🖤𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒 𝟶𝟔-04🤍

64 9 0
                                    

•• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••

"පාක් හෝජුන්ග් සහ චෙරි බ්ලොසම්"
Part 04

🖤පාක් හෝජුන්ග් View 🖤

"සරන්ග් හේ...." මගේ තොල් අතරින් එච්චරයි පිටවුනේ...

මගේ හිතේ නේ ඒසොක් ට තිබ්බ ආදරේ දශමෙකින්වත් අඩුවුනේ නෑ.. තව තවත් වැඩිවුනා මිසක.. ඒක කියාගන්න බැරි හැගීමක්.. අපි දෙන්නාම එකම රාමුවක කොටුවෙලා වගේ.. හරියට නිකන්.. අපේ හදවත්වල තියෙන මේ ආදරේ හැමෝගෙන්ම වසන් කරන් මේ විදිහට අපි දෙන්නා කොටුවෙලා ජීවත් වෙන්නේ කොයි වෙලාවේ මැරෙයි ද කියලා නොදන්න සත්තු වගේ..

මට හිතුනේ එහෙමයි.. අපි දෙන්නාගේ කතාව අනික් හැමෝගෙම කතා වලට වඩා වෙනස් කියලා මම දන්නවා.. ඒත් මට ඕනේ වුනේ නෑ ඒක මේ විදිහට වෙනස් වෙනවා බලන්න. මට ඕනේ වුනේ ඒක ලස්සනට,  සතුටු හිතෙන විදිහට වෙනස් වෙනවා බලන්න.

ඒත් හැමදේම සිද්ධ වුනේ මං හිතපු විදිහට නෙවේ. 

හැමදේම සිද්ධ වුනේ දෛවයට ඕනේ විදිහට. එයා එයාට පුලුවන් හැම සෙල්ලමක්ම දාලා මගේ ජීවිතේ විනාශ කලා..

ඒත් අපේ ආදරේ නවත්තන්න එයාට කවදාවත් පුලුවන් වුනේ නෑ.. මොකද අපේ හිතේ ඇතිවුනු ආදරේ නිකං සෙල්ලම් ආදරයක් නෙවේ.. ඒක.. ඒක අපේ හදවත් වල පතුලටම කා වැදුණු.. අපේ ජීවිතේ ඇතුලටම කා වැදුනු ගොඩක් ගැඹුරු ආදරයක්. අපේ දෙන්නම අපි දෙන්නට ගොඩක් ආදරේ කලා. මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක්ට ආදරේ කරනවා ට වඩා..

ඉතින් ඔහොම තමයි අපි මුණගැහුනේ..

"හෝජුනා.. දැන් සරෝ ඉස්කෝලේ ගිහින් ඉවරවෙන්න ලගයි නේද?" දවසක් මපෝ පාලම ලග සීතලේ මට තුරුල්වෙලා ඉද්දී ඒසොක් මගෙන් ඇහුවා.. සරෝගේ නම කියද්දීත් මගේ ඇගේ මවිල් කෙලින් වුනේ එයා නිසා නේද මේ හැමදේම කියලා හිතද්දී..

"හ්ම්ම්.. ව්වේ? එයා ඉස්කෝලෙන් අයින් වුන ගමන් ම අපිව බන්දන්න හදයි.. ඔයා බයවෙන්න එපා මම මොනාහරි කරන්නම්.. අපිට තව අවුරුදු හතරක් තිබ්බා නම් ඇති.. එතකොට අපි දෙන්නට එකතුවෙන්න පුලුවන් නේ.." මම කිව්වේ ඒසොක්ගේ නළල හාදුවකින් සරසන ගමන්. ඒසොක්ගේ කසාද ගිවිසුම අවුරුදු පහකට සීමා වෙලා තිබ්බේ. එයා අත්සන් කරලා තිබ්බේ අවුරුදු පහක් එයා හෝෂික් කියන ජරා මනුස්සයා ගේ වයිෆ් වෙලා ඉන්නවා කියලා. දැන් එක අවුරුද්දක් බොහොම අමාරුවෙන් ගෙවිලා ගියා.. තව අවුරුදු හතරයි.. ඒකත් අපිට ඉවසන්න පුලුවන්.. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේම ජීවිතයක් පටන් ගන්න...

••• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••Tempat cerita menjadi hidup. Temukan sekarang