🖤𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒 𝟶𝟹🤍

129 26 20
                                    

••• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••

"පාක් හෝජුන්ග් සහ ශ්‍රමදානය"

🖤පාක් හෝජුන්ග් View 🖤

ඒ ඇස්... ඒ ඇස්..හැමදාම වගේ මං වෙනුවෙන් බලාගෙන හිටියා.. අපි හුවමාරු කරගත්ත ඒ එක බැල්මක් වුණත් අපිට ගෙනාවේ හරිම සහනයක්.. පාරේ අයිනේ හැරෙන තැනදී හැමදාම ඒ තොල් අතර තිබ්බ ලැජ්ජාව එක්ක එකතුවුණ ආදරය මම ගොඩක් වින්දා.. ඒක ආදරය තමයි.. මම ඒ බැල්ම වෙනුවෙන් මම බලන් හිටියා වගේම, ඒ බැල්මට ලැබෙන මගේ පිලිතුරු බැල්ම වෙනුවෙනුත් ඒ ඇස් නොඉවසිල්ලෙන් බලන් හිටියා කියලා මම නොදන්නවා නෙවේ.. ඒත් ඒ හැමදේම එක මොහොතකින් ඉවරවුණේ මගේ ඇස් ගලවන්න වගේ ආපු ඒ පුදුමාකාර ආලෝකයත් එක්ක..

ආ...හ් ඉගෙ ම්වෝයා....? මම අමාරුවෙන් එක ඇහැක් ඇරියා.. මම හිටියේ සෝෆා එකක් උඩ.. කොහෙද මම මේ ඉන්නේ? හ්ම්ම්?.. මම හිමින් හිමින් නැගිට්ටා... මගේ ඇඟට පොරවලා තිබ්බ පරණ බ්ලැන්කට් එකත් අයින් කරන ගමන් මම නැගිටලා බැලුවේ මම ඉන්නේ කොහෙද කියලා.. හහ්! මේ අර මිචින් ඒසොක් (පිස්සු ඒසොක්) ගේ ගෙදර නේ? මම ඈනුමක් අරින ගමන්ම අත් විහිදවලා දිග ඇරලා හිරි ඇරියේ කිසිම අරමුණක් නැතුව.. දැන් මුලින්ම කරන්න ඕනේ පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන එක. ඊට පස්සේ වටපිට ඇවිදලා රස්සාවක් හොයාගන්න ඕනේ.. "යා.. ඔය මදැයි ඈනුම් ඇරියා.. මට ඇවිත් උදව් කරන්න.." මම උඩ ගියා.. කොහෙන්ද ඒ කටහඬ ආවේ? අහ්.. සෝෆා එක පිටිපස්සේ බිමින්.. මම සෝෆා එකෙ ඉදගෙනම වියනෙන් එහා පැත්තට ඔලුව දාලා බැලුවේ මොනාද මෙයා කරන්නේ කියලා.. හ්ම්ම්...

හෑඈඈඈඈ? මෙන්න මෙයා එතන එහා පැත්තේ තිබ්බ පොත් පෙට්ටියක් අස් කරනවා.. මේ මොකද?

"යා.. ඔතන ඉදන් බලාගෙන ඉන්න නෙවේ ඇවිත් මට උදව් කරනවා..." මොකක්? සැර බලන්නකෝ... "යා.....? මම ඔයාට වඩා වැඩිමල්.. ඔහොමද ඔයා වැඩිමල් අයට කතා කරන්නේ?" මම ඇහුවේ ටිකක් සැර කරලා තොල් හපන ගමන්. "වැඩිමල්..? මොකද අනේ ඔයා හරාබොජි (සීයා) කෙනෙක් වගේ කතා කරන්නේ? පිස්සු හැදීගෙන එනවද? ප්ලීස් බේබි මෙහෙ ඉන්නවා නම් මගේ නීති ටික මතක තියාගෙන ඉන්න වෙනවා.. හතරවෙනි නීතිය:මම මට ඕනේ විදිහට ඔයාට කතා කරනවා ඒත් මට නම්බු දීලා කතාකරන්න ඕනේ... අරස්සෝ? (හරිද?)" මේ කෙල්ලගේ තියෙන්නේ පුදුම යකාගේ නීතිනේ.. මම ඉක්මනට නැගිටලා මූණ කට හෝදගෙන යන්න හැදුවේ එලියට... මොන දේ කරන්නත් කලින් පොලීසියට පැමිණිල්ලක් දාලා ඉන්න ඕනේ..

••• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••Where stories live. Discover now