🖤𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒 𝟶𝟔-05🤍

68 11 2
                                    

•• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••

"පාක් හෝජුන්ග් සහ චෙරි බ්ලොසම්"
Part 05

🖤පාක් හෝජුන්ග් View 🖤

මම කතාව කිය කියා ඉන්න ගමන් හිටියේ.. ඒ ගමන් ම මම දැක්කා මං දිහා බලාගෙන ඉන්න මින් ඒසොක් ව.. එයාගේ දණහිසට බර දීලා වැලමිට තියාගෙන, කම්මුලට අතකුත් තියාගෙන එයා මං දිහා බලාගෙන හිටියේ.. මම එයා දිහා අවධානයෙන් බැලුවේ එයා එක දිගටම මං දිහා  හුස්ම ගන්නෙත් නැතුව බලන් ඉන්නවා වගේ පෙනුන නිසා...

ඒත් මම මගේ කතාව කියන්න ගන්න හැදුවේ දිගටම... මොකද ඉක්මනටම මේ මින් ඒසොක් ව ගේ ඇතුලට එක්ක ගෙන යන්න ඕනේ.. ආපහු මෙන්න මෙයා මම දාපු කෝට් එකත් ගලවලා ඒකෙන් කකුල් විතරක් වහගෙන ඉන්නවා.. ඔහොම ඉදලා සීතලක් වත් හැදෙයි.. මම එයා දිහා  නිකමට ආපහු බැලුවේ කෝට් එක දාගන්න කියන්න.. ඒත් එයාගේ කම්මුල් අතර දිලිසෙන සේද පටලයක් වගේ අමුතු දිලිසෙන රේඛාවක් දැක්ක නිසා මම එයා ලගට ලංවුනේ උවමනාවෙන්මයි... හිමින් හිමින් මගේ ඇගිලි තුඩු ඒ මෘදු කම්මුල්වලට ලංකල මට දැනුනේ තෙතබරිත වුන උණුසුම් ස්පර්ශයක්.. එයාගේ කම්මුල් ඔක්කොම තෙත බරිත වෙලා පෙඟිලා තිබ්බේ.. මගේ ඒ කෙටි ස්පර්ශයත් එක්ක තමයි ඒසොක් හරි සිහියට ආවේ.. එයා අසාමාන්‍ය විදිහට ඇස් පිල්ලම් ගහලා මං දිහා බැලුවේ හරියට හොදටම බයවෙලා වගේ.. මේ වෙනකොට මම එයාට ගොඩක් ලංවෙලා හිටියේ.... හරියට නිකන් දශමයක් හෙලවුනොත් එයාගේ අපේ මූණූ ගෑවෙන්න පුලුවන් වගේ.. හිටි හැටියේම අපි දෙන්නටම මේ අසාමාන්‍ය ලංවීම ගැන දැනුනේ අපහසුවක්...

"දෙ... දෙ... වෙනි නී..තිය!!! අ...අ.. අනවශ්‍ය විදිහ....ට ම.. මට ලංවෙන්න හද...න්න එපා..!!!!" සැනින් වෙව්ලන තොල් එක්ක මින් ඒසොක් කෑ ගැහුවා.. මම එයාගේ කම්මුල්වල තිබ්බ මගේ ඇගිලි අරගත්තේ ක්ෂනිකයෙන්.. ඊට පස්සේ කලින් හිටියා වගේම එයාගෙන් ඈත් වෙලා වාඩිවුනා... එයාගේ තොලක් බාගෙට හපාගත්ත මිචින් ඒසොක් මං දිහා හොරැහින් බලනවා වගේ දැනුන නිසා මම මගේ අත් එකට අතුල්ලන ගමන් බිම බලාගත්තා.. කොයි වෙලාවේ බනියි ද දන්නේ නෑනේ...

"ඔයා...ගේ..  කතාව.... ඒක කියන්න... චෙපල්... මට දැනගන්න ඕනේ ඉතුරු ටිකත්...." හිමින් හිමින් ඒසොක් කිව්වා... මම හිමින් එයා දිහා බැලුවා.. එයා හිටියේ එයාගේ කම්මුල් තෙමලා තිබ්බ කදුලු පිහදාන ගමන්..

••• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••Where stories live. Discover now