Moo-yon's pov-
"ජන්කු.ක්..?... ඔයා හොදින් නේද?... කතා කරන්නකො. මන් ආය කරදර කරන්නෑ. එක පාරක් විත.රක් ... මොකක්හරි කියන්.නකො"
දැනුන බයටම මට ඇඩෙන්න එනවා. ඇයි ජන්කුක්ට බැරි එකපාරක් හොදින් කියන්න. එයා සද්ද නැතුව ඉන්නකොට මට බය හිතෙනවා කියලා හිතෙන්නැද්ද!? මම මොනාද කරන්නෙ ඔයා ඔහොම වෙනකොට ජන්කුක්?
"ජන්.කුක්... අනේ.. කතාකරන්නකො. මට බය හිතෙනවා"
මම ආයෙමත් උත්සාහ කලා. මට ගොඩාක් නරක දේවල් හිතෙනවා. නෑ! මුකුත් වෙන්නෑ. ජන්කුක් මුකුත් කරගන්නෑ. ජන්කුක් මෝඩයෙක් නෙවෙයි. ඒත් ජන්කුක්ගෙන් සද්දයක් නැත්තෙ කරදරයක් නිසාවත්නම්?
බැරිම තැන විනාඩි කීපයක්ම නියපොතු හපහප හිටපු මම ඇතුළට යන්න තීරණය කලා. ජන්කුක් හොදින්නම් මම ඉක්මනින් එලියට එනවා. එතකොට හරිනෙ. අනික ජන්කුක්ට තරහා ගියත් එයා මට රිද්දන එකක් නෑ. එයා... එයා.?... එයා මාත් එක්ක තරහා ගන්න එකක් නෑ නේද.
"ජන්කුක්... සොරී..."
සමාව ඉල්ලගෙනමයි මම දොරෙන් ඇතුළට එබුනේ. ඒත් ජන්කුක්?
"ජන්කුක්!!?"
මට සද්දෙට ඉකිගැහෙන ගමන් ඇඩෙන එක නවත්තගන්න බැරි උනා. එයාට රිදෙනවා ඇතිනේ. අනේ මම මොකක්ද කරන්නේ!..
"ජ.න්.කුක්.."
මම එයාගෙ දකුණු අත තද කරලා අල්ලගත්තා. එයා හිටියෙ වහපු කොමඩ් එක උඩින් වාඩිවෙලා එයාගෙම වම් අත තීරු තීරු කරන ගමන්. ඒ නිසායි මම එයාගෙ දකුණු අත අල්ලගත්තෙ. ඒත් එයාට ඒකට තරහා ගියා.
මගෙ අත ගසලා දාපු ජන්කුක් ආයෙමත් බ්ලේඩ් එක දැනටමත් ලේ උනන, හීරුන වමත උඩින් තිබ්බා.
"එ.පා... ඔයා.ට රි.දෙනව.නේ.. "
එයා බ්ලේඩ් එක එහෙමෙහෙ නොකර අත උඩින් තියාගෙනම මගේ දිහා බැලුවා. කිසිම හැගීමක් නැති නපුරු ඇස් වලින්. අනේ ඒ බ්ලේඩ් එක ගන්න ජන්කුක්. දැනටමත් ලේ ගලනවනේ. තවත් කපන්න ඉඩක් ඉතුරු නෑ ඔයාගෙ අතේ...
"ඇයි ඔයා එහෙම කලේ?"
මම මොනවද කලේ? ප්ලීස් බ්ලේඩ් එක ගන්නකො. අනේ ආයෙමත් කැපෙයි ජන්කුක්. ඔයාට දැනටම තුවාල වෙලා. අනේ ඒක විසිකරලා දාන්නකො ජන්කුක්. ප්ලීස්..
"මොකටද එහෙම කලේ? ඇයි මට එදා මැරෙන්න නොදුන්නේ! ඔයා නිසා!.. මේ හැමදේම උනේ ඔයා නිසා!"
