සැගවුනු ආදරය🍂

1.1K 216 183
                                    

ජිවිතේ විදින්න ආස කරන ආදරවන්තයින් ඔවුන්ගේ පලමු රාත්‍රිය හරි අපුරුවට අමතක නොවන අයුරින් ගෙවනවා. රිදවීම් අතරේ දැනෙන අමුතු හැගීම් ඇග පුරා දුවන සීතල හිරි වැටීම් ඔවුන්ව ඒ රැයේ මත් කරවනවා. ශෙහාන් හරි සිහියක හිටියේ නැති හැම තල්පරයකම එම් හිටියේ සැබෑ ලෝකේ හීන දකින ගමන්. එම් ඒ රැයේ සදහටම ශෙහාන්ගේ උනා. එදා රෑ ශෙහාන්ගේ හදවත පිලිනොගත්තත් එම්ගේ හදවත එක පිලිගත්තා.

එම් හැම රිදුමක්ම දරාගත්තේ ශෙහාන් වෙනුවෙන් උතුරන ආදරය නිසයි. රැය ගෙවෙද්දී එම් සිහින් කටහඩින් ලයිට් ඕෆ් කරන්න කියද්දී ශෙහාන් ලයිට්ස් ඕෆ් කරෙත් එම්ගේ සිහියෙන්. එම්ට ඔනේ උනා ඒ ඇස් දිහා අදුරේ ඉදන් බලන් ඉන්න. මේ එයා හදවතින්ම ආදරය කරන කෙනා. එයාගේ ජීවිතේ වටිනම කෙනා.

එම්ගේ හිතට එක එක දේවල් එන්න පටන් ගත්තා. හුගාක් කොල්ලෝ මේ විදිහට එකතු වෙන්නේ ආදරේට නෙවෙයි කියලා එම් දැනම් හිටියා. ඔව් ශෙහාන්ගේ කටින් ඒ ලස්සන වචන එලියට ආවේ නෑ. එම්ට ඔනේ උනා මම ආදරෙයි කියලා ශෙහාන්ගේ කනට ලන් වෙලා කියන්න. ඒත් ශෙහාන් ආදරේ කරනවද...? මේ දේ මොකක්ද..? එම්ට ප්‍රශ්න ගොඩාක් ආවා.

එම් වේදනාවත් ආදරයත් හන්ගගෙන රැය ගෙව්වා.

.........................🌤️..........................

උදේම නැගිටින පුරුද්ද නිසා එම්ව උදේම ඇහැරෙව්නා. මුලු ඇගම රිදුම් කනවා. හොදටම ඇගත් රස්නෙයි. එහා පැත්තේ වැතිරිලා තාමත් ශෙහාන් නිදි. එයා තාමත් හීන දකිනවා ඇති.
ඒත් ශෙහාන් එක්ක මෙහෙම ලගින් ඉන්න අන්තිම දවස අදද...? එම් ශෙහාන්ගේ පියකරු මූන දිහා බලාගෙන කල්පනා කලා. මේ ආඩම්බරකාරයා මට ආදරේ කරන්නේ නෑ නේද...? එම් ශෙහාන්ගේ තද කලු කොන්ඩේ අතරට ලන්වෙලා උණුසුම් හාදුවක් තිබ්බා.

'මේ සුවද මෙච්චර ලගින් දැනෙන අන්තිම දවස අද වෙන්න පුලුවන්...'

එම් ඇදෙන් නැගිටලා කාමරේ පුරා තිබුනු රෙදි එකතු කරගෙන වොශ් රූම් එකට ගියා. ශවර් එක යට ඉද්දී ඇගට වැටෙන වතුරත් එක්ක තවත් වේදනාව වැඩි වෙන්න පටන් ගත්තා. ඇග හෝදම් එලියට ඇවිත් මිල්ක් එකක් බිබී ෆෝන් එක අතට අරගෙන ගූගල් සර්ච් කලේ ශ්‍රී ලංකවේ ශෙහාන් ඉන්නවා කිව්වා ගම ගැන. එම්ට ඔනේ උනා කවදා හරි ලංකාවට යන්න.. මිල්ක් එක බීලා වේදනාව නිසා පෙයින් කිලර්ස් දෙකක් බීලා එම් ඇදට වැටුනා.

𝙊𝙣𝙡𝙮 𝙁𝙤𝙤𝙡𝙨 𝙁𝙖𝙡𝙡🍂Where stories live. Discover now