𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒...

Av IVYLxuxi

29.1K 4.9K 1.5K

"Jungkook සන්සුන් වෙන්න." "Taehyung... මේ මම මරපු අනූනම වෙනි කෙනා ද එතකොට...." . . . "ආව් Taehyung මට රිදෙනව... Mer

INTRO🚬
CHAPTER 01🚬
🔞CHAPTER 02🚬
CHAPTER 03🚬
CHAPTER 04🚬
🔞CHAPTER 05🚬
CHAPTER 06🚬
CHAPTER 07🚬
TRAILER🚬
CHAPTER 08🚬
CHAPTER 09🚬
CHAPTER 10🚬 TSFTNC💜
CHAPTER 11🚬
🔞CHAPTER 12🚬
CHAPTER 13🚬
CHAPTER 14🚬
CHAPTER 15🚬
CHAPTER 16🚬
CHAPTER 17🚬
Chapter 18🚬
CHAPTER 19🚬
CHAPTER 21🚬
CHAPTER 22🚬
CHAPTER 23🚬
CHAPTER 24🚬
CHAPTER 25🚬
CHAPTER 26🚬
🔞CHAPTER 27🚬
CHAPTER 28🚬 Finale
𝕬𝖚𝖙𝖍𝖔𝖗 𝖓𝖔𝖙𝖊🚬

CHAPTER 20🚬

546 116 30
Av IVYLxuxi

"Ji Hoon තමුන්ගේ එකෙක් නේද? ආ එතකොට අර Rowon!! ඌත් තමුසේගේ එකෙක් නේද?" Jungkook Young Dae අසළට පැමිණෙන අතරේ කීවේය.

"ඔව් ඇයි??"

"තමුසේගේ මහ ලොකු organization එකේ උන් දන්නේ රේප් කරන්නද යකෝ!!"

"මේ අහනවා මගේ organization එකේ නීති තමුසේ හොයාගත්තා නේද? ඒකේ තිබුණා Sexual harassment සපුරා තහනම් කියලා. ඇයි ඒක දැක්කේ නැද්ද?"

"තමුන් Ji Hoonව මරලා දැම්මාද?"

"මම??" Young Daeගේ මුහුණේ සමච්චල් සිනහවක් ඇඳී ගියේය.

                      *********

"Mr. Kim අපි patient ගේ heart එක යථා තත්වයට ගත්තා. ඒත් අපිට වැඩි වෙලාවක් ඉතුරු වෙලා නෑ. තව පැයක් ඇතුලත AB negative blood තියන කෙනෙක්ව හොයාගන්න ඕන"

Taehyung, Jimin සහ Yoongi තුන්දෙනා ම හැකි විගස Hospital එකෙන් පිටව ගියේ කෙසේ හෝ AB negative ලේ වර්ගයක් තිබෙන පුද්ගලයෙක් සොයාගන්නටය. Taehyung, Jimin දෙදෙනාම ඒ සඳහා පිට ව ගියේ හැඬූ කඳුලෙනි. Theatre එක අසළ බිත්තියකට මුවා වී කළු Hoodie එකක් හැඳ කළු cap එකක් හිසට දමා ගෙන සිටි පුද්ගලයෙක් Doctor සහ Taehyung අතර ඇති වුණ කතාබහ අසා සිටියේය. Taehyung සහ Yoonmin දෙදෙනා රෝහලෙන් පිට ව ගොස් පැය භාගයකට පමණ පසු ඒ පුද්ගලයා Jungkookට බෙහෙත් කරන වෛද්‍යවරයා හමු වීමට ගියේය.

"Doctor මට ඇහුණා මේ patient ට ලේ ඕනේ කියලා. මගේ blood type එක AB negative. මම කැමතියි එයාට ලේ දෙන්න." ඒ වෙලාවේ ඒ පුද්ගලයා Jungkookට ලේ දීමට ඉදිරිපත් වීම බෙහෙවින් ම වටින්නේ ය. කිමද යත් ඒ පැය භාගය තුළදී AB negative ලේ වර්ගය සොයාගැනීමට Taehyung හෝ අනෙක් දෙදෙනාට හැකි වූයේ නැත.

"ඔහ්! කොච්චර දෙයක්ද. මේ nurse එක්ක යන්න."