එයා ඇඩුවා උනත් එයා මන් දිහා බැලුවෙ තරහින්. ඔයාට මැරෙන්න නොදුන්න එකටද ඔයා මාත් එක්ක තරහා ගන්නෙ ජන්කුක්?. මට මුකුත්ම කියාගන්න බැරි උනා. මම ඒ වෙනුවට කලේ ඉකිගගහා අඩන එක. මම කලේ ඔයාව බේරන එකනේ... ඇයි ඔයාට බැරි එකපාරක්වත් මට ස්තූති කරන්න. මැරෙන එක මෝඩකමක් කියලා තාමත්
"තමුසෙ දන්නෑ මුයෝන් ඒක කොයි තරන් රිදෙනවද කියලා. එදත් ඔයාට මාව විහිලුවක් උනා. මම දන්නවා අදටත් ඔයාට ඒක විහිලුවක් වෙන්නැති... ඒත් ඒක රිදෙනවා මූයෝන්. මෙතන ගොඩක් රිදෙනවා. එයාව මතක් වෙන මතක් වෙන ගානට ගොඩාක් රිදෙනවා."
ජන්කුක් අතෙන් බ්ලේඩ් එක ඈත් කරලා එයාගෙ පපුවට තට්ටු කලා. එයාගෙ අතෙන් ලේ ගොඩක් යනවා. මම ඒකට බෙහෙත් දැම්මොත් ජන්කුක්ට තරහා යාවිද? එයා මට ඉඩදෙයිද බෙහෙත් දාන්න?... ඔහොම බලන්නෙපා ජන්කුක්. මට බය හිතෙනවානේ.
කමක් නෑ. ඔයා ඇති තරම් බනින්න. මම බෙහෙත් දානවා!. බෙහෙත් දැම්මට පස්සෙ ඕන එකක්.
ජන්කුක්ව ගනන් නොගෙනම මම ඉක්මනින් කුස්සියට දිව්වෙ ෆස්ටේඩ් බොක්ස් එක අරගෙන එන්න. මම නැති ටිකට එයා තුවාල පාරගනී කියලා බය හිතුනත් මම ආපහු එද්දි එයා කකුල් උඩින්ම අත් දෙක තියන් ඔහේ බාතෲම් මිරර් එකෙන් පේන එයාගෙම දිහා බලන් හිටියා.
මම ජන්කුක් ලගම බිමට පහත් වෙලා එයාගෙ අත අල්ලගන්න හැදුවත් එයා අත ඇදලා ගත්තා.
"මට දැන්වත් මට ඕන දේ කරන්න දෙන්න"
එයා කිව්වෙ හරි සීතල කටහඩක් එක්ක. ඔයාට ඕනි දේ මැරෙන එකනම්? එතකොට මම කොහොමද ඔයාට ඕනි දේ කරන්න දෙන්නෙ ජන්කුක්?.
මුකුත් නොකියම මම ආයෙමත් එයාගෙ තුවාල උන අත පරිස්සමින් ඇල්ලුවෙ මගෙ ලගට ගන්න. ඒත් එයා මේ පාරත් කලේ අත ගසලා ගත්ත එක.
"දන්නවද ආදරේ කරන කෙනා වෙන එකෙක් ගැන හිතද්දි දැනෙන දේ? ආහ්! දන්නවද එයා වෙන එකෙක් ලග හුරතල් වෙනකොට, වෙන කෙනෙක්ගෙන් ආදරේ හොයනකොට රිදෙන තරම!... නෑ ඔයා දන්නෑ. ඔයා දන්නේ මෝඩ විහිලු කරකර හැමදේම විකාරව හිතන්නනේ. ඔයාට තේරෙන්නෑ ඒක. ඒ නිසා දැන්වත් මට පාඩුවෙ ඉන්න දෙනවා!."
එයාගෙ වචන වලට මට තවත් ඇඩුනා. ඒත් ඊටවඩා තරහා ගියා. සමහරවිට ඒ නිසා වෙන්නැති මම ඕන්නැති දේවල් දෙපාරක් නොහිතම කියලා දැම්මේ.
