🖤𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒 𝟶𝟒🤍

135 26 20
                                    


••• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••

"පාක් හෝජුන්ග් සහ මින් ඒසොක්"

🖤පාක් හෝජුන්ග් View 🖤

හහ්!.

ආදරේ නැතුව ඉදලා තියෙනවද???

ලැබුණු එකම ආදරෙත් නැතිවෙලා තියෙනවද???.

හහා

"නේ... නේ... නේ.......!!!!!!! ආදරේ කියන්නේ මොකක්ද? ආහ්? කවදාවත් ලැබිලා නැති දෙයක් තමයි මට....! ලැබුණු එකම ආදරෙත් මට නැතිවුණා...... තමයි... කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා දැන දැනත් ඒ ආදරේට ගොඩක් කල් පිස්සෙක් වගේ ආදරේ කලා...............!!!!!! ඒත් ඒ කිසි දෙයක් ආපහු හරවන්න බැහැ........... මට එයා නැතුව කොච්චර පාලුද කියලා ඔයාට හිතාගන්න පුලුවන්ද....? ඔයා කොහොමද මට ඔහොම හිතක් පපුවක් නැතුව කතා කරන්නේ?" ඇස්වලින් කඳුළු දාන ගමන්.. නහයෙන් හොටු දාන ගමන් මම ඒසොක් ගාව බිම දණගහගෙන ඇඩුවා.. ඒ අඩන ගමන් කෑ ගහලා එයාට ඒ හැමදේම කිව්වේ... මගේ හිතේ හිරවෙලා තිබ්බ ඒ හැමදේම එයාගේ වචන නිසා එලියට ආපු නිසා.. ඒසොක් ගේ ඇස්වලින් එලියට ගලපු කදුළු මේ වෙනකොට නැවතිලා තිබ්බේ. එයාගේ මූණ පුදුමයෙන් පිරිලා තිබ්බේ.. ඇස් දෙකත් ලොකු කරගෙන මං දිහා බලාගෙන හිටියේ එයා..

"ආ...හ්... මේ අහනවා තමුසේ මොන හේතුව කිව්වත් මම මේක ඇතුලට නම් යන්න දෙන්නේ නැහැ.. දෙවියෝ ඇවිත් කිව්වත් මම යන්න දෙන්නේ නැහැ.. ඒක මතක තියාගන්නවා.. දැන් එනවා මාත් එක්ක යන්න!!!" මම මං දිහා ගල්වෙලා වගේ බලාගෙන ඉන්න ඒසොක්ගේ අතින් අල්ලලා එයාව නැගිට්ටවන්න ගියේ..

"ආ......හ්..!" හා?

"මොකද වුණේ? ඔයා හොදින්ද?" මම ආපහු නැමිලා එයාගෙන් ඇහුවා.. "මේ කකුල.. හීල් එකත් එක්ක නේ වැටුනේ.. උලුක්කු වෙලා වගේ..." එයාගේ කකුලේ වළලු කර අමාරුවෙන් අතගාපු ඒසොක් කිව්වේ තරමක වේදනාවෙන්.. මමත් එයාගේ කකුල දිහා බැලුවා.. වළලුකර රතුවෙලා තිබ්බේ හොඳටම. දැන් මොකද කරන්නේ?

"කෝ එන්න.." මගේ කෝට් එක තව ටිකක් ලං කරලා ඒසොක්ගේ නිරාවරණය වෙලා තිබ්බ කකුල් වහපු මම එයාට මගේ පිටට නගින්න කියලා සන් කලා.. මගේ කෝට් එකත් දිගයි මේ කෙල්ලගේ ගවුමට වඩා... හහ්! මෙහෙම ඇදගෙන පාරේ ආවේ කොහොමද මන්දා මෙයා.. අන්තිමේ ඒසොන් අමාරුවෙන් මගේ පිටට නැග ගත්තා.. අහ්.. මෙයා නම් කන්නේ නැද්ද මන්දා.. එච්චර බරක් නැහැ නේ.. මගේ පපුව වටේ එයාගේ අත් වෙලා ගත්ත ඒසොක් එයාගේ ඔලුව මගේ උරහිස උඩින් තියාගත්තා..

••• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••Where stories live. Discover now