Second Chance || JJK (Complet...

By Gloomy_Bun

15.2K 3.4K 1.2K

ජීවිතයෙ දෙවෙනි අවස්ථාව... ඒක වෙන්න පුලුවන් සමහරවිට හොදම අවස්ථාව.🖤 Bodyguard boyfriend Side story.❤ More

Chap.01
Chap.02
Chap.03
Chap.04
Chap.05
Chap.06
Chap.07
Chap. 08
Chap.09
Chap.10
Chap.11
Chap.12
Chap.13
Chap.15
Chap.16
Chap.17
Chap.18
Chap.19
Chap. 20
Chap.21
Chap.22
Chap.23
Chap.24
Chap.25
Chap.26
Chap.27 (Last Chap)

Chap.14

552 127 68
By Gloomy_Bun

Author's pov-

තට්ටු නිවාස සංකීර්ණය ඉස්සරහා නැවතුන කලු පාට ටැක්සි කාර් එකෙන් ඉස්සෙල්ලම එලියට බැස්සෙ මූයෝන්. කෙල්ල එයාගෙ චූටි හෑන්ඩ් බෑග්ගෙක එක උරහිසක රදවගන්න ගමන් ක්ශනිකවම මූණට වැටෙන කොණ්ඩෙත් කන පිටිපස්සට කරලා වාහනේ ඇතුළට අත දික් කලා. 

"කෝ මාව අල්ලගෙන බහින්න"

"දැන් අමාරු නෑ අනේ. එහාට වෙන්නකො. මට තනියම බහින්න පුලුවන්"

"හප්! කටවහගෙන මාව අල්ලගන්නකො. තුවාලේ පෑරුනොත් එහෙම ආයෙම ගිහින් අතෑරලා එනවා මං. බැරියැ අර දුස්ට නර්ස් එක්ක පෙම් කෙලින්න"

මූයෝන් බෝල කණ්නාඩියට චුට්ටක් වැහුන ඇහිබැමි දෙකත් ලන් කරන් සද්දෙ දානකොට ජන්කුක් ඉක්මනට කෙල්ලගෙ අත අල්ලගත්තා. කොල්ලා දැන් අත්දැකීමෙන්ම දන්නවා නැත්තම් නර්ස් ගැන කියලා පටන් ගත්ත මූයෝන්ගෙ කතාව ඉවර වෙන්නෙ කොහෙන්ද කියලා.

ජන්කුක් මොනවා කරන්නද? ඒ නර්ස් ජන්කුක්ට වැරැද්දක් කලෙත් නැ. මනුස්සකමට හිනා උනෙත්. ඒත් එයා පලවෙනි දවසෙ මූයෝන්ට ජන්කුක්ව බලන්න දුන්නෙ නෑලුනෙ. ඉතින් ජන්කුක් හිනා නොවී ඉද්දි නර්ස් නෝනා ජන්කුක්ට හිනා උනත් මූයෝන් කට ගෙවෙනකම් දෙන්නටම බැන්නා. නර්ස්ටයි කොහෙවත් හිටපු ජන්කුක්ටයි දෙන්නටම!.

කොල්ලට කෙලින් හිටගන්න පුලුවන් උනත් මූයෝන් එයාගෙ බඩ වටින් අත දාන් තදට අල්ලන් හිටපු නිසා කොල්ලත් මූයෝන්ගෙ උරහිසෙන් අත දාගත්තා. ඒ උනාට එයාට මූයෝන්ගෙ වාරුවක් ඕනි උනේ නෑ. තුවාලෙ හොදටම හොද නැති උනාට ජන්කුක්ට ඇවිදින්න පුලුවන්.

"අජුස්සි... ගාන?"

"වොන් දහාටදාස් දෙසිය අසූවයි"

(A/N- ලොකු ලොකුවට කිව්වට අපේ තරම් ලොකු ගානක් නෙවෙයි ඕක වොන් වලින් ගද්දි හොදෙද. ඔච්චර ගානක් වෙනවද දන්නෙත් නෑ. ඕකෙන් උතුරු කොරියාවටම යන්න බැරුවැති කියලා හිතලා කටට ආපු ගාන දැම්මා ඉතින්)

ජන්කුක් කට උල් කරන් ස්ස්ස් ගාද්දි මූයෝන් ඉල්ලපු ගාන ගෙවලා දැම්මා. මූයෝන් වාහනෙ ඇතුළෙ තිබ්බ ලොකු බෑග් දෙකත් එලියෙන් තියාගත්තට පස්සෙ වාහනේ හරවගෙන ගියා. එතකොටයි ජන්කුක්ට කතා කරන්න මතක් උනෙත්.

