💕Episode 28💕

Start from the beginning
                                    

ඒ උනාට මේ කවුරුවත් දන්නේ නැහැ නේ මගේ හිතේ තියෙන තනිකම. මේ හිනාව පිටිපස්සේ ඉන්නේ ගොඩක් තනි උන කෙනෙක් කියලා!

හැමොටම දැනෙන්නේ මම වාසනාවට සල්ලි තියෙන පවුලක ඉපදුණු මහා ලොකු සල්ලිකාර කුමාරයෙක් කියලා විතරයි.

එනි වේ..! මන් කොහොමහරි ආපහු කොරියා වලට ආපු එක නම් ලොකු දෙයක්.

මම කෙලින්ම එයාර්පෝට් එකේ වැඩ ටික ඉවර කරලා මගේ වෙහිකල් එකට නැග්ගා. හරිම සනීපයි... මම පිටිපස්සේ සීට් එකේ හාන්සියක් දාගත්ත.

මම ඇමරිකාවේ යන්න කලින් ඇමරිකාවේ තිබ්බ ඔක්‌සිජන් වලට ත‍් කැමති උනා...

හැබැයි එහෙ තනි උන, වැඩ වැඩි උන ජීවිතෙත් එක්ක... මට හැමදේම එපා උනා.... කොහොමත් කොරියාව තරං වෙන හොඳ තැනක් වෙන කොහෙවත් නැහැ.

අනික ඇමරිකාවේ ඉද්දි එපාම කරපු වැඩේ ප්‍රයිවට් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඉන්න එක. මේ මළ වදේ හින්දා මම මහන්සි වෙලා ඉංගිරිසි ඉගෙන ගන්න පටන් ගත්තත් බිස්නස් වැඩ එක්ක බිසී වෙලා මට හරියට ම ඉගෙන ගන්න බැරි උනා.

අන්තිමේ ඉතින් කොහොමත් ට්‍රාන්ස්ලේටර් එක්කම වැඩ කරන්න පුරුදු වෙන්න උනා.

දැන් ඉතින් මම ඒ කරදරේන් මිදිලා. අන්තිමේ මට මගේ භාෂාවෙන් කතා කරන්නේ පුළුවන් නිදහසේ..... ලොකු දෙයක්.

හොඳ රෙස්ට් එකක් ගන්න ඕනේ... ඇඟට ගොඩක් මහන්සි යි...

ගෙදර ආවට පස්සෙ මම හොඳ හොට් වෝටර් බාත් එකක් ගත්තා...

හරිම සනීප යි!

හ්ම්ම්... ටික වෙලාවක් ඇළ වෙලා ඉන්න ඕනේ...

මම හාන්සි වෙලා ඉන්න ගමන් ම හැමදේම ආපහු කල්පනා කළා.

හදිස්සියේ ම නොහිතපු වෙලාවක ආපහු කොරියා එන්න හේතුව මට කල්පනා උනා.

"Hyung ඔයා ඇත්තටම එයාව හොයා ගත්තද?" මම ඇහුවේ සතුටත් එක්ක. කොච්චර දෙයක් ද එයාව හොයාගත්ත එක?

"ඔව් Taehyung-ie, hyung ඔයා හොයන කෙනාව හොයාගත්ත. එයාව හම්බෙන්න ඔයා ට කොරියාවට ම යන්න වෙනවා..එයාව හොයාගන්න හිතපු තරං ම ලේසි උනේ නැහැ. Hyung ගොඩක් මහන්සි වෙලා වැඩ කළ හොදේ " අන්තිමේ hyung එයාව හොයාගෙන.....

මම ගොඩ කාලෙක ඉඳන් එයාව හම්බෙන්න බලන් හිටියත්.... එයාව හොයන්න කියලා hyung ට මම කිව්වේ....... මාස හය හතකට කලින්...

Hyung මේ ඉක්මනටම එයාව හොයාගත්ත එක නම් ලොකු දෙයක්.

මම එයාව හෙට හම්බෙන්න යන්න ඕනේ...

එයා තමයි මගේ ජීවිතේ වැදගත් ම කෙනා වෙන්නේ මීට පස්සේ..

එයා ව මට කලින් මුණ ගැහෙන්න බැරි වුණ එක ගැන මම තාමත් පසුතැවිලි වෙනවා...

ඒත් ඉතින් ගිය දේ ගියා.

දැන් මට තියෙන්නේ හෙට ගිහින් එයාව හම්බෙන්න විතරයි.

මොකද, hyung හැමදේම ලෑස්ති කරලා නේ තියෙන්නේ.

දැන් නම් තව දුරටත් මම තනි උන කෙනෙක් නෙවෙයි.

◦•●◉✿[ මතුසම්බන්ධයි ]✿◉●•◦

✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄

Writer's Note:

Hello,

අද කට්ටියට මොනා හරි උනාද දන්නේ නැහැ Dionysus දාගන්න කියලා නේ කිව්වේ. 😂😂😂

මේ Episode එක ලියද්දි මම නම් ඇහුවේ Dionysus. ඔයාලටත් background music එකට ඒකම හොඳට ගියාද? 😁

මම කොහොමත් හැමදාම episode ලියන්නේ සින්දුවක් අහගෙන.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now