💕Episode 38💕

Start from the beginning
                                    

(ඔන්න ලමයි එදා වගේම මෙතන ඉඳන් කතාව එකටම View ලියන්න ඕනේ නිසා මම Name එක දාලා වරහන් ඇතුලේ එයාලගෙ View එක ලියනවා... එතකොට වරහන් ඇතුලේ යන්නේ එයාල හිතන දේවල්... උඩු කොමා... ඒ කියන්නේ මෙවා "" දාලා ලියන්නේ එයාල කියන ඒවා... එදා episode එක කියවපු නැති කෙනෙක් හරි, තේරුනේ නැති කෙනෙක් හරි හිටිය නම් කියලා මේක ආපහු කිව්වේ. ඔයාලට එදා episode එක නම් ටිකක් පැටළුණා නේ? අද එක කොහොම වෙයි ද දන්නේ නැහැ.. මොකද අදත් Views තුනක් නේ.)

ᴍɪɴ ʏᴏᴏɴɢɪ's ᴠɪᴇᴡ

[ලොක්කෝ වගේ ආවා.. දැන් මේ ගෙදර ඇතුලට යන්නේ.. කොහොමද?]

"Yaaa Jungkook-ah... ඇතුලට යන්නේ කොහොමද කියලා Taehyung-ah කිව්වා ද?"

[ප්ලෑන් එක ගහන වෙලාවේ මන් හිතන්නේ මම හරියට අහගෙන හිටියේ නැහැ...]

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

"Taehyung Hyung කියන්න ඕනේ නැහැ hyung.... මේ ගෙදර ඇතුලට යන එක එච්චර අමාරු දෙයක් නෙවේ..."

[මේ ගෙදර ඉතින් නුහුරු තැනක් නෙවේ නේ...]

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

[මේ ගෙදර ඇතුලට යන එක අමාරු දෙයක් නෙවේ? හහ්! මෙයා ට මේ ගෙදර එයාගෙ ගෙදර වගේ දැනෙනවා ඇත්තේ.... මේ බලන්න කෝ කිසි ගාණක් නැතුව කියන විදිහ....]

ᴍɪɴ ʏᴏᴏɴɢɪ's ᴠɪᴇᴡ

[ඕනේ එකක්. යන්න පුළුවන් විදියට ඉක්මනට ගිහින් වැඩේ ඉවර කරලා එලියට එන්න ඕනේ... නැත්නම් ඉතින් ඉතිරි ජීවිත කාලේ ම කූරු ගණන් කර කර ඉන්න වෙන්නේ....]

"Yaaa.. ඉක්මණට යන්න පුළුවන් නම් යමු.. කියව කියව ඉන්නේ මොනව ද?"

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

[අම්මෝ Hyung ට නැගලා ද කොහෙද? හාහාහා... කෝ අර ෆින්ගර් ප්‍රින්ට් සිස්ටම් එක? ආ.. හ් අතන.. මම එතනට ගියා.]

"මෙයාල ගෙ මේ ෆින්ගර් ප්‍රින්ට් සිස්ටම් එක කොච්චර මෙයාලට ෂුවර් ද කියනවා නම් මෙයාල අඩු තරමේ මෙතනට මුරකාරයෙක්වත් දාලා නැහැ... ඒත් ඔයාලා දන්නව ද Da Hee එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ලා හැමෝගෙම වගේ ෆින්ගර් ප්‍රින්ට් සිස්ටම් එකට ඇඩ් කරල තියෙන්නෙ.... ඉතින් ඒ ඕනේ කෙනෙක් ට ඕනේ වෙලාවක මෙහෙට එන්න පුළුවන්...." [Da Hee ගෙ මෝඩ වැඩ නිසා මට හිනා ත‍් එක්ක.... අනේ මන්දා... මම ඇත්තට Da Hee එක්ක යාලු වෙලත් හිටියා නේද?

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now