Second Chance || JJK (Complet...

By Gloomy_Bun

15.2K 3.4K 1.2K

ජීවිතයෙ දෙවෙනි අවස්ථාව... ඒක වෙන්න පුලුවන් සමහරවිට හොදම අවස්ථාව.🖤 Bodyguard boyfriend Side story.❤ More

Chap.01
Chap.03
Chap.04
Chap.05
Chap.06
Chap.07
Chap. 08
Chap.09
Chap.10
Chap.11
Chap.12
Chap.13
Chap.14
Chap.15
Chap.16
Chap.17
Chap.18
Chap.19
Chap. 20
Chap.21
Chap.22
Chap.23
Chap.24
Chap.25
Chap.26
Chap.27 (Last Chap)

Chap.02

516 132 54
By Gloomy_Bun


Jungkook's pov-

බෲබෲබෲ!!!

කැහ් කැහ්ඃ

ආයීඊඊ ලාව්ව් යූ... ච්චාරාකග්ජෝ.... මීස්ස්ස්ස් යූඌඌඌ

ඔහ් ඔහ් ඌව්ව්ව් ඔහ් ඔහ්...

ශිට්! මොන මගුලක්ද මන්දා... මැණික්, ඇයි මේ හැටි සද්දෙ? මොනාද අනේ කරන්නේ. ආය්ශ් ඕක නවත්තන්නකො...

බැරිම තැන මම කොට්ටෙත් ඔලුවට උඩින් තියාගෙන තදකරගත්තා. ඒත් ඇහෙනවා. මොකක්දෝ මැශින් එකක සද්දෙ එක්ක මගේ මැණික් කෑගහන හැටිත් ඇහුනා.

පොඩ්ඩක් ඉන්න!

මලා ජන්කුක්!!

තමුසෙ මොකක්ද මැණික්ගෙ කාමරේ කරන්නේ!?

මම දඩබඩ ගාලා කෙලින් උනේ බ්ලැන්කට් එක පැටලිලා මාව බිම ඇද වැටෙනකොට. මේ කොහෙද? ම.මන්... මන්!??

ඕහ්...එයා නෙවෙයි.

මැණික් කොහෙද දැන් මගෙ ලග ඉන්නේ!. පුංචි දුකක් දැනෙද්දි මම කටකොනේ හිනාවක් දැම්මා.

ටිකක් එහෙමෙහෙ බලද්දියි මතක් උනේ නිදහසේ මැරෙන්න ගිය මගේ ජීවිතේ කන්න ආපු යකින්නගෙ ගෙදර මම නිදාගත්තෙ කියලා. එයා උදේ පාන්දරම ගේ වැකුම් කරනවා.

ඇත්තටම සාමාන්‍ය කෙල්ලෝ මේ තරම්ම විකාරද?? මගේ මැණික් රෑට ඇන්දේ ලස්සන පිජාමා සූට් එකක්. ඒත් මෙයා? අනේ දෙවියනේ එයා ඇදගෙන ඉන්නෙ ඩයනසෝර් ඇදුමක්!. ඒක එයාගෙ ඔලුවෙ ඉදන් පස්ස පැත්තට වෙනකම්ම උල් පේලියක් තියන කොළපාට ඩයනසෝර් ඇදුමක්. දාගෙන ඉන්න බෝතල් අඩි කණ්නාඩි දෙක හින්දා මට එයාව පෙනුනෙම විකාරකාරයෙක් ගානට.

අනිත් එක එයා පුදුම මනුස්සයෙක්. එයා එකපාර වැඩ හතරක් පහක් කරනවා.

එක. එයා ගේ වැකුම් කරනවා.
දෙක. ඒ අතරෙම කකුලෙන් බඩුත් එහෙමෙහෙ කරනවා.
තුන. එයාගෙ එක අතකින් දතුත් මැද මැද ඉන්නෙ.
හතර. ඉයර්බඩ්ස් ගහගෙන සින්දු අහනවා.
පහ... සැරින් සැරේ ටූත්බ්‍රශ් එක එලියට අරගෙන උඩ බලන් සින්දු කියනවා.

ආහ්හ්... තව මහ කැත විදිහට පස්සත් වනනවා. මන් හිතන්නෙ ඒ එයා නටන විදිහ.

