💕Episode 21💕

Start from the beginning
                                    

අන්තිමේ කොහොමහරි porridge එක හදල ඉවර උනා. Porridge එක මම Jungkook ගෙ අතට දුන්නෙ Jin oppa ට කවන්න කියලා. හැබැයි ඉතින් Jin oppa තනියම අරන් කෑවා. මොකද එයාට එ තරම් ම අමාරු නැහැ.

"කොහොමවුනත් ඔයා ට තැන්ක්ස් Yerin-ah!මොකද අපි හදපු කෑම කෑවා නම් Jin hyung ව හොස්පිට්ල් අරන් යන්න වෙන්නේ" Hoseok oppa හිනා වෙවී කිව්වා.

Hoseok oppa ගොඩක් පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක් වගේ. මොකද ඉතින් මන් ආපු ගමන් Annyeong කියන්නත් කලින් ම, ඊයා... මොනාද ඔයාගෙ ඔය ඇදුමෙ තියෙන්නේ කියලා කෑ ගැහුවා නේ මෙයා.

ඒක නිසා මට මාව හරියට ඉන්ට්‍රොඩියුස් කරන්නත් බැරි උනා. හරියට ම කිව්වොත් මොකුත් ම කතා කරන්න බැරි උනානේ.

"බොරු කියන්න එපා ඔයාලා උයන ඒවා එච්චර ට ම නරක වෙන්න විදිහක් නැහැ" මමත් හිනාවක් එක්ක ම හැමෝම දිහා බලන ගමන් කිව්වා.

"අපේ ඉතින් Jin hyung Yoongi hyung ට පස්සෙ ටිකක් හරි කෑම හදන්නේ පුළුවන් Jungkook-ah ට. හැබැයි ඉතින් වැඩේ කියන්නේ එ කෑමත් වෙලාවේ හැටියට තමා. කොයි වෙලේ කොහොම තියෙයි ද කියන්න බැහැ" ඒක නම් ඇත්තක් වෙන්න බැහැ. Jungkook ට හොඳට උයන්න පුළුවන් ඇති. මේ බොරුවට Jungkook ව අවුස්සන්න කියන කතා.

"Hyung....." Jungkook ට කතා කරන්න හම්බුනේ නැහැ. මොකද කවුරුහරි ගෙදර දොර කඩන්න වගේ තඩිබාන සද්දයක් ඇහුන. ඒත් ඒ කවුද? මෙතන Jungkook, Jin oppa, Jimin oppa, Hoseok oppa ඉන්නව. එයාල විතරනේ මේ රූම් එකේ ඉන්නේ? ඉතින් කවුද එ දොර කඩන්න යන්නේ?

"ඉන්න මන් එනෝ" Jungkook හිටපු තැන ඉඳන්ම කෑ ගැහුවා. "Yaaa Jungkook-ah, ඉක්මන් කරනවා" Jimin oppa jungkook ව අවුස්සන්න කිව්වා. Jimin oppa දිහාට සැර බැල්මක් දාන්නත් Jungkook අමතක කළේ නැහැ.

Jungkook ගිහිං දොර ඇරියා විතරයි.

"Yaaaaa මන් ගාව ගුඩ් නිව්ස් එකක් තියෙනවා. මට කට්ටිය ගෙ ම උදවු ඕනේ. Yaaaaaaaa මේක නම් නියම වැඩක්!" බුදු අම්මෝ! කාගෙද ඒ සද්දෙ? මොකද එයා මේ මෙච්චර කෑ ගහන්නේ?එයා දන්නේ නැද්ද Jin oppa ට සනීප නැහැ කියලා.

එක පාරටම ගොඩක් උස කෙනෙක් කඩන් පැනන් ආවා. "කට්ටිය අහන්න කො.... මේකයි වැඩේ" ආපු කෙනා මාව දැක්කේ නැහැ. මම සෝෆා එකේ වාඩිවෙලා හිටිය නිසා. එයා කෙලින්ම ඇදේ වාඩිවෙලා හිටපු Hoseok oppa යි Jin oppa යි Jimin oppa යි ළඟ එයාගෙ කතාව විස්තර කරනවා. දොර වහලා හිනා වෙවී ආපු Jungkook මගේ ලඟින් වාඩි උනා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now