🖤𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒 𝟶𝟸🤍

135 28 12
                                    

•• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••

"පාක් හෝජුන්ග් සහ අලුත් ගෙදර"


🖤පාක් හෝජුන්ග් View 🖤

අන්තිමේ මම, මම කරපු ඒ පව්වලට දඬුවම් වින්දා.. ඒ හැමදේම උනේ සමහරවිට හොඳට වෙන්න ඕනේ.. ඒත් ඒ හැමදේම මගේ ම වැරදි විතරද?

මට ඕනේ නැහැ කාගෙවත් අනුකම්පාව ගන්න මේ දේවල් මගේම වැරදි විතරක් නෙවේ කිය කියා.. ඒත් ඇත්තටම... ඇත්තටම මගේ ජීවිතේ තව චුට්ටක් වෙනස් වුණානම් දශමෙකින්.. මේ හැමදේම වෙනස් වෙන්න තිබ්බා.. මොන දේ නැති වුණත්, මගේ ලෝකෙම වුණ මගේ ඒසොක් හිටියා නම්....., මම මේ හැමදේම කලේ නොදැනුවත් කම නිසාමද? හදිසි තරහා නිසා වෙන්න ඇති.. අනේ මන්දා... නැත්නම් මගේ තිබ්බ මුරණ්ඩු කම නිසා වෙන්න ඕනේ..

කොහොමහරි මම ගෙදරක් ගත්තා මට ඉන්න.. ඒකට මගේ අවුරුදු තුනාමාරක ම සල්ලි ගියා.. තව ඉතුරුවෙලා තියෙන්නේ තුනාමාරයක ඒවා.. ඒ කියන්නේ තිබ්බ සල්ලිවලින් භාගයක් විතර.

කොහොමහරි නිදාගන්න බ්ලැන්කට් එකක්වත් නැති නිසා මම ගෙදරින් එලියට ගියේ කඩේට යන්න... ඒත් බැල්කනි එකෙ චුට්ටක් නැවතුනු මම ටික වෙලාවක් ඒ සීත හුලග විඳිද්දි කවුරුහරි ආවා. මං හිතුවේ ඒ මගේ අසල්වාසියෙක් කියලා..

"අන්න්‍යොන්ග්හසයෝ... චෝ..." හෑඈඈඈ???

"නෝ??" මගේ කටින් ඉබේටම එහෙම පිටවුණා..

ඒ කෙල්ල!

එයත් මං දිහා බලන් හිටියේ කටත් ඇරගෙන..

"ක... ඔප්පා!!!" ටිකක් බයවෙලා වගේ කටත් ඇඳකලා.. මේ මගේ සල්ලි හොරකම් කරපු කපටි කෙල්ල නේ... අහ්.. නෑ නෑ.. සල්ලි හොරකම් කරන්න හදපු.. හොරකම් කරන්න බැරිවුණා නේ මම අල්ලගත්තා නේ..

"අන්න්‍යොන් ඔප්පා... අ... මම ඉන්නේ මෙහෙ.. ඔයා මොකද මෙහෙ කරන්නේ?"

හහ්?

මොන විකාරයක් ද මේ මෙයා කරන්නේ? එයා ඒ ඇගිල්ල දික්කලේ මගේ ගෙදරට නේද?

"යා.. මිච්යොස්සෝ??? මේ මගේ ගෙදර අද හවස මම ගත්තේ.." මම ඒ කෙල්ලගේ නලලට මගේ ඇගිල්ලෙන් ඇනලා තල්ලු කරලා මගේ යතුර අරගෙන ගෙදර දොර ඇරියා.. ඊට පස්සේ කෙලින්ම ඇතුලට ගිහින් දොර වහලා ලොක්කලා.. හ්ම්ම්... මොන විකාරයක්ද? ඉඳලා ඉඳලා ඉන්න තැනක් ගත්තා ඒකත් එයාගෙ ලු.. හරි ෂෝක් ඇති හැමවෙලේම මගේ දේවල් ගන්නේ.. මම හිමින් හිමින් කුස්සිය පැත්තට ගියේ තිබ්බ ෆ්‍රිජ් එක වැඩ කරන තත්ත්වයේ තිබ්බද බලන්න.. හ්ම්ම්.. ඒකෙ දොර ඇරලා මම බලන් හිටියේ කිසිම අරමුණක් නැතුව.. ඒක වැඩ කරනවා.. ඒකත් හොඳයි.. දැන් අමතර වියදම් නැහැ.. හ්ම්ම්.. හදිස්සියේම මට සරෝව මතක් වෙන්න ගත්තා.. ඒ මේ අර හැමවෙලේම මුණ ගැහෙන හොර කෙල්ල හින්දා.. සරෝත් ඒ කාලේ ඔය වගේම චූටිවට නේ හිටියේ? හ්ම්ම්.. මලක් වගේ අහිංසකව හිටපු එයාට, මම ගොඩක් කරදර කලා.. මට සරෝ මේ දැනුත් මගේ ලග ඉන්නවා වගේ දැනුනේ.. ඉස්සර පොඩි කාලේ අපි දෙන්නා හිටියා වගේ.. එයා ඇඟිලි තුඩුවලින් ඉස්සිලා, මගේ උරහිසට නිකට තියාගෙන. අපි දෙන්නම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා යුනිෆෝම් එකවත් මාරු කරන්නේ නැතුව තරඟෙට ෆ්‍රිජ් එකෙන් කෑම හොයපු ඒ කාලේ මතක් වුණා.. ඒ කාලේ කොච්චර සුන්දර ද? මම ඒ ඔක්කොම විනාශ කලා.. හ්ම්ම්.. මම කොච්චර නපුරු වුණාද? ඒවා මම තේරුම් ගත්තේ ගොඩක් කල් ගිහින්.. ඒක හිතාගන්න බැරි තරම් නරක දෙයක්..

••• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••Where stories live. Discover now