අඩුම තරමින් තවම එලිය වැටිලාවත් නෑ. මේ මහ පාන්දර නිදාගන්නැතුව ගෙවල් සුද්ධ කරන එකම මනුස්සයා මෙයා වෙන්නැති!! ආශ්... මොකටද මටම මෙහෙම වෙන්නෙ.

එයා එකපාරම මගෙ පැත්තට හැරුනා. මම බිම හිටපු නිසාද මන්දා ඇසුත් ලොකු කරගෙන බලන් ඉදලා ටූත්බ්‍රශ් එක එලියට අරගෙන ඒ අතෙන්ම නහය දිගේ බේරෙන කණ්නාඩියට ඇනලා ඒකත් උඩට කලා.

"ඔවා වවන් විව්වෙ"

මොකක්ද??

ඊව්ව්! ඔය කෙල ටික විසික් කරලා කතාකරනවකො ඕයි. නිකට දිගේ බේරුන ටික එයා ආය සුරුස් ගාලා ඇදලා ගත්තා. මට වමනෙ වගෙ!

අමුතු සද්දයක් එක්ක අතෙන් ටිකක් ඉන්න කියලා සංඥා කරපු එයා බාතෲම් එකට ගිහින් කෙල ටික විසි කරලා ආවා. ඇති යන්තම් ඒකවත් හිතුනෙ.

"මොනා බලාගෙන ඉන්නෙ!. නැගිටලා උදව් කරන්න මට"

එයා ටූත්බ්‍රශ් එකත් මගෙ පැත්තට දික් කරගෙන කිව්වෙ ඒක.

"ඒහ්?"

"ඇයි පේන්නැද්ද මම ගේ අස් කරනවා. මට උදව් කරනවා ඔක්කොම මම කරනකම්ම බලාගෙන ඉන්නෙ. චහ්!! ඇත්තමයි දැන් කාලෙ හැදෙන පොඩි උන්නම් කිසිම කමකට නෑහ්. අඩුම තරමෙ ප්‍රති උපකාරයක්වත් කරන්න දන්නෑ."

මහ ගෑනියෙක් වගෙ කියවද්දි මට ඔලුව හිල්වෙන්න අනින්න හිතුනා උනත් මම මුකුත් නොකර එයා කියන කියන එක කලා. ප්‍රති උපකාර කලා!

අරක එහාට කරන්න. එයා සුද්ධ කරනකම් පුටු උස්සගෙන ඉන්න, දූවිලි පිහදන්න!!!

ආර්ග්ග්ග්!!!!

මොන මගුලක්ද මේක!

"ඉක්මන් කරලා එන්න. පරක්කුයි. ආහ්හ් මට වැඩියෙන් ටූත්බ්‍රශ් නෑ. ඇගිල්ලෙන් මැදගන්න හාද. මගේ එකෙන් එහෙම මදින්නෙපා ඔන්න දත් ටික ගැලවෙයි"

මාව බාතෲම් එකට තල්ලු කරලා දාලා එයා අනිත් පැත්තට කුස්සියට දිව්වා. ඒත් මම දත් මැද්දෙ නෑ.

මම එලියට එද්දි එයා කෑම මේසෙ ලෑස්ති කරලා තිබුනා.

"එන්න වාඩිවෙන්න ඉක්මනට. ස්කෝලෙට පරක්කු වෙයි නැත්තම්"

ඔහ්... එයා ස්කොලෙ ළමයෙක්ද? කෑගැහුවෙනම් ආච්චි කෙනෙක් වගේ. මම වාඩි වෙද්දි එයා මටත් කෑම බෙදලා දුන්නා.

" ඔය ඇදුම ඇදගෙනද යන්නෙ?"

එයා බත් ගුලියක් කටේ ඔබන් අහද්දි මම ඇදුම දිහා බැලුවෙ මොකක්ද අවුල කියලා දැනගන්න. කොහොමත් මට වෙන ඇදුමකුත් නෑනෙ. මම මුකුත්ම අරගෙන ආවෙත් නෑනේ.

"ඔව්.."

"මට අහන්න බැරි උනානේ... කාගෙද ෆියුනරල් එක?.ලග කෙනෙක්ද? ඔයා කැමතිනම් කියන්න. ඔයා ඊයෙ ගොඩක් දුකෙන් හිටපු නිසා මම අහන්න ගියෙ නැත්තෙ"

"මොන ෆියුනරල්ද!?"

