💕Episode 40 (Last Episode)💕

1.4K 145 75
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

Chapter 12
sᴇɴᴛᴇɴᴄᴇ!

ස්ථානය - පොලිසිය / උසාවිය

ᴡʀɪᴛᴇʀ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

අන්තිමේ හැම සාක්ෂියක් ම හම්බුනා... Sejin තමයි අර ඩයරි එකේ තිබ්බ account වලින් හැම data එකක් ම recover කර ගත්තෙ.

"ඒක නෙවේ ඔය ඔයාලා 'Sejin Hyung' කියන කෙනාව මටත් මුණ ගස්සන්න කෝ.. එයා මට ගොඩක් උදවු කරලා තියෙනව. ඒත් මම එයාව තාම දැකල නැහැ" Yerin කන් කෙඳිරි ගන්න ගත්තා....

"එයා මෙයා කියන්න එපා Oppa කියන්න එයා ඔයා ට වඩා වැඩිමල්" Yerin ට ටොක්කක් ඇනපු Jungkook කිව්වා..

"හරි අනේ... ඔක්කොම මට වඩා වැඩිමල්... මල වදේ මේක නම්..." Yerin කියවන්න ගත්තා..

"මම ඕක දන්නවා.. ඔයාව මුණ ගැහෙන්න කලින් මම නේ මේ කට්ටියගේ Maknae.. ඒත් අපේ Hyung ලා හරිම හොඳ යි... නේද Jin Hyung...?" Jungkook ගිහින් Jin ගෙ කොන්ද ට පැන්න..

"Yaaaaa බහිනවා කොන්දේ න්.. මරන්න ද හදන්නේ මාව?" Jin ගිරිය කඩාගෙන කෑ ගැහුවා.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

"ඒත් සර්... අැයි ඔයා කියන්නෙ අපිට මේ කේස් එක රී ඕපන් කරන්න බැහැ කියලා? අපි... අපි ගාව හැම සාක්ෂියක් ම තියෙනව" පොලිසියේ ඔක්කොම එලියට විසික් වෙන තරං සද්දේ න් Yerin කෑ ගහන්න ගත්තා.

"Yerin-ah පොඩ්ඩක් සන්සුන් වෙන්න කෝ.." Taehyung අමාරුවෙන් එයාගෙ නංගී ව නවත්ත ගත්තෙ. අද පොලිසියට ආවේ මේ අයියා යි නංගී යි විතරයි. අනික් හැමෝම වැඩ එක්ක බිසී වෙලා ඉන්නේ.

"මෙහෙමයි සර්... අපි හැම සාක්ෂියක් ගෙනාවට ත‍් පස්සේ ඔයා ඔය විදිහට කතා කරනවා කියන එකේ තේරුම.. ඔයා වරදකාරයා ව ආරක්ෂා කරනවා කියන එක. එහෙම උනොත් මට සිද්ධ වෙනවා ඔයා ට විරුද්ධව නඩු දාන්න" Taehyung එයාගෙ සද්දෙ අඩු කරලා හැබැයි ගොඩක් තියුණු විදිහට කිව්වා.

"අනේ ඔය දෙන්නා තේරුම් ගන්නේ නැහැ නේ. මෙහෙමයි.. ඔයාලා දන්නවා ද දන්නේ නැහැ මේ කෝල්ඩ් කේස් තියෙනව නෙ. ඒවා ඉවර කරන්න කාළයක් තියෙනව. එහෙම කේස් වල ඒ නියමිත කාලයට පස්සේ අපරාධකාරය හරි සාක්ෂි හරි ලැබුණට වැඩක් නැහැ. අපිට බැහැ ඒ කේස් එක වෙනුවෙන් කිසිම කෙනෙක් ව අත්අඩංගුවට ගන්න අදාළ කාලේ පැන්නට පස්සේ. ඔයාලා ගෙ තාත්තා ගෙ කේස් එක ඉවර කරන්න දින නියම වෙලා තිබ්බේ මීට අවුරුදු දෙකකට කලින්. ඉතින් ඒ වෙන්කොට අපිට කිසිම සාක්ෂියක් වත්, සැකකාරයෙක් වත් ලැබුණේ නැති නිසා ඒ කේස් එක ඉවරයි. අපිට ඒක ආපහු කවදාවත් රී ඕපන් කරන්න බැහැ..." පොලිස් රහස් පරීක්ෂකතුමා Yerin ගෙ යි, Taehyung ගෙ යි හිතේ තිබ්බ ඔක්කොම බලාපොරොත්තු ටික වීදුරුවක් වගේ කඩලා දැම්මා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now