"අහ්..doctor, එක දෙයක්....මම ලේ දීලා ඉවර වෙනකං මේ ගැන මෙයාගේ ගෙදර අයට කියන්න එපා. ඒ වගේම ලේ දුන්නේ කවුද කියන එක කියන්නත් එපා"

ඒ පුද්ගලයාගේ ඉල්ලීම අනුව ඔහු ලේ දී අවසාන වී ඔහු පිටව යනතුරුම වෛද්‍යවරයා කිසිවක් Taehyung ට පැවසුවේ නැත. ඔහු පිටව ගිය වහාම Jungkookට ලේ ලැබුණු බව Taehyung ට දැනුම් දුන්නේය. Taehyung සහ Yoonmin තිදෙනා ඒ වනවිටත් හිටියේ Hospital එකේ දොර අසළ. ඔවුන් පණිවිඩය ලද වහාම ඇතුළට දුවගෙන ආව නිසා Jungkookට ලේ ලබා දුන් පුද්ගලයා ඔවුන් අසළින් ම ගියත් ඔවුන් ට එම පුද්ගලයාව එතරම් ඇස නොගැටුණේ ඔවුන් හදිසියෙන් සිටි නිසා. එහෙත් Taehyung ඒ පුද්ගලයාව යන්තමින් දුටුවේය. එහෙත් ඔහුගේ මුහුණ දුටුවේ නැත.

"Doctor, Jungkook ගේ තත්වේ කොහොමද දැන්??"

"දැන් බය වෙන්න දෙයක් නෑ. වුවමනා කරන ලේ ප්‍රමාණයත් ලැබුණනේ. එයා දැන් ආරක්ෂිතයි Mr. Kim. Don't worry. Everything will be fine.අද හෝ හෙට සිහියත් ඒවි."

"Doctor, Jungkookට ලේ දුන්නේ කවුද කියලා අපිට දැනගන්න පුළුවන් ද?"

"Sorry Mr. Kim. ඒ තොරතුරු අපිට ඔයාට කියන්න බෑ."

"ආ හරි it's ok. Anyway, thank you doctor. අපිට එයාව බලන්න පුළුවන් ද?"

"Yes, of course"

Taehyung, Jimin සහ Yoongi තිදෙනාම Jungkookගේ room එකට ගියෝය. Taehyung Jungkookගේ ඇඳ අසළින් ම හිඳ Jungkookගේ සුරත සීරුවට ඇල්ලුවේය. Jungkook නිදා සිටින විට ඔහු දෙස දෑස් දල්වා බලා සිටීමට Taehyung ප්‍රිය කළත් එදින Jungkook නිදා සිටින ආකාරය දෙස වෙනදා මෙන් බලා සිටීමට Taehyung ට නොහැකි විය.

"Jungkook දන්නවද baby ඔයා නැගිට්ටම මම ඔයාට කරන දේ ආ?? අනිනවා හිල් වෙන්න ටොක්කක්. එතකොටවත් පෑදේවි නේ ඔය ගොං මොළේ පොඩ්ඩක් හරි!!" කඳුලු අතරින් ම ඔහු Jungkookගේ පියවී තිබූ දෑස දෙස බලමින් කීවේය. 

"ටොකු ඇනලා ඔළුව හිල් වුණොත් මොකද කරන්නේ hyung??" Jungkook දෑස් පියාගෙන ම ඔහුගේ බනී ස්මයිල් එක විදහමින් කීවේය. Taehyung එනවිටත් ඔහුට සිහිය ලැබී තිබුණත් ඔහු Taehyung කියන දේ නිහඬ ව අසා සිටියේය. සෙමින් දෑස් විවර කළ Jungkook Taehyung දෙස බලා සිනාසුනේය. එහෙත් 

"ඈ යකෝ Jungkook!! තෝ නැගිටලාද හිටියේ.. දෙන්න හිතයි හොම්බට හැටක්!! තමුසෙට පිස්සුද යකෝ තනියම මොකාද වගේ එතනට ගියේ ආ!! අනේ අම්මපා..දන්නවද අපි මොනතරම් බය වුණාද කියලා. හොඳ වෙලා එන්නකෝ මං බලාගන්න ඔහේ ගැන!!"

"හා හා Jimin හොඳ වෙලා ආවාම Taehyung එයා ගැන බලා ගන්නේ නැතෑ. නේද? අපි යමු එළියට එයාලට කතා කරන්න දේවල් ඇති නේ" Yoongi  අත පය විසි කර කර Jungkook ට බනින Jiminව අදින ගමන් කීවේය. එහෙත් Jimin නෙවෙයි තත්පරයකටවත් කට වහගත්තේ. අන්තිමේදී බැරිම Yoongi ඔහුව වඩාගෙන එළියට අරගෙන ගියේ ය.