"ඔ.යා.. ගියපු. එක.. ඇයි ඔහොම බලන්නෙ!? එහෙනම් මොකටද ඔහොම එකක් ඇදගෙන ඉන්නෙ?... අනික හිටියෙත් කවුරු හරි මැරුණ ගානටනෙ."

මම ආයෙමත් ඇදුම දිහා බැලුවා. මේ මම මැණික්ගෙ වෙඩින් එකට ඇදපු ඇදුමනෙ. මොකක්ද මේකෙ තියන අව්ල? ලොකු හුස්මක් පිටකරපු මම මූණම තදකරලා අතෙන් පිහදාලා එයා දිහා බැලුවා.

"කවුරුත් මැරුනේ නෑ. මගේ ජීවිතේ මට ඉතුරු උන එකම කෙනා, මගෙ ආදරේ වෙන කෙනෙක්ව මැරිකලා. මම ඒකට ගියේ. මේ වගෙ ඇදුම් ෆියුනරල් එකකට අදින්නෑ. මෝඩ කතා කියන්නෙපා."

මම කිව්වෙ ටිකක් තරහෙන් උනත් එයා 'ඕහ්හ්හ්'ගාගෙන කටත් හදන් අහගෙන ඉදලා හිනා උනා. මොකක්ද දැන් හිනාවෙන්න තියෙන්නෙ?.

"අනේ දෙවියනේ අපි හරි පව්. නාකි අපි තනිවෙලා දුක් විදිද්දි පොඩි උන් අම්බානක ලව් කරලා.. බූට් කාලා... මැරෙන්නත් හදනවා. ඉස්සෙල්ලා ලොකු වෙලා ඉන්නවා හලො. වයස කීයද මැරි කරන්න!.."

එයා කතාකලේ හුස්ම ගන්න බැරි තරම් කෑ ගගහා හිනා වෙවී.

"විසි හයයි!"

"ඒහ්!"

හිනාවෙවිම හැහ් ගාපු එයා ටිකෙන් ටික හිනාව නවත්තගත්තා. ටිකක් වෙලා මගෙ දිහා අමුතුවට බලාගෙන ඉදපු කෙල්ල ඇස් පුංචි කලා.

"කීයයි කියලද කිව්වෙ?"

"විසිහයයි."

"ඔයාට?"

"ඔව්."

"ස්කෝලෙ යන ළමයෙක් නෙවෙයිද?"

"පිස්සුද?"

"එහෙමනම් මැරෙන්න හැදුවෙ?"

"මට ඕනි නිසා"

"මොකටද මගෙ ගේ අස්සට ආවෙ!"

"මම නෙවෙයිනෙ ඔයානෙ ඇදගෙන ආවෙ"

"ඉතින් මම හිතුවෙ පොඩි එකෙක් කියලනේ!"

"මම කිව්වෙ නෑනෙ එහෙම හිතන්න කියලා"

"තමුසෙ මාර යකෙක්නේ!"

"තමුන් තරම් යකෙක් නෙවෙයි. තමුන් මට කරදරත් කලා"

එයා ටික වෙලාවක් වේගෙන් වේගෙන් ඇහිපිල්ලම් ගැහුවා මුකුත් නොකියම.

"මම ඔයාව එක්කන් ආවෙ පුංචි එකෙක් කියලා හිතලා. අඩලා අඩලා ෆියුනරල් එකකට වගෙ අදුමුත් ඇදගෙන පාලමකින් පනින්න හදද්දි මම හිතුවෙ හොදටම අසරණ උන දරුවෙක් කියලා. මදැයි මමත් ඉදලා ඉදලා හොද වැඩක් කරන්න ගියා. අතරමං උන බලු පැටියෙක් වගෙ ඉන්නකොට ඉතින් රැවටෙන්නැතුවැයි! යසයි මට. අනිත් එක මොකටද මන් ඇදන් ආපු පලියට මාත් එක්ක ආවෙ? ඔච්චර ලොකුනම් ජොබ් එකක්, ගෙයක් දොරක් ඇතිනේ! මොකටද මට බොරු කිව්වෙ!? ශිහ් බයත් හිතෙනවා දැන්නම්. ඔයා මගෙන් මොනාහරි හොරකම් කරන්න හිතාගෙනද ආවෙ!?"

