🖤𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒 𝟶𝟔-06🤍

134 12 11
                                    

•• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••

"පාක් හෝජුන්ග් සහ චෙරි බ්ලොසම්"
Part 06

🖤පාක් හෝජුන්ග් View🖤

"ඉතිං.. මොනාද ඊට පස්සේ සිද්ධවුණේ? මං අහන්නේ... ඔයාලා දෙන්නාට පුලුවන් වුණාද එකට ජීවත්වෙන්න?" කතාව අහගෙන හිටිය මින් ඒසොක් ඇහුවේ කුතුහලයෙන්.

මගේ හිත ආපහු අතීතයට ඇදිලා ගියේ ඉබේටම වගේ.

අපිත් හිතුවේ එහෙම තමයි. ඒ කාලේ අපි දෙන්නා හරිම සතුටින් හිටියා. ඒක ගොඩක් කෙටි කාලයක් වුණත්. ඒ අතරතුර කාලයේ දෙපාරක් විතර ඒසොක් මපෝ පාලමෙන් පනින්න ට්‍රයි කලා. මම ගොඩක් අමාරුවෙන් එයාව බේරගත්තේ. එයාගේ හිත හරි ඉක්මනට රිදෙන්න ගත්තා ඒ කාලේ. මං හිතන්නේ දරුවා හම්බෙන්න හිටිය හින්දා. ඒ නිසා මට ඕනේ කලේ එයාව ලගින්ම ඉදලා බලාගන්න. එයා හරි ආසයි මගේ අත අල්ලගෙන ඉන්න. ඉස්සරත් එයා කැමතියි මගේ අත අල්ලගෙන ඉන්න. ඒත් එයා ඒක ඇගෙව්වේ නැහැ. ඒත් දැන් එයා එහෙම නැහැ. එයා මට කොච්චර ආදරේ ද කියලා එයා මගේ අත අල්ලගෙන කතා කරන විදිහෙන් තේරෙනවා.

"ඔයාගේ අතේ මේ උණුසුම මට හැමදාම විදින්න තිබ්බා නම්.." වේදනාකාරී හිනාවක් එක්ක එයා එහෙම කියද්දී මගේ හිත දුකින් කීරි ගැහෙන්නේ කරගන්න දෙයක් නැති නිසා. ඒත් එයාගේ කම්මුල්වලට උණුසුම් හාදුවක් තිළිණ කරලා එයාගේ හිතේ තියෙන දුක නැති කරන්න මං උපරිම උත්සාහ කලා. ඒත් එයා වෙනුවෙන් ඊට වඩා දෙයක් කරන්න ඕනේ කියන හැගීම් මගේ හිතේ එහේ මෙහෙ හැමවෙලේම සක්මං කලා.. මට ඕනේ මේ කාලේ එයාව ගොඩක් සතුටින් තියන්න. මට ඕනේ කලේ මම දුකින් හිටියත් ඒ බව එයාට නොපෙන්වා හැමවෙලේම එයාගේ මූණේ සතුට විතරක් ම ඉතුරු කරන්න. හැමවෙලේම එයා කැමති කෑම එයාට මම අරගෙන දුන්නා.  දැන් ඒ කාලේ මතක් කරද්දිත් ඒ මොහොතවල් හැම එකක් ම කොච්චර සුන්දර ද කියලා හිතෙනවා.

ඒ කාලේ අපි දෙන්නා හිටියේ ගොඩක් සතුටින්. හේතුව කිව්වොත් වෙන කවදාටවත් වඩා වැඩියෙන් අපි දෙන්නාට මුණගැහෙන්න ඉඩ ලැබුනා. අපි දෙන්නාට ආදරේ කරන්න වෙලාව ලැබුනා. මේ හැමදේටම අර හ්‍යොන්ෂික් කියන සතාගේ ඔම්මා උදව් වුණා කියන එක කියන්න ඕනේ.. ඒත් මට තාමත් ඒ සතාට සමාවදෙන්න බැහැ.. කොහොමටවත් මගේ සමාව ඒකාට කවදාවත් ලැබෙන්නේ නැහැ.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 08, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

••• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••Where stories live. Discover now