ප්‍රේමයට නොකී කවි

By FerminaDhaza

4.2K 638 107

ජීවිතය සංතෝසයකි; සංතාපයකි; සංත්‍රාසයකි. More

01.දර්ශනය බිහි කළේ පිරිමිමද?
02.කොන්දේසි විරහිත ය..
03.සාජහන් මුම්ටාස්ට ඇත්තටම ආදරේ කලාද?
04.හදිසි මරණය
05. හඬ..
06.ක්‍රියාවන් සමඟ සසඳන කළ, වචන කොතරම් දියාරුද..?
07.ධන
08. නුවර
09. ප්‍රමිලා
11.ප්‍රේමයේ පැතිකඩ
12. ගිනිගත් පඬිපුර
13.අවිනිශ්චිත ම අදක..
14. සමාවෙයං සකලබුජං
15. කවි වගේ පිරිමි
16. ගැහැණියෙක්ට හැකියි බුදුවෙන්න
17. ටෙලිපතීමය ප්‍රේමය
18. නිරුවතේ නිදහස් ගීය
19. ෆ්‍රාසෝගෙන් ගුරුතුමාට
20. රාමාත් මම, රාවණත් මම..
21. ඇත්තමයි මං ආස, අමරණීයම පෙම් කතා අනිත් පැත්තට ලියන්න..
22. ලෙස්බියන් පිරිමි
23. නිස්සද්ද ආදරේ
24. ආල අඩව්ව
25. තිත්ත
26. ඔබ මගෙ හදවතේ පැළඳුවා, හදවත දිව්‍ය භවනක් කළා?? 🥴🥴
27. විජ්ජුලතා
28. ලොකුම වැරැද්ද
29. භාෂාව ඉරාගෙන ආශාව ඉපදීම
30. සීතලක හීතල
31. ඔබ?
32. අනේ ඒ කිවිඳිය.. නාන කාමරේ ගිලී මිය ගොස් සිටියදී හමු විය..
33. ස්ත්‍රී
34. පේන
35. බුදුන්ගෙන් පැනයක්
36. වෙසක් සඳ
37. සමුගැනීමකට කවි ලිවිය හැකිද?
38. තෙතබරිත මතක
39. නවමු නව නළු රස
40. maturity
41. මධ්‍යස්ථභාවය
42. උපැස
43. අහල බැලුවම..
44. විරාගය
45. අල්තීනායි
46. දෙවෙන්දොරා..

10. නටඹුන් නගරයක සිට ලියමි

93 18 0
By FerminaDhaza

ඉරත් බැස යන සුයාමෙක
පැරණි ගල්කණු බලා නෙක
තවම සැරිසරනවා මගෙ හිත
හද්ද පිටිසර අතීතෙක..

කාලයේ දූලියෙන් යටවුණු
ඉසුරුමුණියකි කැබලි විසිරුණු
පෙම් පුරාණෙක රහස් කොදුරන
සෙල්ලිපිත් ඇත අකුරු බොඳ වුණු..

නිලට උතුරපු පොකුණු වල මෙහි
පුරඟනුන් දිය කෙළින්නට ඇති
දුහුල් සලු විනිවිදින දඟ යුග
අනඟ නෙතු මත් කරන්නට ඇති..

තිබුණ දවසට නුවර සැණකෙළි
ගජිඳ මාවත සැරිසරන්නැති
නුඹ වගේ තව රජ බිසෝවරු
දස්කොන්ලා මෙහි තනි කරන්නැති..

වැඩී වල් ඒ වීදි වහගෙන
කැඩී වැටුණද තැනූ මන්දිර
පවන කොඳුරයි කනට කර මගෙ
පෙම් පුරාණෙක නිහඬ රාවය..




Continue Reading

You'll Also Like

628K 23K 51
အချစ်ကဘာလဲလို့မေးတော့ သူပြန်ဖြေတာက အချစ်ဟာအဆင်ပြေမှုပဲတဲ့။
2.2K 237 29
මම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් ප...
447K 61.5K 41
ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....