එයා ඇසුත් ලොකු කරගෙන කතාව අන්තිමේට බත් බෝල් එකට චොප්ස්‍ටික් වලිනුත් ඇන්නා.

" හහ්! ඔයාගෙන් මොනා හොරකන් කරන්නද? අනික මම වැඩ කරපු තැනින් ඊයෙ අයින් උනා. එතනමයි මම ජීවත් උනෙ. ඉතින් මට ගෙ.දරක් නැ. මම ඔයාට බොරු කිව්වෙත් නෑ."

ඔම්මා මාත් එක්ක ඉදපු ගෙදරට ආයෙමත් යන්න බැරි බව මම එයාට කිව්වෙ නෑ. ආයෙමත් යන්නෙ කොහොමද? මාව නොමැරි මැරේවිනේ ඔම්මා. ඊටත්වඩා දැන් ගෙදර ගරාවැටිලා ඇති. ඒ ගෙදර ගොඩක් බිත්ති අබලන් වෙලා තිබුනෙත්. දැන් විනාශ වෙලා ඇති.

එයා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.

"හිතන්න එපා. ඊයෙ රෑ ඔයාට කරදරයක් උනේ නෑනෙ මගෙන්. අද මම යනවා. කොහොමත් ආය හම්බෙන්නෑ. ඒ නිසා වද වෙන්නෙපා. කොහොම උනත් නොදන්න මිනිස්සු ඔහොම ගෙට ගන්නත් එපා. ඔයාගෙ අගලක් නැති පොකට් නයිෆ් එකෙන් කරන්න පුලුවන් බම්බුවක් නෑ."

කෑම කකා නිකම්ම කියලා දැම්මත් මට දැනුනා එයා කන එකත් නතර කරලා මගෙ දිහා බලන් ඉන්න හැටි. ටිකකට ඇස් උස්සලා බැලුවෙ බැරිම තැන. ඔහොම බලාගෙන ඉද්දි මනුස්සයෙක් කන්නෙ කොහොමද?

"ඔයා ආයෙම සූසය්ඩ් කරගන්නද හදන්නෙ?"

"ඔයාට ඒකෙන් වැඩක් නෑ"

ආයෙමත් කන්න යද්දි එයා ටිකක් ඉස්සරහට වෙලා මගෙ අතක් අල්ලගත්තා.

"මේ අහන්න. පණ්ඩිතකම් කියනවා නෙවෙයි. ඔයා ලොක්කෙක් වෙන්න පුලුවන්. ඒත් ඕක මෝඩ තීරණයක්. අඩුම තරමෙ හොද හේතුවක්වත් ඔයාට නෑ. කෙල්ලෙක්ට ආදරේ කලා, එයා වෙන කෙනෙක් බැන්දා, කියලා ඔයාට තියෙන එකම විසදුම මැරෙන එකද? සමහරවිට ඔයාට කවුරුත්ම නැතුවත් ඇති. ඒත් ජීවිතෙ අතාරිනවා වගෙ බොලද තීරණ ගන්න එපා. තව අය ජීවිතේට ඒවි, යන්න යාවි... ඒක තමයි ජීවිතේ කියන්නෙ. දරාගන්නවා වෙනුවට අතාරින්න පුරුදු උනොත් ජීවිතේ කවදාවත්ම විදින්න ලැබෙන එකකුත් නෑ."

"ඔයා දන්නෑ මන් ගැන. ඒ නිසා මහන්සි වෙන්න එපා."

මම ඇදලා ගත්ත අත එයා ආයෙම අල්ලගත්තා.

"ඔව් මම දන්නෑ තමයි. හැබැයි මේකත් අහන්නකො.  මම චූටි කාලෙම තනිවෙලා හිටියෙ. අවුරුදු දාහතරෙදි කෙනෙක් මාව හදාගන්න ගන්නකම්ම මම අනාත නිවාසෙක දුක් වින්ද කෙල්ලෙක්. ඔයාට ඒක මොනවගේද හිතන්නවත් බෑ. මම දැකලා තියනවා ජීවත් වෙන්න ආසාවෙ ඉදපු පුංචි උන් ජරා අසනීප නිසා මැරිලා යන හැටි. ඔයාලා ඔය නාස්ති කරන ජීවිතේ ඒ අයට හීනයක්.... ජීවිතේ තනි උනාම මැරෙන එක එකම විසදුමනම් මම මැරෙන්න ඕනි අවුරුදු අට නවය වෙද්දිම. එතකම් කොහොමත් තේරෙන්නෑනේ. පුංචි දරුවෙක්නේ. හැබැයි මම අවුරුදු අටේදිත් ජීවිතේනම් අතඇරියෙ නෑ ඔයා වගෙ. ඒ වෙනුවට මම මගෙ ජීවිතේ දින්නා... ඔයා මෝඩයෙක්. කෙනෙක් ගියානම් තව කෙනෙක්ට අවස්ථාවක් දෙන්න. ඔයාටම මැවුන කෙනා ලැබේවි. මෝඩ තීරණ ගන්න එපා."

