💕Episode 28💕

Start from the beginning
                                    

මම පඩිපෙළ අන්තිමේ පඩියෙ නැවතිලා හොඳ හුස්මක් අරගත්තා. මම පොළොව දිහා බැලුවා..

පොඩි ජොලියකට එක්ක මට ඕනෙ උනේ මගේ කකුල් දෙකම එක පාර පොලොවේ වද්දන්න.

මම උඩ පැනලා අන්තිමේ පැන්නේ පොළොවට... නිකන් සුපිරි වීරයෙක් වගේ.

ආආආආ.....හ්හ්හ්හ්......හාහාහාහාහා

මම මගේ අත් දෙක විහිදලා හොඳ හුස්මක් ගත්තෙ ඒ පුරුදු මිහිරි මගේ රටේ සුවඳ ආපහු විඳගන්න ඕනේ උන නිසා මුළු ඇඟට ම.

ඔව් එ සුවඳ.... එ සිහිල් සුළඟ.... මට නිකන් මගේ අතීතයෙ තිබ්බ නිදහස් බව මතක් කළා වගේ.

මම තමයි කොරියාවේ සාර්ථකම බිස්නස් ම(අ)න් Kim Taehyung!

Blue Mount Group එකේ ඩිරෙක්ටර්. හරියට ම කිව්වොත් කෝටි ගානක දේපළ වලට ඉන්න එකම උරුමක්කාරයා. මගේ කම්පැනීස් ගොඩක් කොරියාව පුරාම තියෙනව. ඒ විතරක් නෙවෙයි දැන් ඇමරිකාවේත් අලුත් ශාඛාවක් පටන් අරන් දියුණු කරලා ගත්තා මම මේ අවුරුද්ද ඇතුලත.

ඒ වගේම මේ ක්ෂේත්‍රයේ ඉන්න තරුණ ම වගේම සාර්ථක ම කෙනා.. හාහාහා...

ගොඩාක් අය මට මොඩල් කෙනෙක් විදිහට පෙනී හිටින්න කියලත් කියනවා සමහර ප්‍රොඩක්ස් වෙනුවෙන්.

හහ්ඃ!

ඔව් ඉතින් මම පෙනුමට ඉන්නවා නේ.

මට මන් ගැනම හොඳ ගතියක් දැනුනා.

මමත් එ කියන්නේ අයිඩල් කෙනෙක් වගේ නේ.

මීඩියා එක මගේ ෆොටෝස් ගන්න පොර කනව. මන් හැරුණත් ඇති චර චර චර චර ගාලා අර කැමරා කාච වැඩ කරනවා. අැස් නිකන් ගැලවිලා යනවා වගේ ඒවට. මම දන්නවා ඉතින් ඔය කැමරා වලට දාන්න ඕනේ ට්‍රික්ස්.

කෙල්ලො මාව දකින්න මැරෙන්න වගේ දඟලනවා. මම ඉතින් එයාලට වින්ක් එකක් එහෙම දාලා, කට කොනින් පොඩි හිනාවක් දාල අවුස්සලා ගත්තා. එතකොට ඉතින් කන් පැලෙන්න කෑ ගහනවා. මට හිනා ත‍් එක්ක මෙවා බලලා.

මේ ඔක්කොම මතක් වෙද්දි මට දැනුනේ නිකන් Idol කෙනෙක් ගෙ වගේ හැගීමක්. මම ඉතින් තව තව ස්ටයිල් දාලා පොඩි ජොලියක් ගත්තෙ නැහැ කියලත් කියන්න බැහැ ඉතින්.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now