"ඔය ඔය!! මොකද ඔය කරන්නේ!! හෙමීට..ඉන්න මම උදව් කරන්න" Jungkook තනියම නැගිටින්නට උත්සහ කරනු දුටු Taehyung කෑගැසුවේය. තවමත් Jungkookගේ තුවාලයෙන් ඔහුට අධික වේදනාවක් දැනුනි. එහෙත් ඔහු එය විඳදරා ගැනීමට උත්සහ ගත්තේ දැනටමත් ඔහු Taehyung ට විශාල වේදනාවක් ලබා දී තිබූ නිසා.

"Taehyung.." Jungkook Taehyungගේ අතින් අල්ලා ගත්තේය. "I'm sorry bear!!"

"මාව දාලා යන්න හිත හදාගත්තේ කොහොමද Jungkook?" ඒ වාක්‍ය තුළ තැවරී තිබූ වේදනාව හී තුඩක් මෙන් Jungkookගේ හදවත පසාරු කරගෙන ගියේය. මේ තරම් ආදරය කළත් ඔහුට තවමත් තමාව විශ්වාස නැද්ද යන වේදනාව Taehyung හදවත තුවාල කළේය. Jungkook ව නොමැතිව සතියක් ජීවත් වූයේ ද Taehyung ඉතා අපහසුවෙනි. එවැනි තත්වයකදී Taehyung කෙසේද තම ජීවිතේ ඉතිරි කාලය Jungkook නොමැතිව ගත කරන්නේ? Taehyung ගේ දෑසින් වැටුණු කඳුලු බිඳු Jungkook ට තුවාලයට වඩා වේදනාවක් දුන්නේය.

"මාව විශ්වාස නැද්ද Jungkook ඔයාට?" 'Jungkook'ගේ නාමය ඔහු ආමන්ත්‍රණය කළ ආකාරය Jungkook ගේ වේදනාව තවත් වැඩි කළේය. වෙනදාට ඔහු තම නම අමතන විට Jungkookට දැනුණ උණුසුම ආදරයට නොව අද එහි තනිකරම තැවරී තිබුණේ වේදනාවයි.

"I'm sorry hyung!!"

"Sorry කිව්වම සේරම හරිද කුකී ආ??"

ඒ පැනයට Jungkook නිරුත්තර විය. ඔහු දැන සිටියා ඔහු කළ දේට සමාව ඉල්ලුවාට පලක් නොවන වග.

මේ අතර Yoongi Jiminව වාහනය අසළට ම ඔසවා ගෙන ගොස් ඔහුව වාහනයෙන් තැබුවේය.

"මොකද පූස් නට්ටෝ මාව වාහනෙන් තිබ්බේ ආ?"

"ගමනක් යන්නනේ Mochi බබා" Yoongi Jiminගේ හිසට අත තබා යන්තමින් එය අවුල් කරමින් එසේ කියා වාහනයේ දොර වසා ඔහු driving seat එකෙන් ඉඳගත්තේය.

"කොහෙද ඉතින් යන්නේ?"

"ඔයාගේ යාළුවා අද යනවා. සමු දීලා එන්න. මොනවා නැතත් ඔයා තමයි එයාට හිටපු එකම සතුට" Yoongi එසේ කියා වාහනය පණ ගන්වා Young Daeගේ අවසාන කටයුතු සිදු කරන ස්ථානයට ගියේය. ඔවුන් එහි යනවිටත් පොලීසිය ඔහුගේ භූමදාන කටයුතු සිදු කර තිබුණි. ඔහුගේ ස්මාරකය අසළ මල් කළඹක් හෝ කිසිවෙකු තබා නැත. සිමෙන්තියෙන් ඉදිකර තිබූ ස්මාරකය අසළට ගිය Jimin  ඒ මත ඔහු ගෙන ආ මල් කළඹ තැබුවේය. එය තබා ඔහු ඒ ස්මාරකය පුරා සෙමින් අත එහා මෙහා රැගෙන ගියේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය.

'Kim Young Dae නේද ඔයා??'

'ම්ම්..ඇයි මොකද?'

