🖤𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒 𝟶𝟔-03🤍

61 10 3
                                    

⚠️17+⚠️

(ප්ලීස් පුලුවන් නම් Filhaal අහන්න කියවන ගමන් 🥺)  (උඩ මම දාලා තියෙනවා ඒ සින්දුවේ ලින්ක් එක. පෝස්ටර් එක ස්ලයිඩ් කරලා බලන්නකෝ)

••• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••

"පාක් හෝජුන්ග් සහ චෙරි බ්ලොසම්"
Part 03

🖤පාක් හෝජුන්ග් View 🖤

"හෝජුනා....,"

අන්තිමේ මගේ ඒසොක්ගේ කටින් මගේ නම පිටවුනේ හරියට ඇඬිල්ලක් වගේ.. ඒත් එයාගේ තොල්වල තිබ්බේ එයාගේ දුක වහගන්න දාපු ලස්සන බොරු හිනාවක්..

"ව්වේ..... නේ සරන්ග්...." එයාගේ කම්මුලක් උඩින් මගේ අත අතුරපු මම ඇහුවේ එයාගේ ඇස් දිහා කෙලින් බලන ගමන්... ඒ ඇස් වල තිබ්බ වේදනාව හිමින් සීරුවේ කම්මුල් තෙත් කලේ මගේ හදවත පුපුරවලා දාන ගමන්.. මගේ යටිතොල හපාගත්ත මම හදවතට දැනුන ඒ වේදනාව දරාගත්තේ ගොඩක් අමාරුවෙන්..

"හෝජුනා..., මම ඔයාට ඔප්පා කියන්නද?.. හ්ම්ම්...?" හිමින් සීරුවේ එයාගේ තොල් අතර පුංචි ඉකියක් හංගගන්න ගමන් ඒසොක් ඇහුවේ මගේ ඇස් දිහා කෙලින් බලන ගමන්.. "යා... පබොයා.. ඕක මගෙන් අහන්න දෙයක් ද?" මම එයාගේ ඔලුවට පුංචි ටොක්කක් අනින ගමන් කිව්වේ පුංචි හිනාවක් තොල් වලට එකතු කරගන්න ගමන්.. මම හිතුවේ එයා හිනාවෙයි කියලා.. ඒක... ඒක.. විහිලුවක් කියලා මම හිතුවේ.. ඒත්.. ඒත්.. ඒ වෙනුවට ඒසොක් කලේ.. මගේ පපුවේ එයාගේ මූණ ඔබාගෙන අඬන එක... මට දැනුනේ.. මට දැනුනේ... ඒක කොහොමද මම විස්තර කරන්නේ? මට දැනුනේ.. මම.. මගේ මුලු ඇගම එක මොහොතකට පණ නැති වුනා වගේ මට දැනුනේ.. ඒසොක් මේ විදිහට අඬනවා...? මම කොහොමද මේක බලාගෙන ඉන්නේ..? මට බෑ මේක දරාගන්න... ඒත් මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ... බලාගෙන ඉන්නවා හැර...

"ඒ මනුස්සයා කියනවා එයාට ඔප්පා කියන්නලු.. මට බෑ හෝජුනා මට බෑ.." ඒසොක් මේ විදිහට අසරණ වෙලා ඉන්නවා බලද්දී මගේ ඇස්වලට ඉබේම කදුලු පිරුනා.. එයාගේ කම්මුල්වල තිබ්බ ඒ කදුලු පිහදාන ගමන් මම එයා දිහා බැලුවේ මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව... "බලන්නකෝ දැන් හොදට හිතලා.. එයා ඔප්පා කියන්න පුලුවන් වයසක ද ඉන්නේ? හරි නම් එයා අජොෂ්ෂී (අංකල්) කෙනෙක් නේ.. නේද අනේ?" ඉක්මනින්ම එයාගේ මූණ වෙනස් කරපු ඒසොක් එහෙම කියලා හිනාවුනේ ඒ කතාව විහිලුවක් වගේ බොරුවට වෙනස් කරන ගමන්.. ඒත් ඒ හිනාව එක්ක මට එයාගේ තොල්පෙති හොදින්ම පෙනෙන්න ගත්තා..  ඒ තොල් පෙති... ඒවා.. ඒවා හොදටම තැලිලා, රතු වෙලා තිබ්බේ... දෙතුන් තැනකම මට දකින්න ලැබුනු තද රතුපාට ලකුණු... ඒවා.. ඒවා ටිකක් තද හැපීම් ලකුණු කියලා මට දැනෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ.. එයා තාමත් මං දිහා හිනා වේගෙන බලාගෙන ඉන්නවා.. මම හිමින් ම මගේ ඇස් එයාගේ බෙල්ල දිහාට යොමු කලත් එයා මුලු බෙල්ලම වැහෙන, අත් දිග ඇදුමක් ඇදගෙන හිටිය නිසා මට එයාගේ මූණ විතරයි හරියටම බලාගන්න පුලුවන් වුනේ.. ඒසොක් ගේ තොල් අතර තිබ්බ ඒ බොරු හිනාව  තරම් මගේ හදවතට වේදනාවක් දෙන තව දෙයක් නැති තරම්.. කරේ.. මට මේවා කලින් හිතන්න තිබ්බා.. ඒ මනුස්සයා ඒසොක් ව බැන්දා.. දැන් ඒ දෙන්නා... ඒ දෙන්නා බැදපු දෙන්නෙක් වගේ ජීවත් වෙන්න ඕනේ.. ඒත් ඒසොක් කොහොමද මේක දරාගන්නේ? අනේ දෙවියනේ නඒ ඒසොක්.. එයාගේ මේ එයාගේ තොල් අතර රදවගෙන ඉන්නේ මොන තරම් වේදනාවක් ද?

••• 𝙍𝙚𝙫𝙚𝙧𝙨𝙤 •••Where stories live. Discover now