මුකුත්ම පෙනුනේ නෑ. එයා බලාගෙන හිටියෙ කලුවර දිහා. හැබැයි ජන්කුක්ට හොදට ගුලි වෙන ගමන් හින්දම මුයෝන්ට ජන්කුක්ගෙ මූණ පෙනෙන නොපෙනෙන එකෙන් වැඩක් උනේ නෑ. එයා ජන්කුක්ගෙ මූණ තිබුන පැත්ත දිහා හරි බලාගෙන තනියම හිනා උනා.

වෙනදට ජන්කුක් නැගිටිනකම්ම තුරුලු වෙලා ඉන්න ලෝබකම් කරන මූයෝන් අද කලින්ම නැගිටලා බාත් රූම් එකට ගියා. කෙල්ල නැගිටිද්දි අඩුම තරමින් එලිය වැටිලාවත් තිබුනෙ නෑ.

දත් මැදලා මූණ සෝදගත්තට පස්සෙත් මූයෝන් ගොඩාක් වෙලා කණ්නාඩිය දිහා බලන් හිටියා. ඒ තීරණය හොද තීරණයක් වේවි නේද?

පහුගිය මාස හත පුරාම ජන්කුක් මූයෝන් එක්ක වැඩියෙන් කාලය ගත කලානේ. මූයොන්ට අහම්බෙන්වත් ජන්කුක්ගෙ කටින් එයාගෙ මැණික ගැන කියවන හැටි අහන්න ලැබුනෙත් නැ. කෙල්ල දන්නවා ජන්කුක් තවමත් යොන්හි ගැන හිතන බව. ඒත් මූයෝන්ගෙ මුරණ්ඩු හිතට ඕනි උනේ එයාවම රවට්ටගන්න.

ජන්කුක් වෙනස් වේවි...

අනික ජන්කුක් මූයෝන්ගෙන් පුංචි කාලයක් ඉල්ලුවා එයා ප්‍රපෝස් කලා උනත්. ඒක අමුතු විවාහා යෝජනාවක්නම් තමයි අනිත් අයගෙ වගෙ සාමාන්‍ය නැති... ඒත් මුයෝන් ඒ කාලය දුන්නා. අවසානෙදි ජන්කුක් ඇති තරන් කාලය ගත්තටත් පස්සෙයි එයාලාගෙ දවස වෙන්කලේ. ඉතින් මූයෝන්ට තවත් වද වෙන්න හේතුවක් නැතුව ඇති නේද?

මූයෝන්ට තමන්ගෙම කියලා දැනෙන්න කිසි කෙනෙක් හිටියෙත් නැ. ඔම්මගෙන් උනත් පෞද්ගලික දේවල් අහන්න කෙල්ල මැලි උනා.

එයා ගත්ත තීරණය වැරදි නැතුව ඇති... නේද?

කෙල්ල පැය බාගෙකටත් වඩා කණ්නාඩියෙන් පේන එයාගෙම ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිටියා.

Moo-yon's pov-

මම ලස්සන ඇත්ද අනේ? නහයත් ඇදයිද මන්දා?... ආයිශ් මූණ පුපුරලාත් එක්ක මගුල!"

මම මූණ පුරාම ඇගිලි තුඩු එහෙමෙහෙ කලා. ජන්කුක් මූණට කිසි දෙයක් කරන්නෙත් නෑ. නෑ. නොකරන්නෙම නැ. සමහර වෙලාවට මම එයාටත් ෆේස් මාස්ක් දානවා. ඒ උනාට ඒ වෙලාවට මාත් දානවනෙ ඉතින්. ඊට අමතරව එයා මුකුත් කලේ නෑ. සීතලට පැලුනත්, අව්වට වේලුනත්, කලු උනත්, රතු උනත් මොනා උනත්.. එයාට තිබුනෙ ඕල් ඉන් වන් එක ක්‍රීම් එකක් විතරයි. ආහ් තව ලිප් බාම් එකකුත්.

මම මූණට නොකරන මගුලකුත් නැ එයා මූණට කරපු දෙකුත් නෑ. එතකොට ඇයි මගෙ මූණ කොස් කට්ට වගෙ වෙලා එයාගෙ චීස්කේක් වගේ උනේ?

හරිම අසාධාරණයි!

තොලත් උලුප්පගත්ත මම මටම ඇදකලා.