"ඇයි මට නොතේරෙන්නෙ! ඔයා හිතාගෙන ඉන්නෙ විහිලු කරකර ඉන්න මිනිස්සුන්ට හදවතක් නෑ කියලද ජන්කුක්!. අනික මට කොහොමද නොදැනෙන්නේ මේ හැටි මම ඔයාට ආදරේ කරකර ඔයා එක්කම ඉන්න හදනකොට ඔයා වෙන එකෙක් ගැන කියද්දි රිදෙන්නැතිවෙන්න මට තියෙන්නෙ ගලක් නෙවෙයිනේ. මම ඔයා දිහා බලන් ඉන්න ආසාවට රෑට ලගට ආවම ඔයා මැණික් මැණික් ගගා හීනෙන් එයා වෙනුවෙන් ඇඩුවා. ඒ උනාට ඔයා එ නපුරු හිනෙන් බේරිලා ආය නිදාගත්තෙ මම ඔයාව සනසපු හින්දනේ. නැතුව එයා ආවෙ නෑනෙ ඔයාව බලාගන්න!. ඒක මට ලේසී කියලද හිතන්නේ? හැම වෙලේම වෙන කෙල්ලෙක් ගැන කියවද්දි, මන් ගැන ගානක්වත් නැතිවෙද්දි මගෙත් හිත රිදෙනවනෙ ජන්කුක්.... ඇයි ඔයාට විතරද ඒක දැනෙන්නෙ. ඔයාට විතරද හැම එකම රිදෙන්නෙ. මම හිනාවෙන හින්ද විහිලු කරන හින්ද මට රිදෙන්නෑ. ඒත් ඔයාට දැනගන්න මන් මේ කියන්නෙ මම ජීවිතේ ගොඩාක්ම හිනාවෙලා තිබුනෙ මට ගොඩක්ම රිදුන තැන්වල. මට ඕනි උනෙ කොච්චර රිදුනත් මට දැනුනෙවත් නැති ගානට පෙන්නන් ඉන්න. ඒ උනාට මටත් රිදුනා. ඔයා කියනවා වගෙ හරි සතුටින් හිටියෙ නෑ මම"
මම කියලා ඉවරවෙනවත් එක්කම කෑගගහා ඇඩුවා. වචනෙන් වචනෙට ඉකි ගැහුවා උනත් මම ඔක්කෝම කියලා දැම්මා. ඕන්නැති දේවල් කියපු එක ගැන ලොකු පසුතැවීමකුත් මට දැනුනා එයා මගෙ දිහා බලන් හිටපු විදිහට.
ඒත් මටත් දුක හිතෙනවනෙ ඉතින්.
මුකුත්ම නොකියපු ජන්කුක් ලොකු හුස්මක් පිටකරලා නැගිටින්න හැදුවා. නෑ එපා!. ඉන්න. ඔයාට මන් ගැන පුංචිමවත් අදහසක් තිබුනෙම නැද්ද ජන්කුක්?.. එහෙනම් ඇයි ඔයා හැමවෙලේම මාව බලාගත්තෙ? ඇයි කවුරු හරි මට කරදර කරද්දි ඔයාට තරහා ගියේ? ඔයා අනිත් පිරිමි මන් දිහා බලද්දිත් ඔරවගත්තා. හරියට නොදැන හදන රහ නැති කෑම ඔයා බොරුවට රසකරකර කෑවා. ඔයා ඒ හැම දේටම අමුතු නමක් දුන්නට මට ඒක 'කැමැත්තක්නේ' ජන්කුක්.
මම අහන්නම්... ඔයාට පුලුවන්ද ඇත්තම අදහස කියන්න ඔයාගෙ? අද මම අහන්න හිටියෙ හොද රෙස්ටුරන්ට් එකක ලස්සන වචන අතරෙ උනත් ඒ හැමදේම විකාරයක් වෙලානෙ දැනටම. ඉතින් තවත් පරක්කු වෙන්න කලින් මම දැන්ම අහන්නම්.
