අනේ මන්දා මගේ ඔලුව ත‍් රිදෙනව මෙවා කල්පනා කරලා.
"Yaaa... අද දවසම අඬනවා කියලා බාරයක් වත් උනාද? මොකද මේ? Yaaaaaa......." එයා මාව එයාගෙන් ඈත් කරල මගේ මූණ ට ආපහු එබුනා.
අැස් පිල්ලමක් ගහලා අැස් අරින මොහොතට මගේ තොල් වල ට උණුසුමක් දැනුනා...
මාව නිකන් ගල් උනා වගේ මට දැනුනේ... මුළු ඇඟම හිරි වැටිලා ගියා... ඒ පුංචි උණුසුමට පුළුවන් උනා මගේ අැස් වල කදුළු හිදලා දාන්න....
"හැමදේම හරි හොඳද? කෝ එන්න..." එයා මාව ආපහු තුරුල් කර ගත්තා... හරිම උණුසුම් ව.... මම ත‍් පොඩි ලමයෙක් වගේ මුකුත් ම නොකියා හිටියා..
ඊට පස්සෙ මගෙන් ඈත් වෙලා.. යමු කියලා සන් කළා...
අඬපු නිසා නහය බුරුල් වෙලා... නහය උඩට ඇදපු මම යං කියලා ඔලුව වැනුවා...
අපි බස් හෝල්ට් එකට එනකන් ම මොකුත් ම කිව්වේ නැහැ... ඒත් එයා ඒ මුළු වෙලාවෙම මගේ අත අතෑරියේ නැහැ... එයා... එයා දිගටම මගේ අත අල්ලගෙන හිටියේ... ඒ කලින් Da Hee තුවාල කරපු අත.. අද මම ඒ බැන්ඩේජ් එක අයින් කලේ Oppa ගෙ ගෙදර දි...
Jungkook මන් දිහා බැලුවා... ඒ වෙද්දි අපි බස් හෝල්ට් එකේ හිටියේ... එයා මන් දිහාම බලන් හිටියා... මම කරගන්න දෙයක් නැතුව... එයා දිහා බලන් හිටියා... බිම බැලුවා... ආපහු එයා දිහා බැලුවා..
"Hyung එක්ක රණ්ඩු උන නිසාද ඇඬුවේ...?" අන්තිමේ එයා ඇහුවා... මම...? මම දන්නේ නැහැ.... අැයි මට ඇඬුනෙ කියලා.... තාත්තා ගැන හොයන්න Oppa බැහැ කිව්ව නිසා තමයි... ඒත්... ඒකම ද හේතුව?
ඔව් Oppa එක්ක රණ්ඩු උන නිසා තමයි මන් හිතන්නේ.... මට දැනුනේ.... මම මුළු ලෝකෙන් ම තනි උනා වගේ....
මම Jungkook ට මොකුත් ම කිව්වේ නැහැ... මම බිම බලාගත්තා... මට නිකන් දැනුනේ... කිසිම දෙයක් කියන්න බැහැ වගේ....
එයා මගේ අත අතෑරියා...
ඒ අැයි?
'මොකෝ?' මූඩ් එකෙන් මම එයා දිහා බැලුවා විතරයි...! මෙන්න එයා මගේ කරට අත ක් දාලා මාව එයා ළඟට ලං කර ගත්තා.....
ඈහ්?
"මෝඩි! මේවාට අඩන්න ඕනෙද? ආහ්!" එයා පූසෙක් වගේ පිඹලා මට සැර දැම්මා... Jungkook මේ විදිහට මාත් එක්ක ඉන්න පලවෙනි වතාව.... මාව එයාගෙ ම වගේ සලකල කතා කරන විදිහ... මට අණ දෙන විදිහ... මට අලුත් ම හැගිම් ඇති කළා...
YOU ARE READING
ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓
FanfictionͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්ව. ඉතින් මේ අහම්බය කිම් යේරින්ගෙයි, ජොන් ජොන්ග්කුක්ගෙයි ජීවිත කොයි තරම් දුරට වෙනස් කරයි ද? ₃₁.₀₅.₂₀₁₉
💕Episode 34💕
Start from the beginning