"ඒ තරම් ගානක්!"

"හ්ම්ම්.. සෝල් වලින් ගොඩක් ඇතුළට එන්න වෙන නිසා එයාලා වැඩියෙනුත් ගන්නවා. අපි සල්ලි නැති හින්ද ගාන අඩුවෙන්න මේ ගෙවල් ගත්තට හරි පහසුකමුත් නෑ. යන්න එන්න යන සල්ලි එක්ක බලද්දි සෝල් ටවුන් එක මැදම හොද අපාට්මන්ට් එකක් ගන්නත් තිබ්බා."

කතාව අතරෙම කෙල්ල හෑන්ඩ් බෑග් එක ජන්කුක්ව අල්ලගෙන ඉන්න අතේ උරහිසට මාරු කරලා තව ලොකු බෑග් එකක් අනිත් අතේ උරහිසින් රදවගත්තා. ඉතුරු වෙලා තිබුන ලොකු බෑග් එකත් බැරි බැරි ගානෙ ඒ අතින්ම උස්සගන්න යනකොට ජන්කුක් ඉක්මනට ඒක උදුර ගත්තා.

"කෝ ඕකත් දෙන්න"

කොල්ලා ඇස් බෝල කරන් ඉන්න මූයෝන්ගෙන් ඉල්ලුවෙ දැනටම කෙල්ලගෙ උරහිසක රැදිලා තියන අනිත් ලොකු බෑග් එක. ඒත් ඒ වෙනුවට මූයෝන් ජන්කුක්ගෙ අතේ තිබුන බෑග් එක උදුරන්න පටන් ගත්තා.

"කෝ ඕක මෙහෙට දෙන්න! බර උස්සන්නෙපා!"

"නවත්තනවා ඔය කෝලම!....කෝ ඔය බෑග් එක දෙන්න. මට ගෙනියන්න පුලුවන් කකුල කැඩිලා නෑනෙ. පොඩි තුවාලයක් විතරයි තියෙන්නෙ. ඒකත් දැනටම හොද වෙලා!"

ජන්කුක් ටිකක් සද්දෙන් කතා කරනකොට මුයෝන්ට බැනගන්න වචන හදාගන්නත් බැරි උනා. ඒ උනාට කෙල්ල බෑග් එක ජන්කුක්ට දුන්නෙත් නෑ. එයා කටත් උල් කරන් බිම බලාගත්තා. ජන්කුක්ගෙන් ආයෙම බෑග්ගෙක ඉල්ලලා පොර අල්ලන්න බයේ. බැන්නොත් එහෙම?

"කෝ ඕක දෙන්න"

"බැ"

"මූයෝනා!"

"බැ ඒකෙ මගෙ ඒවා තියෙන්නෙ. බරත් නැ මං ගෙනියන්නම්"

ලොකූ හුස්මක් අරන් පිටකරපු ජන්කුක් ආයෙමත් වාද කරන්න ගියෙ නෑ. කොහොමත් මූයෝන් එක්ක වාද කරලා වැඩකුත් නෑ.

ජන්කුක් කෙල්ලගෙ ඇගට බර නොවුනත් මූයෝන් ගෙදරට එනතුරුම කොල්ලගෙ බඩ වටින් අත දාගෙන තද කරලා අල්ලන් හිටියා. අඩි තියද්දි පොඩි වේදනාවක් නොදැනුනාම නෙවෙයි. ඒත් ජන්කුක්ට ඒක ඒ හැටි දරාගන්න අමාරු නෑ. කොල්ලට ඊඩවඩා ලොකු තුවාල ඕන තරම් වෙලා තියනවා.

ඒත් ඉතින් ජන්කුක්ට ඒක පුංචි දෙයක් උනත් මූයෝන්ට එහෙම නෑනේ. මූයෝන්ට ජන්කුක්ගෙ තුවාලෙ හරියට කකුලක් කපලා දාපු අසාධ්‍ය ලෙඩෙක් ගානයි. කෙල්ල ගෙදරට එනතුරුම කලෙත් ජන්කුක්ගෙ කන් දෙක පිරෙනකම් තට්ටු නිවාස වල අයිතිකාරයට බැනපු එක. එයාට ගානට වෙලාවට සල්ලි ඉල්ලන එකේ ලිෆ්ට් එකක්වත් දාන්න තිබුනනේ. ඒක නොකල නිසා ගෙවල් අයිතිකාරයගෙ අම්මලා තාත්තලා පවා මූයෝන්ගෙන් හොදටම බැනුම් ඇහුවා.