මට මුකුත් කියන්න නොදීම එයා මගේ අත අතඇරලා කෑම බෝල් එකත් අරගෙන නැගිට්‍ටා.

හැමදේම ඉවර කරලා එයා එලියට යද්දි මමත් එලියට ආවා.

"එහෙනම්... මම යනවා...හිතනවා හොද තීරණයක් ගනී කියලා. බායි...අම්ම්..මේ?"

"ජන්කුක්."

"ඔහ්.. මම මූයෝන්.. බායි ජන්කුක්. ආයෙමත් හම්බෙමු"

හිනාවෙලා යන කෙල්ලට මම නිකම්ම අත වැනුවා. ජන්කුක්....මම කිව්වෙ ජේකෙ කියලා නෙවෙයි. ජන්කුක් කියලා. ඒත් මොකක්ද මගෙ වෙනස?... පුංචි කාලෙ ඉදපු දක්ශ අහින්සකයා ආයෙමත් එන්නෙ නෑනේ. ජේකේ ඉගෙනීම අතරමග නවත්තගත්ත වැඩකට නැති මිනිහෙක්. ඒත් ජන්කුක් එහෙම කෙනෙක් නෙවෙයි.

මම ජන්කුක් වෙන්නෙ කොහොමද?...

(A/N- පටලගන්නෙපා. ජන්කුක් කියන්නෙ එයා පුංචි කාලෙ කියපු විදිහ. මතකයිනේද එයා අම්මට බෙහෙත් කරන්න ඉගෙනීම නවත්තලා මැරයෙක් වෙන්නෙ ජේකේ නමින්. ඊටපස්සෙ එයාට කතා කලේම ජේකේ කියලා.🙄 මතකද?... හි ටැපලෙනවද?🥲)

ඒ මෝඩ කෙල්ලගෙ වචන මගෙ ඔලුව පුරා දෝංකාර දුන්නා. මගේ තීරණය ගැන ආයෙ ආයෙමත් හිතන්න වෙන තරම්ම.

මම මෝඩයිද?... ඒත් මුකුත්ම නැති මම මොනවද කරන්නේ?. සල්ලිත් නෑ. ඉන්න තැනක් නෑ. මුකුත්ම නැති මම මොනා කරන්නද?

මගේ දේවල් ගන්නවත් ආපහු ඇමති ගෙදරට යන්න මට බෑ. මට බෑ ආපහු යන්න. ඒත් ඒ මෝඩ කෙල්ල නිසා එකපාරින් හිත හදන් මැරෙන්න බැරි තරමට මම දුර්වලයෙක් වෙලා.

හිටගෙන ඉදලා කකුල් රිදුන නිසාම මම හං ගගේ ගැට්ට ලගින් ඈත් වෙලා බංකුවකින් වාඩි උනා.

මොනවද මම කරන්නෙ?





🌸🌸🌸🌸🌸🌸🌸

Author's pov-

මූයෝන් වෘත්තීයෙන් පාසල් ගුරුවරියක්. කෙල්ල ඒත් ගෙදර ගියේ මහ රෑ වෙලා. මොකද ඉස්කෝලෙ ඉවර උනාමත් විශයට දුර්වල ළමයි ඉස්කෝලෙ නවත්තගෙන එයා වැඩ කලා. තනියම ඉන්න එයාට පාලුත්නේ. මොකටද ඉතින් කලින් ගෙදර යන්නෙ. එයා ගෙදර යන්නෙ අදුරත් වැටෙනකොට.

