💕Episode 33💕

714 129 19
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

sᴜʙ-ᴄʜᴀᴘᴛᴇʀ 07-01
ᴀ ʙʀᴏᴛʜᴇʀ & ᴀ sɪsᴛᴇʀ

(මේ Episode එක කියවන්න කලින්, කතාව මතක නැත්නම් 29 වෙනි episode එක කියවලා එන්න දුවලා ගිහින් 😁)

වේලාව : උදේ!
ස්ථානය : කොෆී ෂොප් එක

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

මම Jungkook එනකන් ගොඩක් වෙලා බලන් හිටියා...

හිතා ගන්න බැහැ මෙයා මෙච්චර පරක්කු වෙන්නේ කියලා.... අව්වේ කර වෙලා එපා වෙලා හිටියේ...

තරහ ගියත්... ආපහු ඒ තරහ නැති උනේ.... මට Jungkook එක්ක තරහ ගන්න ගන්න බැරි නිසා.... මට බය හිතුනා එයා ට මොනා හරි කරදරයක් ද කියලා....

ඒත් මේ කවුද මේ ඇවිත් මාව බදා ගත්තෙ?

මොකද කරන්නේ මම?

මෙයත් එක්ක කොෆී ෂොප් එකට යනවද?

නැද්ද?

මන් හිතනවා Jungkook ඉක්මනට ම එයි කියලා.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

අන්තිමේ මම අර කෙනත් එක්ක කොෆී ෂොප් එකට ගියා.

එයා කවුද කියලවත් මට දන්නේ නැහැ තමයි... ඒත් Jungkook එයි නේ ටිකකින්... මෙයා අවුලක් වෙන එකක් නැහැ. මම එහෙම හිත හදාගත්ත.

"ඔයා මොනවද බොන්නේ?" මේ මනුස්සය ත‍් එක්ක ලොකුවට හිනාව දාගෙන යන්න ඕනේ නැහැ... හම්බුන ගමන් ම මාව බදා ගත්ත හින්දා මට එයා ගැන එච්චර පැහැදීමක් තිබ්බේ නැහැ.

"නැහැ මොකුත් ඕනේ නැහැ.. මට කරුණාකරලා ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා ඉන්නවද?" මම ඇහුවේ කැමැත්තෙන් නෙවෙයි.

"ඕහ්! ඔව්මයි අපි දෙන්න අදුරන්නේ නැහැ නේ" එයා එයාගෙ කොටු හැඩේ හිනාව දාල කිව්වා..

හ්ම්ම්...

"මම තමයි Kim Taehyung! Blue Mount Group එකේ ඩිරෙක්ටර්" අම්මෝ මෙයා හෙන සල්ලි කාරයෙක් ද කොහෙද? හෙන ඔලුවෙන් වගේ ඉන්නේ... ඒත් එයා මොකටද මාව හම්බෙන්න ආවේ?

"Annyeong! මම Kim Yerin!" මම මාවත් හදුන්වලා දුන්නා.

"ඒත්.... ඇත්තටම ඔයාට කියන්න පුළුවන් ද ඔයා මොකටද මාව හම්බෙන්න ආවේ කියලා?" මම කෙලින්ම මූණට ම දමලා ගහලා ඇහුවා.. කවුද දන්නේ නැහැ නේ. මෙයාව හුරතල් කර කර ඉන්න බැහැ නේ.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now