ගෙදර දොරෙන් ඇතුළට ආපු ක්ශනිකවම මූයෝන් ජන්කුක්ගෙ අතේ තිබුන බෑග් එක අරගෙන බිමින් තිබ්බා.

"වොශ් දාන්න පුලුවන්ද? තුවාලෙ තෙමාගන්න එපා. මම ඇදුම් ගෙනත් දෙන්නම්. වොශ් දාගෙන ටිකක් නිදාගමු"

කෙල්ලගෙ අතේ තිබුන බෑග්ගෙකත් බිමටම අතෑරපු  මූයෝන් ජන්කුක්ව අත් දෙකෙන්ම පරිස්සමට අල්ලගත්තා. ජන්කුක් බඩ අල්ලගෙන හිටියෙ ඒ තරම් හිතලා නෙවෙයි. ටිකක් වැඩිපුර ඇග එහෙමෙහෙ කල නිසා බඩ ටිකක් රිදුම් දිදී තිබුනෙත්. 

🌸🌸🌸🌸🌸🌸🌸

Moo-yon's pov-

නිදාගෙන ඉදපු ජන්කුක්ගෙ නලලෙන් දිග හාදුවක් තියපු මම ඒ කොණ්ඩෙ එහෙමෙහෙ කරන ගමන් එයා දිහා බලන් හිටියා. නින්ද ගියාමනම් අහින්සකයෙක් වගේ.

ජන්කුක් ඇදෙන් නිදාගත්තෙත් මගෙ බල කිරිල්ලට. එයා කිව්වට මොකද ඔය තුවාලයක් එක්ක මෙට්ටෙක ඉන්න බෑනේ. කියන්නනම් බැරියෑ!. අනික ගෙදර ඇඳක් තියෙද්දි අසනීපකාරයෙක් බිම නිදාගන්න ඕනිද? එයානම් කතාකලෙ එයාට හොදටම හොද උන ගානට. ඒත් මේ දැනුත් වැහුන ඇස් වල මහන්සිය පිරිලා තිබුනා.

මගේ අත් වල සනීපෙටදො නින්දෙන්ම ඒ චුට්ටක් ඇරිලා උල් උන තොල් අතරෙ හිනාවක් ඇදුනා. මං ඒ ක්ශනිකවම අත අයින් කලේ ආයෙම එයාට නින්දෙන් කාවවත් මතක් නොවෙන්න. මැණික්ව හීනෙන් පෙනිලා හිනා නොවුනොත් ඇති. මම අතගගා ඉන්න ගිහින් එයා කියලා හිතාගෙන කියවන්න ගියාම අන්තිමේදි මටමයි දුක. ඊටහොදයි මගෙ අත මටම කියලා හිතාගෙන එයාගෙ ඔලුව අත නොගා ඉන්නවා.
ඒවා ඕන්නෑ.

තොල් වලට තවත් එක හාදුවක් දීපු මම කාමරෙන් එලියට ආවා. මට කරන්න දේවල් ගොඩක් තියනවා. දැන් ලේසි වෙන එකක් නෑ. මට මොනාම හරි කරන්න වෙනවා. තව මාස දෙකකටත් වැඩියෙන් අපි මගෙ පඩියවත් නැතුව ජීවත් වෙන්න ඕනි. ආයෙමත් ජොබ් එක ලැබෙනකම් මට මොකක්ම හරි කරන්න සිද්ධ වෙනවනෙ. මට ඕන්නෑ ජන්කුක්ව සනීප වෙන්නත් කලින් මහන්සි කරවන්න.

සතියක් පුරාම ජන්කුක්ගෙ හොස්පිට්ල් බිල්, අපි දෙන්නගෙ කෑම වලට ගිය සල්ලි එක්ක මගෙ එකවුන්ට් එකේ තිබුන පොඩි ගානත් දැන් හොදටම අඩු වෙලා ගිහින්. ඔප්පට සල්ලි දීපු නිසා හදිසියකට කියලාවත් මං ලග ලොකු සල්ලියක් තිබුනෙ නෑ.

මේ තරම් කාලයක් හිතුවෙවත් නැති ස්ථීර පඩියක වටිනාකම දැන්නම් මට හොදටම දැනුනා.

