💕Episode 34💕

Start from the beginning
                                    

"Yaaa.. මේ සීතලේ මෙහෙම ගිහින් ඔයා ලෙඩ වෙයි..." මගේ තාත්තා ත‍් එදා මට එහෙම කිව්වා....

එයා මට උණුසුම් කෝට් එක දාලා මාව එයාගෙ පැත්තට හරවා ගත්තා...

මම එයා දිහාම බලන් හිටියා....

මගේ උරහිස් වලට බර වුණු එයා... මගේ මූණට එබුණා...

"මොකද මේ මෙච්චර අඬන්නේ?" එයා මගේ කදුළු පිහ දැම්මා....

මට තවත් ඉවසගෙන ඉන්න බැරි උනා..

මම එයාව හයියෙන් බදා ගත්තා...

ඒ උණුසුම... ඒ හද ගැස්ම... මට මතක් කලේ තාත්තා ව... මන් දන්නේ නැහැ අැයි කියලා.....

මට ඕනෙ උනේ... එයාගෙ තුරුලේ ගොඩක් වෙලා ඒ විදිහට ඉන්න...

මට අමතක උනා... අපි ඉන්නේ පාරේ කියලත්... අනික ඒක කොච්චර සීතල වෙලාවක් ද කියලත්...

මට ඕනෙ උනේ එ උණුසුමේ තව ටිකක් ඉන්න විතරයි.... ගොඩක් ආදරෙන්....

එයා මාව එදා වගේ ම ඔලුව අතගාලා සැනසුව....

ඒක මට ගෙනාවේ පුදුම ආදරයක්....

මගේ ජීවිතේ මට එහෙම ආදරෙන් ඉඳලා තියෙන්නේ මගේ තාත්තා විතරයි... වෙන කවුරුත් නැහැ.... ඒත් දැන්.... Jungkook! ඒ නිසා වෙන්න ඇති... එයාව මට තාත්තා වගේම ආදරෙන් දැනෙන්නේ...

මම කැමැතියි ඒ හැඟීමට...

නැහැ...

මම ඒ හැඟීමට ත‍් ආදරෙයි...

මම තව තවත් එයාට තුරුල් උනා...

මම දන්නේ නැහැ අැයි මට මේ තරම් ඉකි ගගහා ඇඬෙන්න කියලා....

Oppa එක්ක රණ්ඩු උන නිසා ම ද?

සමහරවිට.... මට තාත්තා මතක් උන නිසා වෙන්න ඇති...

ඔව් අද Oppa ව හම්බුන නිසා මට තාත්තව මතක් උනා වැඩියි. මට Oppa ව කොච්චර නුහුරු උනත්... කට්ටිය එක්ක ඉද්දි මම ට්‍රයි කලේ එයාව තවත් අදුර ගන්න... මම හිතුවෙ එයා මට නංගී ට වගේ කතා කරයි කියලා... හැබැයි එයා එහෙම කතා කළේ.... Jungkook එක්ක මම ඉන්නවා දැකල විතරයි...

ඒ වෙලාවේ එයා අපි දෙන්න මැද්දට ආපු එකට එක පැත්තකින් මට ගොඩක් සතුටුයි... මොකද එයා මගේ අයියා විදිහට ඉන්න එකට මම කැමතියි...

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now