"මම ඔයාට ගොඩක් කැමති ජන්කුක්... නෑ මන් .. මන් ආදරෙයි. මටත් මෙතන රිදෙනවා තමයි ඔයා මට ඔහොම කරනකොට. ඔයාට බැරිද මට එකම එක චාන්ස් එකක් දෙන්න. ප්‍රොමිස් ජන්කුක්... මට පුලුවන් එයාට වඩා ඔයාට ආදරේ දෙන්න. එයා දැනටමත් අලුත් ජීවිතයක් පටන් අරන්නෙ ජන්කුක්. ඇයි ඔයාටත් බැරි එයා වගෙ අලුතින් පටන් ගන්න. ප්ලීස් ජන්කුක්"
වෙව්ලනවා දැනුනත්, බය හිතුනත්... මම කිව්වා!.
"සොරි මූයෝන්"
එයා එච්චරමයි කිව්වෙ. එයා හැදුවෙ නැගිටලා එලියට යන්න උනත් මම ඉක්මනින් එයාගෙ අතේ තිබුන බ්ලේඩ් එක අල්ල ගත්තා.
"මමනෙ ඔයාව බේරුවෙ. මට කමන්.නෑ ඔයා කාට ආදරේ කලත්. බේරු.වෙ මම නිසා ඔයා ම.ගෙ. ඔයාට හිතුන හිතුන ගම.න් මැ රෙන්.න බෑහ්."
මගේ ඇගිලි වලට තද කරන් ඉදපු එයාගෙ අතේ තිබ්බ බ්ලේඩ් එකේ කොන දිහා ජන්කුක් බැලුවෙත් සීතල බැල්මකින්.බ්ලේඩ් එක එහෙම්ම බිමට අතෑරපු එයා එලියට ගියා.
බාතෲම් එකේ තිබුන ටූත්බ්‍රශ් රැක්, ශැම්පො, බොඩි ලෝශන්.. හැම එකම බිම දාලා. ඒ අතර ජන්කුක් බ්ලේඩ් තලේ ගලවගත්ත එයාගෙ රේසර් එකත් තිබුනා. ඒ ටික අස් කරන්න ඕනි උනත් ඉස්සෙල්ලම මගෙ ඇස් රැදුනෙ ලොකු ලේ පැල්ලම ලග.
අල්ලන් ඉදපු චුට්ටට මගේ දබැරැගිල්ල චුට්ටක් කැපිලා. ඒකත් මැරෙන්න තරම් රිදෙනවා. ඉතින් ජන්කුක්ට ගොඩාක් රිදෙනවා ඇති නේද?.. එයාගෙ අතම තුවාල වෙලානේ.
ෆස්ටේඩ් බොක්ස් එක අතට ගත්ත මම ආපහු එලියට ගියා. ඒත් ජන්කුක් කරන දේ දැක්කම මට තවත් දුක හිතුනා. එයා එයාගෙ හැමදේම බෑග් එකකට දානවා. පොත් ටිකත්..
එයා මාව දාලා යනවද? එහෙනම් ඇත්තටම එයා මාව දාලා යනවද? මම හිතුවා හරි. මම මෝඩයෙක්. මට නොකියා ඉන්න තිබුනෙ.
Author's pov-
ජන්කුක් එයාගෙ හැම දේම මෙට්ටෙ උඩට ගෙනත් දාලා. කොල්ලා ඒ ඔක්කොම බෑග්ගෙකක අදුරනකොට මූයොන් පිටිපස්සට වෙලා හිටගෙන හිටියෙ ෆස්ටේඩ් බොක්ස් එක ඇගිලි වලට තව තද කරගන්න ගමන්. එයාට ඉකි ගැහෙනවා වගේම ඇඩෙන එකත් නවත්තගන්න පුලුවන් උනේ නෑ. මෙට්ටෙ උඩ තිබුන අන්තිම රෙදි කෑලි කීපයත් ගුලි කරලා ඔබාගන්න ගියපු කොල්ලා ඒ රෙදි බෝලෙ ආයෙමත් මෙට්ට උඩටම ගහලා දැම්මෙ ලොකු හුස්මක් පිටකරලා.
