💕Episode 19💕

Start from the beginning
                                    

මම හොඳ හුස්මක් ගත්ත. "නෑ ඒක නිකන්ම අතෑරලා දාපු කේස් එකක් උනා" මට සිද්ධ උනා දේවල් මතක් උනා.

"අතෑරලා දාපු කේස් එකක්? ඒත් අැයි?" එයා මට චෝදනා කරනවා වගේ නේ කතා කරන්නේ. "කාටවත් ම ඕනේ උනේ නැහැ එ ගැන දැන ගන්න " ආපහු මගේ අැස් වලට කදුලු ආවා... ටික වෙලාවකට අපි ටිකක් නිහඬව හිටියා. "ඒත් අැයි? අැයි කාටවත් ඕනේ උනේ නැත්තේ නැත්තේ එ ගැන දැනගන්න?" අන්තිමේ Jungkook ඇහුවා.

"මොකද කිව්වොත්...... මොකද කිව්වොත්...... මන් හැර වෙන කාටවත් ම මගේ තාත්තා ව ඕනේ උනේ නැහැ" මට අඩන එක නවත්ත ගන්න බැරි උනා.. "මගේ අම්මා, තාත්තා මැරුණත් එක්ක ම තව කෙනෙක් ව බැන්ද..... මම එ මනුස්සයා නිසා කොච්චර දුක් විඳිනව ද?"

මම දන්නේ නැහැ මට මොනා උනා ද කියලා. මම මගේ විස්තර මෙයාට කියන්න ගත්තෙ අැයි කියලා මම දන්නේ නැහැ.

මම මෙවා කාටවත්ම කියලා නැහැ. ඔව් හරි ඉතින් මට යාලුවෙක් වත් ඉන්න එපැයි මෙවා කියන්න. ඉතින් එහෙම කවුරුවත් නැතුව මන් කාට කියන්නද?

ඒත් ඉතින් මන් මෙයාට මොකට මගේ ජීවිතේ ගැන කියනව ද?

ඒ මට ගොඩ කාලෙකට පස්සෙ හදිස්සියේ ම මගේ අතීතය මතක් උන නිසා ද?

අනේ මන්දා.

⋘⋘↻⋙⋙

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

එදා මට එයාව හම්බුන එක හොඳයි. එයා මට Jin hyung ගෙ බඩු ලිස්ට් එක ගන්නත් උදවු කළා. අනික අපි දෙන්න හොඳ යාළුවෝ උනා කියලත් මට හිතුනා. හැබැයි එයා හදිසියේ ම කලන්තෙ දාපු එක නම් මගේ හිතට ගොඩක් වද දුන්නා. හැබැයි මෙන්න මහලොකු වෙලාවක් ගියේ නැහැ මෙයා මාව අයිස්ක්‍රීම් කඩේකට එක්ක ගෙන ගියා.

අයිස්ක්‍රීම් කන ගමන් අපි කතා කළා එයා පලවෙනි වතාවට මෙහෙම කලන්තෙ දැම්මේ කොහොමද කියලා.

මගේ දෙයියනේ!!!

එක පාරටම එයාගෙ අැස් ලොකු උනා.

ඊට පස්සේ එයා එයාගෙ කන් වහගන්න උත්සහ කළා. එයා පුදුම විදිහට දැඟලුවෙ. නිකන් හරිම අමාරුවෙන් වගේ.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now