මොට්ට කැත මූයෝන්. වෙන කපල් වලනම් කොල්ලට තමයි කෙල්ලව පරිස්සම් කරන්න වෙන්නෙ. යසයි දැන් තමුසෙට තමා ජන්ගුව පරිස්සම් කරගන්න වෙන්නෙත්. තමුසෙවනම් සල්ලි දීලා ගන්න කිව්වත් මොකෙක්වත් ගන්න එකක් නැ.

තවමත් උදේ වෙලා නැති උනත් මම හොදට නාලා කරලා මගෙ ඇදුම ඇදගත්තා.

ජන්කුක්ව ඇහැරන්න බැරි නිසාම මට ලෑස්ති වෙන්න සිද්ධ උනෙත් සාලෙට වෙලා. කාමරේ ලයිට්ස් ඔන් කරන්නෙවත් කොහොමද ඉතින් මං එයා කටත් ඇරන් කෙල පෙර පෙර නිදාගෙන ඉන්නකොට?.

ගවුමත් ඇදගෙන ආපහු බාත් රූම් මිරර් එක ඉස්සරහාට ගියපු මම හිටගෙනම කොණ්ඩෙ හදන්න පටන් ගත්තා. ඒකට මට පැය දෙකකටත් වඩා ගියේ හදන හදන කොණ්ඩෙ මෝස්තරේ කැතට පෙනිලා අව්ල් කරගන්න නිසා. මට තරහා යනවනෙ ඉතින්! උස්සගෙනම ඉදලා අතුත් රිදෙනවා. ඒ මදිවට හදිසි කෝපය නිසා-නැ මං හිතලා කලේ නෑ... මම උගුරෙන් කෑගගහා කොණ්ඩෙත් අව්ල් කරගත්තා. එක සැරයක් නෙවෙයි ඒකත්. කීපසැරයක්ම!.

ආයෙම මුල ඉදන් පීරගෙන පටන් ගද්දි නොදැනිම වෙලාව ගිහින්. අන්තිමේට කොණ්ඩෙ කරක කරක මොන විකාරෙ දැම්මත් මම නැවතුනෙ නිකම්ම කර්ල් කරපු කොණ්ඩෙ කඩලා දාලා.
සරල වෙන්න ඕනිනේ... මම අදින්නෙත් ගොඩාක් සරල ඇදුමක්. ඒ නිසාමයි මට සැලෝන් ගානෙ යන්න ඕනි නොවුනෙත්.

ලස්සනට ඇදගෙන කාට පෙන්නන්න කියලද ඉතින්. ජන්කුක්නුයි මායි ඔම්මයි ඔප්පයි විතරයි. වෙන කවුරුත්ම නෑ. ඒත් මට මගුල් ඇදුමක් අදින්නම ඕනි උනා පුංචි කාලෙ තිබුන එක බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරන්න තිබුන ලොකු ආසාව නිසා. නැත්තම් මගුල් ඇදුමක් ඕනිත් නෑ.

ඉන්පස්සෙ මම ඇගිලි තුඩු වලින් ඇවිදගෙන ගිහින් මේකප් සෙට් එකත් එක්කම මට ඕනි උන දේවල් කාමරෙන් අරගෙන ආවෙ ජන්කුක්ට නොදැනෙන්න ෆෝන් එකෙ ෆ්ලෑශර් එක ගහන්. වැඩේ අමාරු උනත් මම බාත් රූම් මිරර් එකෙන් බලාගෙන මගේ මේකප් එක දාන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන්නම් මම ලොකුවට මේකප් දාන කෙනෙක් නෙවෙයි. ලිප්ස්ටික් විතරයි මම ගොඩක් වෙලාවට පාවිච්චි කලේ. ඒත් අද එහෙම බෑනේ. අද මම ලස්සනට ඉන්න ඕනි.

කවුද දන්නෙ අන්තිම මොහොතෙ ලස්සන කෙල්ලෙක් ඇවිත් ජන්කුක්ට මාව එපා වෙලා... "මූයෝනා සමාවෙන්න. මට මේ කෙල්ලට ආදරෙ හිතුනා. ඒක පළමු බැල්මෙ ආදරයක්" ගෑවොත් එහෙම?

එකින් එක මූණම මම පැය ගානක් ලස්සන කලා. ඒ අතරමැද ජන්කුක් ඇහැරිලා ආපු නිසාම මම එයාට බාත් රූම් එක දීලා ඔක්කොම බඩු අකුලගෙන කාමරේට ගියා. ඒ අතරෙම තොල් වලට පුංචි පෙක් එකක් ගන්නත් අමතක කලේ නෑ.