ජන්කුක් එහෙම්ම මෙට්ටෙ උඩින් වාඩි උනා. එයාගෙ ඔලුව විකාරයක් වගෙ. කොල්ලා දණහිස් උඩ වැලමිට තියලා අත් දෙකෙන්ම ඔලුව තෙරපගත්තා.
විනාඩි ගානක්ම මූයෝන්ගෙ ඉකිගැහෙන සද්දෙ විතරක් ගෙදර දෝංකාර දෙද්දි කෙල්ල හිමින් ජන්කුක් ලගට ආවා. කෙල්ල ජන්කුක්ගෙ ලගින්ම බිම වාඩි උනේ ෆස්ටේඩ් බොක්ස් එකත් පැත්තකින් දිගෑරගන්න ගමන්. එයා ජන්කුක්ගෙ කොණ්ඩෙ අතර හිරවෙලා තිබුන අත පරිස්සමින් එයාගෙ ලගට ඇදගෙන බෙහෙත් දැම්මා.
කැපුන තුවාල පාරවල් දකිද්දි කෙල්ලට තවතවත් ඇඩෙනවා. ඒවා ගොඩාක් ගැඹුරුයි. මහන්න තරම්ද දන්නෙත් නෑ. ඒත් මූයෝන් කොහොමද තුවාල මහන්නෙ. මූයෝන් කට්ටක් ඇනුනත් සිහිනැතිවෙන ජාතියෙ කෙල්ලෙක්.
ඉතින් කෙල්ල පුංචි දරුවෙක් වගෙ ඉකි ගගහා බෙහෙත් දැම්මා. ඒ අතරෙම හිතුවක්කාරෙට කටින් පනින චූටි සද්දවත් නවත්තගන්න මූයෝන්ට බැරි උනා.
ජන්කුක්ගෙ ඇස් රැදුනේ ජම්බු ගෙඩියක් වගෙ තඩිස්සි ගැහිලා තිබුන මූයෝන්ගෙ හුරතල් මූණ ලග.
බෙහෙත් දාලා ඉවර කරලා කෙල්ල එතනින් නැගිටින්න හැදුවත් එයාට නැගිටින්න ලැබුනෙ නෑ. කෙනෙක් එයාගෙ කම්මුල් තද කරලා අල්ලගත්තා වගේම සිනිදු තොල් පෙති යුගලක් එයාගෙ තොල් වල ගෑවෙන හැටි දැනෙද්දි කෙල්ලගෙ ඇස් ලොකු උනා.
ජන්කුක් ඇස් වහන් සන්සුන්ව තොල් අතර එයාගෙ තොල් යවන්න පටන් ගත්තත් මූයෝන් කට ඇරියෙ කෑගහලා අඩන්න. කෙල්ල කෑගගහා ඇඩුවා. ජන්කුක්ට තොල් අතාරින්න වෙන තරමටම එයා ඇඩුවා.
කම්මුල් දෙපැත්තෙන් තිබ්බ දෙඅල්ල අයින් නොකරම කෙල්ලගෙ නලලට තමන්ගෙ නලල තිබ්බ ජන්කුක් කෙල්ලට අඩන්න දීලා පාඩුවෙ හිටියා. ඒ අතරෙත් කොල්ලගෙ මතකෙට ආවෙ කොල්ලගෙ පලවෙනි හාදුව. මේ වගේම එදා යොන්හිත් එයාට බෙහෙත් දැම්මා. ඒත් එදා ජන්කුක් යොන්හිව ඇඩෙව්වෙ නෑ අද මූයෝන්ට කලා වගෙ. ජන්කුක්ට ඕනි උනේ නෑ එයාගෙ අලුත් ආරම්භයෙත් යොන්හිව මතක් කරන්න. මූයෝන් කිව්වා වගේම අලුත් ආරම්භයක් ජන්කුක් ගත්තා. හිතට දැනුන දහසක් දේ අතරින් කොල්ලා අන්තිමේදි එකක් තෝරගත්තා.