ස්නැක් පැකට් එකකුයි ලැප්ටොප් එකයි අරගෙන මෙට්ටෙ උඩින් වාඩි උන මම මට ගැලපෙන රස්සා හොයන්න පටන් ගත්තා. ජොබ් වේකන්සීස් ගොඩාක් තිබුනා උනත් මට ගැලපෙන, කරගන්න පුලුවන් කියලා හිතෙන ඒවා තිබුනෙම නැති තරම්. සමහර ඒවා ගැලපුනත් මට තිබුනෙ කොරියාවෙ අනිත් කොනේ.

වෙබ් පේජ් වල උඩපහල යන අතර සැරින් සැරේ හම්බුන ස්වයං ව්‍යාපාර ඇඩ්වටීස්මන්ට් ලගත් මම මොහොතකට නැවතුනා.

මට මල් පැළ හදන්න පුලුවන් වෙයිද? 

කේක්??... අයිසින් කරන්න පුලුවන්ද? බෑ මූයෝනා ඒවට හොද පලපුරුද්දක් තියෙන්න ඕනි.

අනික කෝ සල්ලි? ඒ මොකක් පටන් ගන්නත් මට සල්ලි ඕනිනෙ.

බේබිසිටින් කලොත්? මම බබාලටත් කැමති නිසා ඒක ලේසි වෙයි. දවල් දවස ඒ වගෙ දෙයක් කලොත් මට ප්‍රශ්නෙකුත් නෑ.

එකපාරම ආපු ගැම්මට කොන්දත් කෙලින් කරගෙන කලබලේ බේබිසිටින් වේකන්සි හොයපු මම ආයෙමත් හුස්මක් හෙලන ගමන් කුදු ගැහුනෙ ඒවගෙ පඩිය දැකලා. ඒක අපි දෙන්නෙකුට කොහොමත් මදි වේවි. ළමයි ඉන්න ඔක්කොම මිනිස්සු මටත් වඩා දුප්පත්ද කොහෙද!?

අතකටත් බර වෙලා ලැප් එකටම මූණ ඔබන් හිටපු මම ටිකකට ඔලුව ඉස්සුවා. කාමරේ දොර ළඟ මොකක්දො හෙල්ලෙන හැටි ඇස් කොනට පේනවා. චූටි චූටි සද්දත් ඇහෙනවා.

ඔහ්! ජන්කුක්!..  ඇහැරිලා. සොම්බියෙක් වගේ. බාගෙට ඇසුත් වහන්, තොලුත් උල් කරගෙන, කකුල් අද්ද අද්ද ඇවිදිනවා එයා.

"මොකද කරන්නේ?"

ජන්කුක්ගෙ නිදිමත කටහඩ ඇහෙද්දිම මම ලැප් එක වහලා දාලා මෙට්ටෙන් හිටගත්තා.

"මුකුත් නෑ. තුවාලෙ රිදෙනවද?"

"නෑ... එච්චර නැ"

"හ්ම්ම්.. වැඩිය එහෙමෙහෙ වෙන්න එපා. ඕනි දේවල් මන් ගෙනත් දෙන්නම්. තුවාලෙ පාර ගන්නෙපා."

"හ්ම්ම්.."

එක ඇහැකුත් බාගෙට වහගෙන අඩ නින්දෙන්ම කියපු ජන්කුක් එක අතක් බාගෙට කලිසම අස්සෙනුත් දාන් පස්සත් කසකස බාත් රූම් එක පැත්තට ගියා. එයා දිහා බලන් ඉද්දි මට නොදැනිම ලොකු හිනාවක් ගියේ අපි දෙන්නා හරියට මැරීඩ් කපල් එකක් වගෙ කියලා දැනිලා.

ඒත් එයා තාමත් එක අතකින් බඩේ පැත්තක් තද කරන් හිටියෙ. පව් මගෙ කොල්ලා. සමහරවිට රිදෙනවා ඇති.

"ජන්ගු බඩගිනිද? සුප් එක හදලා තියෙන්නෙ මම රත් කරන්නද ඒක??"

"හ්ම්ම්.."

ජන්කුක් එයාගෙ වැඩේ ඉවර කරන් එනකොට මම සුප් එක රත් කරගත්තා. සතියක්ම එයාට කන්න උනේ සරල ආහාර. එයාට කියලා වෙනසක් නෑ. තුන්සියහැටපස්වෙලේම එයා ලගට වෙලා හිටපු මටත් කන්න උනේ ඒ වගෙ කෑමම තමයි. මම කොහොමද හොද කෑම කන්නෙ එයාගෙ ඉස්සරහා ඉදගෙන?.