නිකට ටිකක් පුංචි කලා. නහය උල් කලා. ඇස් කැපිලා පේන විදිහට හැදුවා.
හැබැයි ඒ ඔක්කොම කොහොම කලත් පෙනුනෙ හරි සිම්පල් විදිහට. මගෙ තොල් ගොඩාක් රතු උනෙත් නෑ. අයිලයිනර් එක තිබුනෙ පෙනෙන නොපෙනෙන ගානට. අය්ශැඩෝ එකට පාටක් තිබුනෙම නෑ පුංචි දිලිසීමක් ඇරෙන්න.

ලොකුවට ලස්සන වෙන්න ඕනි උනේ නෑ කොහොමත් කවුරුත් අපිව දකින්නෙ නෑ.

කොහොම කලත් වැඩක් නෑ ජන්කුක් මට කලින් ලෑස්ති වෙලා මම එනකම් සාලෙට වෙලා බලාගෙනත් හිටියා. එයාලටනම් මොකද හිරට හිරේ ගවුම් අදින්නත් නෑ. ඇවිදගන්න බැරි කුකුල් අඩි වගෙ හීල්ස් දාන්න ඕනිත් නෑ. මූණෙ පාප්ප තලි ගාන්න ඕනිත් නෑ. සූට් එක ඇදගෙන ලිප් බාම් ටිකක් ගාගන්න එක විතරයිනේ!.

එයාගෙ ඉස්සරහට යද්දි වෙනදට වඩා මට ලැජ්ජ හිතුනා. එයාට මොනවගෙ මාව පේනවා ඇත්ද? එයාට පසුතැවීමක් දැනෙනවා ඇතිද මාව තෝරගත්තට? යොන්හි කොහොමත් මට වඩා ලස්සනයි. එයා මාව යොන්හි එක්ක සසදලා බැලුවොත්?

"ඔයා ගොඩක් ලස්සනයි"

වාඩිවෙලා ඉදපු සෝෆා එකෙන් නැගිටපු ජන්ගු එහෙම කියන ගමන් මගෙ ළගට ආවා. එයා එහෙම කියනවා ඇත්තෙ මගෙ හිත හැදෙන්නද දන්නැ? අනේ දෙවියනේ එක්කො මට සැලෝන් එකකට ගිහින් හොදට ලෑස්ති වෙන්න තිබුනා. ඇයි මම මෙහෙම ලෑස්ති උනේ. මූණ මමියක් වගෙ සුදු පාටද දන්නෑ. කොණ්ඩෙ අව්ල් වෙලාද දන්නෙත් නෑ.

කණ්නාඩියෙන් කොයිතරම් බලලා ආවා උනත් දැන් මට හිතුනෙම කොතන හරි වැරැද්දක් ඇති කියලා. සමහරවිට දැනටම මගෙ ලිප්ස්ටික් මැකිලා ගිහින්ද?? නැත්තම් මස්කාර් ඇස් වටේම ගෑවිලාත්නම්?

ලාවට වගේ මගේ මූණට උනුහුම් හුස්මක් වැදුන නිසා මම ගැස්සිලා ගිහින් හොද සිහියට ආවා. ජන්කුක් මගෙ මූණ ළඟ. එයාගෙ ඇස් වැහිලා ටිකෙන් ටික ලගට එන විදිහ පෙනෙද්දිම මට තේරුනා එයා කරන්න යන දේ.

ඒත් මම එයාට කිස් එක දෙන්න ඉඩ දුන්නෙ නැ. මම එයාව තල්ලු කලේ කෑගහන ගමන්.

"එපා! මේකප් එක අව්ල් යනවා!"

🌸🌸🌸🌸🌸🌸🌸

"මට පස්සෙ මේක කියන්න. ජියෝන් ජන්කුක් වන මම.."

"ජියෝන් ජන්කුක් වන මම."