එයා උත්සාහ කරාවි දෙවෙනි අවස්ථාවක් ගන්න යොන්හි වගේම. ජන්කුක්ට ඕනි උනේ නෑ තවත් යොන්හිව මතක් කරන්න එයාගෙ දෙවෙනි අවස්ථාවෙදීත්. ඒත් එයාට හාදුව අතරින් පවා මතක් උනේ යොන්හිට අයිති උන එයාගෙ පලවෙනි හාදුව. කමක් නෑ. ජන්කුක්ට පුලුවන් උත්සාහ කරලා බලන්න.
ඉවරයක් නැතුවම මූයෝන්ගෙ කම්මුල් වල රැදුන ජන්කුක්ගෙ අත උඩින් ගදුලු ගැලුවත් කොල්ලා ඒවා පිහදැම්මෙ නෑ. එයා හිමින් අඩන කෙල්ලව එයා ලගට අරන් තුරුල් කරගත්තා. මූයෝන් අඩන එක නැවැත්තුවෙත් නෑ. එයාට තවමත් මුකුත් හරියට තේරුනේවත් නෑ. කෙල්ල කලේ කෑගගහා නින්ද යන තුරුම අඩපු එක.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ඔය එකපාර බොග් ගාලා කිස් කලා කියලා මේ මොන මගුලක්ද අහන්නෙපා මගෙන් යාලු.😗 ඉතින් බන් ඔය කේඩ්‍රාමා වල ඒමත් එක පාර බොග් ගාලා කිස් දෙන්නෙ. 🙂😗 මම දන්නෑ හත්තික්කෙ ආදරබර වදන් එක්ක ලියන්න 😑
ආහ් බෝලස් බඩ්ඩක්... මගේ එක කතාවකවත් මම එක ගෙදරක ඉන්න මැරීඩ් කපල් එකක් ගැන ලියලා නෑ හාද.🙂 ඔක්කොගෙම ලෝකෙ නැති කරදර එක්ක දෙන්නා වෙන් කල්ලා අන්තිමට ඔය සුට්ටක් ඔයාලගෙන් බේරෙන්න අන්තිම චැප්පෙ තමා එකට හිටියොත් ඉන්නෙ.🥲🥲🥲. ඔක්කොගෙම එහෙමයි. දැන් මේකෙ එහෙම බෑනේ. හික් අන්න එතන තමා දැන් මට කෙලවෙන්නෙ.
මේකෙ ඔය මෝඩ පහේ කෑලි ඇති ඉතින් ඉස්සරහට. අනේ ඒවා ඕතර් කුක්කා එක්ක මවාගෙන ලියනවා අරකයි මේකයි ගගා හිතන්නෙපා හාද 🥲 මම මාරම අකමැති දෙයක් ඒක. මම කතා ලියන්නෙ ඒ කෙල්ලවත් මවාගෙන.කුක්කාවත් මවාගෙන.
මම හෙන කැත ලමේක්... කුක්කා එක්ක තිබ්බොත් එහෙම මෙන්න මේ වගේ 👇
ඒ නිසා ඔය ඕතර් කුක්කා එක්ක අමුතු ලෝකෙක ජීවත් වෙවී ආදරබර සීන් ලියන කතා එහෙම කියන්නෙපා මයෙ සූටිකැට ටික හාද? එහෙම හිතෙනවා වගේනම් මූයෝන් වෙනුවට ඔය උඩ ඉන්න සස්සන චිම්පන්සි පැටියා මවාගෙන තමා ඔයාලාට කතාව කියවන්න වෙන්නෙ. හෙහ් 😘😘😗😙
සලන්හේ බෝලස් 😘😘😘😘😘😘🌹❤