💕Episode 26💕

688 140 8
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 06
sʜᴇ!
ᴘᴀʀᴛ 05

වේලාව : හිතා ගන්න බැහැ (කොහොමහරි රෑ)
ස්ථානය : ස්ථාන ගොඩ යි.

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

Yerin වැඩ කරනවා බලන් ඉද්දී ත‍් හරිම ෂෝක්. එයා ට උදවු කරන එක, ඒක ඊටත් වඩා ෂෝක්.

හැමදේම හොඳින් තියෙන්න තිබ්බ මේ කොහෙන්ද පාත් උන Lee Da Hee, Yerin ගෙ අතට සුප් එකක් හැලුවෙ නැත්නම්.

"එහෙම බැහැ ඔයා ට දැම්මම එන්න වෙනවා. මිස්ටර් Namjoon කියලා කෙනෙක් තමයි ඔයාට මේ පණිවිඩේ දෙන්න කිව්වේ" මේ වද කාරයා යන්නේ නැහැනේ.

පොඩ්ඩක් ඉන්න?

Namjoon hyung?

ආ... හ්! මෙතන වෙච්ච දේ hyung ත‍් දැන ගෙන ද?

*✲゚*。✧*✲゚*

(අද කතාව)

මම hyung වයි මිස්ටර් Park වයි හම්බවෙලා එද්දි හොටෙල් එකේ හෙල්පර් කෙනෙක් Yerin ගෙ ඇදුම් මාරු කරලා, කොන්ඩෙ ලිහිල් කරලා එයාව හොස්පිට්ල් ගෙනියන්න පුළුවන් විදියට ලෑස්ති කරලා තිබ්බේ.

එයාලා වෙහිකල් එකකුත් දුන්නා අපිට යන්න. තව අර මිස්ටර් Jung ත‍් මාත් එක්ක ආව. මම Yerin පිටි පස්සේ සීට් එකේ හාන්සි කරවලා එයාගෙ ඔලුව මගේ ඔඩොක්කුවේන් තියා ගත්තා. එයාට ගොඩක් රිදෙනව වගේ. මොකද එයාගෙ අැස් ගොඩක් තද වෙලා තියෙන්නේ...

හොස්පිට්ල් අරන් යනකන් එයාගෙ ඔලුව අතගෑව. ඒක එයාට පොඩි උදවුවක් වෙන්න ඇති.

හොස්පිට්ල් එක්ක ගෙන ගිය ගමන් මම එයාව ත‍් උස්සගෙන හොස්පිට්ල් එක ඇතුලට ගියා. "ප්ලීස් ඉක්මනටම ඩොක්ටර් කෙනෙක් අැවිත් මෙයාව බලන්න. මෙයාට අමාරුයි" මට ඉබේටම කෑ ගැහුනා. මගේ කටේ සද්දෙ වැඩි නිසාද කොහෙද ඉක්මනට ම තරුණ ලේඩි ඩොක්ටර් කෙනෙක් මට Yerin ව තියන්න කියලා ඇඳක් පෙන්නුවා.. මමත් ඉක්මනට Yerin ව උස්සගෙන ගිහින් ඇඳෙන් තිබ්බ.

"ඩොක්ටර් ඉක්මන් කරන්න.... ප්ලීස් එයා ට අමාරුයි.... එයා ට ඉක්මනට ම බෙහෙත් කරන්න. ප්ලීස්....." මම ඩොක්ටර් ට ඉක්මනට ම කිව්වේ ඩොක්ටර් මොකක්ද ෆයිල් එකක් ගන්න ගිය නිසා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now