මන් ආදරෙයි🍂

1K 203 130
                                    


'ඒ ඇස් දිහා තවත් කොහොමද මම බලන්නේ... ඒ දේවල්.... ඒ දේවල්... ඒ හැමදේම මම නිසාද... ඒ පොඩි කොල්ලා මට ආදරේ කරනවා...
එයා ඇත්තටම මට ආදරේ කරනවද... හදවත ගැහෙන වේගේ අදනම් හොදටම වැඩී... මුලු ඇගම සීතල වෙලා ගිහින්.. '

එයා මට ආදරේ කරනවා.

හැමෝගෙන්ම හැන්ගෙන්න දුවන් ආපු ශෙහාන් එලියේ බෙන්ච් එකක වාඩි වෙලා දෑතින්ම ඔලුව බදා ගත්තා.
ආයෙමත් ඒ සිංදුව අහන්න ශෙහාන්ට ඔනේ උනා. ඒ සිංදුවේ මොනා ගැනද හරියටම තියෙන්නේ කියලා ශෙහාන්ට හොයන්න ඔනේ උනා. ඒ සිංදුව කිව්ව ඇත්තටම එයාටද කියලා ශෙහාන්ට දැන ගන්න ඔනේ උනා. ෆෝන් එක හොයාන්න අත් දෙක පල්ලහේට ගත්තමයි දැක්කේ ඒ අත් හොදටම වෙව්ලනවා කියලා.
'මම දැන් මොකක්ද කරන්නේ...' ශෙහාන් දස අතේ කල්පනා කරනවා.
ශෙහාන් කවදාවත් මෙහෙම අසරණ වෙලා නෑ. ඒත් එක්කම ලොකු වරදකාරී හැගීමක් ශෙහාන්ට දැනුනා.

හොදට හිටපු කොල්ලා එකපාරටම පාටිය අතර මැද යද්දී වීර්ට තේරුනා මොකක්හරි වෙලා කියලා. වීර් ශෙහාන්ව හොයාගෙන එලියට ආවා. ශෙහාන් බෙන්ච් එකට වෙලා තනියෙම පැත්තක් බලාගෙන කල්පනා කරනවා. ශෙහාන් ලගට ගියපු වීර්

" මොකක්ද මචන් උනේ😲....."

" මට උදව්වක් කරපන් මචන්... අදට විතරක් මට එම්ට කතා කරන්න චාන්ස් එකක් අරන් දීපන්.. මන් සේරම උබට පස්සේ කියන්නම්..."

" උබලා දෙන්නා මට එක වගේ... ප්‍රශ්නයක් තියෙනවනම් කතා කරලා විසද ගන්න.. මම හෙට එන්නම්.. අපි කතා කරමු... "

ශෙහාන්ගේ ජීවිතේට හම්බුනු හොද යාලුවෙක් තමයි මේ වීර් කියන්නේ. වීර් එතනින් එහාට මොකුත් ඇහුවේ නෑ. ශෙහාන්ට ඉන්න දීලා එයා ඇතුල්ට ගියා.

පාටිය ඉවර වෙලා එම්ගේ යාලුවෝ ඔක්කොම යන්න ගියා. වීර් එම් එක්ක හිටියා පාටිය අන්තිම වෙනකල්ම. අන්තිමට ව්ර් එම්ව පැත්තකට අරන් ගිහින්

" ශෙහාන් ඉන්නේ ලොකු අවුලක.. මම දන්නෑ මොකක්ද ප්‍රශ්නේ කියන්නනම්.. මොකක් හරි තියෙනවනන් කොහොමහරි ඒක විසද ගන්න.. මම හෙට එන්නම්..."

" ඔව්..... ප්‍රශ්නයක් තියෙනවා.. මන් හිතන්නෑ ඒක විසද ගන්න පුලුවන් වෙයි කියලා. මම හෙට සමහරවිට එපාර්ට්මන්ට් එකෙන් යයි. එහෙම උනොත් මා එක්ක තරහ වෙන්න එපා.😞."

𝙊𝙣𝙡𝙮 𝙁𝙤𝙤𝙡𝙨 𝙁𝙖𝙡𝙡🍂Tempat cerita menjadi hidup. Temukan sekarang