"මාගෙ ඉදිරියෙන් සිටින කිම් මූයෝන් මාගෙ නීත්‍යානුකූල බිරිඳ ලෙස භාරගනිමි"

(A/N- පත හෑල්ලක් කියවනවා නේද ඔය වෙලාවට කන්න දෙනවයි බොන්න දෙනවයි ගගා බලාගන්නවයි ජීවිත කාලෙම එකට ඉන්නවයි ගගා🤔🤔🤔 ඒ උනාට මං දන්නෑනේ ඉතින්🤥 ඔයාලා කසාද බැන්ද දාක මට කියන්න මම එදාට පතහෑල්ලම ලියන්නම් හාද 😂❤)

ජන්කුක්ට පස්සෙ මගේ වාරේ. රෙජිස්ට්‍රාර් කියන හැම වචනයක්ම මම ආයෙමත් කිව්වා එකක්වත් මගෑරගන්නැතුවම.

මම ඔයාගෙ දුකේදි සැපේදි හැමදේකදිම ළඟින් ඉන්නම්. කවදාවත් ඔයාව තනි කරන්නෑ. කොහොමත් මට ඇත්තටම හරි හැටි සම්බන්ධ උන එකම පවුල ඔයා විතරනේ.

කටින් කියන පොරොන්දුවට අමතරව හිතෙනුත් මම  ජන්කුක් වෙනුවෙන් මටම පොරොන්දු දුන්නා.

".... ජියෝන් ජන්කුක් මගේ නීත්‍යානුකූල ස්වාමියා ලෙස භාරගනිමි"

එ වචන කීපය මට ඕනවටත් වඩා දැනුනා. නොදැනිම එයා දිහා බලද්දියි එයාගෙ ආදරේ පිරුනු ඇස් මගෙ ලගම නැවතිලා තියන හැටි දැක්කෙත්.

මේක හීනයක් උනොත් එහෙම?.. දෙවියනේ එකපාරම එලාම් එකක්වත් වැදිලා මාව ඇහැරෙයිද දන්නෑ!.

රෙජිස්ට්‍රාර් තව මොනවදෝ ගොඩාක් කිව්වා. මට ජන්කුක්ගෙ කසාදෙ තියෙද්දි තව කෙනෙක් බදින්න බෑලූ. ඒක ඉතින් මම කොහොමත් දන්නවා. එයා කියන්න ඕනි නෑනේ.

අවසානෙදි අපි දෙන්නගෙ අත්සන් දෙක එක්කම ඔප්පගෙයි ඔම්මගෙයි අත්සනත් ඒ ලියලියවිලි වල වැදුනා සාක්ශිකාරයො විදිහට.

දෙන්නගෙම අත්වල මුදුත් වැටුනා. අපේ මුදු... අපි දෙන්නගෙ බැදීම...

ඔම්මානම් සතුටු වේවි හදවතින්ම. ඒත් ඔප්පා හිටියෙ ඒ හැටි කැමැත්තකින් නොවන බව මම දන්නවා.

අපි දෙන්නටම ලොකුවට සමරන්න තරම් නෑදැයො යාලුවො හිටියෙ නෑ. ඉතින් අපි නීතියෙන් බැදුනා ලෝකෙට නොකියාම. අපි ගැන දැනගන්න ඕනි උන තරම් පිරිසක් අපිට හිටියෙ නෑ.

ඒ වැඩ ඉවර වෙනකොට අපි රෙජිස්ට්‍රාර් ඔෆිස් එකෙන් එලියට ආවා. ඔම්මලාටත් සමු දීලා අපි දෙන්නා ලෑස්ති උනේ ජන්කුක්ගෙ ඔම්මා බලන්න යන්න. අපි දෙන්නටම තිබුනා යන්න තැන් දෙකක්. අපේ අද දවසෙ සතුට ඇත්තටම සමරන්න ඕනි උන තැන් දෙකක්. ඒ අතරින් එකක් තමයි ජන්කුක්ගෙ ඔම්මගෙ සොහොන.

ඒත් අපි එලියට එද්දි අපිව එක්කගෙන ආපු කාර් එක තිබුනෙ නෑ. හුටා! මේ මිනිහා අපිට පොල්ල තියලද? අපි දවසෙම ගානත් ගෙව්වා.

"ජන්ගු! කාර් එක නෑනේ?"

මම එයා දිහා බලනකොට එයා පොඩි හිනාවක් දැම්මා.

"ඒ කාර් එකේ තමයි ඔම්මලව යැව්වෙ"

"එතකොට අපි යන්නෙ මොකේද අනේ!?"

මම කටත් උලුප්පගත්තෙ ඇත්තටම තරහා ගිය නිසා. ඔම්මලට තිබුනනෙ කැබ් එකක් ගන්න. අපේ එක අරන් ගියාම හරියනවද? ඒත් ජන්කුක් පොඩි හිනාවක් එක්කම මගෙ කර වටින් අත දාගත්තා.

