💕Episode 29💕

664 132 10
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 07
ᴀғᴛᴇʀ ʟᴏɴɢ ᴛɪᴍᴇ!
ᴘᴀʀᴛ 02

වේලාව : උදේ
ස්ථානය : පාර

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

හ්ම්ම්.... එදා රෑ ට පස්සෙ අපි තවත් ගොඩක් හොඳ යාළුවෝ උනා.

ඈහ්!? යාළුවෝ?

නැහැ නැහැ යාළුවෝ නෙවෙයි.

මන් දන්නේ නැහැ...

මම එයාට කැමැතියි. මන් දන්නවා එයත් ඒක දන්නවා කියලා. ඒත්... ඒත්.. එයා මොකුත් කියන්නේ නැහැ නේ...

මම දන්නවා එයත් මට කැමතියි කියලා....

අනේ මන්දා.... අපි දෙන්නම දන්නවා අපි දෙන්නට දෙන්නා කැමැතියි කියලා..

ඒත්... අපි තාම... අපි තාම ඒක... කියලා නැහැ...

කොහොමවුනත් දැන් Jungkook ට ජොබ් එකක් තියෙනව. අපේ convenience store එකට හෝල්ට් එකක් විතර දුරින් තියෙන සුපර් මාකට් එකක තමයි Jungkook වැඩ කරන්නේ.

හැබැයි ඉතින් එයත් නිකන් අපේ ස්ටෝර් එකේ කෙනෙක් වගේ හැමදාම උදේට අපේ convenience store එකට ඇවිත් යන්නේ. Yoongi ව ඇරලවන්න ලු එන්නේ.

දෙන්න එකට බස් එකේ ඇවිත්, බස් හෝල්ට් එකේ ඉඳන් මීටර් සීයක් දෙසීයක් විතර එන්න තියෙන ස්ටෝර් එකට Yoongi ව තනියෙන් එවන්න බය නිසා ලු Jungkook එයාව ඇරලවන්න එන්නේ.

Jungkook හිතන්නේ මම දැන් එයා කියන හැමදේම විශ්වාස කරන්න ඕනේ කියලා.

අනේ මන්දා ඉතිං.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

කෝ දැන් කොච්චර වෙලාද එනවා කියලා. මේ අව්වේ බලන් ඉන්නවා ඉන්නවා තාම නැහැ. මම මගේ බැන්ඩේජ් ඔතලා තිබ්බ අත නළල ට තියලා ඈත බැලුවා.

පේන මානෙක Jungkook-ah නෑනේ.

දැන් නම් මගේ අත හොඳයි. හැබැයි තාම බැන්ඩේජ් එක නම් අයින් කරන්න එපා කියලා Jin oppa කියපු නිසා මම ඉතින් තියන් ඉන්නවා.

අයියෝ.... අද Jungkook ට එන්න අදහසක් නැද්ද?

එයා තමයි මට අද එන්න කිව්වේ මෙතනට. මොකටද කියලා කිව්වෙත් නැහැ. මමත් හිතුවා මට සප්‍රායිස් එකක් ද කියලා...

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now