ඩොක්ටර් දැන් බර ආහාර ටිකක් ටිකක් ගත්තට කමක් නෑ කියලා කිව්වෙනම්. ඒත් කමක් නැ. තව ටිකක් හොද උනාම ඕනි දෙයක් කන්න පුලුවන්නේ.

ජන්කුක් එද්දිම එයාව සෝෆා එකෙන් වාඩි කරවගත්ත මම සුප් එකත් අරන් එයාගෙ පැත්තකින් වාඩි උනා.

"ආ කියන්න"

දැන්නම් ජන්කුක් හොදටම ඇහැරිලා. මම හොදට පිඹපු සුප් හැන්ද කට ලගට ලන් කරද්දි එයා හිනා උනා.

"හිහ්...කෝ දෙන්න මට බොන්න පුලුවන්"

"කමක් නැ. මම පොවන්නම්"

ඒත් මට පොවන්න ලැබුනෙ කටවල් දෙක තුනක්ම විතරයි. කාමරෙන් ජන්කුක්ගෙ ෆෝන් එක රින්ග් වෙනවා ඇහුන නිසාම මම සුප් භාජනේ එයාගෙ අතට දුන්නා.

"ඔහොම ඉන්න. මම අරගෙන එන්නම්"

එයා ඔලුව වනලා සුප් හැන්දක් කටේ ගහගද්දි මම කාමරේට ආවා.

*Boss*

එයා ඇයි? ඒ මම හිතන කෙනානම්?

හුස්මක් හෙලපු මම ෆොන් එක ජන්කුක් ලගට ගෙනිහින් දුන්නා. ජන්කුක් කෝලර් අයි ඩී එක බලලා මගෙ දිහාත් එකපාරක් බලලා එතනින් නැගිට්ටෙ සුප් බෝල් එක මට දෙන ගමන්.

"ටිකක් ඉන්න මම මේක ආන්ස්වර් කරලා එන්නම්"

මං ඉක්මනින් ජන්කුක්ගෙ අතින් අල්ලගත්තා. ඔයා ඕක ආන්ස්වර් කරලා මොනවා කියාවිද මම දන්නෑනේ. ආයෙම මොකකට හරි කතාකලොත්.

"මූයෝනා? ටිකක් ඉන්නකො මන්-"

"අනේ එයාලා එක්ක ආය කතා කරන්න යන්නෙපා ජන්කුක්. ආය මැර වැඩ කරන්න යන්නෙපා. අපි හොද රස්සාවක් හොයාගමු. ඕක එපා"

"මූයෝන් අහන්නකො"

"නැ. ඔයා අහන් ඉන්න. ඒවා ඕන්නෑ ජන්කුක්. ඔයා ඒවා කරන්න ඕන්නෑනෙ. ප්ලීස්.."

"ටික දවසක් විතරයි. මේ ටිකේ හරි අපි ජීවත් වෙන්න ඕනිනෙ. අපිට සල්ලි ඕනි මූයෝනා. ටික දවසක් විතරයි. ලොකු දේවල් වලට යන්නෑ මම. ප්‍රොමිස් මම ඉක්මනින්ම හොද රස්සාවකුත් හොයා ගන්නම්. ම්ම්ම්?"

ජන්කුක් කතා කලේම එයා තීරණෙ අරන් ඉවර ගානට. එහෙම කොහොමද? ඒකෙන් එයාට අනතුරක් වෙන්න තියන ඉඩත් වැඩී.

"සල්ලි තියනවා. මගේ බෑන්ක් එකවුන්ට් එකේ තියන ගාන මේ මාස දෙකට ඇති"

මම බොරු කිව්වා. ඔප්පා සල්ලි ඉල්ලගත්ත නිසාම මගෙ ළඟ සල්ලි නෑ. තියන ගාන අපිට සති දෙක තුනකටවත් මදි වේවි. ඒත් මම බොරු කිව්වා.

"මූයෝනා.."

"යන්නෙපා. මට සල්ලි හොයාගන්නත් පුලුවන්. ම.මං.. මං ටියුශන් කරන්නම්. ස්කෝලෙ මට කැමති ළමයි ගොඩක් ඉන්නවා. එයාලා ඒවි මගෙ ක්ලාසස් වලට. ඒ නිසා යන්නෙපා මට පුලුවන් ඔයාට හොද රස්සාවක් ලැබෙනකම් ඉන්න. යන්නෙපා ජන්ගු... මට ඔයා විතරනෙ ඉන්නේ.."

