එයා ලස්සනයි🍂

1.1K 243 107
                                    


කා එක්ක හරි තරහා උනහම ඒ තරහා එක එක අය පිට කරන්නෙ එක එක විදිහට. එම්ට ශෙහාන් එක්ක දැන් හරි තරහයි. ඒත් ඉතින් බනින්නද... මොනා කියලා කරන්නද... එම් ශෙහාන් එක්ක කතා නොකර ඉන්න තීරනය කලා. එම් ශෙහාන්ව ගනම් නොගෙන වීර් එක්ක හොදට කතා කලා. එම් මෙහෙම වෙනස් විදිහට හැසිරෙද්දී ශෙහාන්ට ඒක හොදට තේරුනා. එම් අවුලෙන් ඉන්නේ කියලා ශෙහාන් දැන ගත්තා. ඒත් ඒ ඇයි කියන්න හරියටම ශෙහාන් දන්නේ නෑ.

ශෙහාන්ට ඔය අතරේ ඉන්දියන් කෙල්ලගේ නම්බර් එකත් හම්බුනා. ඒත් ශෙහාන්ට ඒක ගැන වැඩි අවදානයක් දෙන්න බැරි උනා. එයාලගේ එක්සෑම් ලන් උන නිසා. ශෙහාන් දාගෙන පාඩම් කරනවා ඒ නිසා.

....................❄️🌨️❄️........................

දැන් වින්ටර් සීසන් එකත් ආවා. ඒ සීතල කොච්චර අමාරුද කියනවනම් ශෙහාන්ට ඒ කාලෙට හොදටම උණ ගන්නවා දරාගන්න බැරි කමටම. මේ පාර සීසන් එකෙත් ශෙහාන්ට උණ ගත්තා. ඒ අස්සේ එක්සෑමුත් ඒක්ක. කොල්ලා ඉතින් උණත් හදාගෙන රෑ එලි වෙනකල් පාඩම් කලා. ශෙහාන්ට උණ හැදුනම එම්ට ඔනේ උනා ශෙහාන්ට කොහොමද කියලා බලන්න. ඒත් එයාට ශෙහාන් ලගට යන්න හිතුනෙනම් නෑ.

ඔහොම දවස ගෙවෙද්දී,
හොදටම රෑ වෙලා එම් එයාලගේ රූම් එකෙන් එලියට එද්දී ශෙහාන්ගේ රූම් එකේ ලයිට්ස් දාලා තිබුනා. එම් බය උනා ශෙහාන්ට උණ වැඩි වෙලාවත්ද කියලා. ඉතින් එම් රූම් එකට ඔලුව දාලා මොකෝ කියලා බල්ද්දී ශෙහාන් පාඩම් කරනවා මේසේ ඉදගෙන.

" නිදා ගන්නේ නැද්ද ඔයා..🙄"

එම් ශෙහාන්ගෙන් එහෙම අහද්දී ශෙහාන් එම් දිහාවට හැරිලා

" අනේ එක්සෑම් ලගයි මට තව ගොඩාක් වැඩ තියෙනවා..🤒"

ඒ ඇස් රතුවෙලා. ශෙහාන්ට හොදටම සනීප නෑ කියලා මූන දැක්කම එම්ට තේරුනා. එම් තරහා ඔක්කොම අමතක කරලා එයාගේ වැඩ පැත්තකට දාලා ශෙහාන්ගේ ලගින් හිටියා එතනින් පස්සේ.

" ඔහොම කරදර වෙන්න එපා මන් හින්දා😢.."

ඕවා කිව්වට එම් නෙවේ ශෙහාන් ගැන බලන එක නතර කලේ. එම් ශෙහාන්ට බලෙන්ම කන්න බොන්න දීලා බෙහෙත් ටික වෙලාවට දීලා දවසෙම ලගින් ඉදලා බලා ගත්තා. වීර් උනත් ශෙහාන්ට පුලුවන් විදිහට උදව් කලා පාඩම් වැඩ ටික කරගන්න. එමීගේ හිතේ ශෙහාන් ගැන තිබ්බ හැගීම ඒ...කත් එක්ක තවත් වැඩි උනා. ඒත් වෙලාවකට ඒක එහෙමම නැතිවෙලා යනවා.

𝙊𝙣𝙡𝙮 𝙁𝙤𝙤𝙡𝙨 𝙁𝙖𝙡𝙡🍂Onde histórias criam vida. Descubra agora