"අපි පුරුදු විදිහට යමු."

"බස් එකේ?"

ජන්කුක් ඔලුව උඩ පහල කරන හැටි මම බලන් හිටියෙ ඇස් බෝල කරගෙන. ඔක්කොටම වඩා මගෙ මනුස්සයට පිස්සුද කොහෙද!? වෙඩින් ෆොටෝ එකක් ඕන උන නිසාම මම මල් බොකේ එකකුත් ගත්තා. සරල උනත් මම ඇදගෙන ඉන්නෙත් මගුල් ඇදුමක්!. මේක ඇදන් බස් එකෙ යන්නද දැන් කියන්නෙ?

"අය්යෝ.. මටනම් බෑ. දැන් ටැක්සි එකක්වත් ගෙන්නගමු ඉතින්. "

"ටැක්සි ඕන්නෑ"

"එහෙනම්!?"

හිනාවක් දාපු ජන්කුක් එයාගෙ එක අතකින් මගෙ ඇස් වහලා ටික වෙලාවකට පස්සෙ මොනවදෝ දෙයක් මගෙ අතක ගුලි කලා.

"ජන්ගු?"

"ම්ම්?"

"මොනාද?"

අහද්දිම එයා මගෙ ඇස් වහන් ඉදපු අත අයින් කරලා දැම්මා. කාර් කී එකක්??

නොදැනිම මම එයා දිහා බලලා තිබුනා. එයා කලේ හරි ලොක්කෙක් වගෙ හිනාවෙන එක.

"මේක කොහෙන්ද?"

හොරකම් කලාද? ඉල්ලගත්තද?? එහෙමත් නැත්තම් දවසකට කුලියට ගත්තද?

"කඩෙන්"

"කාගෙද?"

"කඩේද?"

"නෑ මෝඩයො කාර් එක!"

"ආහ් ඒක ඉතින් අපේ. මිස්ටර් ඇන්ඩ් මිසිස් ජියෝන්ගෙ."

"ජන්ගු?"

"මේක ගන්න ඕනි උන නිසා තමයි මට ටික කාලයක් ඕනි උනේ. මගෙ වයිෆ් බස් වල අමාරුවෙන් යන්න ඕනි නෑනේ මම ඉන්නකම්"

වාහ්හ්... ඒ තරම් අමුතු ලවිඩොවි කතා ජන්කුක්ගෙ කටින් මීටකලින් මට අහන්න ලැබිලම නෑ. එයා වයිෆ් කියද්දි මගෙ බඩ පුරා සමනල්ලු පියාඹනවා දැනුනා. එයා එහෙම කිව්වද ඇත්තටම?

පොඩි අත්සනක් විතරයි ගැහුවෙත් අපි. ඒත් දැනටම ජන්කුක් ආදරණීය වෙලා. දෙවියනේ!!...

ජන්කුක් අරගෙන තිබුන කාර් එක හොදම එකක් නෙවෙයි. සල්ලිකාරයොන්ට වෙන් උන පොශ් එකකුත් නෙවෙයි. ඒත් ඒක අපි දෙන්නට ලොකු දෙයක් උනා. මට ඇස්වල කදුලු පිරෙන එක නවත්තගන්න බැරි තරම්ම ඒක මට වටින දෙයක්.

ඒක වෙනම හැගීමක්. අපි දෙන්නගෙම වාහනේක ගමනක් යන එක.

ජන්කුක්ගෙ ඔම්මාට වෙන් උන සොහොන ළඟ අපි පැය ගානක් කතාකලා. ජන්කුක් ඔම්මට මාව වගේම කාර් එකත් පෙන්නුවා. එයා මට ලැජ්ජ හිතෙන තරම්ම මාව ඔම්මා ඉස්සරහා වර්ණනා කලා. මම නිසාලු එයා ජීවත් වෙන්නේ. මම නිසාලු එයාට හැමදේම ලැබුනෙත්. එයාට ඇති කියලා හිතෙනකම්ම මම එයා එක්ක හිටියා.

පුංචි කාලෙ මම කැමැත්තෙන් හිටියා වගේම අද මම මගෙ හස්බන් දුකෙන් ඉද්දි එයාට මගෙ උරහිස දුන්නා. ඒක මම පුංචි කාලෙ ඉදන්ම කරන්න ආසාවෙන් ඉදපු දෙයක්.

