💕Episode 19💕

Start from the beginning
                                    

කවුරුහරි මගේ අත් වල උඩින් අල්ලලා මාව හෙළෙව්වා. "ඔයා හොඳින් ද?" මට උත්තර දෙන්න බැරි උනා. මට ඕනේ උනේ දිගටම අඩන්න..... අඩන්න...... අඩන්න...... මට ඕනෙ උනේ අඩන්න විතරයි.......

"Yaaa! Yerin-ah, ඔය අඩන එක නවත්තන්න!" හා...? ඒ කටහඩ මට මගේ තාත්තව මතක් කළා. මේ වෙලාවේ එයා මාත් එක්ක හිටිය නම් මට එයාව ගොඩක් තදින් වැළැඳගන්න ගන්න ඕනේ. ඔව් මම එයාව වැළඳගත්තා.

ඊට පස්සේ ඇති වෙනකන් ම ඇඬුවා. මන් දන්නේ නැහැ මන් එහෙම කොච්චර වෙලා ඇඬුවා ද කියලා. මම මගේ අැස් වලින් කදුළු එන එක නවතින කන් ම එහෙම හිටියා.

එයා මගේ ඔලුව අතගෑව.

මම හිමින් ඔලුව ඉස්සුව.

මොකක්? මම ඔලුව තියන් ඉඳල තියෙන්නෙ Jungkook ගෙ ඇඟේ ද?

අයියෝ මොන ලැජ්ජාවක් ද මේ උනේ? අයියෝ මම දැන් නේ දැක්කේ Jungkook කියලා. මම ඉක්මනට Jungkook ව අහකට තල්ලු කළා. මම තාත්තා කියලා හිතාගෙන බදාගෙන තියෙන්නේ Jungkook ව නේ.

"ඔයා හොඳින් ද දැන්?" Jungkook මගෙන් ඇහුවා. මේ වෙද්දි මගේ අැස් වල තිබ්බ කදුළු ඔක්කොම වේළිලා තිබ්බේ.

"ඔව් මම හොඳින්" මම මගේ අැස් දෙකයි මූණ යි පිහ දැම්මා. "සොරි ඔයා ට ත‍් මන් නිසා කරදරේ නේ...මට... මට..... එ දවස මතක් උනා" මම කැඩිච්ච කටහඬින් කිව්වා.

එයා මන් දිහා බලන් හිටියා විතරයි. "ඇත්තටම එදා මගේ තාත්තව කවුරුහරි මරල දැම්මා. එදායින් පස්සේ මට එහෙම මිනිස්සු ගොඩක් ඉන්න තැන් වල ඉන්න බය හිතෙනවා. අනික මන් හිතුවේ ඔයා මාව දාලා ගියා කියලා. ඉතින් අන්න ඒකයි මම කලන්තෙ දැම්මේ" මම ඔහේ කියෙව්වා. එ ගමන් මන් එයා දිහා බැලුවා. එයත් මන් දිහා බලාගෙන ම හිටියා. හරියට මන් ගැන ගොඩක් හිතන කෙනෙක් වගේ.

අපි දෙන්නම එකිනෙකා දිහා බලන් හිටියා. අපේ අැස් නිකන්.... නිකන් දැනුනේ අපි දෙන්න එකිනෙකා ට සම්බන්ධ යි වගේ.

මට එයාගෙ අැස් වලින් කියවෙන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනෙ උනා.

"ඉතින් මිනීමරුවා කවුද කියලා හොයාගත්ත ද?" අන්තිමේ එයා ඇහුවා හරිම මෘදු විදිහට.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now