'ඊඊඊ මොකක්ද අනේ ඔයාගේ යාළුවෙක් වෙන්නනේ ආවේ මං'

'එහෙම ඕන නෑ. ආපු දිහාවකට ආපහු හැරිලා යන්න'

'බෑ මන් යන්නෑ'

'වෙන තැනක වාඩි වෙනවකො මට වද නොදී'
.
.
.

'Young Dae!! හිනා වෙන්නකො අනේ..හිනා වෙලා ඉන්නකොට ඔයා හරිම cute..අඩුම ගානේ මම ඉස්සරහ විතරක් හරි හිනාවෙන්නකො..අන්න එහෙම. බලන්නකො ලස්සන'

'කියව කියව ඉන්නේ..යනවා ගිහින් වැඩක් කරනවා!'

'බෑ..මම ඔයා ගාව ම ඉන්නවා'

'හැමදාටම මම ගාව ඉන්නද අදහස?'

'මට පුළුවන් වෙනකං ඉන්නවා'
.
.
.

'Jimin ඔයා ඇයි මගේ යාළුවෙක් වුණේ ඔයා දන්නවා මගේ තාත්තා-'

'ෂ්ෂ්!!! ඒවා අදාල නෑ. මම ඔයාගේ යාළුවෙක් මිසක් තාත්තාගේ නෙමෙයි හරිද? ඔය වටේ ඉන්න ගොන්නු ටික එලවලා දාන්න. එතකොට ඔයා ගොඩාක් හොඳයි'

"මම නිසයි මේ සේරම. ඔයාට ලස්සනට ජීවත් වෙන්න තිබුණා එදා මම ඔයාගේ ජීවිතේට නාවා නං. Jungkook ටත් මම නිසයි මෙහෙම වුණේ"

"Jimin එහෙම කියන්න එපා. ඔයා වැරදි නෑ මේවට" Yoongi Jiminව බදා ගන්න ගමන් කීවේය.
.
.
.

"Jungkook අපි මේක නවත්තමු" Taehyung Jungkookගේ අත තම අත මතින් ඉවත් කරමින් කීවේය. ඔවුන් දෙදෙනාගේම දෑසින් නොනවත්වාම කඳුලු ගලා ගියේ ඔවුන්ගේ හදවත් වල වේදනාව කියා පාමිනි. එක්වරම Taehyung කියූ දෙය Jungkookට අදහාගත නොහැකි විය.

"Tae Tae??" Jungkook අපහසුවෙන් වචන ගළපාගත්තේය.

🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

Hey IVYISHES ❤❤

Jungkook ට සිහිය ආපු එකට කට්ටිය හෙනට සතුටු වුණා වගේ නේත🙂💔 හේ හේ හේ මන් ගැන දන්නවනේ ඔයාලා😎 Ending එක ගැන දැන් ම හීන මවන්න එපා ළමයි.🙂 එකපාරට ගෑස් පිපිරෙන්න වුණත් බැරි නෑ.🙂💔

මගේ ජීවිතේ පළවෙනි වතාවට ද කොහෙද මේ කතාවකට Chapters 20 ක් ලිව්වේ🤣🤣 කම්මැලි එකේ සුපිරි එකක් නේ මං🤣🤣 මටම පුදුමයි 20 ක් ලිව්වා කිව්වම.

හරි ඒනං තව බාල්දි පෙරලීමට නියමිත බව ඔබට නැවත සිහි කරමින් මම සමුගන්නවා.

මීට ඔබේ සදාදරණීය අහිංසක ඕතරී,

IVYL🥀

Fortsett å les

You'll Also Like

5.9K 1.3K 11
මට මේ සමාජෙට වෛර කරන්න සාධාරණ හේතුවක් තියෙනවා..... සම්මත අසම්මත බෙදුම් වාදී සමාජයෙනුත් , අසීමාන්තිකව බලපෑම් කරන දෙමව්පියන්ගෙනුත් පීඩනයට ලක් වෙලා...
57.5K 7.8K 31
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
15.2K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...
1.8K 383 20
නම්ජින් දෙන්නා එකතුවෙලා ලස්සන කරන්න දගලපු ටේ බබාගේ කතාව... එකම දෛවයක් හිමි තරුනයින් දෙදෙනෙක්.. සෙනෙහස සොයන මල් කැකුලු දෙකක්.. දරුවන්ගේ අනාගතය වෙනුව...