ඊටපස්සෙ අපි ආවෙ මගෙ පුංචි කාලෙ ගෙදරට. ළමා නිවාසයට. එතන දැන් ඉන්න දරුවො මම අදුනන්නෙ නෑ. මාත් එක්ක ජීවත් උන හැමෝම දැන් ජීවිත හදාගෙන ළමා නිවාසෙන් ඉගිල්ලිලා ගිහින්. හරියට මං වගේම. ඒ වෙනුවට අලුත් පැංචො පැංචියො ගොඩාක් එතන හිටියා. ඒ හැමෝටම මම රසකැවිලි ගොඩාක් දුන්නා. පුංචි කාලෙ අපි ආසාවෙන් හිටියත් අපට ලේසියෙන් නොලැබුන ගොඩාක් දේවල් මම එයාලා වෙනුවෙන් අරගෙන ආවෙ මගෙ මුලු බැංකු පොතේ තිබුන මාස දෙක තුනකම සැලරි එක හිස් කරගෙන.

කාලෙකින් මම ලමා නිවාසෙ මගේ මතක හැම එකක්ම අලුත් කලා. ඒ දේවල් මග නොඇරම ජන්කුක් එක්කත් බෙදාගත්තා. පොඩිම පොඩි සෙල්ලම් පිට්ටනිය අලුත් වෙලා තියන හැටි. හැමෝම අලුත් අම්මලා තාත්තලා එක්ක යද්දි මාව කවුරුත් එක්ක නොයනකොට අඩ අඩා වාඩි වෙලා ඉදපු සකුරා ගහ යට ලී බංකුව. දුක හිතුනම හැංගිලා පැය ගණන් අඩපු ගරාවැටුන බෝක්කුව. ඒ හැම තැනකම ඇවිදින ගමන් මම එයාට මගේ පුංචි කාලෙ ගැන කිව්වා. එයාත් ඒවා අහන් හිටියෙ හරිම ආසාවෙන්.

මගේ ජීවිතේ අලුත්ම චැප්ටර් එකට මම ගොඩාක් ආසයි. අද මම ආයෙමත් හැරිලා බැලුවා. කාලෙකින් මම ආයෙමත් හැරිලා මම ආපු ගමන දිහා බැලුවා. මූයෝන් දුර්වල නෑ. මූයෝන් ශක්තිමත් කෙල්ලෙක්. මට මම ගැනම සතුටු හිතෙනවා.

ඒ වගේම මම ගත්ත තීරණ ගැනත්... ජන්කුක් තවමත් මගෙ හොදම තීරණය.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මේක බොඩිගාඩ් බෝයිපෙන් එකටත් වඩා දිගයි කියන්නකො දැන් 🤐🙂🙂🙂🙂 ඒ උනාට මේකෙත් ප්‍රධාන සිද්ධි ටික තමා දැම්මෙ. හෙහ්.

සලන්හේ බෝලස්. ආහ් එක්කෙනෙක් මගෙන් ඩ්‍රාෆ්ට් ලිස්ට් එක ගැන අහලා තිබ්බා සීක්‍රට් මැසේජස් වල. පෙන්නන්න නම් පුලුවන්. ඒ උනාට ඒකෙ තියන කතා හත් අවුරුද්දකට ලියවෙන ඒවනම් නෙවෙයි ඉතිම්😂😂❤❤ ඕනමනම් මම පෙන්නනම්.කවර්ස් ටිකයි නම් ටිකයි බලාගන්න පුලුවන්.😂❤ එකපාර අදහස ඇවිත් ප්ලොට් හැදුවට ඕවා ලියවෙන කතා නෙවෙයි බෝලස්...  😁🌹🤓

Continue Reading

You'll Also Like

102K 1.1K 27
A bunch of one-shots of Percy and Annabeth through the eyes of mortals and a few demigods. I try my best to not make a super cliché one shot, so mos...
70.8K 1.7K 46
Reader loves the webseries; Red vs Blue. On a normal day, while she was watching the latest episode, a hand or a mysterious hand came out from her l...
1.9K 28 20
Olivia Forbes, is the younger sister of Caroline Forbes. When Olivia was 10 her mom sent her to boarding school. Now 7 years later Olivia returns ho...
84.4K 1.9K 52
Title says all. I don't own Marvel.