පුංචි පුංචි හිම පියලි වැටෙන්න ගද්දි කුඩේත් ඉහල ගත්ත කෙල්ල පොඩි එකෙක් වගෙ කුඩෙන් එලියට අත දාගෙන හිම පියලි ඇල්ලුවා. පලවෙනි හිම පතනය... සීතල උනාට ආස හිතෙනවනෙ.

"දුවමු දුවමු මුයෝනා... දූවගෙන ගිහින් කෝෆියක් ගහමු හක්ක බොක්ක බඩපපුව ඔක්කොම රත් වෙලා යන්න"

තනියම කියෝ කියෝ ගියපු කෙල්ල අහම්බෙන් දැකපු රූපයක් නිසා එහෙම්ම නැවතුනා. කවුදෝ බංකුවක හිටියෙ දෙකටම වකුටු වෙලා කකුල් අතරම මූණ අරගෙන. ඒත් ඒ ඇදුම?

ඒ එයාමයි. ඊයෙ හම්බුන තැනමයි.

"අනි.. අනී...(නැ නැ)... පොඩි ළමයෙක් නෙවෙයිනෙ.. එයා එයාගැන බලාගනි. අනික ඊයෙත් මට නින්දක් නෑ වැඩ්ඩා වගේ නොදන්න එකෙක් ගේ අස්සෙ දාන්."

තොලත් උලුප්පගත්ත කෙල්ල එයාවම සධාරණීකරණය කලා. කෙල්ලට නින්ද ගියෙත් නෑ. එයා සැරින් සැරේ ඇහැරිලා ජන්කුක් මොනාද කරන්නෙ බැලුවා. කවුද දන්නෙ කෙල්ලට කරදරයක්වත් කලොත් එහෙම... ඒ කොහොම උනත් ජන්කුක්නම් කලේ මුලු රෑම හොදට නිදාගත්ත එක. කෙල්ලට විතරයි ඔත්තු බැලිල්ල නිසා නින්ද නැති උනේ.

"ඒකට කමක් නෑ මූයෝන්. ඔයා කියලා මොනා කරන්නද?"

ටික වෙලාවක් ජන්කුක් දිහා බලන් ඉදපු මූයෝන් එතනින් යන්න ගියා. ඒත් කෙල්ලගෙ හිතටත් හරි නෑ.

අඩි කීපයක් තියපු කෙල්ල එකපාර නැවතුනා.

"ආර්ග්ග්ග්!! බලනවා මොට්ට හිත! තමුසෙගෙ හොදකම හින්දා මම කනවා කවදාහරි හොද කෑමක් ආය කෙලවෙලාම යන්න!"

නැවතුන කෙල්ල අත මිට මොලවලා පපුවට දෙක තුනක් ඇනගත්‍තා. ඊලග තත්පරේ එයා හිටියෙ අර කෙනාට කුඩේ අල්ලගෙන ඒ කෙනා ලග හිටගෙන.

ඒ ජන්කුක්ම වෙන්න කියලා හිතෙන් වැද වැටෙන ගමන් කෙල්ල එයාට ඇගිල්ලකින් ඇන්නා. ජන්කුක් නොවුනොත් අද තා එකෙක්!.

ඒත්.. වදවෙන්න දෙයක් නෑ. ජන්කුක් තමයි. කොල්ලා හිටියෙ වකුටු ගැහිලම නින්ද ගිහින්. ජන්කුක් ඇසුත් පුංචි කරගෙන මුයෝන් දිහා බලද්දි කෙල්ල දත් ටික ඔක්කොම පේන්න විරිත්තලා හිනා උනා.

"යමු."

"කොහෙද?"

කෙල්ල ලොකු හුස්මක් දැම්මා. සමහරවිට ඒ හැටි හොද තීරණයක්නම් නෙවෙයි වෙන්නැති. ඒත් කමක් නෑ. මූයෝන්ගෙ හොද හිත කොල්ලාව ටිකක් විශ්වාස කලා. මොනාහරි කරනවනම් ඊයෙම කරන්න තිබුනනෙ.

"මගෙ ගෙදෙට්ට යන්. ඔයාට ඇදනම් දෙන්න බෑ. කාමරේත් බෑ. හැබැයි ඔන්නම් ඉතුරු ටික බෙදාගන්නම් ඔයා අලුත් රස්සාවක් හොයාගෙන ජීවිතේ හදාගන්නකම්... ආහ් හැබැයි නිකම් නෙවෙයි. ගෙදර වැඩ වලට උදව් වෙන්න ඕනි. ඔක්කොටම සහයෝගෙත් ඕනි!. එකගද?"

