💕Episode 23💕

Start from the beginning
                                    

හැමදේම හරිම පිරිසිදු යි. පිළිවෙල යි. හැමෝම තමන්ගේ වැඩ ගාණට කරනවා. හොටෙලේ හිටපු ගෙස්ට් කෙනෙක් ඇදන් හිටියා හරි ලස්සන ඇඳුමක්. ඒක නම් හෙන ලොකු ගාණක් වටිනවා වගේ. මට එ ඇඳුමේ ඔක්කොම විස්තර බලා ගන්න බැරි උනා. මොකද ඉතින් මගේ අතින් මාව ඇද ගෙන ගියපු විදිහට මමත් ගියා. මට මගේ අැස් මේ පිරිලා තිබ්බ ලස්සන දේවල් වලින් එලියට ගන්න බැරි උනා. ලස්සන දේවල් ළඟ හරියට නිකන් මගේ අැස් නැවතුනා වගේ මට දැනුනේ.

අනේ කොච්චර ලස්සන තැනක් ද? මට වචනෙන් විස්තර කරන්න ත‍් අමාරුයි. හරියට නිකන් රජ මාළිගාව ක් වගේ.

"Yaaaa! Yerin-ah, සිහියෙන් ඉන්න. මොකද ඔය කරන්නේ?" මම හිටිය සිහින ලෝකෙන් එළියට ආවේ Namjoon oppa ගෙ කෑ ගැහිල්ල. මම උඩ ගිහින් විසි උනා. "මේකයි oppa උනේ.... මම..." මම හිටියේ පොඩි ලමයෙක් ගෙ මූඩ් එකේ හින්දා මට ඕනෙ උනේ හැමදේම විස්තර කරන්න. මම ආපහු විස්තර කරන්න කට අරිද්දිම Jungkook මගේ අතකින් අල්ලලා එපා කියලා සන් කළා. අන්න එතකොට තමයි මම හරිම සිහියට ආවේ. ඒ වෙලාවේ එතන ගොඩක් අය හිටියා කියලා මම දැක්කේ එ වෙලාවෙ තමයි. මම සද්ද නැතුව ම Jungkook ගෙ පැත්තකට මුවා වෙලා හිටිය. හොඳ වෙලාවට එයා මාව නැවැත්තුවේ. නැත්නම් හෙන ලැජ්ජාවක් නේ වෙන්නේ. මම ඔක්කොම විස්තර කරන්න නේ ගියේ.

"මෙහෙමයි... මම තමයි මේ ඊ හෝල් එකේ ප්‍රධානියා. අද උත්සවය තියෙන්නෙ මේ තියෙන්නෙ ඊ හෝල් එකේ විතරයි. අද අපේ හොටෙල් "Oh" වල වැඩ ගොඩක් වැඩි නිසා අපිට පිටින් සේවකයින් ගන්න උනා. ඒ ගැන කවුරුවත් වැඩිය හිතන්න එපා මොකද කිව්වොත් පිට ඇතුල කියලා නැහැ අද තියන්නේ අපේ වැඩක් කියලා හිතලා වැඩ කරන්න ඕනේ හොඳද? "සක්සස්" කියන ප්‍රයිවට් ආයතනයෙන් තමයි අද අපිට අමතර සේවකයින් හම්බ උනේ. ආහ්! ඒ වගේම අපේ ලොකු සර් නිර්දේශ කරපු පස් දෙනෙකුත් ඉන්නවා. හොඳයි එහෙනම් කට්ටිය බෙදෙන්න. ගර්ස්ලා වම් අත පැත්තට බෝයිස්ලා දකුණු අත පැත්තට. ආහ්! වැදගත්ම දේ තමයි මොකක් ම හරි ප්‍රශ්නයක් ඇති උනොත් ඉක්මනට ම මට කියන්න. හරි ද? කිසිම දෙයක් අවුල් කරන්න යන්න එපා. හරි එහෙනම් ඔක්කොම වැඩේට බහින්න. Hwaiting!"

ඊ හෝල් එකේ ප්‍රධානියා ගෙ දැනුවත් කිරිමේ කතාව ඉවර උනා. දැන් ඉතින් තිබ්බේ අනික් ගෑනු ලමයි එක්ක ගිහින් වැඩ කරන්න ලෑස්ති වෙන එක. දැන් නම් ඉතින් හෙන ට බය හිතෙනව. මමත් පණ්ඩිතයා වගේ ආවට මම හිතුවේ නැහැ මෙච්චර ලොකු වැඩක් කියලා මේක. හරිම භයානක හැගිම් තමයි මට ආවෙ. "එහෙනම් Yerin-Ah ලෑස්ති වෙලා එන්න. ඔයා ට කිසි අවුලක් නැහැ නේද? ඔයාගෙ මූණ නිකන් හොල්මනක් දැකල වගේ" Namjoon oppa එහෙම කිව්වට මට කිසි උත්තරයක් දෙන්න හිතුනේ නැත්තේ, ඇත්තම කිව්වොත් මම හොඳටම බය වෙලා හිටපු නිසා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now