ඇස් බොද කරලා තිබුන කදුලුත් මගෙ කම්මුල් දිගේ පහලට ගියා. එයාටනම් මොකද! එයාට මං ගැන ගානක්වත් නෑනෙ. තවම එයාගෙ හිතේ මට හරි තැනකුත් නෑ. ඒත් මට එහෙම නෙවෙයිනේ ජන්කුක්...

මට ඔයාව නැතිකරගන්න බය හිතෙනවා. මට දුකත් හිතෙනවා.

මට දැනුනෙ මට ඉන්න එකම කෙනා ජන්කුක් ගානට. අප්පා ජීවත් උනානම් මට අප්පත් ඉදිවි. ඒත් ඔම්මාවත් ඔප්පා(අය්යා)වත් මට මගේ වගෙ දැනුනෙ නෑ. ඔම්මා මට හිතලා වෙනස්කම් කරලා නෑ. ඒත් එයා ඔප්පට ගොඩක් ආදරෙ නිසාම නොදැනිම මට රිද්දලා තියනවා. ඔප්පානම් අවස්ථාවාදි කෙනෙක් කොහොමටත්.

අප්පා නැති උනාට පස්සෙ මට මගේ උන කෙනා ජන්කුක්. එයාට මං මොනවගෙ කෙනෙක් උනත් මට එයාව වටිනවනෙ.

ලොකු හුස්මක් දාපු ජන්කුක් දෙවෙනි පාරටත් රින්ග් වෙන ෆෝන් එක සයිලන්ට් කරලා පැත්තකට දැම්මා.

"යන්නෙපා ජන්ගු..."

එයා මාව තුරුලු කරගද්දිත් මම කිව්වෙ එකම දේ.

"හරි.. මම වෙන දෙයක් හොයන්නම්..."

"ඔයා මුකුත් කරන්න ඕන්නෑ. හොද වෙනකම් ඇදට වෙලා නිදාගන්න."

"හ්ම්.. බලමු"

ඒ උත්තරෙන්නම් මට සෑහීමකට පත් වෙන්න පුලුවන් උනේ නෑ. ඒත් මම පාඩුවෙ හිටියා.

චෙයික් හරි මොකා හරි! මම එයාට ආපහු ජන්කුක්ව සම්බන්ධ කරගන්න දෙන්නෑ. ඇමතියොයි උන්ගෙ මොට්ට ගෝලයොයි ඔක්කොම නටාගද්දෙන්. ජන්කුක්ව ආය එයාලට හම්බෙන්න දෙන්නැ මම.

ජන්කුක්ට තුරුලු වෙලාම මම කල්පනා කලා. ඒ අදහසත් නරකම නෑ. මම දන්න දේ නිසා සමහරවිට මට ටියුශන් කරන්න පුලුවන් වේවි. ටික දවසකටවත් බැරිම වෙන එකක් නෑ.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

හොද ඕතරේ... බලන්න දවස ගානෙ අප්ඩේට් 😂😂😂

අදහස් කියන ඔයාලා ඔක්කොටම මම ආදරෙයි බෝලගෙඩිස්. සයිලන්ට් රීඩර්ස්ලා ටිකකුත් ඉන්නවා හැබැයි. එයාල හොරෙන් කියවන්නෙ මොකක් හරි අඩුපාඩුවක් නිසානම් මට සුට්ටක් කියන්න. නැත්තම් මම ඉස්සරහට ලියන හැම එකේමත් ඒ අඩුපාඩුව එක්කම තමා ලියන්නෙ...😘😘🌹❤

Continue Reading

You'll Also Like

70.8K 1.7K 46
Reader loves the webseries; Red vs Blue. On a normal day, while she was watching the latest episode, a hand or a mysterious hand came out from her l...
15.2K 3.4K 27
ජීවිතයෙ දෙවෙනි අවස්ථාව... ඒක වෙන්න පුලුවන් සමහරවිට හොදම අවස්ථාව.🖤 Bodyguard boyfriend Side story.❤
1.8K 68 7
Amber Jay Stinger is the daughter of the vigilante, Sting. Her dad has finally let her join WWE under the McMahon's watch. Read and find out what hap...
4.2K 175 20
Jessica Compton had a baby boy many years ago but gave him up for adoption. Her baby boy Michael got adopted by Katherine and Joseph Jackson and grew...