මූයෝන් එක අතක් දික් කලේ හෑන්ඩ්ශේක් එකකට. කෝ ඒත් ජන්කුක් ඒ දිහා බලලා අහක බලාගත්තා ඇරෙන්න මුකුත් කලේ නෑ.

"ඔයා ගෙදර යන්න. නොදන්න අයට ඔයහැටි ලන් වෙන්න හදන්නෙපා. මිනිස්සු ගෑනු ළමයින්ගෙන් ප්‍රයෝජන ගන්නවා."

"අනේ තමුසෙගෙ පණ්ඩිතකම. මටත් විසිහතරක් හාද! අවුරුදු දෙකයි පොඩි ඔයාට වඩා. මහලොකු වැඩිහිටියෙක් නෙවෙයි ඔයා... අනිත් එක මම දන්නවා මාව පරිස්සම් කරගන්න. ඒ නිසා යන්."

"ඔයා යන්න"

ආයෙමත් දික් උන කෙල්ලගෙ අත ජන්කුක් නොසලකා හැරියම මූයෝන් අඩි බිම හප්පලා කොල්ලගෙ අත ඇදලා ගත්‍තා.

"මෙන්න මෙහෙ එනවා යන්න පණ්ඩිත පොල් ඔලුවා. තව ටිකකින් මෙතන හිම වලින් වැහිලා යයි. තා මාස ගානකට හිමම තමා. මොකො තමුසෙ මෙතනට වෙලා හිම මාලිගාවක් හදන්න කියලැයි."

කෙල්ල ඇදලා ඇදලාම ජන්කුක්ව හිටෙව්වා.

"අපි යාලුවො වෙමු. එතකොට ශේප් නේ?"

ජන්කුක්ගෙ මූණට එබුන කෙල්ල අහද්දි ජන්කුක් කලේ ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්න එක. ඉගෙනීම අතෑරලා දැම්මට පස්සෙම ජන්කුක්ට යාලුවෙක් ඉදලා නෑ. බොඩිගාඩ් කෙනෙක්ට කොහොමත් යාලුවො කොහෙන්ද?

"හරි. ඔයා මගෙ යාලුවා. මන් ඔයාගෙ යාලුවා."

හිනා උන කෙල්ල ජන්කුක්වත් ඇදගෙන යන්න ගත්තා. කලින් දවස තරම්ම නපුරු කමේනම් නෙවෙයි. ජන්කුක්ගෙ අතත් තද කරලා අල්ලගෙන අමුතු උඩපැනිල්ලකුත් එක්ක කෙල්ල ඇවිද්දෙ.

යාලුවා.... හැම කෙල්ලම මේ වගේද? ජන්කුක්ට හිතාගන්න බැරි උනා. කොල්ලා යොන්හි ඇරෙන්න, දායෝන් ඇරෙන්න ගෑනු ළමයි ආශ්‍රය කරලාම නෑ.

ඉතින් ජන්කුක් කොහොමද දැනගන්නේ?

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මේ කතාවනම් අනේ මන්දා නේද බෝලස්..🥲🥲🥲 අනික අවසානෙත් දන්නවනෙ ඔයාලා. මට හිතාගන්න බෑ ඔයාලා මේකට කැමති වෙන්න හේතුවක්.🥲

තැන්කූ කියවනවට වගේම කමෙන්ට් කරනවටත්. මම ඒවා හරි සතුටින් කියවන්නේ. අඩුපාඩුත් කියන්න අමතක කරන්නෙපා හාද.....

සලන්හේ බොලස්.❤🌹

Continue Reading

You'll Also Like

15.2K 3.4K 27
ජීවිතයෙ දෙවෙනි අවස්ථාව... ඒක වෙන්න පුලුවන් සමහරවිට හොදම අවස්ථාව.🖤 Bodyguard boyfriend Side story.❤
382K 22.8K 49
Bryson Tiller is a single father who doesn't have life quite figured out yet. His baby mother is hooked on drugs and he's stuck taking care of her so...
Tokka<3 By ✨

Fanfiction

15.4K 490 18
A collection of oneshots!
64.8K 2.3K 47
For most of your life, your parents made the decisions for you, from what to wear to who you talk to. Envying your siblings' freedom but not upsettin...